අවුරුදු කුමාරිය තෝරපු චීනා

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    චීන්නු ඒ කරන දේයි මේකෙයි තියන සම්බන්ධෙ මොකද්ද? මේ තරගය ගැන උඹේ මාතෘකාව සහ අන්තර්ගතය වැරදියි. ඒ ගැන හරියට දන්නේ නැතුව බොරු දාන්න එපා කියන එකයි මම කියන්නේ.

    චීන්නු අරින එක කොහොමත් අරිනවා උන්ට වාසි ගන්න. ඒ වුනාට උන්ට වඩා දරුණු අරිල්ලක් බටහිර රටවල් අපි වගේ රටවලට කරනවා. හමුදාව සහ දේශපාලනය ගැන දන්නෙ නැත්තං තව හොයල බලන්න. මේ ලඟදි බයිඩන් මෝදිට ගේමක් දුන්නා. ලංකාවටත් ඇරියා. මේ හේතු නිසා තමයි වෙයි ෆෙන්ග් හ ලංකාවට ආවේ.

    1800 ගණන්වල ඉඳන් ලංකාවේ ඉන්න සුළු චීන සම්භවය තියෙන ප්‍රජාවක් ඉන්නවා. චීන දත් බඳින තැන් එහෙම ඉස්සර මේ කට්ටිය තමයි කරේ. දැන් ගොඩක් අය ටිකක් කවලන්.

    1700 ගණන්වල ඉඳන් ඉන්න මැලේ ප්‍රජාවක් රටේ ඉන්නවා. චීන අයට වැඩිය ප්‍රමාණයෙන් වැඩියි. මෙයාලගෙත් ඇස් හීනියි. මෙයාලත් සැහෙන කලවම් දැන්. ලංකාවේ මැලේ ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්කේ හම්බන්තොට. කාලාන්තරයක් එක්ක සිංහල නම් අරගෙන සිංහල වුන මැලේ අයත් ඕන තරම් ඇති. අදටත් මැලේ පෙනුම තියෙන සිංහල අය ඕන තරම් ඉනනවනේ.

    ගොඩක් අය හිතනවා Binkly කියන Youtuber චීන කියලා. එයා මියන්මාර් වල කෙනෙක්. Binkly ලඟදි ආපු කෙනෙක් වුනාට මියන්මාර්, ටිබෙට් වගේ පති වලින් ආපු අයත් ඉස්සර ලංකාවේ හිටියා. එස්. මහින්ද හාමුදුරුවෝ හොඳ උදාහරණයක්.