ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක වෙත ආදරයෙන් ලියමි..

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ලංකාවේ මිනිස්සු හරි පව් බං.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක වෙත ආදරයෙන් ලියමි,

    මහන්සි වෙලා වැඩ කරලා ගෙදර ඇවිල්ලා ටීවී එක ඉස්සරහා දාහක් බලාපොරොත්තු එක්ක වාඩිවෙන්නේ කොච්චර ෆේල් උනත් අදවත් මැච් එක ගහයි කියලා හිතලා.

    සනත්, අරවින්ද, අර්ජුන, මුරලි ලා ක්‍රිකට් කියන නම අපිට ඇබ්බැහි කරලා ලෝකේ කවුරුත් දන්නේ නැති ශ්‍රී ලංකාව කියන නම ජාත්‍යන්තරේට ඇරන් ගියා. දිගටම එහෙම තියේවි කියලා ආසාවෙන් බලාගෙන හිටියා.

    ලංකාවේ ක්‍රිකට් පිස්සෝ කොච්චර ඉන්නවද කියලා උඹලා දන්නේ නෑ බං. මැච් එකක් දවසට පාරේ කඩයක් කඩයක් ගානේ මැච් බලන කොල්ලෝ කෙල්ලෝ කීයක් ඉන්නවද කියලා උඹලා දන්නේ නෑ බං.

    එහෙම බලලා මැච් එකක් පරදින කොට උඹලට බනින්නේ තරහකට නෙමෙයි මචං. රට ගැන, අපේ ක්‍රිකට් ගැන කැක්කුමක් තියන හින්දා. කනාවට මැච් එකක් දිනුවම, පනහක් සීයක් ගැහුවම උඹලා මිනිස්සුන්ට බැන්නා. ක්‍රිකට් දන්නේ නෑ කිව්වා. කැ* වැඩ කරා කිව්වා. ඔව් මිනිස්සු බැන්නා. ඒ බැන්නේ හිතේ තරහට මචං.

    උඹලා පරදිනකොට උඹලගේ රූප, පඹයෝ හදලා පාරවල් ගානේ පිච්චුවේ නෑ බං අපි. උඹලගේ ගෙවල් වලට ගල් ගැහුවේ නෑ අපි.

    මැච් එකක් පැරදුනොත් කියන්න 1000 ක් කතා තියනවා උඹලට. පිච් එක අවුල්, ප්ලේයර්ස් ලා ඉන්ජර්ඩ්. අනික් ටීම් එකේ බෝලින් හොඳයි. මිනිස්සු පවු කියලා උඹලට හිතෙන්නේ නැද්ද බං? ඇත්තටම මිනිස්සු පවු බං.

    උඹලා පැරදුනාම මේ රටේ මිනිස්සුන්ට හිතුනේ අපි පැරදුනා වගේ. අපි උඹලට ආදරෙයි. පොඩි මිනිහගේ ඉදන් මහ එකා වෙනකන්ම හැමෝම ක්‍රිකට් බැලුවා. තාමත් බලනවා.

    මේ දූපතේ මිනිස්සුන්ට හිනා වෙන්න, සතුටු වෙන්න ලොකු ලොකු දේවල් ඕනේ නෑ බං. මේ මිනිස්සුන්ට හිනා වෙන එක අමතක වෙන තැනට මේ පාලකයෝ මිනිස්සුන්ව පත් කරලා තියෙන්නේ.

    එදා වේල කන්න බඩු ටික ශෝපින් බෑග් එකේ දාගෙන ගෙදර යන්න ප්‍රයිවට් බස් එකට නගින්න කළින් මිනිස්සු සිංගර් එක ගාව ටීවී එක ඉස්සරහා පොරකකා ක්‍රිකට් මැච් බලනවා. මම මේ ඇස් දෙකෙන් දැකලා තියනවා.

    ක්ලාස් ඉවරවෙලා ගෙදර එන ටිකට මැච් එකේ හොඳම හරිය ඉවරවෙයි කියලා වැස්සේ පාර අයිනේ ටීවී එකකින් මාත් මැච් එක බලලා තියනවා. මිනිස්සුන්ට ගෙදර ගියාම ඇහෙන දකින දාහක් ප්‍රශ්න මොහොතකට අමතක කරන්න ක්‍රිකට් ලොකු උදවුවක් වෙන්න ඇති මචං.

    මේ මිනිස්සු හිනා වෙන්න පුරුදු වෙලා තියෙන්නේ සතුටු උනේ හරිම සරල දේවල් වලින් මචං.

    අවුරුදු පහෙන් පහට ආණ්ඩු මාරු වෙනකොට අපිත් දියුණු රටක් වෙයි කියලා හිත හිත අපේ මිනිස්සු සතුටු වෙනවා. එක දිගට මැච් 100 ක් පැරදුනත් හෙට මැච් එක අපේ මිනිස්සු බලනවා දිනයි කියලා හිතාගෙන.

    හැම අතින්ම වගේ ඒ අතිනුත් අපි හරි අසරණයි බන්. අපිට නැති උනත් වෙන අයගේ දේවල් බලලා ඒවා ගැන පුදුමෙන් කථාකරලා සතුටු වෙන්න අපේ මිනිස්සු පුරුදු වෙලා.

    පිට රටවල් වල මහා ලොකු හයි වේ ටීවී එකෙන් දැකපු අපි ට්‍රැක් දෙකේ හයිවේ එක දිහා බලලා සතුටු වුනා.

    වෙන රටවල් වල උන් අති නවීන ආයුධ වලින් උන්ගේ ලොකුකම ලෝකෙට පෙන්නනකොට අපි උන් අයින් කරපු උන්ගෙන්ම ණයට ගත්තු යුධ ටැංකියක්, කෆීර් එකක් දිහා බලාගෙන ගිණි අවුවේ කර වෙවී ජාතික කොඩිය වනලා සතුටු උනා.

    සුගත් තිලකරත්නගෙන් පස්සේ ලෝකේ උන් එක්ක කරට කර දුවන්න එකෙක් නැති වෙනකොට අපි උසේන් බෝල්ට් දුවලා දිනනවා බලලා සතුටු වුනා.

    ෆුට් බෝලෙන් ලෝකෙන් අන්තිම වුනත් අපි ෆිෆා වර්ල්ඩ් කප් එකේ එක එක රටවල් වලට සපෝර්ට් කරලා සතුටු උනා.

    ජූලියන් බෝලිං ගෙන් පස්සෙ පිහිනුම් තටාකයක් ගාව ලංකාවේ කොඩිය ඉස්සෙන්නේ නැති උනාම අපි මයිකල් ප්ලිප්ස් ගෝල්ඩ් මෙඩිල් පහක් දිනන එක දිහා බලලා සතුටු උනා.

    අපිට නැතත් අපි වෙන එකෙක් හරි දිනනවා බලලා සතුටු උනා.

    එහෙවු අපේ මිනිස්සු ලෝක කුසලානයක් කියලා දෙයක් දින්නා කියලා සතුටු උනේ ක්‍රිකට් වලින් විතරමයි.

    චන්දේ දින්නම රතිඤ්ඤා පත්තු කරනවාට වඩා මැච් දින්නම රතිඤ්ඤා පත්තු කරා.

    සනත් ගැහුවේ කුකබුරා බැට් එකෙන් නිසා මොන්ටිසෝරියේ පොඩි එකාටත් කුකබුරා ස්ට්කර් එකක් අලවපු බැට් එකක් අරන් දෙන්න අපේ අම්මලා තාත්තලා ට්‍රයි කරා.

    ටීම් එක ඇතුලේ එකාට එකෙක් නැති වෙන කොට අපි හිතුවා උඹලා අපි පරදින දවස වැඩි ඈතක නෙමෙයි කියලා. ඒත් අපි ඉදලා හිටලා දිනන මැච් එකක් බලලා හරි සතුටු උනා.

    උබලට හිතන්න තිබ්බා උබලා මේ ආතල් ගන්නේ මිලියන විස්සක මිනිස්සුන්ගේ අහිංසක සතුටක් එක්ක කියලා.

    උඹලා ආතල් ගන්න කොට අනිත් උන් කට්ට කනවා. උන් ඉගෙන ගන්නවා. හැමදාමත් දිනන්න බෑ තමයි. ඒ වගේමයි අනිත් එකත් හැමදාමත් පරදින්න කැමතිත් නෑ.

    බංගලියෝ දිගට හරහට මැච් දිනින කොට අපි හිත හදා ගත්තා හතුරුසිංහ නිසා එහෙම වෙනවා කියලා. එහෙම හිතලා ඌව ගෙන්නගත්තා. හරිගියාද? නෑ.
    අපි හරි පවු බන්.

    මාලිංග නැති මැච් එකක් පරදින කොට අපි හිත හදා ගත්තා අපි පැරදුනේ මාලි නැති නිසා කියලා.
    අපි හරි පවු බන්

    කාලෙක ඉදන් අපි කරේ හිත හදන් සතුටු වෙන එක.
    අපි ටික දවසක් යනකොට හුරු වෙයි බන් ඒකට.

    ඉන්දියාව දිනනවා බලලා අපි සතුටු වෙයි. අල්ලපු රටනේ කියලා. බංගලියොන්ට ඇෆ්ගනිස්ථානේ ගහනවා බලලා අපි සතුටු වෙයි. බංගලියෝ පේන්න බැරි හින්දා.

    වර්ල්ඩ් කප් ෆයිනල් යන්න බැරි අපිට කුමාර් ධර්මසේන ෆයිනල් එකේ අම්පයර් ඉන්න එකත් හෙඩ්ලයින් එකක් උනා.

    අපේ මිනිස්සු බැනලා බැනලා ඇති උනාම එහෙම හරි හිත හදා ගෙන සතුටු වෙන්න හුරු වෙනවා.

    ඇත්තටම අපි හරි පවු බන්.

    මීට,
    එදත් අදත් හෙටත් මැච් බලන කොල්ලෙක්.

    *ප.ලි. මම මේක කලින් ලියපු එකක්. ඒත් cyber bullying ලේබල් එක වදින නිසා දැම්මේ නැහැ. අද (20) සිද්ධවුන සිදුවීමත් එක්ක දාන්න හිතුනා.
    Copied.. Tharindra JayasinghaView attachment 110321
    උන් කියවයි පම්කක්
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    මහත්වරුන්ගේ ක්‍රීඩාව කීවට මහත්මා ගුණ තියෙන ක්‍රීඩකයෝ දැන් ටීම් එකේ නෑ.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    එන්න අපි පඩි වැඩි කරමූ ගොඩක් :yes: :rofl:

    Bump
    ------ Post added on Jun 24, 2021 at 2:25 AM