අසත්‍ය කෙටි පණිවුඩය කඩාකප්පල්කාරි ක්‍රි&

tcpik

Well-known member
  • Oct 11, 2007
    2,183
    89
    48
    http://hollywoodvfx.blogspot.com/
    අසත්‍ය කෙටි පණිවුඩය කඩාකප්පල්කාරි ක්‍රි&

    අසත්‍ය කෙටි පණිවුඩය කඩාකප්පල්කාරි ක්‍රියාවක්
    E-mail Print PDF

    මැයි.08- ඉකුත් පැය කිහිපය තුළ ඇතැම් ජංගම දුරකථනවලට ලැබුණු බව පැවසෙන ජනතාව නොමග යවන සුලු එස්.එම්.එස්. පණිවුඩය අසත්‍යයක් බව ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව අවධාරණය කර සිටී.
    එහි අධ්‍යක්ෂ ජෙනරල් අනුෂ පැල්පිට මහතා පැවසුවේ කිසියම් කඩාකප්පල්කාරින් පිරිසක් එම පණිවුඩය ජංගම දුරකථන ග්‍රාහකයින් අතට පත් කිරිමට පියවර ගෙන ඇති බවය.

    දිවයිනේ ක්‍රියාත්මක එක් ජංගම දුරකථන ජාලයකින් පමණක් දැනට එම පණිවුඩය ලැබි ඇති බව අනාවරණ වී තිබේ.

    අදාළ එස්.එම්.එස් පණිවුඩ යළි ජංගම දුරකථන ග්‍රාහකයින් වෙත නොලැබෙන පරිදි කටයුතු කරන ලෙස මෙරට ක්‍රියාත්මක සියලු ජංගම දුරකථන ජාලයන්ට දැනුම් දී ඇතැයිද අනුෂ පැල්පිට මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව අදාළ එස්.එම්.එස් පණිවුඩය ජංගම දුකරථන ජාල හරහා එවීම අවහිර කර ඇත.

    එම කඩාකප්පල්කාරි ක්‍රියාව සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම ජාතික බුද්ධි තොරතුරු ඒකකයට භාරදෙන බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරල්වරයා පැවසීය.
     
    Last edited: