අවුරුදු 25ක් සිංහල දරුවන්ට ඉගැන්වූ දෙමළ ගු&#35

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    අවුරුදු 25ක් සිංහල දරුවන්ට ඉගැන්වූ දෙමළ ගු&#35

    ඇගේ නම එස්. වල්ලිපුරම්. වයස අවුරුදු 81ක් වෙනවා. වල්ලිපුරම් කියන්නේ දෙමළ ගුරු මාතාවක්. හැබැයි අවුරුදු 25 මුළු ගුරු ජීවිතයම ඇය කැප කරලා තියෙන්නේ සිංහල දරුවන් වෙනුවෙන්.


    උසස් පෙළ රසායන විද්‍යාව ගුරුවරියක වුණු වල්ලිපුරම් ගුරු මාතාවගේ දියණියන් දෙදෙනා සහ ස්වාමිපුරුෂයා මේ වන විට ජීවතුන් අතර නෑ. පිළිකා රෝගයෙන් දියණියන් දෙදෙනා මිය යද්දී ඒ දුකට ස්වාමි පුරුෂයා මිය ගියා කියලයි ඇය කියන්නේ. 81 වැනි වියේ පසුවන ඇය දැන් ඉගැන්වීම් කටයුතු නොකළත් සමාජ සත්කාරක වැඩ නම් නතර කරලා නෑ.


    මේ වල්ලිපුරම් ගුරුමාතාවගේ කතාවයි.


    ‘‘මම 1936 වසරේ යාපනය චාවකච්චේරි මට්ටුවිල් කියන කුඩා ගම්මානයේ තමයි ඉපදුණේ. මගේ පියා සින්නතම්බි සාගරපිල්ලෙයි ප‍්‍රදේශයේ දක්ෂ ගොවියෙක්. වැඩිමහල් සහෝදරයින් දෙදෙනකු, බාල සහෝදරයකු හා තවත් එක් සොහොයුරියක මට සිටි අතර වැඩිමහල් සොහොයුරන් දෙදෙනා මේ වන විට ජීවතුන් අතර නැහැ.


    කුඩා කල චාවකච්චේරි මට්ටුවිල් ප‍්‍රාථමික පාසලේ තමයි ඉගෙනුම ලැබුවේ. පසුව ශිෂ්‍යත්ව විභාගයෙන් පසු යාපනය ප‍්‍රසිද්ධ පාසලක් වූ චුන්නාකම් රාමනාදන් විදුහලේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත්තා. වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ ආශාව මට තිබුණ නිසා මාගේ පියා සමඟ සාකච්ඡා කොට 1952 ඉන්දියාවට ගියා. එහිදී අවුරුදු හයක් පමණ මම රසායන විද්‍යාව ඉගෙනගත්තා. පසුව මා රසායනික විද්‍යා විශේෂ උපාධියක් ද ලබාගත්තා.


    1958 වර්ෂයේ නැවතත් මගේ ගමට පැමිණියා. මම රසායනික විද්‍යාව පිළිබඳ හොඳින් අධ්‍යාපනය ලැබ තිබීමත් මාගේ සහෝදරයන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වී සිටීමත් හේතුවෙන් මා ගුරුවරියක ලෙස උතුරු පළාතේ දරුවන්ට සේවය කිරීමට අයැදුම් පතක් යොමු කළා.


    එම අයැදුම්පතට අනුව මා ගුරු සේවයට බඳවා ගත්තත් මට සේවය කිරීමට ලබා දුන්නේ මාතලේ ශාක්‍ය විදුහලට. එය සිංහල විදුහලක්. මම එහි යන විට සිංහල වචනයක්වත් කතා කරන්න බැහැ. එහි දරුවන්ට දෙමළ භාෂාව උගන්වමින් සිටියදී මා 1961 දී විවාහ වුණා. වී. වල්ලිපුරම් මගේ මහත්තයා. පාසල් පෙළපොත් දෙමළ භාෂා පරිවර්තකයකු ලෙස කොළඹ සේවය කළා. දියණියන් දෙදෙ​ෙනක්ද මට ලැබුණා. වැඩිමහල් දියණිය බාලසරස්වතී වල්ලිපුරම් හා පංචලක්ෂ්මී වල්ලිපුරම්.


    මගේ මහත්තයා කොළඹ සිටින නිසා මා ස්ථාන මාරුවීමක් ඉල්ලා සිටියා. පසුව 1962 වර්ෂයේදී වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයට මට ස්ථාන මාරුවීමක් ලැබුණා. එහි දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට තිබුණේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන්. වසර දෙකකට පසු එම පාසලේ සිංහල මාධ්‍යයෙන් මට රසායනික විද්‍යාව කරන්න කියා කිව්වා. එවිට මට ආයෙත් භාෂා ගැටලු පැනනැගුණා. මම යළිත් ස්ථාන මාරුවීමක් ඉල්ලා සිටියා. නමුත් දුන්නේ නැහැ. එවිට මා පදිංචි වී සිටියේද වැල්ලවත්ත ප‍්‍රදේශ​ෙය්යි.


    මගේ මහත්තයා භාෂා පරිවර්තකයෙක්. ඔහු ළඟ තිබුණා සිංහල භාෂාව පිළිබඳ විවිධ පොත්. මම ඒවා අධ්‍යයනය කළා. මට රසායනික විද්‍යාව සිංහල භාෂාවෙන් ඉගැන්වීමට හැකියාව ලැබුණා. මගේ සිංහල භාෂා දැනුමද ඉතා ඉක්මනින් දියුණුවුණා.


    මම පළමු වරට වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ ළමයින්ට සිංහල භාෂාවෙන් රසායනික විද්‍යාව ඉගැන්වීමෙන් අනතුරුව ඔවුන් ඉතා විශිෂ්ට ප‍්‍රතිඵල අත්කර ගත්තා. වසර 13 මම වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ රසායනික විද්‍යා ගුරුවරිය ලෙස සේවය කළා.


    පසුව 1969 දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට ස්ථාන මාරුවීමක් ලැබුණා. රසායනික විද්‍යාව හැදෑරීමට එම පාසලේ ළමයින් අඩු නිසා මාව බොරැල්ල ඩී.එස්. සේනානායක විදුහලට ස්ථාන මාරු කළා. එම පාසලේ ළමයින්ටද මා උසස් පෙළට රසායනික විද්‍යාව ඉගැන්වුවා.


    මා ‘‘දෙමළ ගුරුවරියක්’’ යැයි කියා ළමයි මගෙන් ඉගෙන ගැනීමට මැළිකමක් දැක්වූයේ නැහැ. ඔවුන් සිංහල දරුවන් කියා මගේ සිතෙත් වෙනසක් ඇතිවුණේ නැහැ. මා සිතුවේ ඔවුන් මගේම දරුවන් කියා. එහි ප‍්‍රතිඵලයක් ලෙස අද මාගේ ගෝලයින් විශාල පිරිසක් මහාචාර්ය, ආචාර්යවරුන් ලෙස හා විවිධ ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රධානීන් ලෙස සේවය කරනවා.


    83 කලබල කාලයේ මා ඉගැන්වූ සිංහල සිසුන් මාගේ ආරක්ෂාවට සිටියා. ජීවිතයෙන් වැඩි කාලයක් සිංහල අය සමඟ සිටි නිසා මා හට කිසිදු කරදරයක් වුණේ නැහැ. මා දියණියන් දෙදෙනා සහ මහත්තයා සමඟ නිවසින් පිට නොවී මාසයකට අධික කාලයක් නිවසෙහි සිටියා. අපට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනත් දුන්නේ මාගේ ගෝලයින් වන සිසු දරුවන්. මා ඔවුන් දැනුම්වත් කරලත් නොවෙයි එසේ කළේ. නිතරම මගේ ගෝලයින් එම කාලයේ අපේ පවුල ගැන සෙවිල්ලෙන් සිටියේ.

    මා වයස 45 වන විට වසර 25 ගුරු සේවයෙන් විශ‍්‍රාම ගියා. මා විශ‍්‍රාම සුවයෙන් සිටියදී වේයන්ගොඩ මධ්‍ය මහා විදුහලේ එවකට සේවය කළ විදුහල්පතිගේ ඥාති දියණියක් ඇයට රසායනික විද්‍යාව උගන්වන්න කියා මගෙන් ඉල්ලීමක් කළා. පසුව ඇය උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වෙලා තිබුණා. ඒ පිළිබඳ විමසා සිටි අනෙක් ළමයි මා සොයාගෙන විත් අමතර පංති කරන ලෙස ඉල්ලා සිටියා. එම ඉල්ලීම උඩ මම අමතර පංති කළා. අවසානයේ ප‍්‍රචාරණයක් නැතිවම ළමයින් සිය ගණනක් මගේ පන්තිවලට ආවා.


    මගේ දියණියන් දෙදෙනා උසස් පෙළ විද්‍යා විෂය යටතේ ඉගෙනගෙන විශිෂ්ට ලෙස සමත් වී දෙදෙනාම වෛද්‍යවරියන් ලෙස පත්වීම් ලැබුවා. මගේ වැඩිමහල් දියණිය වන බාලසරස්වතී වල්ලිපුරම් අක්ෂි විශේෂඥවරියක් ලෙස පත්වීම් ලැබුවා.


    විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව 2006 වසර වෙනකම් මා ළමයින්ට රසායනික විද්‍යාව ඉගැන්වූවා. පසුව මගේ ජීවිතේට කරදර එන්න ගත්තා.


    මගේ වැඩිමහල් දියණිය හා බාල දියණිය පිළිකා රෝගයකින් පෙළෙන බවට වෛද්‍යවරුන් තහවුරුකරගෙන සිටියා. රෝගය සුව කරන්න උත්සාහ ගත්තත් පලක් වූයේ නැහැ. රෝගය උත්සන්න වීමෙන් වැඩිමහල් දියණිය මියගියා. පසුව ඒ ශෝකයත් සමඟ මගේ මහත්තයාද මියගියා.


    මා රසායනික විද්‍යා ගුරුවරියක ලෙස සේවය කිරීමේදී විවිධ රසායනික ද්‍රව්‍ය ශරීරයට ඇතුළුවීම නිසා දියණියන් දෙදෙනාට මෙම පිළිකා රෝගී තත්ත්වය ඇතිවූ බවට විශ්වාස කරනවා. මගේ දියණියන් මියගියාට මට දුකක් නැහැ. උගත් දරුවන් විශාල පිරිසක් මේ රටට මා බිහිකරලා තියනවා. ඔවුන් මාව බලන්න එනවා.


    වැඩිමහල් දියණිය හා මාගේ මහත්තයාගේ මරණින් බාල දියණිය පංචලක්ෂ්මී වල්ලිපුරම් හා මා වැල්ලවත්තේ නිවසේ තනිවුණා. මගේ පරම්පරාවම ශිව දෙවියන්ගේ බැතිමතුන්. අප මස් මාංශ ආහාරයට ගත්තේ නැහැ. සෑමදාම ශිව දෙවියන් වෙත වැඳුම්පිදුම් කළා. මගේ දියණිය මන්නාරම තිරුකේතීෂ්වරන් කෝවිල පිිළිබඳ නිතර අදහස් දක්වනවා. එහි යෑමට අවශ්‍ය බව කියනවා. පසුව වැල්ලවත්තේ තිබූ අපේ නිවස විකුණා දමා තිරුකේතීෂ්වරන් කෝවිල අසල 2007 වසරේ පදිංචියට අාවා.


    දියණියගේ අදහසක් තිබුණා කෝවිල අසල වැඩිහිටි නිවාසයක් හදන්න. ඇය විසින්ම නිවසෙහි සැලැස්ම සකස්කොට වැඩිහිටි නිවාසයකට අවශ්‍ය පහසුකම් පරිදි 2008 වසරේ නිවාසය හැදුවා. වැඩිහිටියන් 40 පමණ අපේ නිවාසයෙහි සිටි අතර අපේ පුද්ගලික වියදමින් ඔවුන් නඩත්තු කළා. ඇය විසින්ම මා සහ මහත්තයා සිහිවීමට නිවාසයට අම්මෙයි අප්පන් (අම්මයි තාත්තයි) කියා නම් තැබුවා.


    යුද්ධයේ දරුණුම කාලය පැමිණීමත් සමඟ අසරණ වූ පවුල් 300කට පමණ අපි උදව් කළා. දියණියගේ පිළිකා රෝගය උත්සන්න වීම හේතුවෙන් ඇය මියගියා. මියයන විට ඇගේ ආසාවක් තිබුණා මෙම ස්ථානය සියලුම ආගමික හා ජාතීන්වලට අයත් පුද්ගලයින්ට සේවා සපයන ස්ථානයක් කිරීමට. ඒ සඳහා වෙනත් ගොඩනැගිල්ලක් සෑදීමට ඇය මුලපුරමින් සිටියේ.







    සාමය උදාවීමත් සමඟ තිරුකේතීෂ්වරන් කෝවිලට විශාල බැතිමතුන් ප‍්‍රමාණයක් පැමිණෙනවා. ඔවුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් අපි ‘‘අම්මෙයි අප්පන්’’ නිවාසයෙන් නොමිලයේ ලබාදෙනවා. ඔවුන් සිංහල ද දෙමළ ද කියා අපට ගැටළුවක් නැහැ. මීට ඉහතදී භික්ෂුන්වහන්සේලා 55 නමක් තිරුකේතීෂ්වරන් මාතොට රජමහා විහාරය වෙත පැමිණියා. එම භික්ෂූන්වහන්සේට නවාතැන් ගැනීමට අම්මෙයි අප්පන් නිවාසයෙහි ඉඩ සලස්වා දුන්නා. ඒ වගේම ඉන්දියාවේ සිට පැමිණි බැතිමතුන්ටද අප උපකාර කර තිබෙනවා.


    දියණියගේ අවසන් බලාපොරොත්තුව අනුව ඉදිකරන ගොඩනැගිල්ල සංස්කෘතික ශාලාවක් ඇතුළු කාමර රාශියකින් සැදුම්ලත් ගොඩනැගිල්ලක්. එහෙත් මූල්‍ය අඩුවක් නිසා දියණියගේ සිහිනය යථාර්ථයක් කරගැනීමට නොහැකිව මා අසරණවෙලා සිටිනවා. මා බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයා හෝ මාගේ මේ වැඩපිළිවෙළට උදව්කරයි කියා. මම ඔහුගෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා.


    මේ සියල්ල හිමිවන්නේ තිරුකේතීෂ්වරන් කෝවිලේ භාරකාර මණ්ඩලයට. මාගේ වයස දැන් 81 ​ෙවනවා. මගේ අදහස මෙය ලබන වසරේ ජනවාරි 31 විවෘත කරන්න. මම නොමැති කාලයක මෙම ස්ථානය ජනතාවගේ සංහිඳියාවේ මධ්‍යස්ථානයක් වෙයි කියා මා බලාපොරොත්තු ​ෙවනවා’’ යැයි ඇය කීවාය.


    0232050822 දුරකතන අංකයෙන් හා එස්. වල්ලිපුරම් අම්මෙයි අප්පන් නිවාසය තිරුකේතීෂ්වරම්, මන්නාරම යන ලිපිනයෙන් වල්ලිපුරම් ගුරු මාතාව සම්බන්ධ කරගත හැකිය.









    සිතුම් චතුරංග සහ
    තරිඳු ජයවර්ධන
     
    • Like
    Reactions: Helo1

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "මා රසායනික විද්‍යා ගුරුවරියක ලෙස සේවය කිරීමේදී විවිධ රසායනික ද්‍රව්‍ය ශරීරයට ඇතුළුවීම නිසා දියණියන් දෙදෙනාට මෙම පිළිකා රෝගී තත්ත්වය ඇතිවූ බවට විශ්වාස කරනවා" :baffled:

    හපොයි ඉස්කෝල වල ටීචර්ලා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නේන්නං.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපේ අම්මටත් උගන්නලා තියෙනවා. මාර හොදයිලු
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ඉස්කෝල වල ටීචර්ලා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    man AL karana kale ape taththa me nama hama welema maturanwa wage kiyonwa.. mehema kenek hitiya chemestry api eka parin AL chema goda giya clz wath yan natuwa gaga.dan yanna tadiyama ehe meka pennala .hari pudumai eya gana mehema kiyawanna labima :yes::yes::yes: