අවු.2500 කට පෙර මිනිසුන් ගංජා බිලා .

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අවු.2500 කට පෙර මිනිසුන් ගංජා බිලා .

    එතකොට අපිව රැවැට්ටුවේ කවුද ? කලුසුද්දන් කැලඹේ..:shocked::shocked::shocked::shocked:

    _107397165_a600b538-63a3-4700-87db-2ed75a293545.jpg



    මෙයින් අවුරුදු 2500 කට පෙර මිනිසුන් ගංජා (කංසා) දුම පානය කරන ලද බව තහවුරු කෙරෙන සාක්‍ෂි බටහිර චීනයේ සොහොන් ගැබකින් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත.

    එම පැරැන්නන් ගංජා දුම් පානය කරන්නට ඇත්තේ චාරිත්‍රයක් හෝ එසේත් නැත්නම් ආගමික වතාවක් වශයෙන් විය හැකි බවත් පර්යේෂණයට සහභාගී වූ විද්‍යාඥයෝ අදහස් කරති.

    විද්‍යාඥයන් මතට යොදාගත හැකි ගංජා ශාකය සොයාගනු ලැබ තිබෙන්නේ බටහිර චීනයේ සොහොන් ගැබක අඟුරු කබල්වල දැවුණ දර අතරිනි.

    ගංජා යනු මානසික උත්තේජනය ඇති කෙරෙන THC සංකීර්ණය අධික මට්ටමින් අන්තර්ගත වෙන ශාක විශේෂයකි.

    ගංජා ශාකයේ අන්තර්ගත එම උත්තේජනකාරී ගුණය පිළිබඳව එකල මිනිසුන් හොඳින් දැන සිටින්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති.

    එහි අන්තර්ගත තෙල් සහිත ඇට සහ කෙඳි ලබා ගැනීම සඳහා යටත් පිරිසෙයින් ක්‍රිස්තු පූර්ව 4,000 ට පෙර පවා මිනිසුන් ගංජා වගා කරන්නට ඇති බවත් ඔවුන්ගේ අදහස වෙයි.

    එහෙත් එම යුගයේ මිනිසා බොහෝ ගංජා වර්ග මෙන්ම, THC සංකීර්ණය පහළ මට්ටමක වූ මානසික උත්තේජනය සඳහා පාවිච්චි කළ හැකි වෙනත් ශාක වර්ගත් වගා කර ඇත.

    ගංජා අන්තර්ගත අඟුරු කබල් සොයා ගනු ලැබ තිබෙන්නේ පාමීර් කඳුකරයේ (Pamir Mountains) ඉහළ ස්ථානයක පිහිටි Jirzankal සුසාන භූමියකිනි.

    අඟුරු කබලක බහා ලූ ගිනියම් ගල් සමග ගංජා ශාකය තැන්පත් කිරීමෙන් අනතුරුව ඉන් නගින දුමාරය පැරණි මිනිසුන් ආඝ්‍රාණය කරන්නට ඇත යන්න විද්‍යාඥයන්ගේ අදහස වෙයි.

    අදාළ ප්‍රදේශයේ මුහුදු මට්ටමින් ඉතා ඉහළ උස්බිම් පරිසරයෙහි වැවෙන ගංජා ශාකවල THC සංකීර්ණය ස්වාභාවික ලෙසම අධි ප්‍රමාණයකින් අන්තර්ගත වීමේ ඉඩකඩක් ඇත යන්න තවත් අදහසකි.

    අඩු උෂ්ණත්වය, පෝෂ්‍යදායීභාවයේ අඩු මට්ටම් සහ උස්බිම්වලට සම්බන්ධ වෙනත් සාධක හේතුකර ගෙන එවැන්නක් ඇතිවිය හැකි බවට සාක්‍ෂි ඇත.

    එහෙත් මිනිසුන් මානසික උත්තේජනය සඳහා පාවිච්චි කළ හැකි වෙනත් වල් ගනයේ ශාක නොව THC සංකීර්ණය අධි මාත්‍රාව සහිත පැළෑටි සිතාමතාම වගා කරන්නට ඇත යන්න තවත් අදහසකි.

    මානසික උත්තේජකකාරකයක් හැටියට ගංජා පාවිච්චියට ගැනෙමින් තිබුණ බව සහතික කෙරෙන පැරණිතම පැහැදිලි සාක්ෂිය මෙයයි.

    එසේම අවමංගල චාරිත්‍රයක් වශයෙන් ද ගංජා ශාක දැවූ බවක් දක්නට ලැබෙයි.

    අඟුරු කබල්වලින් තමන්ට හමු වූ උත්තේජනකාරී සංකීර්ණ හඳුනා ගැනීම සඳහා සහ ඒවා වෙන්කර ගැනීමට විද්‍යාඥයන් විසින් විශේෂ පර්යේෂණ විධික්‍රමයක් උපයෝගී කරගනු ලැබ ඇත.

    එම උත්සාහයේ දී ඔවුන්ගේ විස්මයට මෙන්, ඔවුන් වෙන්කර ගන්නා ලද සංකීර්ණ ගංජා ශාකයෙන් උපුටා ගත් රසායන සමඟ සමපාත විය.

    එම සොයා ගැනීම් චීනයේ තවත් උතුරු දෙසට වන්නට පිහිටි 'ෂින්ජියෑන්' පළාතේ සොහොන් බිම්වල ගංජා තිබුණ බවට ලැබී තිබුණ සාක්‍ෂි සමඟ අනුකූල වූ බවත් පැවසෙයි.

    එපමණක් නොව, පාමීර් කඳුකරයේ 'Jirzankal' සුසාන බිමෙන් හමු වී ඇති මිනිස් ඇටකටු අනුව ඔවුන්ගෙන් ඇතැමෙක් එම ප්‍රදේශයේ පුද්ගලයන් නොවන බවත් පෙන්නුම් කෙරෙයි.

    ජර්මනියේ ජෙනා (Jena ) නගරයේ මානව ඉතිහාසය පිළිබඳ මැක්ස් ප්ලෑන්ක් විද්‍යායතනයේ (Max Planck Institute) අධ්‍යක්‍ෂ නිකෝල් බොයිවින් (Nicole Boivin) මෙසේ පවසයි.

    "මුලින් ම මධ්‍යම ආසියාවේ නැගෙනහිර කලාපයේ කඳුකර පළාත්වල ජීවත්වූවන් මත් කාරකයක් හැටියට ගංජා පාවිච්චි කරල තියෙනවාය කියන අදහසට අපේ සොයා ගැනීම් වලින් අනුබලයක් ලැබෙනවා. ඊට පස්සේ ගංජා ලෝකයේ වෙනත් කලාප වලටත් පැතිර ගිහින් තියෙනවා"


    https://www.bbc.com/sinhala/world-4...9gr5Oe6P-2Pps6zUyYorCPsvMuKJbmlZMJCBmuJIWEODA


    rep plz...............
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    රෝමන්කාරයො අවු 2500 කට කලින් ලෙඩ් වලින් වතුර බට, කෝප්ප හැදුව



    එහෙම කියල ලෙඩ් විෂ රහිත ලෝහයක් වෙන්නෙ නෑනෙ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,496
    113
    රෝමන්කාරයො අවු 2500 කට කලින් ලෙඩ් වලින් වතුර බට, කෝප්ප හැදුව



    එහෙම කියල ලෙඩ් විෂ රහිත ලෝහයක් වෙන්නෙ නෑනෙ

    :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රෝමන්කාරයො අවු 2500 කට කලින් ලෙඩ් වලින් වතුර බට, කෝප්ප හැදුව



    එහෙම කියල ලෙඩ් විෂ රහිත ලෝහයක් වෙන්නෙ නෑනෙ

    ඒකාලේ ගoජා ගහපු උන්ගේ ආයුෂත් එක්ක දැන් බටහිර ඩොක්කු සරන යන කලුසුද්දන්ට හැරෙන්නවත් බෑ.:rofl: