අවුරුදු සීයක් සපිරුණු නැදුන්ගමුවේ ඇත් පර

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    අවුරුදු සීයක් සපිරුණු නැදුන්ගමුවේ ඇත් පර

    123.jpg

    1234.jpg
    ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙයි. මීට අවුරුදු දහස් ගණනකට පෙර ශ්‍රී ලංකාව හා ඉන්දියානු භූමිය එකක්ව තිබියදී ඉන්දියානු අලි ඇතුන් ලංකාවට සංක්‍රමණය වූ බවත්, ශ්‍රී ලංකාවේ ‘විල්’ අලියා ඉන්දියාවට සංක්‍රමණය වූ බවත් සාක්ෂි තිබේ.


    පැරණි ලංකාවේ කන්ද උඩරට සෑම ප්‍රභූවරයෙකුටම අලි ඇතුන් කිහිපදෙනෙකු සිටි බැව් කියැවේ. ගරු ගාම්භීරත්වයේ මෙන්ම නම්බුකාරකමේ සංකේතයක් ලෙස එදා උඩරට ප්‍රභූවරු අලි ඇතුන් ඇතිදැඩි කළ නමුත් පහතරට ප්‍රදේශයේ අලි ඇතිකිරීම සිදුකරනු ලැබුවේ හුදෙක් අලියාගෙන් සේවය ලබාගැනීම පිණිසය. දැවදඬු ප්‍රවාහනය, පෙරහර ආදී සේවාවන් ඒ අතර ප්‍රමුඛ විය.


    අලි ඇතුන් රඳවා තබා ගැනීම සඳහා බො​හෝ ඇත්ගාල් මෙරට පිහිටියේය. අලි ඇතුන් සිරකර තබා ගැනීමේ ක්‍රමයක් ලෙස සැලකෙන ඇත්ගාල්වලට වඩා ලිහිල් හා නිදහස් ක්‍රමයක් වන්නේ ‘ඇත් පන්තියයි’ ඇත් පන්තියට අනුව අලි ඇතුන් ජීවත් වන්නේ විශාල වතුවල නිදහසේය. එවන් ඇත් පන්ති විශාල ගණනක්ද අපේ රටේ තිබිණි.


    අප මේ කියන්නට යන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයේ වසර 100 ක් තිස්සේ පවතින ඇත් පන්තියක් පිළිබඳවය. මෙම වසර 100 පුරාම අලි ඇතුන්ගේ හිඟයකින් තොරව නැදුන්ගමුව ඇත්පන්තිය පෝෂණය වී තිබේ. 1917 දී ආරම්භ වූ නැදුන්ගමුව ඇත් පන්තිය මේ වනවිට වසර 100 සම්පූර්ණ කරන්නේ මේ වනවිට රටේ ප්‍රධානතම ඇතා ලෙස සැලකෙන නැදුන්ගමුවේ රාජා ද සහිතවය.
    1235.jpg

    1236.jpg
    නැදුන්ගමුවේ ඇත් පන්තිය සඳහා ප්‍රථම වරට අලියෙකු ලැබෙන්නේ 1917 දීය. ඒ වත්මනෙහි නැදුන්ගමුව වෙද පරපුරේ සාමාජිකයා වන හර්ෂ ධර්ම විජය මහතාගේ මුත්තාවූ ලිව්නිස් පෙරේරා මහතාගේ කාලයේය. ඔහුගේ බාල සහෝදරයා බැලුම්මහර ගොඩගෙදර පිරිවෙනේ මහණවීමට තීරණය කළේය. මෙම කුල දරුවා පෙරහරකින් රැගෙන යායුතු වූ නිසා ලිව්නිස් පෙරේරා මහතා අලියෙකු මිලට ගත්තේය. ඒ අලියා නැදුන්ගමුව ඇත් පරපුරේ පළමු අලියාය. එතැන් පටන් නැදුන්ගමුව ඇත් පන්තිය වසර 100 ක් පුරා පෝෂණය විය. මේ වසර සියය තුළදී නැදුන්ගමුව අලි පරපුර තුළ අවම වශයෙන් අලියෙකු හෝ ඇතෙකු සිටීම විශේෂත්වයකි.



    මෙම අැත් පන්තිය පෝෂණය කිරීමේ ගෞරවය ලිව්නිස් පෙරේරා, අරනෝලිස් පෙරේරා, ධර්ම විජය වෙද රාළහාමිත්, හර්ෂ ධර්මවිජය වෙදරාළහාමිටත් හිමිවේ. නැදුන්ගමුව අලි පරපුරට වසර සියයක් සම්පූර්ණ වනවිට එම පරපුරට අයත් නැදුන්ගමුවේ රාජා හස්තියා අඛණ්ඩවම වසර 11 ක් ශ්‍රීදළදා කරඬුව වඩමවා තිබීමද විශේෂත්වයකි.


    ලංකාවේ ප්‍රභූන් සතුව තිබූ ඇත්ගාල් පිළිබඳව ද ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1782) යුගයේදී දඹදෙණියේ ඇටැම්පොල ඇත්ගාලක් පැවැති බවට සාක්ෂි තිබේ.


    1884 දී එබවලපිටියේ ඇත්ගාල වයඹ පළාතේ සුප්‍රසිද්ධ ඇත්ගාලකි. සැමුවෙල් ජයතිලක මුදලිතුමා ප්‍රමුඛ ප්‍රාදේශීය නායකයෝ මෙම ඇත්ගාල ආරම්භ කළහ. 1920 දී පී.බී. මඩහපොළ රටේ මහත්තයා විසින් කුරුණෑගල අඹන්පොළ පීල්ලවත්තේ ඇත්ගාලක් ආරම්භ කළ බවත්, හන්දුරු පාලියාගම, තලහේන ඇත්ගාල සහ දණ්ඩුවාව ගමේ පරංගි ඇත්ගාල පැවැති බවටත් වාර්තා තිබේ.


    මාවතගම ලේ පොළොව වෑඋඩ සහ මූකලන්යාය පෙදෙස්වල ඇත්ගාල් පැවැති බවටද සාක්ෂි තිබේ. මේ අතුරින් වයඹ පළාතේ පිහිටි ලේ පොළොව ඇත්ගාල මහා විනාශයක් වූ ඇත්ගාලකි. එහි ඇතුන් කෝප වී ඇත් ගොව්වන් හා වෙනත් මිනිසුන් මරාදමා තිබේ. එම ඇත්ගාලට සතුරෙකු විසින් කොඩිවිනයක් කිරීමේ අනිටු ප්‍රතිඵලයක් ලෙස ‘ලේ පොළොව’ ඇත්ගාල ලෙස ජනතාව එය හඳුන්වති.


    ක්‍රි.ව. 1870 දී ලබුගම ඇත්ගාල පිහිටුවන ලදී. ඒ සඳහා මූලිකවී ක්‍රියා කළේ එක්නැළිගොඩ රටේ මහතා, විලියම් එල්ලාවල රටේ මහතා සහ ඉද්දමල්ගොඩ බස්නායක නිලමේය.


    එම ඇත්ගාල නැරඹීම සඳහා බ්‍රිතාන්‍ය කිරීටයේ ඇල්ෆ්‍රඩ් කුමාරයා පැමිණි බව 1870 අප්‍රේල් 09 දින ඥානාර්ථ ප්‍රදීපයේ සඳහන්ය. එම රාජ කුමාරයාට රාත්‍රී නවාතැන් ගැනීමට දැවයෙන් කළ මාලිගයක් තනා තිබිණි
    පෘතුගීසි හා ලන්දේසි යුගවල මාතර පොල්වත්තේ ඇත්ගාලක් තිබී ඇත. ඒ යුගයේදී මාතර ප්‍රදේශයේ ඇත්ගාල් 4 ක් තිබුණු බවටද සාක්ෂි තිබේ. කටුවන හා වලස්මුල්ලේ ඇත්ගාල් දෙකක් තිබූ බව පියසේන කහඳගමගේ විසින් රචිත ‘පනාමුරේ ඇත් රාජා’ කෘතියේ සඳහන්ය. කඹුරුපිටිය නාරන්දෙණියේ ඇත්ගාල, තංගල්ලේ කොටවීගම ඇත්ගාල එකළ විදේශීය සංචාරකයින්ගේ සිත් ඇදගත් බවත් සඳහන්ය.
    ලංකාවේ අවසාන ඇත්ගාල ලෙස සැලකෙන්නේ මොලමුරේ ඇත්ගාලයි. එය 1950 දී ආරම්භ කර තිබෙන්නේ එවකට පාර්ලිමේන්තුවේ කථානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතා විසිනි. එය පසුව පනාමුරේ ඇත්ගාල ලෙස ප්‍රසිද්ධ විය. පනාමුරේ ඇත්ගාල ප්‍රථම වරට ආරම්භ කළේ ජෝන් විල්සන් මඩුවන්වෙල දිසාවේය. පනාමුරේ ඇත් රජු එහිදී ඝාතනය වූ නිසා එය පසුව පනාමු​ෙර් ඇත්ගාල විය. පනාමුරේ ඇතා සටන් කළේ මෙරට අලි ඇතුන් සිරකර තබන ඇත්ගාල් සම්ප්‍රදායට එරෙහිවය. ඇත් රජුගේ ප්‍රාර්ථනය පරිදිම ඇතාගේ මරණයෙන් පසුව මෙරට ඇත්ගාල් අවසන් වීම පනාමුරේ රාජා සියදිවිපුදා ලබාගත් ජයග්‍රහණයකි.
    1237.jpg

    දකුණු ප්‍රදේශයේ ඇත්ගාල්වල සිටි අලි ඇතුන් පිටරට යැවීම පිණිස මාතොට හා ගාල්ල වරායන් යොදාගත් බව කියැවේ.


    අැත්ගාල නිර්මාණය කිරීමද එක්තරා කලාවකි. ඒ සඳහා හසල බුද්ධියක් ඇති නිර්මාණ ශිල්පී පරපුරක් සබරගමුවේ විසූහ. ඇත්ගාල අවසානයේදී නිර්මාණය වන්නේ සංචාරකයින් සඳහා කුටි තැනීමයි. එංගලන්තයේ ඇල්බට් වික්ටර් හා වේල්ස් හි ජෝර්ජ් කුමරුවන් ක්‍රි.ව. 1882 දී සබරගමුවේ ඇත්ගාල නැරඹීමට පැමිණ ඇත.


    ලංකාවේ අවසාන ඇත්ගාල ලෙස සැලකෙන්නේ මොළමුරේ ඇත්ගාලයි. එය 1950 දී ආරම්භ කර තිබෙන්නේ එවකට පාර්ලිමේන්තුවේ කථානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතා විසිනි. එය පසුව පනාමුරේ ඇත්ගාල ලෙස ප්‍රසිද්ධ විය. පනාමුරේ ඇත්ගාල ප්‍රථම වරට ආරම්භ කළේ ජෝන් විල්සන් මඩුවන්වෙල දිසාවේය.


    පනාමුරේ ඇත්රජු එහිදී ඝාතනය වූ නිසා එය පසුව පනාමු​ෙර් ඇත්ගාල විය. පනාමුරේ ඇතා සටන් කළේ මෙරට අලි ඇතුන් සිරකර තබන ඇත්ගාල් සම්ප්‍රදායට එරෙහිවය. ඇත් රජුගේ ප්‍රාර්ථනය පරිදිම ඇතාගේ මරණයෙන් පසුව මෙරට ඇත්ගාල් අවසන් වීම පනාමුරේ රාජා සියදිවිපුදා ලබාගත් ජයග්‍රහණයකි.
    පනාමුරේ ඇතාට වෙඩි තැබීමට අණකළ මොළමුරේ මහතා ඇතාගේ මරණයෙන් මාස තුනකට පසුව මියගිය අතර, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අලි ඇතුන් 1400 ක් මරාදැමූ බදුල්ලේ දිසා විනිසුරු මේජර් ටී.ඩබ්ලිව්. රොජර්ස්ගේ දේහය වළදමා ඇති නුවරඑළිය තැපැල් කාර්යාලය පිටුපස පිහිටා තිබෙන ඉංග්‍රීසි ජාතිකයින්ගේ සුසාන භූමියේ ඇති රොජර්ස්ගේ සොහොන් කොතට සෑම වසරකම අකුණු පතිතවන බව 1976 නුවරඑළිය පුරපතිව සිටි ටී. විලියම් ප්‍රනාන්දු මහතා තමා සමග පැවසූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා ලියූ ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය කෘතියේ සඳහන්ය.


    පැරණි ලංකාවේ ඇත්ගාල් අතර ගම්පහ හා මීගමුවේ ඇත්ගාල් දෙකක් තිබූ බව සාක්ෂි තිබේ. යුද සමයේදී යුද ටැංකිවලට සමාන සේවාවක් මෙම ඇත්ගාල්වල සිටි අලි ඇතුන්ගෙන් ලබාගත් බව කියැවේ. ගම්පහ පිහිටි එම ඇත්ගාලට පසුව ඉතිහාසයට එක්වන්නේ නැදුන්ගමුව ඇත් පන්තියයි.


    මෙහි ජීවත්වූ අලි ඇතුන් ට හිමිවූ විශේෂ වරප්‍රසාදය වන්නේ වෙද පරපුරක හිමිකරුවන් ඇත් පරපුර භාරව සිටීමයි. ඒ නිසා අලි ඇතුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර එම වෙදදුරන් විසින්ම සිදුකිරීමත් නිරන්තරයෙන් ඔවුන් අලි ඇතුන්ගේ නිරෝගීභාවය පිළිබඳ සැලකිලිමත් වීමත් නිසා බොහෝ දුරට නැදුන්ගමුවේ අලි පරපුර නිරෝගීවී තිබේ. විශේෂයෙන්ම නැදුන්ගමුව අලි පරපුරට අයත් කිසිදු අලියෙකු ඇතෙකු වාහන වලින් ප්‍රවාහනය නොකිරීමත් නැදුන්ගමුවේ පරපුරේ ප්‍රතිපත්තියයි.


    අක්කර අටක පමණ භූමි භාගයක පිහිටි නැදුන්ගමුව වෙද නිවස මේ වන විට අලි අැතුන් සියයකට ආසන්න ගණනකට වාස භූමිය වූ බව හර්ෂ ධර්ම විජය වෙද රාළහාමි පවසයි.


    අලි ඇතුන්ට සිංහල අවුරුදු චාරිත්‍රයට අනුව හිසතෙල් ගෑම ආරම්භ වූයේද නැදුන්ගමුවේ වෙද නිවසෙනි. එදා ආරම්භ කළ ඒ චාරිත්‍රය අදටත් අඛණ්ඩවම පවත්වාගෙන යයි. මේ වන විට නැදුන්ගමුව වෙද නිවසේ නැදුන්ගමුවේ රාජාට අමතරව තවත් අලියෙක් සිටියි.


    නැදුන්ගමුව වෙද නිවසේ අඛණ්ඩවම අලි ඇතුන් වාසය කර වසර 100 ක් පිරීම නිමිත්තෙන් රට පුරා අලි ඇතුන් ගෙන්වා විශාල උත්සවයක් පැවැත්වීමට හර්ෂ විජය වෙද මහතා සූදානම් වෙයි. අපේ රටේ වසර 100 ක ඇත්පන්තියක් අඛණ්ඩවම පැවතුණේ නැදුන්ගමුව වෙද නිවසේ වීමටද බො​හෝදුරට ඉඩකඩ තිබේ.


    උපුටා ගැනීම : විශ්ම ලෝකය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය හර්ශ ධර්මවිජය වෙද මහත්තය සිoහල වෙදකමේ අති දක්ශයෙක් ,පරම්පරික දැනුමේ පොහොසතෙක්..නදුන්ගමේ රාජා අදටත් එක ඉoග්‍රිසි බෙහෙත් පෙත්තන් නොදී සිoහල වෙදකමේ මහිමයෙන් රකින්නෙ ඔය වෙදමහත්තය.. :):):)
     
    • Like
    Reactions: Kevita

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?


    You must spread some Reputation around before giving it to Iron Monger again.




    ඔය හර්ශ ධර්මවිජය වෙද මහත්තය සිoහල වෙදකමේ අති දක්ශයෙක් ,පරම්පරික දැනුමේ පොහොසතෙක්..නදුන්ගමේ රාජා අදටත් එක ඉoග්‍රිසි බෙහෙත් පෙත්තන් නොදී සිoහල වෙදකමේ මහිමයෙන් රකින්නෙ ඔය වෙදමහත්තය.. :):):)

    වැදගත් විස්තරයක්..:yes:

    +Rep​


    Rep...+++++