යාළුවනේ මේකයි මට තියෙන ප්‍රශ්නේ 2019 වගේ ඉඳන් මගේ බඩේ දකුණු පැත්ත රිදෙන්න ගත්තා පස් හිස් කෑන් කරලා ඔක්කොම බැලුවම බඩේ තුවාල තියෙනවා කිව්වා ඇතුලේ ඒවා හොඳවෙන්න බෙහෙත් එහෙම දුන්නා ඔපරේෂන් කරේ නෑ.
පස්සේ ඔහොම හැම අවුරුද්දකටම සැරයක්ම මට බඩේ අමාරුවක් හැදෙනවා එතකොට ඉන්න බෑ ගොඩක්ම අමාරුයි වමනය යනවා කලන්තේ හැදෙනවා හතර පස් පාරක්ම හොඳටම දාඩිය දාලා දාලා එකපාරට අඩුවෙලා යනවා. ඒත් අර බඩ රිදෙන තැන දවස් ගාණක් යනකම් ඇවිදිනකොට ඒ වේදනාව තියෙනවා රිදෙනවා
බඩේ scan කරාම මේ වෙනකොටත් පහකට වැඩිය කළුබෝවිල කොළඹ ජෙනරල් එක හොස්පිටල් එකේ මම නැවතිලා හිටිය. එවිට පොඩ්ඩක් හොඳ වෙනවා ගෙදර එවනවා. මේ පාරේ ජෙනරල් එකේ නැවතුනා කිසිම වැඩක් උනේ නෑ එහෙම්මම දවස් ගානක් ඉඳලා පැනඩෝල් විතරක් බීලා වගේ ගෙදර scan කරලා බැලුවා කිසිම අවුලක් නෑ කිව්වා ඒත් මට බඩ ඇතුලේ දැවිල්ලයි ඇතුලෙ නිකං තුවාලයක් තියෙනවා වගේ තේරෙනවා
මේක තමයි කියන්න ඕන විශේෂම දෙය හරියට දියරයක් පැතිරෙනවා වගේ මට යන්තම් තේරෙනවා සමහර වෙලාවට හරියට කැනියුලා එකකින් ඉන්ජක්ෂන් එකක් ඇඟට දෙනකොට ලේත් එක්ක එකතු වෙලා ඒක උඩට එනවා වගේම තමයි දැනෙන්නේ මට තේරෙන විදිහට මං ඔයාලට මේක කිව්වේ කිසිම ඩොක්ටර් කෙනෙක්ට මේ ලෙඩේ හොයාගන්න බෑ මං මොන doctor සම්බන්ධවද මේක චැනල් කරන්න ඕනේ.
මගේ කකුල් වල යටි පතුල් විෂ ගහනවා
මගේ ඇඟේ රස්නෙ ගොඩක් වැඩියි
අද දවසට වතුර ගොඩක් බොනවා ලීටර් හතරක් විතර වගේ
දැන් නම් මගේ කන් එහෙම දැවිල්ලයි රතු වෙලා.
කලිසමක් ඇන්දා මේකේ වාටිය ගෑවෙනකොට ඒ දැවිල්ල මට තියෙනවා බඩ ගාව මම මාර අපහසුතාවයකින් ඉන්නේ මට මේකට චැනල් කරන්න හරියන ඩොක්ටර් කෙනෙක් කියන්නකෝ දන්න කෙනෙක් මහරගම පන්නිපිටිය තලවතුගොඩ කොට්ටාව අවට.
මං හරිම වේදනාවෙන් ඉන්නේ මම සිගරට් අරක්කු බොන්නෙ නෑ. හැමදාම උදේට බඩේ දකුණු පැත්ත චූටි බටයක් එලිප්පිලවගේ ඉදිමිලා තියෙනවා. තව මගේ බඩේ අමුතු සද්දයක් එනවා ඒක මට බඩ තද කරහම ඒ හඬ එනවා ඒක ඉබේන හඬක් නෙවෙයි. ඒක වෙන්නේ මං කාලා මුත්රා කරාට පස්සේ බඩ හිස්වෙනවනේ අන්න එතකොට.
අනේ ලොකු දෙයක් මට මේකට ඉක්මනට විසඳුමක් කියන්න පින් සිද්ධ වෙනවා


