අවාසනාවන්ත තුන් කට්ටුව
අවාසනාවන්ත කියන වචනයටත් වඩා කාලකණ්ණි / මූසල කියන වචනෙ ගැලපෙන්නේ.
ගෝඨාභය - ලංකාවේ හිටපු මිනිස්සු වැඩියෙන්ම ආදරේ කරපු ජනාධිපති ගෙ මල්ලි වෙලා මිනිස්සු හිතාගෙන හිටිය වගේ කොලඹ හැදුවා etc වලින් නම තියාගෙන නහින දෙහින කාලේ හොඳටම ඉන්න තිබ්බ.
මෙහෙ ඇවිත් ජනාධිපති වෙලත් ආපු මුල් කාලේ ඉඳන් වසංගතයක් ආවා, ඊට පස්සේ මේ ටික,
රටත් ඉවරයි, පවුලත් ඉවරයි, අනිත් හොරු ටිකත් ඉවරයි, ලංකාවේ මිනිස්සු ටිකත් ඉවරයි හත් පොලේ ගාගෙන ඉන්න වෙන්නේ. අඩුම ගානේ උගේ දරුවා shape එකේ වෙන රටක හිටිය උගේ ජීවිතෙත් ඉවරයි.
රනිල්
පුද්ගලිකව හොරකම් කරේ නෑ කියලා නම තිබ්බට හැමදාම හොරු රකින scene එක කරා,
ලමයි නෑ,
කවදාවත් ජනාධිපති වෙන්න ලැබුණේ නෑ,
අගමැති වුණත් මුළු කාලයම ඉන්න බැරි වුණා මොකක් හරි එකක් වෙලා කෙල වෙලා ගියා,
මේ පාරත් පුරුදු කපටි වැඩ ටික කරලා අන්තිමට ගේත් ගිනි.
පලවෙනි විධායක ජනාධිපති ගෙ නෑයෙක්, නමුත් ලංකාවේ පරණ ම බලවත්ම පක්ෂෙත් තමන් එක්කම නැති කරා.
අායෙත් මැරෙනතුරුම දිනන්නේ නෑ.
සජිත්
තාත්තා ජනාධිපති,
නමුත් එක හීනයක් වත් හරි ගියේ නෑ,
තාත්තා අකාලයේ මැරුණ මහ පාරේ,
ලමයි නෑ,
රටේ මිනිස්සුන්ට ගොන් පාට් එකක් වුණා,
සුදුසු තැන හම්බුනේ නෑ රනිල් නිසා,
ඡන්දෙ ඉල්ලලා පැරදුනා,
නමට හරි අගමැති කම දෙන්න ගියාම එපා කීවා,
ඊයේ මොනවා හරි කරගන්න කතා කරගන්න පුලුවන් කම තියද්දී ලෙඩ වෙලා hospital admit වුණා.
පොරත් දිනයි කියල හිතෙන්නෙ නෑ ආය ලඟදි.
කියවන අපි
තරුණ කාලේ වෙනකොට,
යුද්ධයක් තිබ්බ රටක් යුද්දෙ ඉවර කරලා නැගිට ගෙන එනකොට,
අවංකව රටට සේවයක් කරන්න මෙහෙ හිටියම,
රට ට කෙළ වුණා.
දැං වාහන තිබ්බත් යන්න තෙල් නෑ.
රටේ නම කීවත් ගොන් පාට් වෙනවා ලෝකේ.
දැං හදිසියේ යන්නත් බැහැ. රටේ අනික් මිනිස්සුත් ගොඩක් එහෙමයි. රට හදන්න කියලා ගෙනාපු එකා නිල් බාල්දියෙ වැටුණ නරියෙක් කියලා තේරෙනකොට පරක්කු වැඩියි.(හැබැයි නරි පවුලක එකෙක් සිංහයෙක් වෙන්නේ නෑ කියලා හිතන්න තිබ්බ).
පුද්ගලිකව මට නම් මුං තුන්දෙනා ඇතුළු ගොඩක් දේශපාලකයො දැක්කම සංසාරේ හැටි ගැන හිතෙනව,
හොරකම් කරලා හරි සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ ත් ඇති වෙන්නේ නෑ,
රනිල් සජිත් වගේ පොරවල් හැමදාම බැනුම් අහ අහ මෙකේම ලැගගෙන ඉන්නවා.
සජිත් ට තිබ්බනේ අර ගෝඨාභය ගෙ පුතා වගේ කොහේ හරි රටකට වෙලා ඉන්න, නමුත් ඌටත් දේශපාලන කුණු ගොඩටම වැටිල ජනාධිපති තණ්හාව ඇති වුණා.
රනිල දැන් අවුරුදු ගාණක් දේශපාලනේ ඉඳන් කරන දේකුත් නෑ, නොදන්න දේකුත් නෑ, මෙකෙන් යන්නෙත් නෑ,.
මූන්ගේ රස්සාව ගැන සංවේගයකුත් උපදිනවා.
කරුමයක් තමයී.
