අවුරුදු 65දී සුපිරි නිවසක් ඉදිකල සුපිරි අම&#35

srijayasampath

Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    අවුරුදු 65දී සුපිරි නිවසක් ඉදිකල සුපිරි අම&#35

    අවුරුදු 65දී සුපිරි නිවසක් ඉදිකල සුපිරි අම්මා

    acc.jpg

    හිත ඇත්නම් පත කුඩාද යන්න අප ජන වහරේ එන අපූරු කියමනකි මෙම කියමන අඩු වැඩි වශයෙන් පෝශනය කරන්නට අපේ කතනායිකාව වන මේ අම්මාට හැකිවීම පිලිබදව මා තුල ඇත්තේ අප්‍රමාන සoතෝශයකි.
    ඇය නමින් H M දයාවති මැණිකේ වන අතර කොස්වත්ත ග්‍රාමයේ ඉපිද හැදී වැඩුනු කාන්තාවකි. ආවහයෙන් පසු කටුනායකට පැමිනි ඇය සැමියාගේ ව්‍යාපාරික කටයුතු වලට සහය දක්වමින් දරු තිදෙනෙකුගේ මවක් වීමේ භග්‍යයද ඇයට හිමි විය. එපමනක් නොව තරුන වියේදීම තම සෙනෙහෙබර ස්වාමියාගේ අකල් වියෝවද සිදුවීම යන දෙවයේ සරදමට ලක්ද වූවාය. නමුත් ඇය නිර්භිතය, සෙනෙහෙබරය, කරුණාබරය, උත්සාහ වන්තය. කිසිම අභියෝගයකට මුහුන දීමට ඇය කිසිම විටක බිය නොවුවාය. ඒ නිසාම ඇය පවුලේ ජීවන බර කරට ගත්තේ පවුලේ සියලු වගකීම් වලට නිසිසේ පිලිතුරු සපයමිනි. ඇයගේ දහදිය කදුලු හිරු රශ්මියට වියලුනද ඇයගේ මවු සෙනෙහස කිසිදා සිදුනේ නැත. ඒ අම්මාවරුන්ගේ හැටිය. ඒ නිසාම තම දරුවන්ගේ ජීවන ගමන සුකිත මුදිත කිරීමට ඇය ජීවිතය සමග පොර බැද්දාය. ඒ ව්‍යාපාරික කාන්තාවක ලෙසිනි. නිසි කලට අවාහ විවාහ කරදී වැඩිමහල් දියණියගේ ස්වාමි පුරුශයාට වය්‍යාපාරික කටයුතු භාරදී සැනසුම් සුසුමක් හෙලීමට වෙර දැරුවා පමනි.
    බෑනගේ තාඩන පීඩන වලට ලක්වීමට ඇයට සිදුවිය. ඒ දේපල පවරා දෙන ලෙස ඉල්ලමිනි. ප්‍රශ්නය කොපමන දුර දිග ගියේද යත් තමාගේ නිවසින් තමාටම ඉවත් වීමටද ඇයට සිදුවිය. කලකිරීමද පසු තැවීමද පපුවට තුරුලු කරගත් ඇය පාරට බැස්සාය. නමුත් ඇයට උදවු කිරීමටද බෝහෝ දෙනෙක් ඇය පසුපස සිටියාය. ඒ ඇ මනුස්සකම හදුනන කාරුණික හදවතකින් හෑමටම සoග්‍රහ කල කල තැනැත්තියක් නිසාමය. ඒ සුහද ඉල්ලීමි ඇය කාරුණිකව ප්‍රතිෂේප කලාය. ඒ ඇගේ හැටිය. දසදහස් වරක් ඇය පසු තැවීම සමග පොර බැද්දාය. ඒ අතර ඇගේ මනසේ කවුලු සෙමින් විවර විය
    ගතින් වියපත් වුවත් ඇය සිතින් වියපත් නොවුවාය. තමා නැවත ජීවිතය පටන් ගත යුතුයා යන හැගීම ඈ තුල රැවුපිලි රැවු දෙන්නට විය. ගලින් ගල මත වැලි සිමෙන්ති ගෙඩ ගැසී නැවත නව නිවසක් ඉදි වන්නට විය. ගෙවුනේ මාස කීපයකි ඉදි වුයේ මරනම් අගනා නිවසකි. නවීන පන්නයට ගොඩ නැගුනු එය මා එතෙක් මෙතෙක් දුර දුටු අගනා නිවසකි. ඒ කාරනා දෙකක් නිසාය එනම් වියපත් බව ජීවිතය ජය ගැනීමට බාදාවක් නොවන බව මට පසක් කල නිසාමය. අනෙක නම් ජීවිතයේ ඔනෑම මොහොතක ඕනෑම අභියෝගයකට මුහුන දීමට අපට හැකි බව ඇය අපට පෙන්වා දුන් නිසාය. මා හට සතුටු වීමට තව එක් කරුනක් ඇත ඒ ඈ මාගේ සෙනෙහෙබර ලොකු අම්මා වීමය. අප ඇයට දිගු ජීවිතයකට දිගාසිරි පතමු.

    CLICK HERE FOR MORE
     
    Last edited:

    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    machan lipiyanam hodai, eth oya dala thiyana link eka ube private site ekakne ( http://draftletters.blogspot.com.au/ ), site eka balapu gana vadi karaganna hoda lipiyaka bagayak dala, eta passe more info kiyala ube business wadi karaganna mehema vada karana eka harida? kujeethai neda?
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    අප ඇයට දිගු ජීවිතයකට දිගාසිරි පතමු