"ඕනෑම සිංහල කෙනෙක්ගේ උපතේ සිට මරණය දක්වා ම තියෙන ජීවිතයේ විශේෂ අවස්ථා වල දී කොණ්ඩ කැවුමට ප්‍රධාන තැනක් හිමිවෙලා තියෙනවා," යනුවෙන් කොණ්ඩ කැවුම පිළිබඳ තොරතුරු සොයායාමේ ගමනේ දී බීබීසී සිංහල සමඟ මුලින් ම අදහස් බෙදා ගත්තේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ, නාට්‍ය හා රංගකලා පීඨයේ සම්මානිත මහාචාර්ය ලයනල් බෙන්තරගේ ය.
"ඉපදුන දවසේ පටන් ඉඳුල් කටගෑමේ දී, අකුරු කියවීමේ දී, වැඩිවිය පැමිණීමේ දී, මගුල් තුලා වල දී, මරණයට පත්වුණා ම සිදු කරන පිංකම් වල දී කොණ්ඩ කැවුම නැතිවම බැරි කැවිල්ලක්. ඒ වගේ ම සිංහල අලුත් අවුරුද්දටත්," ඔහු පවසයි.
සිංහල-දෙමළ අලුත් අවුරුදු කාලයට ලංකාවේ හැම නිවසක ම පාහේ ආහාර අනුභව නැකතේ දී කැවිලි මේසයක් තැබීම චාරිත්රයකි. එමෙන් ම අලුත් අවුරුද්දට නෑ ගම් එන නෑදෑ හිතමිතුරන්ට ද එම කැවිලි මේසයෙන් සංග්‍රහ කිරීමට කිසිවෙකුත් අමතක කරන්නේ නැත. අලුත් අවුරුදු කැවිලි මේසයේ පසුගිය වසර ගණනක් පුරා විවිධ කැවිලි වර්ග වෙනස් වී ඇතැම් කැවිලි නැති වී ගොස්, අලුත් කැවිලි වර්ග ඇතුළත් ව තිබුණත්, එදා මෙදා තුර වෙනස් නොවූ එක ම කැවිලි වර්ගයක් තවමත් මේසයේ ප්‍රධාන කැවිල්ලක් බවට පත් වී තිබේ. ඒ කොණ්ඩ කැවුමයි. කැවිලි වර්ගවල ඇති කැවුම්වලින් වැඩි ම පරිශ්‍රමයක් යොදා සාදන කැවිල්ල කොණ්ඩ කැවුම බව සත්‍යයකි. පිටි මිශ්‍රණය පදමට අනා ගැනීමේ සිට, මිශ්‍රණය ටිකෙන් ටික තාච්චියට දමා කැවුමේ කොණ්ඩය සකසා ගැනීම දක්වා ඉතා ඉවසීමෙන් එය සිදු කළ යුතු ය.
මතුගම, ලිහිනියාව ප්‍රදේශයේ ජීවත්වන 43න් හැවිරිදි ප්‍රදීපා ගමගේ මෙවර අවුරුදු සැමරීමට කොණ්ඩ කැවුම සාදමින්..
"කොණ්ඩ කැවුම හදන්න තියෙන්න ම ඕන දේ ඉවසීම" වසර ගණනාවක් තිස්සේ තම ගමේ ජීවත්වන අයගේ අවශ්‍යතාවයන් සඳහා කොණ්ඩ කැවුම් උයා දෙන මතුගම, ලිහිනියාව ප්‍රදේශයේ ජීවත්වන 43න් හැවිරිදි ප්‍රදීපා ගමගේ කොණ්ඩ කැවුම අදහස් දක්වන්නට පටන් ගත්තේ එලෙසින් ය.
අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවල දී පමණක් නොව විවිධ ශාන්තිකර්ම, මළවුන් පිදීම, දෙවියන් පිදීම වැනි අවස්ථා වල දී ද කොණ්ඩ කැවුම ප්‍රධාන කැවිල්ලකි.
"ශාන්තිකර්මයක් තිබෙනවා නම් කැවිලිවල තිබෙන අනිවාර්ය අංගයක් තමයි කොණ්ඩ කැවුම කියන්නෙ. ඒ වගේ ම කළු කුමාරයා පිදීම, මළගිය අය සිහි කරලා කරන පූජා, දේවපූජාවලටත් අනිවාර්යයෙන් ම කොණ්ඩ කැවුම් තියනවා. දැරියක් වැඩිවිය පැමිණුනා ම චාරිත්‍ර ඉටුකරන රෙදි නැන්දාට දෙන කැවිලිවලත් කොණ්ඩ කැවුම් තිබෙනවා. ඒවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් ලොකුයි, " යැයි පැවසූ මහාචාර්යවරයා කළු කුමාරයා පිදීමේ දී කැවුම් ගැන සඳහන් වන පහත කවිය අපුරුවට ගායනා කළේ ය.
"ගනිමින් නැළියෙන් සතරක් කැවුමට
පුදමින් ඈතින් කිරිබත් වටකොට
පුදමින් රත්පැහැ කබළු කැවුම් වට
පුදමින් රොටිගෙඩි තලගුලි වටකොට"
නර්තන ශිල්පීන්ගේ වෙස් තැබීමේ චාරිත්‍රයේ දී ඊට පෙර, පළමුවරට වෙස් තබන නර්තන ශිල්පීන්ගේ කකුල් කැවුම් මළුවලින් තැවූ බව ද , එමෙන් ම ළදරුවන්ගේ පාද ඇද නොවී කෙළින් කිරීමට ද එම ළදරුවන්ගේ පාද කැවුම් මළුවලින් තවා ඇතැයි ජනශ්රැතියේ ඇති බව ඔහු පවසයි.
හාල් කිලෝ එකකට පාන් පිටි ග්‍රෑම් 500කුත් සීනි ග්‍රෑම් 750කුත් පිටි මිශ්‍රණය හදාගන්න ඕනෑ. හාල් පිටිත් පාන්පිටිත් පෙනේරෙන් හොඳට හලාගෙන භාජනයකට දාගන්නවා. සීනි වලින් කොටසක් දුඹුරු පාට වෙනකන් ලිපේ තියාගෙන පැණි හදාගන්නවා. පිටි මිශ්‍රණයට පැණි ටික දාලා ඇල් වතුර ටික ටික දාලා පිටි කැට නැතිවෙනකන් හොඳට අනාගන්නවා. ඒකට ම කරදමුංගු, මාදුරු වගේ දේවල් බැදලා කුඩු කරලා දානවා රස වැඩෙවෙන්න. හරි පදමට මුශ්‍රණය ආවා ම මිශ්‍රණය නූලක් විදිහට නොකැඩි තියෙනවා. ඒ වගේ ම කලවම් කරනකොට බුබුළු නගිනවා. ඒ විදිහට තමයි මිශ්‍රණයේ පදම අඳුර ගන්නේ," යැයි ප්‍රදීපා කැවුම් මිශ්‍රණය සාදාගැනීමේ වට්ටෝරුව පැහැදිලි කළා ය.
ඇය තෙල් තාච්චිය ලිපේ තබා මිශ්‍රණය ඇය අසලට ගෙන කුඩා කෝප්පයකට මිශ්‍රණයෙන් කොටසක් දමා ගත්තා ය.
ඇය තෙල් තාච්චිය ලිපේ තබා මිශ්‍රණය ඇය අසලට ගෙන කුඩා කෝප්පයකට මිශ්‍රණයෙන් කොටසක් දමා ගත්තා ය. තෙල් හොඳින් රත් වූ පසු මිශ්‍රණයෙන් ස්වල්පයක් තෙල් තාච්චියට දැමුවා ය. "තාච්චියේ තෙල් ප්‍රමාණෙට වඩා ටිකක් උඩට වෙන්න පිටි මිශ්‍රණය දාගන්නවා. එක පාර හලන්නෙ නෑ. ටික ටික වත්කරනවා," ඇය පවසයි.
තෙල් ප්‍රමාණයට මදක් ඉහළට වෙන්නට යෙදූ පිටි මිශ්‍රණය එවිට තරමක් උස් වේ. ඒ කැවුමේ මැදයි. "මේ පොඩ්ඩක් ඉස්සිලා තියෙන තැන ඉරට්ටකින්, කූරකින් වගේ දෙයකින් ටික ටික පාරවනවා. එතකොට තාච්චියේ බැදෙන කැවුමේ මැද තියෙන අමු පිටි ටික උඩට එනවා. ඒ අතරෙදි තෙල් ටික ටික තෙල් හැන්දෙන් කැවුමට ඉහින්න ඕනෑ. ඒ විදිහට ටික වෙලාවක් කළා ම ලස්සනට කොණ්ඩට එනවා. ඊට පස්සේ කැවුම ඒ මේ අත හරවලා රන්වන් පාට වෙනතෙක් බැදගන්න ඕනෑ," ප්‍රදීපා පැවසුවා ය.
ප්‍රදීපාට අලුත් අවුරුද්දට, මංගල උත්සව, පිංකම් ඇතුළු ගමේ ජීවත්වන අයගේ විවිධ උත්සව සඳහා කැවුම් සාදා දීමට ඇණවුම් ලැබේ. "මේ අවුරුද්දෙ කැවුමක් මම දෙන්නේ රුපියල් 60කට. අවුරුදු දෙකකට කලින් වගේ නම් 40ට දුන්නා," යැයි ඇය පවසයි.
ගසක හැදෙන පලතුරක් ද කියලා. පස්සෙ රජතුමා කිව්වාලු නෑ මේක හාල් පිටි, පැණි දාලා තෙලේ බදින කැවිල්ලක් වග," යනුවෙන් මහාචාර්ය බෙන්තරගේ ජනශ්රැතියේ එන තවත් කතාවකට මුල පිරීය.

"කොණ්ඩ කැවුම හදන්න තියෙන්න ම ඕන දේ ඉවසීම"