ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ ගහන්නට ගිය තවත් නීලකාස කොමිස් ගැහිල්ලක් ගැන සියළු සාක්කි සහිත තොරතුරු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත ලැබී තිබේ. මෙය ‘හර්කියුලීස්’ කොමිස් ගැහිල්ලයි. ගමරාළ ජනාධිපතිවරයා මෙවර කොමිස් කන්නට තැත් කර ඇත්තේ ගුවන් හමුදාවට ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට යෑමෙනි. වරෙක ලංකා ඊ නිව්ස් හෙළි කළ පරිදි නාවික හමුදාව සඳහා ඉහළ මිළකට පැරණි කසි කබල් රුසියානු යුද නැවක් මිලදී ගන්නට ගියා සේ මෙවර ගුවන් හමුදාව සඳහා ද මිලදී ගන්නට තැත් කර ඇත්තේ මීට වසර 50 කට පමණ පෙර 1967 -1968 වර්ෂ වල නිෂ්පාදිත පැරණි ගුවන් යානා දෙකකි. හර්කියුලිස් C130K Mk3 වර්ගයේ මෙම ගුවන් යානා දෙක මිලදී ගන්නට ජනාධිපති යෝජනා කර ඇත්තේ රුපියල් කෝටි 860 ක් හෙවත් ඇ.ඩොලර් මිලියන 50 කට ය.
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති හර්කියුලීස්
1960 දශකයේ නිෂ්පාදිත හර්කියුලිස් C130K Mk3 වර්ගයේ මෙම ගුවන් යානා බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් කොරියන් යුද්ධය කාලයේ භාවිතා කර 2001 වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් කරන ලද ඒවා වේ. දැන් ඒවා එංගලන්තයේ කොස්ෆර්ඩ්හි පිහිටා ඇති බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. රාජකීය ගුවන් හමුදාව ඉවත් කරන ලද මේ තොගය බ්‍රිතාන්‍යයේ ඇති මාර්ෂල් එරෝස්පේස් නමැති පුද්ගලික ගුවන් යානා රිපෙයාර් කර විකුණන සමාගමක් විසින් මිලදී ගෙන විවිධ ආකාරයෙන් නවීකරණය කර ගැණුම් කරුවන් වේ නම් ඒ අයට විකුණමින් සිටිති. බොහෝ ගැනුම් කරුවන් මේවා දැන් මිලදී විවිධ සංදර්ශන සහ බඩු ප්‍රවාහණය ආදී කටයුතු සඳහාය.
ගමරාළ ජනාධිපති ලංකාවේ ගුවන් හමුදාවට මිලදී ගන්නට යෝජනා කර ඇත්තේ ඉහත කී දැන් කෞතුකාගාර වල තිබෙන වර්ගයේ යානා දෙකකි.
පැජට් පාරේ වළං හෝදන ගුවන් හමුදාපති
රුසියානු කබල් යුද නැව අනුමත කරවා ගැනීම සඳහා හිටපු නාවික හමුදාපතිවරයාට සේවා දිගු ලබා දුන්නා සේම මෙකී කබල් ගුවන් යානා අනුමත කරවා ගැනීම සඳහා ගුවන් හමුදාපති කපිල ජයම්පතීට ද සේවා දිගුවක් ලබා දුන්නේ ය. ලංකා ඊ නිව්ස් ද ගුවන් හමුදාපති ධූරයට සුදුසු යැයි කියා රෙකමදාරු කළ කපිල ජයම්පතී පසු කලෙක ජනාධිපතිගේ නිවසේ වළං හෝදන ගානට වැටුනේ ය. ගුවන් හමුදාවේ වත්මන් අය උපහාසයට පවසන්නේ ජනාධිපතිගේ බිරිඳ කපිල ජයම්පතී උදේට එනතුරු රාත්‍රියේ පිසූ වළං ටික තබා තිබෙන බවයි. මන්ද යත් දිනපතා උදේ ව්‍යායාමයට ඇවිදින අතරේ ජොගින් ඇඳුම පිටින්ම පැජට් පාරේ ජනාධිපති නිල නිවසට ගොඩ වී ඒම ජයම්පතීගේ දින චරියාවේ අංගයක් වී ඇති බැවිනි.
ජනාධිපතිගේ හර්කියුලිස් ගැහිල්ල රු.කෝටි 200 යි
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ඉවත් කරන ලද ඉහත කී හර්කියුලිස් C130K Mk3 වර්ගයේ ගුවන් යානා ප්‍රතිසංස්කරණය කර විකුණන බ්‍රිතාන්‍ය සමාගම වූ බ්‍රිතාන්‍යයේ මාර්ෂල් එරෝස්පේස් සමාගම අඩු මිලක් (එකක් ඇ.ඩො.මි.17.5) ඉදිරිපත් කර තිබියදී ගමරාළ ජනාධිපති මේ ගුවන් යානා දෙක වැඩි මිලකට මිල දී ගන්නට යන්නේ කැනඩාවේ පිහිටි කැස්කේඩ් එරෝස්පේස් නමැති සමාගමකිනි. කැස්කේඩ් සමාගමේ මිල එකක් ඇ.ඩො.මි. 24.4 කි) එනම් යානා දෙක සඳහා ඩොලර් මිලියන 12 ක් හෙවත් රු. කෝටි 200 ක් පමණ වන වැඩි මිලක් ගෙවීමට ගමරාළ යෝජනා කර තිබේ. ඉන්තේරුවෙන්ම මේ රු.කෝටි 200 ක මුදල යනු ගමරාළගේ කොමිස් කොටස ය.
කෙසේ වෙතත් මේ සඳහා පල්ලෙවත්ත ගමරාළ ජනාධිපති සිය අත්සනින්ම පසුගිය 16 වෙනිදා කැබිනට් මණ්ඩලයට MOD/CP/DEF/43/2008 අංකය යටතේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදුව අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිගේ කබල් ගුවන් යානා ගැනීමේ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.
ඇමැතිවරුන් පවසා ඇත්තේ මහජන මුදල් රු.කෝටි 860 ක් තරම් විශාල මුදලක් වියදම් කර මීට වසර 50 කට පමණ ඉහත 1967 තරම් ඈත යුගයක නිපැයූ කබල් ගුවන් යානා රැගෙන ටික දිනකින්ම ඒවා කෞතුකාගාරයක තැන්පත් කිරීමට සිදුවන බවයි. මන්ද යත් මේ තරම් පැරණි ගුවන් යානා යලි විකිණීමට කෙනෙක් හෝ සොයා ගත නොහැකි වන නිසාය.
සති 50යි ගැහිල්ල හදිස්සියි
තමාට තව ඉතිරිව ඇත්තේ සති 50 ක පමණ සුළු කාලයක් පමණක් බව දන්නා ගමරාළ ජනාධිපති වරයා සහ පවුල අතට හසුවන හසුවන සෑම දෙයකින්ම හොරකම් කිරීමට සහ කොමිස් කෑමට යොමුව තිබීමත් ඊට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව විරුද්ධ වීමත් හේතුවෙන් ජනාධිපති සහ ආණ්ඩුව අතර ගැටුම් උත්සන්න වී තිබේ. ජනාධිපති ඊයේ ඇමැතිවරුන්ට නොදන්වා අධ්‍යක්ෂක මණ්ඩල විසිරුවීම ද එහි කොටසකි.
ජනාධිපති ඉදිරිපත් කර ඇමැති මණ්ඩලය ප්‍රතික්ෂේප කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවත්, ඊට අදාල ඇමුණුමත් මෙහි පහත ඉමේජ වල දැක්වේ.
Last edited: