අවුරුදු අටක්‌ එක දිගටම පාසැල් පැමිණ වාර්&#3501

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අවුරුදු අටක්‌ එක දිගටම පාසැල් පැමිණ වාර්&#3501

    year.jpg


    "ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා" යන්න පසක්‌ කරමින් මුළු මහත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයම බබල වන්නට වාර්තාගත ලෙස පුරා අවුරුදු 08 ක්‌, අඛණ්‌ඩව පාසල් පැමිණි දිරිය දියණියක්‌ හොරණ අධ්‍යාපන කලාපයේ, හොරණ අධ්‍යාපන කොට්‌ඨාසයේ හාන්දුපැල්පොල කනිෂ්ඨ විද්‍යාලයේ දී දිවයින අපට මුණ ගැසිණි.

    හාන්දුපැල්පොළ කනිෂ්ඨ විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩබ්. එල්. සෙව්මිණි කාවින්දි දියණිය විද්‍යාලයට ඇතුළත් වූයේ 2011 ජනවාරි 18 වැනි දිනය. එවක පටන් පාසල පැවැත්වූ සෑම දිනකම ඇය පාසල් පැමිණියාය. වසර අවසානයේ හොඳම පැමිණීම අගය කිරිමේදී මුල් වසරේ දීම සෙව්මිණි කාවින්දි දැරිය ප්‍රථම ස්‌ථානයට පැමිණියාය. එවක්‌ පටන් ගෙවීගිය වසර අට පුරාවට ම සෙව්මිණි අභිභවා යැමට කිසිවෙක්‌ නොවීය. එවකට විදුහල්පතිව සිටි සුසන්ත ජයනාල් පෙරේරා මහතාගේ විශේෂ අවධානයට යොමු විය.

    වසරින් වසර ඇයව අගය කිරීමෙන් පමණක්‌ තුට පහටු නොවූ ආදරණීය ගුරු මඩුල්ල ඇය වෙනුවෙන් ත්‍යාග සහතික හා සමරු තිලිණයක්‌ ලබාදීමේ චාම් උත්සවයක්‌ විදුහල්පති වසන්ත ලාල් වීරකෝන් මහතා ප්‍රමුඛ ආචාර්ය මඩුල්ල විසින් හොරණ අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රේමා විඡේතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුලි 09) විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

    sewmini1.jpg


    මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ නියෝජ්‍ය කලාප අධ්‍යක්‍ෂ ප්‍රේමා විඡේතුංග මහත්මිය "මම බෙහෙවින්ම මේ දරුවා ගැන දන්නවා. ඇය ඉතා නිහතමානී, අහිංසක චාම් දැරිවියක්‌. ඇය අධ්‍යාපනයෙන්ද ඉතා ඉහළ ප්‍රතිශතයක ඉන්නවා. ඇය හරිම කීකරුයි. මේ වගේ දරුවන් විරලයි. මම හිතන විදියට මෙය අපේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වාර්තාවක්‌. ලෝක වාර්තාවක්‌ වෙන්නත් පුළුවන්. ඒවා කෙසේ වුවත් මේ දරුවා මුළු පාසලේම අවධානය දිනාගත් දිරිය දියණියක්‌. මම ඇයගේ ඉදිරි ජීවිතයට සුබ පතනවා."

    සෙව්මිණි කාවින්දි දියණිය - මම හරි ආසයි ඉස්‌කෝලේ යන්න. ඉස්‌කෝලේ වැඩ කරන්න මම හුඟක්‌ කැමති චිත්‍රවලට. මම හොඳට ඉගෙන ගෙන චිත්‍ර ගුරුවරියක්‌ වෙනවා. අම්මා මට කවදාවත් ඉස්‌කෝලේ යන්න කියලා කරදර කරලා නෑ. මම ම නැඟිටලා ලෑස්‌ති වෙලා ඉස්‌කෝලේ යනවා. අම්මා මට අවශ්‍ය සියලු දේ සපයා දෙනවා. ආසාවෙන් ඉස්‌කෝලේ එන්න. ඉගෙන ගන්න කියලා මම නංගිලා මල්ලිලාට කියනවා."

    විදුහල්පති ඩබ්. එල්. වීරකෝන් මහතා - "මේ ශිෂ්‍යාව අපේ පාසලට ගෞරවයක්‌. ආඩම්බරයක්‌ ඇයගේ ක්‍රියාව නිසා අනෙක්‌ ළමයින්ගේ පැමිණීම සියයට සීයේ තත්ත්වයට පත් වෙලා. ඇයගේ ඉදිරි ජීවිතය වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා."

    පන්තිභාර ගුරුතුමිය අජන්තා ගිම්හානි මහත්මිය - "2009 වසර වනවිට ශිෂ්‍ය සංඛ්‍යාව 01 දක්‌වා පහල වැටී මෙම විද්‍යාලය වැසී යන තත්ත්වයට පත් වුණා. 2010 වසරේ විදුහල්පති වශයෙන් පත්වූ සුසන්ත ජයනාල් පෙරේරා මහතාගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙන් දෙමාපිය අසල්වාසීන් එකතු කරගෙන විද්‍යාලය ක්‍රමයෙන් දියුණු තත්ත්වයට ගෙන ආවා. මේ වන විට ජාතික මට්‌ටමේ හරිත රන් සම්මානයෙන්, ජාතික ඵලදායිතා දිවයිනේ දෙවන ස්‌ථානය ද දිනා ගත්තා. තවත් සම්මාන එකපිට එක දිගට ලැබුණා. එවන් පාසලක්‌ තුළ වර්තාගත සිදුවීම් රාශියක්‌ ගොනුවන මොහොතක ඩබ්. එල්. සෙව්මිණි කාවින්දි ශිෂ්‍යාව වසර අටක්‌ පුරා අඛණ්‌ඩව පාසල් පැමිණීමේ සුවිශේෂී වාර්තාවක්‌ පිහිටුවා තියෙනවා. මගේ පන්තියේ දරුවෙක්‌ වශයෙන් මට හරි ආඩම්බරයක්‌ දැනෙනවා. ඇයගේ අනෙක්‌ ගුරු මවුවරුත් ඒ වගේමයි. ඉතාම කීකරු, ප්‍රසන්න, නිවුණු දරුවෙක්‌ වශයෙන් ඇය විද්‍යාලය පුරා ගුරු ශිෂ්‍ය සෑම දෙනකුගේම ගෞරවය දිනා ගෙන තියෙනවා. ඇය ඉතා ඉහළ පරිසාදන මට්‌ටමක ඉන්නවා. බෑන්ඩ් කණ්‌ඩායමේ සාමාජික, චිත්‍ර විෂයේ නායිකා, පරිසර භට කණ්‌ඩායමේ නායිකාවක්‌, විද්‍යාලයීය "වියමන" සඟරාවේ ලේ�කාවක්‌ වශයෙන් විෂය පරිබාහිර වැඩකටයුතු වලටත් දස්‌කම් දක්‌වනවා. ඇයට යහපත් අනාගතයක්‌ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා."

    කේ. ටී. ඉන්ද්‍රdනි මහත්මිය (මව) - "මාගේ දියණිය වසර අටක්‌ ම පාසල් ගියා. තවත් ඉදිරියට නොනැවතී යයි. මගේ දරුවා ගැන මට ආඩම්බරයි. කවදාවත් මම දරුවට ස්‌කෝලේ යන්න කියලා කියලා නෑ. අසනීප වුණත් බේත් බීල ස්‌කෝලේ යනවා. වසර දෙකක්‌ පෙර පාසල් ගියා. දෙවන අවුරුද්දේ නොකඩවා පෙර පාසලටත් ගියා. සුසන්ත සර් වසරක්‌ ගාණෙ දියණිය ඇගයීමට ලක්‌ කළා. මට හරි සතුටුයි. නිහතමානී ආඩම්බරයකුත් තියනවා අවංකවම."​
     
    • Like
    Reactions: Ekthara_Sahodarayek

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Api sathi atak wath eka digata gihin nathuwa athi :dull::dull:

    :yes::yes:

    ගමේ කනිශ්ටෙ නම් ආසවෙන් ගියා...
    ටවුමෙ ලොකු ඉස්කෝලෙට ආවත් හරි ඉස්කෝලේ ගියේම නෑ...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ape school 1th hitiya ohoma 1k. Grade 1 edala Grade 13 wenakun ma hema dama school awa.

    Hebai pora A/L 'S' 1i bun. Den shop 1k karanawa.

    no matter mchn.. skill1 wenai asawen skull yema wenai...
    mehema daily ena daruwo gena special attention 1k denna ona mata hithenne...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉතිං මචං හැමදාම ආසාවෙන් school ගියාට වැඩක් නෑනෙ නිකං බොරුවට පැය 6 ගත කරල එනවනම් කරන්නෙ

    iskole kiyanne subjects tikama neweyine ban... kochara dewal thiynwada... jiwitheta wenas karana thena iskole.