අවුරුදු 5ට අඩු දරුවන් සිටින දෙමාපියන් අනිŠ
අවුරුදු 5ට අඩු දරුවන් සිටින දෙමාපියන් අනිවාර්යයෙන් දැන සිටි යුතු උණ වලිප්පුව (Febrile Convulsion) තත්වය
අවුරුදු 5ට අඩු දරුවන් සිටින දෙමාපියන් අනිවාර්යයෙන් දැන සිටි යුතු උණ වලිප්පුව (Febrile Convulsion) තත්වය
- උණ වලිප්පුව (Febrile Convulsion) දරුවන් අතර බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයකි
- එක්වරක් සෑදුන පසු නැවත සෑදීමේ හැකියාව වයස අවුරුදු 05 වන තුරු පවතී
- සරල උණ වලිප්පුව (Febrile Convulsion - SIMPLE) සාමාන්‍යයෙන් මිනිත්තු 05- 10 අතර වේ.
- උණකටුවක් ගෙන උණ මනින ආකාරය ඉගෙන ගන්න (සරල ඩිජිටල් උණ මනින උපකරණ ද ඇත).
- උණ ෆැරන්හයිට් අංශක 100 ( 100 0F) වනවිට පැරසිටමෝල්(පැනඩෝල් සිරප්/ හෝ SPC පැරසිටමෝල් සිරප් යන නම් වලින් ඇත ) අවශ්‍ය මාත්‍රාව ලබාදෙන්න.
- අවශ්‍ය මාත්‍රාව බර අනුව ලබා දිය යුතුවේ. එය ඇසුරුමේද සඳහන් වන අතර ඔබටද ගණනය කරගත හැක.
- උණ දිගටම පවතීනම් පැය 6 කට වරක් මාත්‍රාව ලබාදෙන්න.
- තෙත රෙදි කැබැල්ලකින් බෙල්ල, කිහිල්ල, ඉකිලි යන ප්‍රදේශ තවන්න. පවන් ගසන්න, ෆෑන් එකක් දමන්න.
- දරුවාට සැහැල්ලු ඇඳුමක් අන්දවන්න
- උණ අඩු නොවන්නේ නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්න.
- කිසිවිටක IBUPROFEN, MEFENAMIC ACID, DICLOFENAC SODIUM දරුවාට නොදෙන්න. එම ඖෂධ වලින් සිදුවන හානිය වැඩිය.
උණ වලිප්පුව හැදුනු විට ඔබ කල නොකල යුතු දෑ- කලබල නොවන්න
- පැතලි මතුපිටක දරුවා තබා වම් ඇලයට හරවන්න.
- දරුවා හුස්ම ගන්නා බව තහවුරු කරගන්න
- උණ වලිප්පුව සාමාන්‍යෙයන් පවතින්නෙ විනාඩි 10 කට වඩා අඩු කාලයක් බැවින් දරුවා ඒ මේ අත ගෙන යාමෙන් වලකින්න.
- වලිප්පුව විනාඩි 10 කට වඩා අඩු කාලයකින් අවසන් වුවත් වෛද්‍යවරයෙක්ට පෙන්වීම වඩා සුදුසුය
- වලිප්පුව ඇති වූ විට යකඩ කැබලි අතට දීම වැනි දේ වලින් වලකින්න