කාත් කවුරුවත් සරණක් නැති බිළිදු දරුවන්ව හදාවඩාගන්න ආයතනය ??

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කිරියෙත් මේක ගැන ත්‍රෙඩ් එකක් ගියා වගෙ මතකයි ...
    මට ආපු ප්‍රශ්න ටිකට උත්තර ඔක්කොම වගෙ මේකෙතියෙන නිසා තමා දැම්මෙ

    Written by Chanya Herath 👇


    එක්තරා මාතෘකාවක් තියෙනවා දවස් ගානක ඉදන් කල්පනා කලා මේක ලියනවද නැද්ද කියලා.. 🥴

    ඒ මොකද මේ කියන්න යන දේ හරි පරිස්සමට ස්පර්ශ කලයුතු සංවේදි ඉසව්වක් නිසා
    පොඩ්ඩ එහෙමෙහෙ උනොත් අමූලික ශ්‍රද්ධාවෙන් සාධුකාර දෙන සැදැහැවත් උපාසක උපාසිකාවො එන්නෙ රෙද්ද කරට අරන් නිසා..🥴

    නමුත් පුරවැසියන් ලෙස අපි හැම කෙනෙක්ටම තියෙනවා සමාජ වගකීමක්..
    ඉතින් ඕන ලබ්බක් වෙච්චාවෙ කියලා මේ සටහන ලියන්න හිතුනා..😊

    ලංකාවෙ ඉපැරැණි මුතුන් මිත්තො අතර අපූරූ කියමනක් තියෙනවා
    " සිංහලයා මෝඩයා
    කැවුම් කන්න යෝධයා"


    කියලා.. කැවුම් කියන වචනයෙන් අදහස් වෙන්නෙ හුදෙක්ම කැවුම්ම නෙමෙයි .. 😌 " ලණු "
    ලණු කන්න හරි දස්සයි...

    අපේ ලේ වලම එන දෙයක් තමයි " සැකය"
    අපි අපේ ගෑනිව සැක කරනවා මිනිහව සැකකරනවා.. කොල්ලව කෙල්ලව ඒ විතරක්ද අම්මා තාත්තාව සහෝදරයින්ව යාළුවන්ව නෑයින්ව සැක කරනවා
    වෙලාවකට ගුරුවරුන්වත් සැක කරනවා..
    ඒ විතරක්ද ආගමික විශ්වාස පවා සැක කරනවා
    මූ උගන්නන එව්වා ඇත්ත වෙන්ට පුලුවන්ද?
    මුන් මට කන්ඩ බොන්ඩ දෙන්නෙ සිරාවටම සද්භාවයෙන්මද?
    මුන් ලෝකෙට කියපු පිලෝසොපි එක ඇත්තද?
    ඇත්තටම මේ ලෝකේ තැටියක් වෙන්ඩ බැයිද?? "🧐

    මෙන්න මේ විදියට ඇඟ පුරාම සැකේ කියන එක අඩු නැතිව තියන තමුන්ගෙම එවුන්ව සැක කරන්ඩ දෙවරක් නොහිතන ලාංකිකයො සමහර කාරණාවලදි විතරක් හරිම අන්ධ ලෙස දෝත බදලා දේවල් විශ්වාසෙට ගන්නවා..🥴

    සිංහලෙන්ම කිව්වොත් ලණු කනවා

    මල් වට්ටියකට බුදු පිලිමෙකට පොඩි දරුවෙක්ට , ලස්සන ආදර්ශවත් පවුලකට ( එහෙම පේන ) , ටයි පොල්ලකට , ෆුල් සූට් එහෙකට , සුදු සාරියකට , එක ව්‍යාජ හිනාවකට, හැඟුම්බර කතාවකට , කඳුළු බේරෙන ෆොටෝ එහෙකට
    ලේසියෙන්ම " මෝඩයා වෙනවා"
    ආගමක් වගෙ අදහනවා.. ඇඳගන්නවා., අනුගාමිකයො වෙනවා..

    ඒ විතරක්ද ? ඒ වෙනුවෙන් කිසිවක් සොයා නොබලා පෙනී ඉන්න දඟලනවා
    ඒ ඔක්කොම අන්ධ භක්තීන් මැද මේක ලියන්නෙ " දරුවො " කියන්නෙ රටකට වටිනා සම්පතක් නිසා.. දරුවන් සම්බන්ධ දේ අපිට සුළුවෙන් තැකිය නොහැකි නිසා..

    ඔබ දකින්න ඇති මේ ටිකේ සමාජ මාද්‍ය වල පලවෙනවා එක්තරා අපූරු වැඩක් ගැන..

    " කාත් කවුරුවත් සරණක් නැති බිළිදු දරුවන්ව හදාවඩාගන්න දෙන ආයතනයක් ගැන "

    ඉතින් මේ ආයතනයෙ හිමිකරු මොකක්ද කරන්නෙ?

    ඔහු විශාල ප්‍රමෝශන් එකක් කරනවා.. මම පවා මුලින්ම දකින්නෙ ස්පොන්සර් කරපු ෆේස්බුක්ඇඩ් එකක්..'

    අලුත උපන් බිළිදු දරුවන් දෝතින් දරාගෙන ෆූල් සූට් ගහපු මේ මහත්මයා තමුන්ගෙ ආයතනයේ බුදු පිලිමය අසල දරුවන් තියාගෙන ලස්සන කැප්ශන් එහෙකුත් එක්ක ශෙයාර් කරනවා..
    "" මේ අපි නෙලාගත් අස්වැන්නයි
    අපි උපද්දවපු දරුවොයි 😕😕
    හදාගන්න කැමති අය වේ නම් ඉදිරිපත් වෙන්න.."

    ඉතින් මේ ටයිපොලු දාගෙන ෆුල් සූට් ගහපු මහත්තෙයා ඔබේ දරු සිහිනය සැබෑ කරන්නෙ කොහොමද?
    ඔහු ආරාධනා කරනවා අවිවාහකව ගැබ් ගත් ඔබට, අඩු වයසින් ගැබ්ගත් ඔබට, දරුවා හදාගන්න කල්පනාවක් නැති ගැබිණි ඔබට

    එන්න මම ලමයා හම්බෙනකල් කන්න බොන්න දෙන්නම්ེ. ඉන්න දෙන්නම්.. ලමයෙක් ලැබුන බවවත් කවුරුත් දැනගන්නෙ නෑ අනන්‍යතාව ‍රහසිගතයි.. දරු උපතින් පසු දරුවා අපට දීලා නැවත සමාජගත වෙන්න පුලුවන් ඔබට.. අපි ලමයා ලමයි නැතුව දුක් විඳින පවුලකට හදාවඩාගන්න දෙන්නම්..

    ඒ විතරක්ද මේ ඉන්නෙ එහෙම හදාගන්න දීපු ලමයි.. බලන්න දැන් ඉන්න අපූරුව ..( ජයාරූප කිහිපයකුත් පලකරනවා)

    අනේ එච්චරද නෑ?

    යු ටියුබ් නාලිකා කිහිපයකට යනවා.. ලංකාවෙ අනාථ දරුවො මූණපාන ගැටළු , නිතිවිරෝධි ගබ්සාව වගේ ආකර්ෂණීය ටොපික් ගැන ඉන්ටර්විව්ස් දෙනවා

    ලංකාවෙ කෙල්ලන්ගෙන් ඉල්ලනවා වැඳලා
    " අනේ කෙල්ලනෙ අහු වෙන්නෙපා බඩ වෙන්නෙපා, ඒත් වැරදිලා හරි බඩ උනොත් බයවෙන්නත් එපා.. අපි ඉන්නවා "
    පින්තකා තමයි කරන්නෙ.. හැබැයි ගැබිණි සුරක්ශා අරමුදලකට මුදල් දාන්න කියලත් පින්වත් ඔබෙන් අයදිනවා..

    මොකටවත් නෙමේ.. පැටව් ගන්න අම්මලට කන්න බොන්න දෙන්නත් මේ මහතැන්ට වියදම් නැතැයි..
    ඉතින් මේවා ඒ ආයතනයෙ සමාජ මාධ්‍ය ගිණුම් වල පලකරනවා. දහස් ගණන් කොමන්ට් හාට් වැටෙනවා ..
    ශා මරු!!
    " අනෙ මහත්තයො පින් ඔයාට"
    " මිහිපිට දෙයියෙක් ඔයා"
    " දරුවො ගබ්සා කරනවට වඩා මේක මොන තරම් උතුම් කාර්‍යක්ද? සාදු සාධු"
    මල්වැසි වස්සනවා මේ ටයි මහත්තයට මතු බුදු බව පතනවා .. බලා ඉන්න ආසයි .. දහස් ගණන් ශෙයාර් වෙනවා..
    ඒ අස්සෙ ඒ පේජ් එකෙ මේ අසිරිමත් මහත්තයගෙ පවුලේ පම්පෝරියත් යනවා

    මගෙ අයියා අහවලෙක්!
    මගෙ අයියා අරයව බේරන්න ලේ හැලුවා..
    මගෙ තාත්තා මෙහෙමයි.. මගේ ගෑනි මෙහෙමයි ලමයි පහක් හැදුවා..

    ඒවටත් කොමෙන්ට් වැටෙනවා..මෙහෙම

    " ශා අයියේ මරු රෙස්පෙක්ට්.. මේ රට වෙනුවෙන් ලමයි 5 ක් හදපු පිනම ඇති අක්කිටයි අයියටයි!
    දෙකක් යහමින් දාගත්ත වෙලාවට මේ දරු සෙනෙහෙ පිටාර ගිය සෙනෙහෙවන්ත පියා ලයිව් එනවා.. පේජ් එකෙන්.. නිකම් නෙමෙ ප්‍රිය බිරිඳත් එක්ක ආල නැටුමක් නටනවා..

    තමුන්ගෙ ආදරණිය පවුලත් මේ එක්කම මාකට් කරගන්නවා
    හොදා හොදා!! අනේ සාධු 😁

    දැන් කවුරු හරි කියාවි
    මේ වගෙ උතුම් වැඩකටත් අකුල් හෙලන්නෙ කකුලෙන් අදින්නෙ ඇයි? 🥴
    චාන්‍යා හදන්නෙ පව් පුරෝ ගන්ඩද?😝

    තමුන් මේ ලෝකෙට කරන දේකුත් නෑ පීස් මිනිස්සුන්ගෙ ඇද හොයන්ඩ එපා..
    මේක උතුම් පුන්‍ය ක්‍රියාවක් නොවේද?
    කවුද නෑ කිව්වෙ 😋

    අපොයි ඔව් පුන්‍ය ක්‍රියාවක් .. දරුවෙක් කුණුගොඩට දානවට වඩා ලක්ශ වාරයක් පින් අත්වන වැඩක්..☺️

    හැබැයි මේ පෙන්වන සද්භාවයෙන්ම මේ ක්‍රියාවලිය සිදු වෙනවා නම්..

    But... I Smell Something Fishy🥴

    ගැබිණි සාත්තු නිවාසයක් දාගෙන ඒ ඉපදෙන දරුවන් දරුකමට හදාගන්න දෙන්න මේ මහත්මයාගෙ ආයතනයට තියෙන නීතීමය අයිතිය මොකක්ද??
    ඔහු page එකේ සඳහන් කරලා තියෙන විදියට මේ ආයතනය Non profitable organization එකක් රාජ්‍ය නොවන සංවිධානයක්..

    මේ ආයතනයේ පසුබිම ඔබ දන්නවද?

    දැනුවත්ද?


    මෙම පිටුවෙ පලකරලා තිබෙනවා බාල වයස්කාර ගැබිණියන්ගෙ දරුවන් සම්බන්ධව පවා
    සාමාන්‍යයෙන් බාල වයස්කාර ගැබිණියක් නම් ඇය සහ ඇගේ දරුවා පිලිබඳ සම්පුර්ණ අයිතිය හිමි පරිවාස හා ලමාරක්ශක දෙපාර්මේන්තුවටයි.. ඔවුන් තමයි ඒ අයගෙ ප්‍රධාන භාරකරු
    මේ අයතනයට එවැනි දරුවන් සම්බන්ධව කටයුතු කරන්න තියෙන නෛතික හිමිකම මොකක්ද ?🥴
    ශ්‍රී ලංකාවෙ දරුවන් දරුකමට හදාගැනිම සම්බන්ධව ක්‍රියාත්මක වන්න්නෙ 1979 දරුවන් දරුකමට හදාගැනීමෙ පනත..

    මේ පනතට අනුව දරුවන්ගෙ භාරකාරිත්වය පැවරීමෙ මුලිකම අයිතිවාසිකම තියෙන්නෙ පරිවාස දෙපාර්මේන්තුවට..
    ඔවුන් තමයි අතරමැදියන් ලෙස දරුවෙක් දරුකමට ඉල්ලා යොමුකරන නඩු කටයුතු වලදි දරුවා සම්බන්ධ භාරකාරිත්වය දරන්නෙ..
    ඒ ඇරෙන්න ලමා හා පරිවාස දෙපාර්මේන්තුවෙ ලියාපදිංචි ලමා නිවාස වලටත් මේ දරුකමට හදා ගැනීම් සම්බන්ධ අතරමැදියෙක් වෙන්න පුලුවන්
    නමුත් මේ සියල්ල වෙන්නෙ අධිකරණ නඩු කටයුත්තක් හරහා..

    දරුවෙක් කුල වද්දා ගන්න ඉල්ලිමක් කල පමණින් ඔබට දරුවෙක් දෙන්නෙ නෑ
    ලංකාවෙ නීතියට අනූව
    *අයදුම්කරු වයස 25 ට වැඩි අයෙක් විය යුතුයි
    *අයදුම්කරු සහ දරුවා අතර වයස් පරතරය අවුරුදු 21 ට වැඩි විය යුතුයි ( මීට ව්‍යතිරේක තිබිය හැකියි.. උදාහරණයක් ලෙස හදාගන්නා දරුවා සෘජු ඥාති සම්බන්ධයක් ඇති දරුවෙක් නම්)
    *තනි පිරිමි පුද්ගලයෙක්ට ගැහැණු දරුවෙක් හදාගැනීමට නියෝග නිකුත් කරන්නෙ නෑ
    * දරුවා වයස 10 ට වැඩි නම් ඔහුගෙ හෝ ඇයගෙ අවසරය අවශ්‍යයි..
    * දරුකමට හදාගැනිමට අවසර ලැබෙන්නෙ වයස 14 තෙක් දරුවන් සඳහා පමණයි..
    *දරුවාගෙ කාලත්‍රයා අයදුම්කරුට අනුමැතිය දිය යුතුයි

    මෙන්න මේ නෛතික අවශ්‍යතා ඔබ සපුරාලන්න ඕනෙ..
    ඒ විතරක්ද?

    මේ නෛතික අවශ්‍යතා පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ
    අයදුම්කරුවන්ගෙ ආදයම, වයස, සෞඛ්‍ය තත්වයන් , පදිංචිය සහ දරුවාට එය සුදුසුද යන්න බව පරිවාස දෙපාර්මේන්තුව අපේක්ෂා කරනවා
    මේ අනුව සුදුසුකම් ලබන දෙමාපියන් පරිවාස හා ලමාරක්ශක දෙපාර්මේන්තුවෙ ලයිස්තුගත කරනවා
    ඒ ලයිස්තුගත අනුපිලිවෙලට දරුවෙක් සදහා භාරකාරිත්වය ලබාදෙන්න අධිකරණය වෙත යොමු කරනවා..

    අධිකරණය මෙයින් සෑහෙනවද?
    නෑ.. ඔවුන් බලාපොරොත්තු වෙනවා නිවාස අධ්‍යන වාර්‍තාවක්..
    සාමාන්‍යයෙන් ශ්‍රි ලංකා නීතීය යටතේ තනි පුද්ගලයෙක්ට දරුවෙක් හදාගැනීමට අයදුම් කල නොහැකි.. ඒකාබද්ධ විවාහක යුවලක් විය යුතුයි
    සමලිංගික යුවලකට දරුවන් හදාගැනීමෙ බාධාවක් නැහැ .. නමුත් සමලිංගික විවාහ තවමත් මෙහෙ නීතිගත කර නෑ .. ඒ නිසා දැනට හිමිකමක් නෑ
    ඒ වගේම ලංකාවෙ වෙසෙන විදේශීය යුවලකට ලාංකික දරුවන් හදා ගැනීමට හිමිකමක් නෑ

    නමුත් විදේශයකට දරුවන් රැගෙන ගොස් විදේශීකය යුවලකට හදාගන්න යම් යම් අසීරු නමුත් නිතීමය ක්‍රියාවලියක් තියෙනවා..
    නමුත් ඒක සංකිර්ණයි.. ඒ නිසා එහෙම පෙලබෙන විදේශීකයො අඩුයි..

    ඒ වගෙ සංකීර්ණ කරලා තියෙන්නෙම " දරුවන්ගෙ සුරක්ශිතාවය " වෙනුවෙන්

    @ වැදගත්ම කරුණ දරුවන් හදාගැනීමට ඉල්ලා සිටින අයදුම්කරුවන්සේම දරුවා අත් හරින ඔහුගෙ වත්මන් භාරකරු දෙමාපියන් ( මව හො පියා) අධිකරණ ක්‍රියාමාර්ගයට පැමිණිය යුතුයි..

    සරලවම කිව්වොත් ලංකාව තුල දරුකමට දරුවන් ලබා ගැනිමෙ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ එකක් සහ දීර්ඝ එකක්ව තිබියදි මේ පුද්ගලයාට එය කඩේකින් බඩු විකුනනවා වගේ ලේසි උනේ කොහොමද?🤨

    ඔහුගෙ ආයතනය දරුවන් හදාගැනීමට පැවරීමෙ නිසි ක්‍රමය අනුගමනය කරන එකක්ද?

    එය ලමා හා පරිවාස දෙපාර්මේන්තුවෙ ලියාපදිංචි වු ලමා නිවාසයක්ද?

    එසේ ලියපදිංචි වී තිබුනත් මේ ක්‍රියාවලිය විනිවිදභාවයක් ඇතුව වෙනවද?

    එක ෆේස්බුක් පෝස්ට් එකකින් ජයාරූප පෙලකින් මේ ආයතනය සහ එහි හිමිකරු වන්දනාමාන කරන්නට ඉක්මන් වන්නෙ ඇයි??

    හිතවතුනි මතක තබා ගන්න..

    දරුවන් සම්බන්ධ කිසිම ක්‍රියාවලියක් සුලුවෙන් තකා අපිට බැහර කර නොහැකියි..
    අපි මේ ගැන ඉතා සැලකිල්ලෙන් නිරීක්ෂණය කල යුත්තෙ ඒ නිසයි..

    80 දශකයෙදි ලදරු වෙලදාම ලංකාවෙ ජයටම සිදු උනා.. වාර්ශිකව වෙනත් රටවලට දරුකමට හදාගැනිමට නිතිවිරෝධිව ලාංකික දරුවන් 1500 ක් පමණ වසරකට යවන තත්වයක් තිබුනා..
    මෙසේ යවන දරුවන්ගෙ ජිවන තත්වය ගැන නිශ්චිත සහතිකයක් දෙන්න කවුරුත් හිටියෙ නෑ
    1987 මීගමුව ප්‍රදේශයේ " බේබි පාම් " එකක් පවා හමු උනා..
    මේ ජාවරම පිටුපස එක්තරා ඇමති ආර්‍යාවක් පවා සිටියා..

    එකල එහෙමයි..

    ඉතින් ඔබ හිතනවද අයිසිං කරපු කේක් ගෙඩි වගේ ලස්සනට කරන් යන බේබි ෆාම් ලංකාවෙ දැන් නැහැ කියලා??
    දරුකමට හදාගැනිමෙ බැනරය යටතේ මේ දරුවන් විදේශ වලට රැගෙන නොයන බවට ඔබට සහතික වෙන්න පුලුවන්ද ෆේස්බුක් පේජ් එකක සුරංගනා කතා දැකලා..
    මෙසේ අරන් යන සියළුම දරුවන්ට සැපවත් අනාගතයක් ලැබෙනවද?
    ඔබදන්නවද " අවයව ජාවරම" අද ලෝකයේ ලොකුම ජාවරම් වලින් එකක් බව..
    ඉතින් අපි දරුවන් සම්බන්ධ මෙවැනි සංවේදි කරුණු ගැන අත පිහිදගන්න ඕනෙද යමෙක්ව දුටු පමණින් විශ්වාස කරලා?

    ඔව් නිතිවිරෝධි ගබ්සාව අපරාධයක්! ( යම් යම් තත්ව මත)
    දරුවන් කසල ගොඩට විසිකිරීමත් අපරාධයක් ..
    එතකොට
    දරුවන් ඇදුම් සාප්පුවක සේල් දාලා වගේ පෝලිමට තියලා අලෙවි කිරීම ත් මේ සමානම අපරාධයක් නෙමේද??

    අවිචාරවත් අවිවාහක ගැබිණි මව්වරුන්ට වගෙ ලස්සන කටවුට් එකකට මුවාවෙලා කරගෙන යන විනිවිදභාවයක් නැති ලඳරු වෙලදාමක් ඔබ මනුස්සයෙක් හැටියට " පින් " ලේබලේ ගහලා අනුමත කරනවද?
    හිතවතුනි වගකිවයුතු පාර්ශව මේ ආයතනයේ මේ easy child adoption ක්‍රමය ගැන සොයා බලන්න උවමනයි නේද??

    NGo එකකට මේ වගේ කැක්කුමක් ඇතිවෙලා ෆන්ඩ් හදාගෙන එකවුන්ට් හදාගෙන ෆේස්බුක් එකේ පෝස්ට් ස්පොන්සර් කරගෙන මේ පෙන්වන ඇස් බැන්දුමට ඔබත් සාධුකාර දෙනවද?
    දෙයියන්ගෙ නාමෙට මොහොතක් හිතන්න..

    අපි ලංකාවෙ ලමා පරපුර තිරය පිටුපස විකිණෙනකම් වෙන්දේසි වෙනකම් අන්ධ භක්තියෙන් මේවා විශ්වාස කරනවද?
    මට බනිනවා නම් බනින්න.. අවුලක් නෑ😊 තක්කඩිකමක සුවඳ දැනුනම ඒක මොකාට දිරවන් නැති උනත් ලියන්නම වෙනවා..
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    මටත් හිතුනා මොකක් හරි jilamaart එකක් ඇති කියලා
    එක පාරටම මතු වෙලා Marketing පාරක් දෙද්දි
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    ඕක ටිකක් පරණ කතාවක්

    ඕක කරපු මනුස්සය කරපු දේ අයතා දෙයක් / ජාවාරමක් කීවත්
    අනාත වෙච්චි ගෑනුන්ට ළමයෙක් උපද්දවන්න පහසුකම් සලසන මොකක් හරි ආයතනයක් තියෙන්න ඕනි
    pregnant වුනාට පස්සෙ මිනිහ/ පෙම්වතා මග ඇරල ගිහින් . ඒ ගෑනිව බලාගන්න කිසිම කෙනෙක් නැතුව ඒ ගෑනි අනාත වුනු සිද්දි ගොඩක් දැක්ක පහු ගිය කාලෙ මම Facebook group වල

    එහෙම අනාත උනු අම්මලට දරුවා abort කරන්න කැමැත්තක් නැත්නම් ( කොහොමත් තහනම් දෙයක්නෙ ) ඒ දරුවා උප්ද්දවලා නිසි අයුරින් සමාජ ගත කරන්න ආයතනයක් අවශ්‍යයි

    රජයේ නිවර් තන නිවාස
    ළමා අනාත නිවාස

    එහෙම ආයතන තිබ්බත් ඒවගේ මොකක් හරි අඩුපාඩුවක් / හිස් තැනක් තමයි මේ මනුස්සය පුරවල තියෙන්නෙ
    ඒ හිස්තැන පුරවන්න විදිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි මේක ජාවාරමක් කියල ඒක තහනම් කරල විතරක් මදි ඒ හිස්තැන අනිවාර්යෙන්ම පුරවන්න ක්‍රමවේදයක් උවමනයි


    PS:
    මම මීට කලිනුත් මේකටම comment එකක් දාලනෙ
    මම එදා මේ ප්‍රශ්ණය දැකපු විදියයි අද දකින විදියයි වෙනස් වෙලා
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මේකට වැඩිය හොඳ නැද්ද ෆ්‍රී කොන්ඩම් වෙන්ඩින්ග් මැශින් රට පුරා නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී උන්ට ගන්න දාන එක? නැත්නම් වේස බයියොන්ගේ වඳ සාෆි වගේ අයට අවසර දෙන්න ඕනේ අඩුකුලේ අඩු ආදායම් ලබී වේස බයියෝ ආවම වඳ කරලා යවන්න කියලා. ප්‍රශ්නේ පටන්ගැන්මට බෙහෙත් කලා නම් සල්ලිත් ඉතුරුයි. ප්‍රතිඵලත් වැඩී :unsure:.