අසමජ්ජාති කොල්ලන්ගේ හිත ගැන | Rasthi

Apr 24, 2010
351
107
0
Kandy
අසමජ්ජාති කොල්ලන්ගේ හිත ගැන | Rasthi

කෙල්ලෙක්ගේ හිත... නිර්වචන ගොඩාරියක් හොයාගන්න පුලුවන්.. ඒව එයාලම කියලා එයාලම අඬාගන්නවා.. එක පල් හොරෙක් හිංඳා කොල්ලෝ ඔක්කොම මහ වල්, අසම්ජ්ජාති කුජීතයෝ වෙලා... කොල්ලෙක් නිකමට හරි කෙල්ලෙක් ඉන්න පෝස්ටරයක් දිහා බැලුවත් ඇති. ඇත්තටම ඌ බැලුවේ එහාපැත්තේ තියන මරණ දැන්වීම.. හැබැයි කට්ටියට ඒකම ඇති නිකං ඉන්න උන්ගේ අම්මලා තාත්තලා මතක් කොරන්න.. මේක යකාට ගිය නීතියක් නේ. මං අහන්නේ ඔය කියන මිනිස්සුන්ගෙන් (බෝත් ලේඩීස් සහ ජෙන්ස්) එකෙක් හරි කවදාහරි කොල්ලෙක්ගේ හිතක් ගැන හිතල තියෙයිද..? ඔය කාටහරි කියන්න පුලුවන්ද? (ඇහුවොත් ඉතින් උන්ට එහෙම එකක් නෑ කියයි )

මං මේ කාගෙවත් රෙද්ද හෝදනව නෙවෙයි. නිකමට වත් ඔහොම දෙයක් ගැන හිතලාවත් තියනවද..? රබර් සෙරෙප්පු දාගෙන ඔහේ කලිසමයි, කමිසයයි දාගෙන, කොන්ඩෙ අවුල් කරගත්තු, බෑග් මල්ලක් පැත්තක එල්ලන් යන කොල්ලෙක් ගැන හිතලා තියනවද? ඌගේ හිතේ තියන දේවල්, හීන, බලාපොරොත්තු... ? දෙයියනේ ඌට "කෙල්ලෙක්" කියන එක හීනයක් විතරයි. එහෙම හීනයක් නැත්තං ඌ කොල්ලෙක් නෙවෙයි. ඒ වයසේ හැටි. ඒ දෙයියන්ට, නැත්තන් සොබාදහමට ඕන විදිහ. ඇයි ඒක දිහා විතරක් නිකන් වපරයෙක් වගේ ඇස් ගෙඩි දෙක හොම්බෙ තියන් නිකන් ඇටි කෙහෙල් කාපු රිලවු වගේ නියෝ.. නියෝ බලාගෙන ඌව අවලමෙක් කරන්නේ? ඔයාලා කියන්නේ කොල්ලෝ කියන්නේ නිකන් ගෑනු පිස්සුව හැදුනු මැශිමක්ද? ඇයි ඌට වෙන පිස්සු නැතුවටද?


තමන්ගේ අම්ම තාත්තා උගේම කියල ගත්ත කාර් එකේ දාගෙන කතරගම හරි මොන තැනක හරි යන්න ඕන කියන හීනේ? නැත්තන් ගෙදර ඉතුරු හරිය කොහොම හරි හදාගන්න ඕන කියන එක? එහෙමත් නැත්තන් මේ සමාජයේ තියන මේවගේ අසාධාරන වලට කතාකරන්න..? පාරෙ ඉන්න හිඟන මනුස්සයෙකුට හරි උදව් කරන්න ඕන කියන එක? සමහර උන් එහෙම හිතුනොත් උගේ දවල් කෑම එක හරි දීල යනවා.. අන්න උන් තමයි කොල්ලෝ... උන්ගේ හිත හරියට මහා සාගරේ වගේ.. වෙලාවකට නිස්කලංකයි.. සමහර වෙලාවට දඟයි. ඒ වගේම කියන්න බැරි තරන් ගැඹුරුයි. ඒ හිත අදුනගත්තොත් ඒ හිත් වලින් කරන්න පුලුවන් දේ හිතාගන්නවත් බෑ. ඒ හිතට යමක් වැටුනොත්, ඒක් ගිලිලම යනවා. ආයෙ ඒක ගොඩ ගන්න බෑ.කෙල්ලෙක් ගැන උනත් එච්චරම තමයි. ඔය හිත්වලට ගරහන්න එපා. එහෙම උනොත් ඔය මන් කියපු සාගරේ සුනාමියක් වෙලා එයි ඔයාලා ලගට.. ලෝක විනාසෙ ඊට වැඩිය හොඳයි කියල හිතෙයි එතකොට... මම කියන්නේ, කොල්ලෙක්ට ගොඩ යන්න උදව් නොකලත් කමක් නෑ වනයක්, ඇනයක් නම් වෙන්න එපා... ඊට පස්සෙ ඌ ඔයාලට මහා ඇනයක් වෙයි.. එතකොට එකට බනින්නත් ලෑස්ති වෙන්න එපා...

මේ ගැන කතාකරපු මට
ලෝකය තිබ්බ නම - රස්ති හෙවත් රස්තියාදුකාරයා
 

malinthalakmal

Active member
  • Dec 26, 2011
    128
    47
    28
    ඇත්ත කතාවක් කොල්ලා..........
    මේ ලොකේ හැදිල තියන විදිහ ඒක.ඇත්ත දකින ඇත්ත කතා කරන එකා රස්තියා.සිනි බොල ලෝක මවාගෙන ඒවල ඉන්න එකා හොද එකා.......කවුරු කොහොම කිව්වත් උබ දිලා තියන දේ ඇතුලේ අපි හැමොටම දෙපරක් කල්පනා කරන්න ඔනේ කතාවක් තියනවා
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    ඇත්ත කතාවක් කොල්ලා..........
    මේ ලොකේ හැදිල තියන විදිහ ඒක.ඇත්ත දකින ඇත්ත කතා කරන එකා රස්තියා.සිනි බොල ලෝක මවාගෙන ඒවල ඉන්න එකා හොද එකා.......කවුරු කොහොම කිව්වත් උබ දිලා තියන දේ ඇතුලේ අපි හැමොටම දෙපරක් කල්පනා කරන්න ඔනේ කතාවක් තියනවා

    hmmm........ therum gannawanam echcharai.......... :dull:
     

    33000W

    Member
    කතාව ඇත්ත මචන්. කෙල්ලො මොන වැඩේ කලත් උන්ට කවුරුවත් මොනවත් කියන්නෙ නැහැ:no::no::no:. අපි පාරෙ අයිනකට වෙලා අපේ පාඩුවෙ හිටියත් ගෑනු බලන්නෙ වපර ඇහෙන්:confused::confused:. බස් එකක කෙල්ලෙක් ලගින් හිටියත් සමහරු හිතන්නෙ අපි ජැක් ගහන්න හදනව කියල.:no::no: