අවුරුද්දට ලංකාවට එන මාල ගිරව්

obama2

Member
Apr 18, 2012
424
30
0
අවුරුද්දට ලංකාවට එන මාල ගිරව්

අවුරුද්දට ලංකාවට එන මාල ගිරව්


Posted: 3:05 pm, January 2, 2014
Ext_HarbourByNight_M.jpg



මචං ච්ත්‍රපටියේ අවසාන ජවනිකාවට අනුව අපට දෙන පණිඩිවය වන්නේ මොන ගේමක් හරි ගහලා මේ රටින් පනින්න කියන එකයි. මොකද ලංකාවේ ජීවත් වන ගොඩක් අය සිහින දකින්නේ මීට වඩා හොද වෙනත් රටකට ගොස් ජීවත් වීමටයි. මේ වන විටත් ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් ගණන ලක්ෂ 13 කට ආසන්න වෙනව. මේ අතරින් ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව, ජපානය, සයිප්‍රස්, ප්‍රංශය,ඉතලිය සහ මැදපෙරදිග කලාපයේ රටවල් ගණනාවක් ප්‍රමුඛ වෙනව. මේ අකාරයෙන් මේ රටවල ජීවත් වන ශ්‍රී ලංකිකයන් ගේ ජීවන දර්ශණය ඇසුරින් ලංකාවේ වෙසෙන අයට ඉගෙන ගන්නට ඇති දේ කුමක්ද? මේ රටවල වෙසෙන බහුතරයක් ලංකිකයන් (රැකියා සදහා ගිය අය,අධ්‍යපනය සදහා ගිය අය,පදිංචිය සදහා ගිය අය) ඒ රටවල ගතින් ජීවත් වූවාට මනසින් ජීවත් වන්නේ ලාංකිකයන් විදිහටයි. මේ නිසා තමයි ගොඩක් වෙලාවට මේ අයගේ හැසිරීම් සහ ක්‍රියාකාරම් ඇසුරින් මෙ අයගේ අවිඥාණක ආශාව මොකක් ද කියන දැන ගන්න පුළුවන් වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සිංහල බෞද්ධ ලාංකිකයෙකු හැම විටම කල්පනා කරන්නේ විදෙස් රටේ ඉන්න ගමන් වඩාත් හොද ලාංකිකයෙකු වන්නේ කොහොමද කියන එක ගැන විතරයි. මේ නිසා මේ රටවල ඉන්න සිංහල බෞද්ධ අය එකතු වෙලා ශ්‍රි ලාංකිකයන් ගේ සංගම් හදාගෙන තියෙනව. මේ සංගම් වලින් කරන්නේ වාර්ෂිකව කැලැන්ඩර් මාසය වලට අනුව ලාංකීය විදිහට විවිධ වැඩ සටහන් කරන එක තමයි.


මේ අය අලුත් අවුරුද්ද ලබන විට සිංහල ක්‍රමයට කිරිබත් උයනව,සිංහල අවුරුද්දට අවුරුදු උත්සව තියෙනව.අවුරුදු කුමාරියන් තෝරනව, කඹ අදිනව, කාලෙන් කාලයට ලංකාවේ ඉන්න ගායක ගායිකාවන් ගෙන්වලා සංගීත ප්‍රසංග පවත්වනව. වෙසක් කාලෙට දන්සැල් දෙනව, බණ කියනව,ලොකු පන්සල් හදාගෙන ඒවායේ භාවනා කරනව,බෝධි පූජා තියෙනව, විවිධ ප්‍රසංග පවත්වනව.මේ අකාරයෙන් මේ අය අවුරුද්ධ පුරාම තමන් ලාංකිකයන් කියන එක තමන්ටත් අමතක වෙයි කියලා හිතල වගේ අඛණ්ඩව සිංහල බෞද්ධ ලාංකිකකම රැක ගන්න විවිධ දේ කරනව. ඒ නිසා මේ අය දිහා බැලූ බැල්මට අපට පේනේනේ මේ අය ලංකාවට මාර ආදරේ ලංකාවට තමන්ගේ අම්මා තාත්තටත් වඩා ආදරය කරන මව්බිම නැත්තම් මරණය වෙනුවෙන් සටන් කරන්නට පුලුවන් පිරිසක් කියලයි.


ඒත් මේ අයගේ අවිඥාණක දෘෂ්ඨියට අනුව ලංකාව ගැන මේ අය හිතන්නේ කොහොමද? අප්පෝ ලංකාව කියන්නේ මිනිස්සුන්ට ජීවත් වන්න පුලුවන් රටක් නෙවි, හොරමැර දූෂණයෙන් පිරුණ හොර ගුහාවක්, මිනිස්සු ජීවත් වන්නේ සත්තු වගේ, මේ රටවල වගේ නෙවි පොලිස්කාරයාගේ ඉදන් ග්‍රාමසේවක වෙනකම් හැම කෙනාම පගාව ගන්නව,පොඩි දරුවන්ව දූෂණය කරනව, තාත්තලා,බාප්පලා,සීයලා අවුරුදු හත අටේ පොඩි දරුවන්ව දූෂණය කරනව,පාරවල් වල මිනිස්සු මරනවා, මිනිස්සු අතුරුදහන් වෙනව, බඩු මිල අහස උසට නැගලා හිගා කලාවත් ජීවත් වෙන්න විදිහක් නැහැ, අධ්‍යපනය මුලුමනින්ම පිරිහිලා, සෞඛ්‍ය සේවය ගැන කතා කරලා වැඩක් නැහැ. පාරවල් වල යන්න බැරි තරම් තඩි වලවල් තියෙනව, දෙමළ මිනිස්සු බුරුතු පිටින් අමු අමුවේ මරා දානව,ඒ අර්ථයෙන් ගත්තහම යුරෝපයේ හෝ බටහිර වෙනත් රටක ජීවත් වන මිනිසෙකු ගේ දෘෂ්ඨිකෝණයට අනුව ශ්‍රී ලංකාව කියන්නේ මිහිපිට අපායක්. ඒ වුනාට ඒ අය අපට පෙන්වන හදන්නේ ඒ අය දන්න මේ යථාර්ථය නෙවි. ලංකාවේ ඇත්තටම රට ගැන හිතලා මේ රට අප්සට් කියලා තේරුම් අරගෙන කවුරු හරි ඊට විරුද්ධව කතා කරන කොට මේ පිටරට වල සිංහල බෞද්ධ අය ඔන්න කියන්න ගන්නව. මේන්න අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රනකාරයෝ රට පාවාදෙන්නෝ කාලකන්නි යක්කු වසර දෙදහස් පන්සියක බෞද්ධ උරුමය විනාශ කරන්න ආපු රාක්ෂයෝ කියලා. පස්සේ මේ අය තමන්ව හදුන්වා ගන්නවා සිංහල ඩයස්පෝරා එක කියලා.


ඇත්තටම දෙමල ඩයස්පෝරා එක කියන්නේ මේ රටේ ජනවාර්ගික අර්බුදය නිසා අසාධාණයට ලක් වෙලා තමන්ගේ ගෙවල් දොරවල් නැති වෙලා දේශපාලන සරණාගතයන් විදිහට ඉන්න අය විසින් හදා ගත්ත සංවිධානයක්. ඒ අය සටන් කරන්නේ තමන්ගේ නැතිවුණ අයිතිවාසිකම් යළි තහවුරු කර ගන්නයි. ඒ වුනාට සිංහල ඩයස්පෝරා කියන අය කියන්නේ කවුද? මේ අය කියන්නේ හුදු සල්ලි හම්බ කිරීමේ පරමාර්ථයෙන් මොන විදිහේ ගේමක් හරි ගහලා පිටරට ගිය කට්ටියක්. මේ අයට ලංකාවට එන්න යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන පිරිසට තමන්ගේ කියලා රටක් නැහැ. මේ සිංහල අය මොනවද මේ විදිහට පිටරට වෙලා කරන්නේ. උදේ ඉදන් රෑවෙනකම් සල්ලි හම්බ කරන්න වහල්ලු විදහට වැඩ කරන එක විතරයි. ලංකාවේ දී මහා ඉහළින් තමන් අහවලා අහවලා යැයි හදුන්වා ගත් අයිඩෙන්ටි කාඩ් ලයිසන් චණ්ඩි වුණ විවිධ වෘත්තිකයන් ඒ රට වල වහල් ශ්‍රමිකයන් විදිහට කිසිම ලැජ්ජාවකින් හිරිකිතයකින් තොරව වැඩ කරනව. මේ නිසා තමයි රංජන් රාමනායක වගේ අයට ඇමරිකාවේ ප්‍රෙට්රල් ෂෙඩ් වල නළුවෙක් විදිහට තෙල් ගහන්න පුලුවන් වන්නේ. සමහර නිවේදකයන්ට ඇමරිකාවේ ගිහින් නිවේදකයන් විදිහට පිගන් හොදන්න පුළුවන් වෙන්නේ,සමහර නීතිඥයන්ට ඕස්ට්‍රේලියාවේ තෝසේ කඩවල නීතිඥයන් විදිහට පිටි අනන්න පුළුවන් වෙන්නේ… කැමති නම් මේ ලැයිස්තුව තවත් දික් කරන්න පුළුවන්. ඒ වගේම මේ රටවල ඕනම රස්සාවක් කරලා වහල්ලුන් වගේ ශ්‍රමය විකුණලා අන්තිමට මේ අය සිහින මවන්නේ කුමක් සදහ ද? ලංකාවට ඇවිත් ලොකු ගෙයක් හදලා ( මේ වගේ අය ගෙවල් හදන්න තෝර ගන්නේ විශේෂයෙන්ම නුවර වගේ පාළාත්. වෙලක් අයිනේ නිංස්කලංක පරිසයක, ගැමි සුවද හමන, ගොයම් කරල් කතා කරන, වැස්සියන්ගේ නැවුම් එළකිරි සුවදින් පිරුණ, හෙන්දිරිකා මල් සුවද හමන, සුන්දර පරිසරයක් ) ජීවිතයේ සැදෑසමය ගතකරන එක තමයි මේ අයගේ අරමුණ. මේ විදහට කාලෙන් කාලෙට ලංකාවට ඇවිත් ලංකාවේ අභිමානය ගැන අපේ රටේ ගැමි මිනිසුන්ගේ මනුෂ්‍යත්වයේ ගුණසුවද ගැන කතා කරන අධිරාජ්‍ය විරෝධී මහාචාර්යවරුන් පිරිසක් ඉන්නව. මහාචාර්ය ගණනාථ ඔබේසේකර, මහාචාර්ය සිරී ගුණසිංහ, මහාචාර්ය විමල් දිසානායක වගේ අය තමයි මේ අතරින් ප්‍රමුඛයන් වන්නේ. අනිත් අතට නාසා ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයෙක් විදිහට වැඩකර භෞතික විද්‍යාඥයෙක් වන මහාචාර්ය සරත් ගුණපාල වගේ අය පවා ලංකාවට ඇවිත් මෝඩ පත්තරකාරයන්ට හරි තක්කඩි ටී.වී කාරයන්ට හරි බැරෑරුම් කියලා හිතන ඉන්ටර්විව් ලබා දෙනව. මේ හැමෝගෙම ප්‍රාර්ථනවා ලංකාවට අන්තිමට එන එකයි. හැබැයි මේ අය දන්නව දැන් ලංකාව හරිම අප්සට් රටක් ජීවත් වෙන්න සුදුසු නැහැ කියලා. ඒ නිසා මේ අය හිතන් ඉන්නේ කවදා හරි දවසක මේ රට ඉර්දි ප්‍රාතිහාර්යකින් මනුෂ්‍යවාසයට සුදුසු රටක් විදිහට හැදුන දවසක තමන් හම්බ කරපු සල්ලි ගෝනි පිටින් ගෙනත් කරදයක් නැතිව ජීවත් වෙන්නයි.


මේ අයගෙන් බහුතරයක් දෙනා තමන්ගේ ළමයින්ට බොහොම කැමැත්තෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය උගන්වන්න උත්සහ කරනව. ඒ නිසා තමයි අපි දකින්නේ ලන්ඩන් බෞද්ධ විහාරයේ සිල් සමාදන් වන ළමයින්ව.හැබැයි මේ ළමයින්ට ඇත්තටම දෛනිකව ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ ඊට හාත්පසින්ම වෙනත් සංස්කෘතියකයි. ඒ නිසා මේ ළමයින් අනාගතයේ දී මොන ආකාරයෙන් අමුතු සත්තු වර්ගයක් වේද කියන එක අපිට කියන්න බැහැ. හරියට හයිබ්‍රිඩ් කාර් අරගත්ත අය වගේ අවුරුදු පහකට පස්සේ මේ කාර් එකට මොකක් වෙයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. මොක වුනත් වෙනදේ භාරගන්න ලෑස්ති නිසා මේ අයට ගැටළුවක් නැහැ.


ලංකාවෙන් පිටරට පදිංචියට ගිය සිංහල බෞද්ධ දෙමාපියන්ගේ ළමයින්ට සිද්ධ වෙන්නේ පන්සල් යන්න,අවුරුදු උත්සව වල අවුරුදු කුමාරියන්ට අදින්න, වෙසක් දවසට භක්ති ගීත කියන්න වගේ ලංකාවේ පාසල් ළමයින්ට බලහත්කාරයෙන් කරන්න සිද්ධ වෙලා තියෙන දේවල්ම තමයි. මේ නිසා මේ අය සංස්කෘතීන් දෙකක් අතර දෝලනය වෙනව. ඔස්ට්‍රේලියාවේ පංදිච් ලාංකිය ළමයින් සිඩ්නි ඔපෙරා හවුස් එකේ ඔපෙරාවක් රස විදින්නේ කොහොමද කියන එක දැන ගන්නවට වඩා උනන්දු වන්නේ අඩු මුදලට සිඩ්නි වලට ගෙන්වන ලංකාවේ ජොලි සීයගේ සිංදු අහන්නයි. බීතෝවන්,මොසාට් වගේ අයගේ සංගීතය රස විදිනව වෙනුවට මේ අයට අහන්න වෙන්නේ නන්දා මාලනිගේ සිංදුයි. යුරෝපයේ දැවැත්ත සංගීත ප්‍රසංග රස විදිවට වඩා මේ අයට වෙන්නේ අපේ රටේ ෆැලැෂ් බෑක් සජීවි සංගීත ප්‍රසංග නරඹලා සියරට දේ සිරිසැප දේ කියන්නයි. මේ ගොඩක් ළමයින්ට දෙමාපියන් නම් තියන්නේ චාල්ස් බණ්ඩාර, ටීනා තිසරණි, මිෂෙල් ආර්ය්‍යා …( මේ නම් ලැයිස්තුව ඔබ කැමති තරම් දික්කර ගන්න)මේ වගේ නම්. ඉතින් මේ අයට පොඩ් කාලේ ඉදන්ම ලොකු අනන්‍යතා අර්බුදයක් ඇතිවෙනව තමන් කවුද කියන එක සම්බන්ධයෙන්. ඒ නිසා මේ දරුවන් බොහෝ විට මානසික රෝගීන් බවට පත්වෙනව.ඒ වගේම මේ ගොඩක් දරුවන් කියන්නේ දෙමාපියන්ට ලංකාවේ දී කන්න බැරිවුණ එරියස් වෙච්ච කෑම අනුභව කිරීම නිසා ස්ථුලතාවය ලක්වූවන්. ඒ නිසා මේ අයට සිද්ධ වෙන්නේ මළගිය ප්‍රාණින් වගේ ඉන්නයි. ඇත්තටම මේ අය අන්තරාභවිකයන්.


ලංකාව අප්සට් රටක් කියලා මේ ගොඩක් අය දන්නව. ඒ වුණාට ඒ අයට ඒක බල නොපාන නිසා ඒ අය ලංකාව කියන එකට වෙනත් ෆැන්ටෑස්මැතික අර්ථයක් ලබා දෙනව. ඒ අර්ථයෙන් මේ අයගේ ඒකාකාරී දෛනික ජීවිතයේ ශුෂ්ක බව මගහරවා ගන්නටත් ජීවත් වන්නට නව බලාපොරොත්තුවක් ලබා ගන්නටත් හැකියාවක් ලැබෙනව.


ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය