අසරණ නෞකාව - Helpless Ship

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අසරණ නෞකාව - Helpless Vessel

w6w6xu.jpg
 
Last edited:
  • Like
Reactions: cspmaxx

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අර්ථ ගොඩක් හකුලුවා ඔබ අප වෙත සැමදා ගෙනෙනා මේ පදවැල් තුල කුමක් හෝ ජීවිතයට උකහා ගත හැකි අරුතක් නිතැතින්ම ගැබ්ව තිබීම අතිශයෝක්තියක් නොවේ.....

ජිවිතය නැවක් වගේ සංසාර ගමනේ හැල හැප්පීම් එක්ක මහ මුහුද මැද්දේ කෙතරම් නම් හිරවී තිබෙන්න ඇද්ද..ඒත් මිනිස්සු කියන්නේ මහ පුදුම සත්ව වර්ගයක්..ඔය කොයි විදිහට හිරවුනත් ජීවිතය ගොඩබිමට ඇදගෙන එන චේතනාවෙන් ක්‍රියා කරන්න ඔවුන් හුඟාක් පොහොසත්....

සහෝදරයාගේ තවත් උසස් නිර්මානයක්..ඔබට ජය පිට ජය...
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
ජීවිතය, සසර කතර, හැම දෙයම ගැන හිතනවිට හරියටම ෙම් වගෙ. විටක නවාතැනක. විටෙක යලි ගමනෙ. තවත් විටෙක හති දමනව. හැමවිටම දුවනව. කොපමන චිත්ත රූපයන් අැදුනද ? මගෙ මනසෙ මෙය දැකල. හරි වැදගත්. ගොඩක් හිතන්න දෙයක්. ස්තුතියි ඔබට හැමදාම හරවත් දෙයක් දෙනවට. ඔබට ජය! සොයුර.
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ජීවිතයත් නැවක් වගේ කියනවානේ.
ගැඹුරු අරුතක්.
අගනා නිර්මාණයක්.
 
*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
අසරණ නෞකාව = බලාපොරොත්තු සුන් වූ ජීවිතය
කියලයි දැනුනේ මට නම්
නමුත් නොසිතූ මොහොතක දේශගුණයද වෙනස් විය හැකියි
අපූරු නිර්මාණයක්
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
එහෙම බැලුවාම ජීවිතයත් නැවක් වගෙයි... අපි දේශගුනය වෙනස් වෙනකම් බලා ඉන්නවා....

අපූරුයි යාළුවා...
ඔබ හරි ජීවිතය නෞකාවක්, බුද්ධිමත් නැවියා දේශගුණික තත්වයන් සැලකිල්ලට ගෙන ගමන සැලසුම් කරනවා. එසේ නොවූ කල මෙ නිර්මාණයේ රූපසටහන පෙන්වන සේ හිමේ හිරවෙනවා. පටවාගෙන ඇති වගකීම තියෙනා අය හැම බාධක ජය ගෙනෙ ඉදිරියට යා යුතු වෙනවා, වෙනස කවුරුහෝ ගෙනෙනකම් බලා ඉන්නෙ නැතිව.

බොහෝම ස්තුතියි ඔබේ අදහස හා නිර්මාණය ඇගයීම.
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අර්ථ ගොඩක් හකුලුවා ඔබ අප වෙත සැමදා ගෙනෙනා මේ පදවැල් තුල කුමක් හෝ ජීවිතයට උකහා ගත හැකි අරුතක් නිතැතින්ම ගැබ්ව තිබීම අතිශයෝක්තියක් නොවේ.....

ජිවිතය නැවක් වගේ සංසාර ගමනේ හැල හැප්පීම් එක්ක මහ මුහුද මැද්දේ කෙතරම් නම් හිරවී තිබෙන්න ඇද්ද..ඒත් මිනිස්සු කියන්නේ මහ පුදුම සත්ව වර්ගයක්..ඔය කොයි විදිහට හිරවුනත් ජීවිතය ගොඩබිමට ඇදගෙන එන චේතනාවෙන් ක්‍රියා කරන්න ඔවුන් හුඟාක් පොහොසත්....

සහෝදරයාගේ තවත් උසස් නිර්මානයක්..ඔබට ජය පිට ජය...

බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ අගනා සටහනක් එක් කර ඇගයීම.

ඔබ හරි, මොන තත්වයන් උද්ගත වුනත් ඒ හැම මැඩගෙන ජයගෙන ඉදිරියට එන අය අපමණයි.

නැවක් අපේ ජීවන චක්‍රය හා වගකීම් නිරූපණය කරන එකක් යැයි සිතේ.

මෙ නිර්මණයෙන් තවත් අදහසක් ගෙන එන්න උත්සාහ කලා: නුපුහුණු කපිතාන් දුර දක්නා නුවණින් ක්‍රියාත්මක නොවී කල ගමනක අවසන හිමේ හිරවීම. විසල් නැවක් වූ නිසා හෙලවීමටවත් නොහැකිව බලා ඉන්නවා හිම දියවෙන් ඌෂ්ණ කාලය පටන් ගන්න තුරු. ඒත් කාලගුණ වෙන්ස බලපෑම් නිසා සෘතු වෙනස උදාවේදෝ සැකයකි. එවන් අවස්ථාවක නැව පුරවා ඇති වගකීම නැමැති බඩු තොගය නිරපරාදේ වැනසෙනවා, හීනවෙනවා, දුර්වලවෙනවා.

ඇති බලතන්හාව නිසාම අයෙක් වගකීම් බලෙන් පටවා ගන්න උත්සාහ කලත් එවන් නැවියන් පිරිවරා යන කපිතාන්ලා...

මෙ නිර්මණය පලකරන්න සිටි අවස්ථාවෙම තමා ඔබේ බකං නිලාගෙන සිටීම නැමැති නිර්මණය හෙළි දුටුවේ, යම් දුරකට සමාන අදහස් ඇති නිර්මාණයක් නිසා මා මෙය පලකිරීම පමා කලා.
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ජීවිත නෞකාව කාලෙන් කාලයට එක එක වරායන් වල නැංගුරන්ලානවා. කාලයක් පාසලේ.. ඊට පස්සෙ රැකියාවේ. ඊට පස්සෙ ප්වුල් ජීවිතයෙ. නමුත් හැම වාරෙම වරායෙන් වරායට යන ගමන් ලස්සනට පාවෙලා යන්නෙ නැහැ. නමුත් අපි කල්පනාවෙන් ඒ ගමන යන්න ඕනෙ. සමහරවෙලාවට අපිට අපේ පාර වෙනස් කරන්න වෙනවා. තව සමහර වෙලාවට එන බාධක අයින් කරන්න වෙනවා. අර්ථවත් නිර්මානයක් අයියේ...
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ජීවිතය, සසර කතර, හැම දෙයම ගැන හිතනවිට හරියටම ෙම් වගෙ. විටක නවාතැනක. විටෙක යලි ගමනෙ. තවත් විටෙක හති දමනව. හැමවිටම දුවනව. කොපමන චිත්ත රූපයන් අැදුනද ? මගෙ මනසෙ මෙය දැකල. හරි වැදගත්. ගොඩක් හිතන්න දෙයක්. ස්තුතියි ඔබට හැමදාම හරවත් දෙයක් දෙනවට. ඔබට ජය! සොයුර.
    බොහොම ස්තුතියි සොයුරිය නිර්මාණය ඇගයීම හා සටහන.
    මං මතුකරන්න උත්සාහ කරපු අදහසක් ඔබ අපූරුවට පැහැදිලිකර ඇත.