පොල්තෙල්වලට වෙනත් තෙල් කලවම් කිරීම සහ පිලිකාකාරක aflatoxin අන්තර්ගතවීම යන කාරණා කාලයක් තිස්සේ හදුනාගෙන තිබූ නමුත් මෙය සමාජගත වූයේ අල්ප වශයෙනි. මෙම කරුණු දෙකම එකිනෙකට වෙනස් ආකාරයට අපගේ සෞඛ්‍යට අහිතකරලෙස බලපානු ලබයි. විශේෂයෙන් aflatoxin මගින් අක්මාවේ පිලිකා ඇතිකිරීමට ඉවහල් වන බැවින් කුඩා දරුවන්ගේ සිට සියලුම පුරවැසියන් අවදානමකට පත්වේ.
මේ ගැන සලකා බලා පසුගිය වසරේ පොල් සංවර්ධන මණ්ඩලය , සෞඛ්‍යය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA - academic body of doctors ) ව්‍යාපෘතියක් දියත් කල අතර එහිදී සිදුවූයේ දැනට ලංකාවේ පොල්තෙල් නිශ්පාදන ස්ථාන පරීක්ශා කර බලා සෞඛ්‍යය ආරක්ශිත එනම් කලවම් නොකල aflatoxin අඩංගු නොමැති නිශ්පාදන සදහා ප්‍රමිති ලාංචනයක් ලබාදීමය. ඊට උපදේශනාත්මක කර්තව්‍යය සිදුකරන ලද්දේ ශ්‍රීලංකා වෛද්‍ය සංගමයේ බෝ නොවන රෝග අනුකමිටුව මගින් වන අතර එම ලාංචනය හදුන්වාදීම සාර්තකව සිදුකරන ලද අතර දැනටත් වෙලද පොලේ සෞඛ්‍යයාරක්ශිත පොල්තෙල් ලබා ගැනීමට පහත දැක්වෙන එම ලාංචනය උපයෝගී කරගත හැකිය. පිටරටින් මෙරටට ආනයනය කරන කිසිදු පොල්තෙල් වර්ගයකට මෙම ලාංචනය නොමැත.



