අසරණ CEB ඉන්ජිනේරුවරු

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ECB ඉංජිනේරුවෝ අවස්ථාවාදී හොරු කියන එක අපි දන්නා දෙයක් නේ , ඊට අමතරව මම තවදෙයක් පෙන්නනම්....

    නොරොච්චෝලේ හදලා දැන් අවුරුදු 10-12 වෙනවනේ . නමුත් ඕක වැඩකරනවට වඩා මොන unit එකක් හරි බොහෝවිට කැඩිලා!!! මම දන්නා විදිහට මේදක්වා වාර්තාවෙලා තියන brake-down ප්‍රමාණය 120 කට වැඩියි. නිකමට හිතපන් අපි දන්නවනේ මොන පක්ෂෙන් ආවත් දේශපාලඥයෝ හොරු කියලා. ඒක පැත්තකින් තියපන්.
    අවුරුදු 10ක් තිස්සේ මේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙච්ච බුද්දුමතුන් කියාගන්නා ඉංජිනේරුවෝ කියන බොරුකාරයන්ට තවමත් මේ කට ඉංජිනේරු විසදුමක් දීලා ගොඩදාගන්න බෑ නේ.... හැකියාවක් නෑ නේ.... හරියට ප්‍රශ්නය තියෙන්නේ කොහෙද කියලා හොයාගන (troubleshoot) විසදුමක් දෙන්න බැරිනම් මුන්ට පඩි ගෙවන්නේ ඇයි???
     
    • Like
    Reactions: AEG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Life React GIF by Celebrity Apprentice Australia
     
    • Haha
    Reactions: AEG

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බෝනස් එක දෙන්න ඕනම කියමුකො... මුගේ justification එක බලපන් ... අවම පඩිය ලක්ෂ 4 ක් වත් ගන්න උන්ගෙ ඇඬියාව. අනිත් රජයේ සේවකයො මැරිල ඉන්න ඕන මුන්ට මෙච්චර අමාරු නම්. ආන්ඩුවේ කැම්පස් වල පිනට ඉගෙන ගෙන රට කන්න හදන උන්

    ඒක ඇත්ත, justification එක පට්ට ගොන්. ඒ උනාට ඕක ඉල්ලන්න උන්ට අයිතියක් තියෙනවා, අනිත් උන්ට කන්න නැති එක උන්ට අදාල නෑනේ බන්, අනිත් උන්ට ඕනේ නම් උනුත් ඉල්ල ගන්න ඕනේ. තමන්ගේ පඩිය/බෝනස් ඉල්ල ගන්න එක තමන්ගේ වැඩක්.

    ECB ඉංජිනේරුවෝ අවස්ථාවාදී හොරු කියන එක අපි දන්නා දෙයක් නේ , ඊට අමතරව මම තවදෙයක් පෙන්නනම්....

    නොරොච්චෝලේ හදලා දැන් අවුරුදු 10-12 වෙනවනේ . නමුත් ඕක වැඩකරනවට වඩා මොන unit එකක් හරි බොහෝවිට කැඩිලා!!! මම දන්නා විදිහට මේදක්වා වාර්තාවෙලා තියන brake-down ප්‍රමාණය 120 කට වැඩියි. නිකමට හිතපන් අපි දන්නවනේ මොන පක්ෂෙන් ආවත් දේශපාලඥයෝ හොරු කියලා. ඒක පැත්තකින් තියපන්.
    අවුරුදු 10ක් තිස්සේ මේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙච්ච බුද්දුමතුන් කියාගන්නා ඉංජිනේරුවෝ කියන බොරුකාරයන්ට තවමත් මේ කට ඉංජිනේරු විසදුමක් දීලා ගොඩදාගන්න බෑ නේ.... හැකියාවක් නෑ නේ.... හරියට ප්‍රශ්නය තියෙන්නේ කොහෙද කියලා හොයාගන (troubleshoot) විසදුමක් දෙන්න බැරිනම් මුන්ට පඩි ගෙවන්නේ ඇයි???


    ඕකේ කතාව අපි හැමෝම දන්නව නේ. රනිල ලගදී පාර්ලිමේන්තුවෙත් කිව්වා. ජපානය/ජර්මනිය එක්ක හදන්න තිබ්බ ගල් අගුරු ප්ලාන්ට් එක වෙනුවට රාජපුකාලා උන්ට කොමිස් ගන්න පරණ තාක්ෂණය තියෙන චීන ලදරමක් ඇටෙව්වා. ඕක වැඩ කරනවිදිය ගැන නම් මැනුවල් එකක් වත් ඉන්ගිසියෙන් නැතුව ඇති.

    කොහොමහරි, ඔය වගේ එකක් ගොඩ දාන්න තියෙන ක්‍රමය නම්, ප්ලාන්ට් එකේ ඩවුන් ටයිම් එක KPI එකක් විදියට බෝනස් එකට එල්ලන එක. දැන් ඉදලා හරි ආණ්ඩුවේ උන්ගේ පඩි වලට බෝනස් වලට KPI දුන්න නම් රටේ ප්‍රශ්න ගොඩක් විසදෙනවා.

    ------ Post added on Dec 17, 2022 at 2:50 PM
     
    • Like
    Reactions: AEG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    රාජ්‍ය බැංකුවක් ස්ථාවර තැන්පතු සඳහා සියයට 26ක පොලියක් ගෙවයි. ඉහළ පොලියක් ගෙවමින් එසේ මුදල් රැස්කර ගන්නේ විදුලිබල මණ්ඩලයට සහ මහා භාණ්ඩාගාරයට ණයට දීමට බව දැන් ප්‍රසිද්ධ රහසකි.



    ඒ රාජ්‍ය බැංකුව මගින් විදුලි බල මණ්ඩලයට දී තිබෙන අයිරාව (Overdraft) මේ වනවිට රුපියල් කෝටි 2,870 ඉක්මවා තිබෙන බවද තතු දන්නෝ කියති. ලංවිම ඒ රාජ්‍ය බැංකුවෙන් ගෙන තිබෙන ඒ කෝටි 2,870 න් ශතයක්වත් නොගෙන තව තවත් සල්ලි ඉල්ලන බවද තතු දන්නෝ දනිති. ලංවිම අයිරාව රුපියල් කෝටි 2,870 කට ඉහළ නැග තිබීම හේතුවෙන් ඒ බැංකුවත් වෙව්ලයි.

    ලංවිම එසේ රාජ්‍ය බැංකු හිරකරමින් තමන්ද ආර්ථික පරිපාලන සහ කළමනාකරණ අතින් කඩා වැටී බංකොලොත්ව සිටියි. ඒ 2022 වසර අවසන් වනවිට තම පාඩුව රුපියල් කෝටි 25,000 ක් දක්වා ඉහළ නංවා ගැනීමෙනි. ඒ අනුව ලංවිම 2023 වසර ආරම්භ කරන්නේ රුපියල් කෝටි 25,000 ක පාඩුවක් සහිතවය. 2022 මාර්තු 07 වැනිදා අනුමත කළ කැබිනට් පත්‍රිකාවක් මගින් ලංවිම සතු ණයවලින් රුපියල් කෝටි 8,770 ක් ගෙවා දැම්මේ මහා භාණ්ඩාගාරයෙනි. ඒ මුදලෙන් සියයට 50ක් පමණ ගෙවා තිබෙන්නේ තෙල් සංස්ථාවට සහ ණයට ගත් ඩීසල් විදුලිය සඳහාය.

    ඒ තොරතුරුවලින් අනාවරණය වන්නේ ලංවිම පාඩුවේ බර මෙතක් කල් මහා භාණ්ඩාගාරය විසින් දරනු ලැබූ බවය. එහෙත් මින් ඉදිරියට එසේ නොවන බව 2023 වසර සඳහා වන අයවැය යෝජනාවලින් හෙළිවෙයි. ඒ බව හෙළි වන්නේ ලංවිම පාඩු මකන හෝ ලාබ ලබන ක්‍රම සහ විධි ගැන මෙදා අයවැයෙහි කිසිවක් සඳහන් නොවීමෙනි. ඒ අනුව මින් ඉදිරියට ලංවිම පාඩු විදුලි පාරිභෝගිකයන් මතම පැටවෙයි.

    දැනටත් වී තිබෙන්නේ එසේය. 2022 ආගෝස්තු මාසයේදී කළ විදුලි ගාස්තු සංශෝධනය අනුව දවසටක විදුලි ඒකක 10 ක් පාවිච්චි කරන මධ්‍යම පාන්තික පවුලක මාසික විදුලි බිල රුපියල් 16,440 කි. ඒ පවුලේ මාසික ආදායම රුපියල් ලක්‍ෂයක් නම් ඉන් සියයට 16.4 ක්ම වැය වන්නේ විදුලි බිල ගෙවීමටය. ආණ්ඩුව සැරසෙන හැටියට 2023 දී විදුලිබිල සියයට 100කින් වැඩි කළහොත් ඒ පවුලේ මාසික විදුලි බිල රුපියල් 32,880ක් වෙයි. එසේ ඉහළ ගාස්තුවක් අය කර ගැනීමෙන් ද ලංවිම පාඩුව මකා ගන්නට බැරි වෙයි. ඒ සඳහා 2023 වසර මැදදී යළිත් විදුලි ගාස්තු ඉහළ නැංවීමට රජයට සිදුවෙයි. එහිදී තවත් සියයට 65 කින් පමණ විදුලි ගාස්තු නැංවීමට සිදු වෙයි.

    එවිට අර මධ්‍යම පාන්තික පවුලේ මාසික විදුලි බිල රුපියල් 54,252 ක් පමණ වෙයි. එමගින් ඒ පවුලේ මාසික ආදායමෙන් සියයට 54 ක්ම විදුලි බිල ගෙවීම සඳහා වැය වෙයි. දියුණු ලංකාවේ එසේ වුණාට නොදියුණු ඇමෙරිකාවේ සහ ජපානයේ විදුලි බිල ගෙවීම සඳහා වැය වන්නේ මාසික ආදායමෙන් සියයට දෙකත් තුනත් අතර මුදලකි. එය සියයට පහක් පමණ වුවහොත් ඒ රටවල ජනතාව පාරට බසින බව ඒ රටවල ජීවත්වන ලාංකිකයෝ පවසති. එහෙත් ලංකාවේ දැනටත් එය සියයට 16 කි. 2023 වසර මැදදී එය සියයට 54 ක් දක්වා ඉහළ නගියි. අප මේ ලියන්නේ අපේ හිතළු නොව බලශක්තිය පිළිබඳ විශේෂඥයන්ගේ පුරෝකථනය.

    විදුලි බිල මෙසේ ඉහළ යන්නේ විදුලි පාරිභෝගිකයන්ගේ හෝ රටේ ජනතාවගේ හෝ වරදකින් නොවේ. 1994 න් පසුව පැවැති ආණ්ඩුවල සහ අමාත්‍යංශ හා විදුලි බල මණ්ඩල පරිපාලකයන්ගේ හා කළමනාකරුවන්ගේ කාර්යක්‍ෂමතාව මහිමයෙනි. ඒ ඇතැම්හු ටෙන්ඩර්වලින් කොමිස් ගැසූහ. අනවශ්‍ය දේ මිලදී ගත්හ. මිලදී ගත් ඇතැම් යන්ත්‍ර සූත්‍රවලින් ප්‍රයෝජනයක් නොගත්හ.

    දැනටත් මැති ඇමැතිවරු 82ක් විදුලි බිල් නොගෙවා සිටිති. එහෙත් තවදුරටත් ඔවුන්ට විදුලිය සපයති. ඔවුන් කවුදැයි හෙළි නොකරන බව විදුලිබල ඇමැති කියයි. විදුලි බල මණ්ඩලයේ සේවකයන් 26,000 ක් සිටියදී විදුලි රැහැන්වලට ඉහළින් තිබෙන ගස්වල අතු කැපීම, විදුලිය සැපයීම සහ විසන්ධි කිරීම වැනි කටයුතු කොන්ත්‍රාත් දී තිබේ. ඒ සඳහා 2021 දී වැයවී තිබෙන මුදල රුපියල් කෝටි 206 කි. මණ්ඩලයේ වාහන 3000 ක් තිබියදී නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ හිතවතුන්ගේ වාහන 800 ක් පමණ කුලියට ගෙන ඒවාට කුලී ගෙවති. සේවකයන් තම වැටුපෙන් ගෙවිය යුතු උපයනවිට බදු මණ්ඩලයේ මුදල්වලින් ගෙවයි.

    2010 සිට 2020 අතර කාලයේදී උපයනවිට බදු ලෙස එසේ ජනතා සල්ලිවලින් ගෙවා තිබෙන මුදල රුපියල් කෝටි 498 ක් බව විගණකාධිපති කියයි. එසේ කරමින් ඔවුහු පාඩු පිට පාඩු ලබන තම ආයතනයෙන් බෝනස් ද ලබාගත්හ. ඒ විදුලිබල මණ්ඩලයේ සිටින නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ දරුවන්ගේ කෙරුවාවය. ලොව දියුණු රටවලත් නැති ඉහළ විදුලි ගාස්තුවක් අද ලාංකිකයන් මත පැටවී තිබෙන්නේ එහෙයිනි.

    එහෙත් විදුලිය නොමැතිව ජීවත්විය නොහැකි නිසා ‘‘කපන්න බැරි අත ඉඹින්න’’ ලාංකික ජනතාවට දැන් සිදුවී තිබේ. ලංවිම ඇස්තමේන්තු අනුව එළඹෙන 2023 වසරේ මණ්ඩලයේ ආදායම රුපියල් කෝටි 47,500 කි. වියදම රුපියල් කෝටි 94,000 කි. ආදායම හා වියදම අතර පරතරය රුපියල් කෝටි 46,500 කි. ඒ පාඩු පියවා ගැනීමට සැරසෙන්නේ ගාස්තු ඉහළ නැංවීමෙනි. ඒ අසාධාරණ ඉහළ ගාස්තු අකමැත්තෙන් හෝ දරා ගැනීමට ජනතාවට සිදුවෙයි. ඒ ආණ්ඩු කරන්නන්ගේ කළමනාකරණයේ මහිමයෙනි.

    2023 වසරේදී විදුලිය සැපයීමට අවශ්‍ය ගල් අඟුරු සහ ඩීසල් ගෙන්වීමට රුපියල් නොව ඇමෙරිකන් ඩොලර් මිලියන 1640ක් වැයවෙයි. ඒ දැන් පවතින සේ ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 365 ක් ලෙස ගණන් බැලීමෙනි. එය රුපියල්වලින් නම් කෝටි 60,000 ක පමණ වෙයි. ඩොලරයක වටිනාකම දිගටම රුපියල් 365 ක් වනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. පසුගිය මාස හයේදී ඉන්දියානු රුපියලත් එංගලන්ත පවුමත් ජපන් යෙන් සහ යුරෝපයේ යූරෝවත් ඇමෙරිකන් ඩොලරයට සාපේක්‍ෂව සියයට 30 කින් අව ප්‍රමාණය වී තිබේ. ලංකාවේ රුපියලට වඩා ලොව ප්‍රබල ඒ මුදල් ඒකකවලටත් අත්වූයේ ඒ ඉරණම නම් ලංකාවේ රුපියලට ඉන් ගැලවී සිටිය නොහැකි බව මූල්‍ය වෙළෙඳ පොළ විශේෂඥයන්ගේ මතයයි.

    ඔවුන්ගේ පුරෝකතන අනුව 2023 වසර මැද වනවිට ඇමෙරිකන් ඩොලරයක් මිලදී ගැනීමට ලංකා රුපියල් 550ක් පමණ වැය විය හැකිය. එසේ වුවහොත් විදුලිය නිපදවීමට අවශ්‍ය ගල් අඟුරු සහ ඩීසල් ආනයනය කිරීමට වැයවන ඇමෙරිකන් ඩොලර් මිලියන 1640 මිලදී ගැනීමට රුපියල් කෝටි 90,000 ක් පමණ වැය වෙයි. ඒ බරත් පැටවෙන්නේ ජනතාව මතය. ලංවිමට අවශ්‍ය රුපියල් හෝ ඩොලර් හොයන සැලැස්මක් 2023 අයවැය ලේඛනයෙහි නොමැත. ඉන් හෙළි වන්නේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට සැලසුමක් නැති බවය. ඒ නිසා ලංවිමට අවශ්‍ය රුපියල් සොයා දීමේ බර ජනතාව මතත් ඩොලර් සොයාදීමේ වගකීම බැංකුව මතත් පැටවෙයි.

    ලංවිම තම අවසාන දිගුකාලීන ජනන සැලැස්ම මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළේ මීට මාසයකට පෙරදීය. 2023 දී මෙගාවොට් 320 ක් හදිසියේ මිලදී ගතයුතු බව එහි සඳහන් වෙයි. හදිසියේ මිලදී ගැනීමට සිදුවන්නේ ඩීසල්වලින් නිපදවන විදුලියයි. ඒ සඳහා ගෙවන්නට වෙන්නේ ලංකා රුපියල් නොව ඇමෙරිකන් ඩොලර්ය. ඒ මුදල ඩොලර් මිලියන 400 ක් පමණ වනු ඇතැයි අපේක්‍ෂිතය. ඩොලරයක් මිලදී ගැනීමට රුපියල් 550 ක් වැය වුවහොත් හදිසියේ මිලදී ගන්නා ඒ ඩීසල් විදුලි ඒකකයක මිල රුපියල් 250 ක් පමණ වෙයි. ඒ කොයි බරත් ජනතාව මත පැටවෙයි. දැනට රටේ පවතින බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල් අඟුරු හා ඩීසල් ගෙන්වා ගැනීමට අවශ්‍ය ඩොලර් මිලියන 1640 ත් හදිසියේ මිලදී ගන්නා විදුලියට ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 400 ත් සොයා දීමට මහ බැංකුවට සිදුවෙයි.

    ලංවිමට අනුව 2023 වර්ෂය සඳහා විදුලි ඒකක මිලියන 18,186 ක් ජනනය කළ යුතුය. ජනනය සහ බෙදා හැරීමේදී සියයට අටත් දහයත් අතර ප්‍රමාණයක් අපතේ යයි. එවිට විකුණන්නට හැකි වන්නේ නිපදවන විදුලි ඒකක මිලියන 18,186 න් ඒකක මිලියන 16,741 ක් පමණකි. ඉන් සියයට 20 ක් මණ්ඩලය සතු ජල විදුලිබලාගාරමගින්ද තවත් සියයට 15 ක් පෞද්ගලික ජල, සුළං සහ සූර්ය බලාගාරවලින් මිලදී ගැනීම සිදුවෙයි. 2023 මැනවින් වර්ෂාව නොලැබෙන වර්ෂයක් වන නිසා මණ්ඩලය සතු ජල විදුලිබලාගාරවලින් අවශ්‍යතාවෙන් සියයට 20 කට වඩා නිපදවිය නොහැකි බව බලශක්ති විශේෂඥයන්ගේ පුරෝකතනයයි.

    පෞද්ගලික ජල, සුළං හා සූර්ය බලාගාරවලින් ලංවිම මිලදී ගන්නා විදුලිය සඳහා දැනට මාස 12 ක් තිස්සේ සතයක්වත් ගෙවා නැත. අන්තිමට ගෙවා තිබෙන්නේ 2021 නොවැම්බර් මාසයේ බිලය. එය ගෙවා තිබෙන්නේද වාරික දෙකකිනි. දැනට පෙනෙන පෙරනිමිති අනුව 2023 දී පෞද්ගලික පුනර්ජනනීය බලශක්ති (ජල, සුළං හා සූර්ය) බලාගාර හිමියන්ට මුහුණ දෙන්නට වන කරදර හා හිරිහැර තවත් දරුණු වෙයි. ඒ නිසා අලුත් බලාගාර ඉදිකිරීමට ආයෝජකයන් පැමිණේවිදැයි ඇත්තේ සැකයකි. දැනට සියයට 36 ක් තරම් ඉහළ අගයක පවතින බැංකු ණය පොලියද එයට හේතුවකි.

    2023 වසර සඳහා අවශ්‍ය වන විදුලි ඒකක මිලියන 18,1866 න් සියයට 65 ක් එනම් ඒකක බිලියන 11,821 ක් පමණ නිපදවා ගන්නට වන්නේ රටින් ගෙන්වන ගල් අඟුරු සහ තෙල්වලිනි. ඒවාට ගෙවන්නට වන්නේ ඩොලර්වලිනි. ගණනින් එය ඩොලර් මිලියන 1640 ක් පමණ වෙයි. රට දැවෙන මේ ප්‍රශ්නයට කදිම විසඳුමක් පිළිබඳව ලංවිම විසින්ම අනාවරණය කර තිබුණේ 2022 නොවැම්බර් 21 වැනිදා මාධ්‍ය මගිනි. ලංවිම කළ ඒ හෙළිදරව්ව අනුව 2022 නොවැම්බර් 19 වැනිදා දවසේ පමණක් මණ්ඩලය ලැබූ ලාබය රුපියල් මිලියන 350කට ආසන්නය. එයට හේතුව එදින පාවිච්චි කළ විදුලියෙන් සියයට 72.57 ක්ම ජල විදුලි බලාගාරවලින් නිපදවා තිබීමය.

    ලංවිම සතු ජල විදුලිබලාගාරවලින් විදුලි ඒකකයක් නිපදවීමට වැය වන්නේ රුපියල් 2.60 ක් බව මණ්ඩලයම කියයි. ලංවිම ඉන් රටට හෙළි කරන්නේ විදුලි අර්බුදයට විසඳුම් තිබෙන්නේ ජල, සුළං, සූර්ය වැනි පුනර්ජනනීය බලශක්තීන්වලට මිස ගල් අඟුරු හෝ ඛනිජ තෙල් බලශක්තීන්ට නොවන බවය. එහෙත් ඒ පුනර්ජනනීය බලශක්තීන්වලට ඇණගැසුවේ විදුලිබල මණ්ඩලයම විසිනි. ඒ මෙහෙයුම 2015 වසරේ සිට දියත් වූ අතර එහි ප්‍රමුඛ පුද්ගලයා වූයේ ලංවිම හිටපු අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකි. ලංවිම ඉංජිනේරුවොත් ඉහළ කළමනාකරණයත් ඔහුට අනුබල දුන්හ.

    පුනර්ජනනීය බලාගාරවලින් නිපදවන විදුලිය ටෙන්ඩර් මගින් මිලදී ගතයුතු බව කියමින් ඒ ගහලයෝ පුනර්ජනනීය බලශක්ති මගින් නිපදවන විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් නොකළහ. එදා සිට පුනර්ජනනීය බලාගාර ඉදිකිරීම නැවතිණි. ඔවුන් එදා ඒ අමන ක්‍රියාව නොකර සිටියේ නම් අද රටට අවශ්‍ය විදුලියෙන් සියයට 70 ක් නිපදවා ගන්නේ පුනර්ජනනීය බලශක්තිවන ජල, සුළං හා සූර්ය බලාගාරවලිනි. එය එසේ වූයේ නම් ගිනි ගණනට ඩීසල් විදුලිය හදිසියේ මිලදී ගැනීමට සිදු නොවෙයි. එහෙත් නොවිය යුත්තක් වී තිබෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ විදුලි ඉංජිනේරුවන්ගේ මහිමයෙනි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    සිදුවූ ඒ වැරැද්ද වහාම නිවැරැදි කළ හැකිය. පළමුව හදිසි ඩීසල් විදුලිය මිලදී ගැනීමට වෙන් කරන ඇමෙරිකන් ඩොලර් මිලියන 400 න් අරමුලක් පිහිටුවිය යුතුය. ජල, සුළං හා සූර්ය බලාගාර ඉදිකිරීමට කැමැති ආයෝජකයන්ට ඒ අරමුදලෙන් සහන ණය දිය යුතුය. සූර්ය කෝෂ, ජෙනරේටර් හා ටර්බයින් මිලදී ගැනීමට ඩොලර් අවශ්‍ය නිසා ණය දිය යුත්තේද ඩොලර්වලිනි. ණය ආපසු අය කරගත හැකි වුවත් ඩීසල් විදුලිය මිලදී ගැනීම සඳහා වැය කරන ඩොලර් මිලියන 400 යන්නේ මකර කටටය. ණය දිය යුත්තේ බැංකු ඇපකරයක් මගින් ආයෝජනය පෙන්විය හැකි අයට පමණකි. දැන් පුනර්ජනනීය බලශක්ති බලාගාරයක් ඉදිකිරීමට රාජ්‍ය ආයතන 26 කින් අනුමැතිය ගත යුතුය. ඒ අනුමැතිය ගැනීමට පමණක් අවුරුදු පහක් පමණ ගතවෙයි.



    පවතින මේ ක්‍රමය අකාමකා දමමින් සති දෙක තුනකින් තනි ආයතනයකින් පමණක් පූර්ණ අනුමැතිය (Blanket Approval) දෙන ක්‍රමයක් ඇති කළ යුතුය. වර්තමාන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාව සිටි 2002 වසරේදී එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කළේය. ඒ 2002 අංක 02 දරන පනත මගිනි. අද රටට අවශ්‍ය ඊටත් වඩා ප්‍රබල පනතකි. ඒ පනත බලාත්මක කළ යුත්තේ අවුරුදු දෙක තුනක් වැනි කෙටි කාලයකි.



    එසේ කරමින් පුනර්ජනනීය බලශක්ති සඳහා හොඳ ගාස්තු ක්‍රමයකුත් ඇතිකළ යුතුය. එසේ කළහොත් දැනට සියයට 15 ක් පමණ වන පෞද්ගලික පුනර්ජනනීය බලශක්ති ප්‍රමාණය ඉදිරි වසර දෙක ඇතුළත සියයට 50 ක් පමණ දක්වා වර්ධනය කළ හැකිය. රටට අවශ්‍ය විදුලියෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති මගින් නිපදවා ගැනීමට හැකිවෙයි. ගල් අඟුරු හා තෙල් ආනයනය කිරීමට රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය මහා පරිමාණයෙන් අවම වෙයි.



    දැන් ලොව දියුණු රටවල් පවා පුනර්ජනනීය බලශක්ති පසුපස හැල්මේ දුවයි. මීට සති තුනකට පෙර ජපානය ගෙනාවේ අපූරු නීතියකි. ඉන් කියැවුණේ 2030 වන විට එරට සෑම නිවසක වහලයකම සූර්යකෝෂ පැනලයක් තිබිය යුතු බවය. එහිදී තෝකියෝ නගර සභාව කිව්වේ තමන්ට 2030 වන තුරු බලා සිටින්නට නොහැකි බවය. තමන් එය තම බල ප්‍රදේශයෙහි 2023 හා 2024 වසර ඇතුළත ක්‍රියාත්මක කර අවසන් කරන බව තෝකියෝ නගර සභාව කියයි.



    ලංකාවේ නිවාස ලක්‍ෂ දහයක වහලවල් මත කිලෝ වොට් එක බැගින් වන සූර්ය කෝෂ පැනල සවි කළහොත් මාස තුනක් ඇතුළත මෙගාවොට් 1000 ක් නිපදවා ගත හැකිය. පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලිවල වහලවල් හිරු එළියෙන් විදුලිය නිපදවීම සඳහා කුලියට දිය හැකිය. සල්ලි විසි නොකර ප්‍රතිපත්ති තීරණ මගින් අර්බුදයට පිළියම් යෙදිය හැක්කේ එලෙසිනි.



    ගුණසිංහ හේරත් (Lankadeepa)
     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43


    අපි රටක් විදියට මොන තරම් කැරි කමක්ද යකෝ මේ මිනිස්සුන්ට කරන්නෙ, ලක්ෂ 4ක් විතර සොච්චම් පඩියක් දීල වැඩ අරන්. ලමයට පොත් ටික වත් අරං දෙන්න බැරිලු මේ මහත්තුරුන්ට. පව් වැඩේ

    ඉන්ජිනේරු පඩි

    Loss making company Wala bonus denne nehe.
    Ithin CEB kiyala wenasak karana epa.
    Mun strike kaloth job walin ain karala danna one. Pitarata walata gihin me ayata weda karanna behe.