අවුරුදු කුමාරයා මෙසේ කියයි
අලුත් අවුරුද්ද කටට ම පැමිණ තිබේ. මිනිසුන් බලා සිටිනුයේ අවුරුදු කුමාරයා පැමිණ සතුට - සාමය හා සහජීවනය බෙදාහරින තුරු ය. අවුරුදු කුමාරයා එනතුරු සෙසු දේ සකස් කළ යුතු ය. අලුත් ඇඳුම්, පැළඳුම්, නව ආහාර වර්ග, කෙළි සෙල්ලම් ඒ අතර තිබේ. සෑමකල්හි ම චාරිත්‍රවලට මුල්තැන දෙනු ලැබේ.
අප සාමාන්‍ය ලෙස දකින අලුත් අවුරුද්දේ පිළිවෙළ එය යි. එහෙත් සමාජය ඉදිරියේ අභියෝග රැසක් පවතී. එක අතෙකින් ලෝක ආහාර අර්බුදයක් පෙනෙන තෙක් මානයේ පවතී. තව අතෙකින් පාරිසරික විපර්යාස ගණනාවකට මිනිසා මුහුණ දෙයි. මේ ගැටලු අතර සමාජයේ නො පනත්කම් ද උච්ච අවස්ථාවට පැමිණ තිබේ.
මේ අර්බුදවලට මුහුණ දෙමින් යහපත් හා සාර්ථක ජීවිතයක් ගොඩනඟා ගන්නේ කෙසේ ද? අලුත් අවුරුද්ද යනු ඊට අවශ්‍ය පසුබිමක් සකසා ගත හැකි හොඳ ම අවස්ථාවෙකි. අපි මේ තත්ත්වයන් එකිනෙක ගළපා ගන්නට වෑයම් කරමු.
අවුරුදු සමයෙහි කඩ-සාප්පු, පොළ පවතින ස්ථාන පමණක් නො ව පදික වේදිකාව ද සෙනඟින් පිරී යයි. නා-නා ප්‍රකාර භාණ්ඩ මිලට ගැනීම සඳහා අධික තරගයක් පවතී. සෑම භාණ්ඩයක ම මිල ප්‍රදර්ශනය කළ යුතු යැයි නීතියක් ඇත ද මිල ප්‍රදර්ශනය සිදුවනුයේ අවිධිමත් ලෙස ය. සමහරු එක් භාණ්ඩයක් පෙන්වා; එහි ම බාල වර්ගයක් අලෙවි කරති.
තව සමහරු අඩුවට කිරති. අඩුවට මනිති. බොහෝ තැන්වල බොරුව හා වංචාව පවතී. ශ්රීී ලංකාවේ සෑම නගරයකම අස්සක් – මුල්ලක් නෑර මෙහෙයුම් සිදුකළ හැකි ශක්තියක් ආණ්ඩුවකට නැත. ඒ අනුව පාරිභෝගිකයා ද සිය ආරක්ෂාව සඳහා කිසියම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු ය.
අපේ පාරිභෝගිකයා සුපර් මාර්කට් සංස්කෘතියට වැඩි ඇල්මක් දක්වයි. නවීන මෝස්තරයේ ඇඳුමක් ලා ගෙන වායු සමීකරණ සහිත ශාලාවන්හි ඇවිද යන්නටත්; භාණ්ඩ තෝරන්නටත් වැඩි දෙනා කැමැති ය. මෙසේ යන අය වැඩි මිලක් ගෙවා භාණ්ඩ රැගෙන ගෙදර ගොස් ආණ්ඩුවට බැණ වදිති. බඩු මිල අධික යැයි දොස් නඟති. සුපර් මාර්කට් හි ඇති පහසුකම් හා අනවශ්‍ය විය – පැහැදම් ද එකතු කොට පාරිභෝගිකයාගේ බිල්පත සකස් වේ. එවිට සාමාන්‍ය වෙළෙඳ පොළ හා සුපර් මාර්කට් වෙළෙඳපොළ අතර මිලෙහි දැඩි පරතරයක් පැවැතිය හැකි ය. එය සාමාන්‍ය සිරිත වේ.
ආණ්ඩුව සාමාන්‍ය පාරිභෝගිකයා ගැන කල්පනා කොට ඉතා වැදගත් තීන්දු ගණනාවක් ගෙන තිබේ. පළමුවන්න හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළට සැපයීම ය. මේ අයුරින් මාස දෙකකට සරිලන භාණ්ඩ වෙළෙඳ පොළෙහි ඇති බව හෙළිදරව් වී තිබේ. දෙවන්න ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් පවත්වා ගැනීම ය. තෙවන්න සියලුම භාණ්ඩවල මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය නීතියක් බවට ගෙන ඒම ය. හතරවන්න වරින්වර කඩා පනින මෙහෙයුම් සිදුකිරීම ය.
අද වෙළෙඳ පොළට ගොස් බලන කල ඕනෑ තරම් සහල් තිබේ. සම්බා සහල් කිලෝවක මිල රුපියල් හැට පහකි. ඕනෑ තරම් එළවළු තිබේ. මාළු තිබේ. ධීවර සංස්ථාව අලුත් අවුරුදු සමය තුළ සහන මිලකට අලුත් මාළු ලබා දෙයි. එහෙත් පාරිභෝගිකයා ධීවර සංස්ථාවේ වෙළෙඳසල් කරා ඇදෙන්නේ අඩුවෙන් ය. එය පුරුද්දට සිදුවන අභාග්‍යයක් විය හැකි ය. ස.තො.ස. වෙළෙඳසල්හි මෙන්ම “කෝප් සිටි” වෙළෙඳසල්හි ද අඩු මිලකට ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ අලෙවි කෙරේ. එහෙත් පාරිභෝගිකයා සුපර් මාර්කට්වලට ගොස් වැඩි මිලට අබල – දුබල හා කල් ඉකුත් වූ භාණ්ඩ මිලට ගනු දැකිය හැකි ය.
පළමුව මේ ක්‍රමය වෙනස් කර ගත යුතු ය. අපේ පාරිභෝගිකයන්ගෙන් වැඩිදෙනෙකු ළඟ අල්පේච්ඡතාව නැත. සරළ බව නැත. වැඩි මිලක් ගෙවා සුපිරි වෙළෙඳසලකින් බඩුගෙන මහේශාක්‍ය ලීලාවෙන් හැසිරීම වැඩිදෙනාගේ මෝස්තරය වී තිබේ. අලුත් අවුරුද්දේ පරමාර්ථය කා - බී - කෙළි - සෙල්ලම් කොට සියල්ල විනාශ කිරීම නො වේ. අලුත් අවුරුද්දේ ඉලක්කය විය යුත්තේ තමනට ඔරොත්තු දෙන යහපත් හා සාමකාමී අලුත් ජීවිතයක් ආරම්භ කිරීම ය. එය පටන්ගත යුත්තේ සුපර් මාර්කැට්ටුවෙන් නො ව තම ගෙදරින් ය, හෙවත් ගෙවත්තෙන් ය.
අප මුලින් සඳහන් කළ ලෙස ලෝක ආහාර අර්බුදයක් ඉදිරියෙහි තිබේ. ආහාර නිෂ්පාදනය මෙන් ම ආහාර සුරක්ෂිතතාව ද එහි දී වැදගත් ය. මේ අලුත් අවුරුදු සමයෙහි එකිනෙක කුටුම්භයෙන් ඉවතලන ආහාර තොගය මැන බැලිය හැකි නම්; එය ශ්‍රී ලංකාවේ සියලුදෙනාට ම අවශ්‍ය සතියක ආහාරවලට සමාන වනු ඇත. ජනතාව ඒ ගැන කල්පනා කළ යුතු ය. ප්‍රීති – උත්සව අපේ සංස්කෘතියේ එන එක් අංගයෙකි. එය කපා හැරීම සුදුසු නැත. එහෙත් ප්‍රීති – උත්සව නාස්තියට පාර කපන අවස්ථාවක් කරගත යුතු නැත.
අලුත් අවුරුද්ද අලුත් ජීවිතයක ආරම්භය කර ගන්නේ කෙසේ ද? මේ මොහොතේ අප ඉදිරියෙහි ඇති ප්‍රධාන ගැටලුවක් ලෙස එය සැලකිය හැකි ය. ඊට පිළිතුරු සපයන විධි ක්‍රමයට අනුව ජීවිතයක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රැඳී පවතිනු ඇත. අපට යම් උපදේශනයක් සටහන් කළ හැකි ය. එනම්; සරල ජීවිතයකට හුරුවන්න! පරිසරයට ළං වෙන්න යන්න ය. ජීවිතයේ තෘප්තිය රැඳී ඇත්තේ බහු භාණ්ඩ සේවනය තුළ හෝ මහේශාක්‍ය ජීවිතය තුළ හෝ නොවේ. අලුත් අවුරුදු කුමාරයා ඔබට කියන පණිවිඩය ද එයම වේ.
අද පත්තරෙන්