අසල්වැසියන් අමතක නොකරමු!

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අසල්වැසියන් අමතක නොකරමු!

    විද්‍යාව, තාක්‍ෂණය කෙතරම් දියුණුවූවද එය යම් සමාජයක ශ්‍රේෂ්ඨත්වය හා උසස්භාවය මනින සාධක නොවේ. ඒ වෙනුවට සාරධර්ම, සදාචාර අතින් යම් සමාජයක් කෙතරම් ඉදිරියෙන් සිටීද එයයි ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය, උසස්භාවය මනින සාධකවිය යුත්තේ.





    නමුත් අපි කල්ගෙවමින් සිටින වත්මන් ලෝකය තුළ සියල්ල මුදල මත තීරණය වන බැවින් මිනිස් සාරධර්ම, සදාචාර පිරිහී ගොසිනි. මෙය ඉතා කණගාටු දායක තත්ත්වයකි. වත්මන් සමාජය මෙම අගාධයෙන් ගොඩඒමට නම් පිවිතුරු ඉස්ලාමීය ජීවන රටාව වෙත හැරිය යුතුය.
    සමාජ සාරධර්ම අතුරින් අසල්වැසියාගේ යුතුකම් කෙරෙහිද ඉස්ලාම් ඉතා ඉහළ තැනක් ලබාදෙයි.


    ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි:




    “අල්ලාහ්ට නැමදුම් කරන්න. ඔහුට කිසිවක් සමාන නොකරන්න, දෙමවිපියන්ටද, නෑදෑයින්ටද, අනාථයින්ටද. දුප්පතුන්ටද, අසල්වැසි නෑදෑයින්ටද, (නෑයින් නොවන) අසල් වැසියන්ටද, (රැකියාවේ හෝ ගමන් බිමන් වලදී හෝ වෙනත් ස්ථානයන්හි හ‍ඳුනාගත්) තමන් අසලින් සිටින මිත්‍රයින්ටද, මගීන්ටද, ඔබලාගේ දකුණු අත හිමි කරගත් අය(වහලුන්)ටද උපකාරිවන්න” (අන්නිසා 36).




    ඉස්ලාම් තුළ අසල්වැසියාට පවතින ඉහළ පිළිගැනීම:
    “අසල්වැසියන් කොයි මොහොතේ පවුලේ උරැමක්කරැවන් බවට පත්වේවි දෝයි මා සිතන තරමට ජිබ්රීල් තුමා අසල්වැසියන්ට උපකාර කිරීම ගැන මට දිගින් දිගටම උපදෙස් කරමින් සිටියේය” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන් හා ආයිෂාර (රලි) තුමිය. මූලාශ්‍රයන් බුහාරි, මුස්ලිම්).




    ඔබට හැකි අයුරින් ඔබේ අසල්වැසියාටද පිහිටවන්න:
    අවසන් දූතවරයා වරක් තම මිතුරෙකු අමතා: “අබූදර්! ඔබ ව්‍යාංජනයක් පිළියල කරන විට එයට වතුර වැඩිකර එයින් ඔබේ අසල්වැසියන්ටද සලකන්න” යනුවෙන් නබි (සල්) තුමන් මට පැවසුවේය. (විස්තර කරන්නේ අබූදර් (රලි) තුමන්, මූලාශ්‍රය මුස්ලිම්).




    “ඔබ ව්‍යාංජනයක් පිළියෙල කරන්නේ නම් එයට වතුර වැඩිකර ඔබේ අසල්වැසි නිවසියන්ට සලකන්න. එයින් හොඳ දේ ඔවුන්ට පිරිනමන්නයි” මගේ මිත්‍ර නබි (සල්) තුමන් උපදෙස් දුන්නෙය් යනුවෙන් මුස්ලිම්හි වාර්තාවක සඳහන් වී ඇත.




    ඔබේ විශ්වාසය තීරණය කරන ප‍්‍රබල සාධකය වශයෙන්
    ඔබේ අසල්වැසියා සිටී:

    “අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. ඔහු විශ්වාසවන්තයකු නොවන්නේය. අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. ඔහු විශ්වාසවන්තයකු නොවන්නේය. අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. ඔහු විශ්වාසවන්තයකු නොවන්නේය. (යනුවෙන් තුන් වරක්ම දිවුරා ප්‍රකාශකළේය) එවිට (රැස්ව සිටී මිතුරන්) දූතවරයානනි! විශ්වාසවන්තයකු නොවන්නේ කවුදැයි විමසා සිටියේය. එයට එතුමන් කවරෙකුගේ හිරි හැරයෙන් තම අසල්වැසියා නොමිදුනේද ඔහුය (අසල්වැසියටා හිරි හැර කරන්නාය)” යනුවෙන් පිළිතුරැ දුන්හ. (විස්තර කරන්නේ අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්‍රයන් බුහාරි, මුස්ලිම්).


    ස්වර්ගයට ප‍්‍රවිශ්ටවීමට අවසර නැත:
    ”කවරෙකුගේ හිරි හැරයෙන් අසල්වැසියා නොමිදුනේද ඔහු ස්වර්ගයට ඇතුළු නොවේ” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ‍්‍රය: මුස්ලිම්).




    අසල්වැසියාට කරන කිසිදු උපකාරයක් සුළුවෙන් නොතකන්න!
    එයට අල්ලාහ් ඉදිරියෙහි ඉහළ පිළිගැනීමක් ඇත:


    “මුස්ලිම් කාන්තාවනි! කිසිම අසල්වැසි කාන්තාවක් තවත් කාන්තාවක් පහත් කොට නොසිතන්න. එළු කකුල් ව්‍යාංජන ස්වල්පයක් වූවත් කමක් නැත. එළු කකුල් ව්‍යාංජන ස්වල්පයක් හෝ දීමෙන් තම අසල්වැසි කාන්තාවට ගරැ කළ යුතුය”. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ අබූ හුරෙයිරා (රලි), බුහාරි, මුස්ලිම්).




    ඔබේ අසල්වැසියා සමග මනා සහයෝගයකින් යුතුව
    කටයුතු කරන්න:


    නබි (සල්) තුමන් මෙසේ පැවසූහ: “අසල්වැසියාගේ රිටක් තම (නිවසේ) බිත්තියේ හේත්තු කර තැබීම ප්‍රතික්ෂේප නොකරන්න. මෙම පුවත විස්තර කරන අබූ හුරෙයිරා රලි තුමන් වැඩි දුර පවසන විට: මෙම (නබි තුමාගේ ප්‍රතිපත්තිය) පැවැත්ම දැන් ඔබලාගෙන් අත් හැරී යන බව මම දකිමි. අල්ලාහ් මත දිවුරා කියමි. මම එය ඔබලා අතර නිරතුරුව ප‍්‍රකාශ කරමින්ම සිටිමි”. (විස්තර කරන්නේ අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්‍රයන් බුහාරි, මුස්ලිම්).


    ඔබේ සැබෑ විශ්වාසවන්තයකු බව ඔප්පු කිරීමට නම්:
    “අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කරන්නෙකු අසල් වැසියාට හිරිහැර නොකළ යුතුය. අල්ලාහ් සහ පරමාන්ත දිනය ගැන විශ්වාස කරන්නා තම අමුත්තාට සංග්‍රහ කළ යුතුය. අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කරන්නෙකු යහපතම කථා කළ යුතුය. නැත්නම් නිහඬව සිටිය යුතුය”. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ අබූ හුරෙයිරා (රලි) තුමන්, මුලාශ්‍රයන් බුහාරි, මුස්ලිම්).




    “අල්ලාහ් සහ අවසාන දිනය තෙක් අසල්වැසියාට උපකාර කළ යුතුය. අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කරන්නා තම අමුත්තන්ට සංග්‍රහ කළ යුතුය. අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස කරන්නා යහපත කථා කළ යුතුය නැත්නම් නිහඬව සිටිය යුතුය”. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය මුස්ලිම්).
    ඔබේ අසල්වැසියන් අතුරින් ඔබ මුල්තැන දිය යුත්තේ කාටද?:

    ආයිෂා (රලි) තුමිය වරක් නබි (සල්) තුමන්ගෙන් අල්ලාහ්ගේ දූතයාණෙනි! “මට අසල්වැසියන් දෙදෙනෙකු සිටී, මා යමක් පිරිනමන විට ඔවුන්ගෙන් කාටද මුල්තැන දියු යුත්තේ? යනුවෙන් විමසුවෙමි. එයට අල්ලාහ්ගේ දූතයාණෝ ඔවුන් දෙදෙනාගෙන් කාගේ ප්‍රධාන දොරටුව ඔබට අසලින් වේද ඔහුට ” යැයි පිළිතුරු දුන්හ. (මූලාශ්‍රය බුහාරි).


    ඔබ යහපත් පුද්ගලයකු වීමට නම්:
    “අල්ලාහ් ඉදිරියේ, මිතුරන් අතරින් යහපත් වන්නේ ඔවුනතර තම මිතුරාට යහපත්ව සිටින්නාය. තවද අල්ලාහ් ඉදිරියේ, අසල්වැසියන් අතුරින් යහපත් වන්නේ තම අසල්වැසියාට යහපත්ව සිටින්නාය”. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තරකරන්නේ අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන්, මූලාශ්‍රය තිර්මිදි).


    Code:
    http://yayuthumaga.com/new/?p=1977
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අල්ලාහ් පිළිබඳව හැදින්වීමක්

    අල්ලාහ් පිළිබව හැදින්වීමක්
    ‍අල්ලාහ් යන අරාබි වචනයෙහි සිංහල අරුත දෙවිඳුන් ය. එහෙත් ලොව පුරා මුස්ලිම් බැතිමතුන් තම භාෂාවෙන් දෙවිඳුන් යැයි නොපවසා අරාබි බසින් අල්ලාහ් යැයි පවසති. එයට හේතුව කිමෙක්ද?

    ඒ ගැන අප මදක් විමසා බලමු.



    ඓතිහාසිකවම ඉතා පොහොසත් ඉපැරණි භාෂාවක් වන අරාබි බසෙහි සෑම වචනයකටම ලිංග බේධ, ඒක වචන සහ බහු වචන තිබුණද අල්ලාහ් යන අරාබි වචනයට ලිංග බේධයක් හෝ බහු වචනයක් නොමැත. අල්ලාහ් යන වචනය පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග හෝ නපුංසක ලිංග ගණයට අයත් වන්නේද නැත. මෙය ඒක වචනයට පමණක් යොදා ගත හැකි, බහු වචනයක් කළ නොහැකි සුවිශේෂී ලක්ෂණ වලින් යුතු වචනයකි.:yes:




    විශ්වය හා එහි තිබෙන්නාවූ සියළු දේවල් නිර්මාණය කර, පෝෂණය කර, මෙහෙයවන, එය ආරක්ෂා කිරීම, විනාශ කිරීම, විනාශ කළ දේ වලට යළි ඒ ආකාරයටම ප්‍රාණය ලබාදී නිර්මාණය කළ හැකි ශක්තියද ඇති අසීමිත බලතල සහිත සර්වබලධාරියාණන්ගේ නිවැරදි නාමය අල්ලාහ් වේ.




    අල්ලාහ් පුරුෂයෙක් හෝ කාන්තාවක නොවන්නේය. නපුංසකයෙක්ද නොවන්නේය. උන්වහන්සේ උපත ලද්දේද නැත. මරණයට පත්වන්නේද නැත. උන්වහන්සේව මරණයට පත්කිරීමටද නොහැක. උන්වහන්සේ ස්වයංව ක්‍රියාත්මක විය හැකි තැණන් වහන්සේය. උන්වහන්සේට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. උන්වහන්සේ සදා ජීවමානය. උන්වහන්සේට භාර්යාවක්, පියෙක්, පුතුන්, දූවරුන්, ඥාතීන්, සගයන්, අසැල්වැසියන් යනාදීන් කිසිවෙකු නොමැත. උන්වහන්සේ නින්ද, ආහාර ගැනීම, රෝගාතුල වීම, විවේක ගැනීම යනාදී අවශ්‍යතාවයන් සහ වේදනාවන්ගෙන් තොර, සකලවිධ මානුෂික අවශ්‍යතාවයන්ගෙන් තොර වූ තැණන් වහන්සේය. මේ නිසා උන්වහන්සේව කිසි‍දු කෙනෙකුට හෝ කිසිදු දෙයකට සමාන කළ නොහැක. උන්වහන්සේ සියළ දේවලින් බැහැරව, ස්වයංව ක්‍රියාත්මක වෙමින් සිටින්නේය. මේ අනුව උන්වහන්සේට සමානව අන් කවරෙක්වත් නොමැත.




    උනවහන්සේට කිසිදු කෙනෙකුගේ උපකාරය හෝ සහයෝගය අවශ්‍ය නැත. උන්වහන්සේගේ කාර්යයන් උන්වහන්සේ විසින් කරගෙන යනු ලබන්නේය. ස්වභාව ධර්මයද අල්ලාහ් විසින් නිර්මාණය කරන ලද ක්‍රියාවලියකි. උන්වහන්සේ තමන් වහන්සේව කිසිදු දෙයකට සම්බන්ධ කරන්නේද නැත. උන්වහන්සේ සියළු දේටම ඉහලින් සිටින්නේය.


    අල්ලාහ් ප්‍රඥාවන්තයාණන්ය. අල්ලාහ් සතු ඥාණය අන් කවරෙකුට හෝ නොමැත. උන්වහන්සේ සියල්ලම දන්නා සේක. දැනට සිදුවන දේද, දැනට පෙර සිදුවූ දේද, ඉදිරියට සිදුවන දේද එකක් නොහැර අල්ලාහ් දන්නා සේක. මෙම පෘථිවිය විනාශ වීමෙන් පසුවද සිදුවිය හැකි සියළුම දේ වල ඥානයද අල්ලාහ් සතුව පවතී. විශ්වයන්හි සිදුවන සියළුම දේ පිලිබඳවද, සිදුවිය හැකි දේ පිළිබඳවද, සාමුහිකව නැතහොත් කන්ඩායම් වශයෙන් නැතහොත් සමාජයක් වශයෙන් ඔවුන්ට සිදුවන දේ පිලිබඳවද අල්ලාහ් වෙන් වෙන්ව දැන සිටින්නේය.
    උනුවහන්සේ සියළුම දේ බලා සිටින්නේය. උන්වහන්සේගේ බැල්මෙන් මෙම විශ්වයේ කිසිවක් සඟවා තබාගත නොහැකිය. සෑම දෙයක් මතම උන්වහන්සේගේ බැල්ම ඇත. සෑම දෙයක්ම, සෑම ක්‍රියාවක්ම, අල්ලාහ් නිරතුරුවම බලා සිටින අතර ඒවා වෙන් වෙන්ව ඉතා ක්‍රමවත්ව හඳුනා ගන්නා සේක.




    උන්වහන්සේ නිරතුරුවම සවන් දෙන සේක. උන්වහන්සේගෙන් කිසිදු හඬක් වසන් කල නොහැක. සෑම හඬක්ම, සෑම ප්‍රාර්ථානවක්ම උන්වහන්සේ වෙන් වෙන්වද ඉතා පැහැදිලිවද හඳුණා ගන්නා සේක.
    මේ සියල්ල කිරීමෙන් උන්වහන්සේ වෙහෙසට පත් වන්නේද නැත.
    මිනිසා සලකුණු සහ සාධක මගින් යම්කිසි දෙයක් හඳුනා ගත්තද, ඒ පිළිබඳ දැනුම ලබා ගත්තද එම දැනුමෙහි පරිපූර්ණත්වය ඇත්තේ අල්ලාහ් සතුවය. නිදසුනක් වශයෙන් වලාකුළු දෙස බලා අප වැස්ස පැමිණෙන බව පවසමු. කාලගුණ විද්‍යාඥයින් අවකාශයේ තිබෙන සාධක පෙරදැරි කරගෙන අනාවැකි පවසති. වෛද්‍යවරුන් ඔවුන්ට තිබෙන දැනුම සහ කරන ලද පරීක්ෂණයන්හි ප්‍රථිඵල පාදක කරගෙන රෝග නිශ්චය කරති.




    එහෙත් මෙම කරුණු සම්බන්ධ දැනුමෙහි පරිපූර්ණත්වය අල්ලාහ් සතුය. අල්ලාහ් ගේ ඥානයට සමානව අන්කිසිවෙකුගේ ඥාණය සමකල නොහැක.




    අල්ලාහ් ව අප සිතන කායික හෝ මානසික හැඩයකට හෝ රූපයකට සමාන කළ නොහැක. උස, මහත, කෘෂ, විරූපී යන පරිමාණයන් තුලටද උන්වහන්සේව සමකල නොහැක. උන්වහන්සේ ඉතා ශ්‍රේෂඨය. උන්වහන්සේ ඉතා අලංකාර බව පිළිගත යුතුය. උන්වහන්සේව කවර හෝ හැඩයකට, රුවකට සමාන කිරීම, උන්වහන්සේගේ හැකියාවන් කවර හෝ ජීවියෙකුගේ හැකියාවකට සමාන කිරීම ඉස්ලාමීය විශ්වාසය අනුව මහා පාපකර්මයකි. එය සමාව නොලබන්නාවූ වරදකි. අන් සියළු වරදවල් අල්ලාහ් කැමති නම් සමා කරන්නේය. එහෙත් උන්වහන්සේට සමානතා ඇති කිරීම, උන්වහන්සේගේ හැකියාවන් අන් කවරෙකුට හෝ තිබේය යනුවෙන් විශ්වාස කිරීම මහා පාප කර්මයකට අයත් කරුණු වේ. කිසියම් කෙනෙකු අල්ලාහ් මෙවැනි යැයි සිතන්නේද ඒ අල්ලාහ් නොවන්නේය. මන්ද අල්ලාහ් වටහා ගැනීමට මනුෂ්‍ය ඉන්ද්‍රියට ගෝචර නොවේ.


    අල්ලා කිසි දිනෙක මෙලොවට මිනිස් වෙස් ගෙන පැමිණියේද නැත.



    උන්වහන්සේට එලෙස පැමිණීමේ කිසිදු අවශ්‍යතාවයක්ද නොමැත.
    අපට නොපෙනෙන සහ නොදන්නාවු සියළු ක්‍රියාවන් පිළිබඳ දැනුම අල්ලාහ් සතුව පරිපූර්ණව පවතියි. එයින් කිහිපයක් පහත සඳහන් වේ.


    1. වර්ෂාව පිළිබඳ දැනුම.(වැසි වැසීම, කුණාටු ඇතිවීම සහ ස්වභාවික ව්‍යසනයන් කෙසේද, කුමණ ආකාරයෙන් පැමිණෙන්නේද යන වග, කුමන දිසාවෙන් කුමන දිසාවකට යන්නේද යන තොරතුරු සහ එය එසේ වෙයිද නැතහොත් දිසාව වෙනස් කර වෙන දිසාවකට යයිද යන තොරතුරු, එම සිදුවීම සිදුවීමට පෙරද ඉන්පසුවද එයින් ඇතිවන විපාක පිළිබඳ සම්පූර්ණ දැනුම සංඛ්‍යාත්මකව සහ ක්‍රමානුකූලව අල්ලාහ් සතුව පවතියි.
    2. ගැබිණි මවකගේ ගර්භාෂයේ සිටින දරුවා පිළිබඳ තොරතුරු (දරුවා පිළිසිඳ ගැනීමට පෙර සිටම, ඒ දරුවා පිළිබඳවද, එම දරුවාගේ අනාගතය පිළිබඳවද සියළු දැනුම අල්ලාහ් සතුව පවතියි.)
    3. ලොව අවසන් දිනය පිළිබඳ දැනුම. (මෙම මිහිතලය විනාශ වන දිනය සහ ඉන්පසු සිදුවන දේ ගැන ඥානය)
    4. කෙනෙකුගේ මරණය කොහේද? කෙසේද? කුමන මොහොතේද? කුමණ ආකාරයෙන් සිදුවන්නේද පිළිබඳව වූ දැනුම.
    5. හෙට දිනයේදී කෙනෙකු කුමක් කරයිද? නැතහොත් ඔහුට කුමක් සිදුවේද යන දැනුම.
    6. ඇත්තෙන්ම අල්ලාහ් ට නොදැනුවත්ව ගසකින් කොලයක් හෝ පහතට වැටෙන්නේ නැත.
    අපගේ දෙවිදුන් වන අල්ලාහ් ගැන ශුද්ධවූ අල්-කුර්ආනයෙහි පවසන්නේ කුමක්දැයි දැන් අපි විමසා බලමු.
    පරිච්ඡේදය 2 අල්-බකරා 255 වන වාක්‍යය
    අල්ලාහ් (කෙබදු උතුම් වුවෙකු දැයි කිවහොත්) උන්වහන්සේ හැර වෙන කිසිම ස්වාමියෙක් (ඇත්තේ) නැත. (උන්වහන්සේ) සදාකාලික ව ජීවත් වන්නේය. (කවදත්) බලගතු පාලකයාය. උන්වහන්සේට මද නින්ද හෝ තද නින්ද හෝ හට ගන්නේ නැත. අහස්හිද භුමියෙහි ද සියල්ලම ඔවුන් ඉදිරියෙහි ඇති දැයද සැගවී ඇති දැයද උන්වහන්සේ හොදින් දන්නේය. උන්වහන්සේගේ නියමයක් නොමැතිව උන්වහන්සේ දැනුවත්ව තිබෙණ දැයින් කිසිම දෙයක් (වෙන කිසිවකුගේ දැනුමෙන්) දැන ගැනීමට නොහැක. උන්වහන්සේගේ රාජ්‍යය අහස්හි ද භුමියෙහිද විසිරී ඇත්තේය. ඒ දෙකම (අහස් හා භුමිය) ආරක්ෂා කිරීම උන්වහන්සේට ආයාසයක් නැත. උන්වහන්සේ ඉතාමත් උසස්ය. ඉමහත්ය.
    පරිච්ඡේදය 6 අන්ආම් 59 ‍වන වාක්‍යය
    සැගවී ඇති දැයෙහි යතුරු උන්වහන්සේ ළග ඇත්තේය. එහි (ඇති දෙය) උන්වහන්සේ හැර වෙන කිසිවෙක් නොදන්නේය. භූමියෙහි හා මුහුදෙහි ඇති දැයද උන්වහන්සේ හොදින් දන්නේය. උන්වහන්සේ නොදැනුවත්ව කිසිම ගසක කොළයක් හෝ වැටෙන්නේ නැත. භූමියෙහි (ගැඹුරේ) ඝන අදුරෙහි (වැළලී) ඇති (අබ ඇටයක් තරම් කුඩා) බීජයක් තෙතමනයේද වියළී ද (යන්න ගැන උන්වහන්සේගේ) පැහැදිළි (සටහන්) පොතෙහි සටහන් නොවී නැත.
    .
    පරිච්ඡේදය 11 හුද් 6 වන වාක්‍යය
    (අල්ලාහ් විසින්) ආහාර සැපයීම සදහා වගකීම භාර නොගත් කිසිම ජීවියෙක් භූමියෙහි නොමැත. ඒවා (ජීවත් වී) සිටින තැනද ඒවා (මරණයට පත් වී) තැන්පත් වන තැනද උන්වහන්සේ හොදින් දැන සිටින්නේය. මේ සියල්ල (ලව්හුල් මව්ෆුල් නමැති උන්වහන්සේගේ) පැහැදිළි සටහන් පුස්තකයෙහි සටහන් කර ඇත්තේය.
    පරිච්ඡේදය 13 අර් රඃද් 8 වන වාක්‍යය
    සෑම ගැහැණියක්ම (ගර්භයෙහි) උසුළන්නේ (ගැහැණු හෝ පිරිමි කළලයක්ද යන්න) ගැන අල්ලාහ් හොදින් දන්නේය. ගර්භාෂයන්හි (උත්පාදනය වන විට) හැකිලීමද (ප්‍රසුත කරන විට) එය දිග හැරීම ගැනද උන්වහන්සේ දන්නේය. (ගර්භයන්හි ඇති) සෑම දෙයකටම (එම ගර්භයන්හි රැදී සිටිය යුතු) කාලය උන්වහන්සේ සන්නිධානයෙහි සටහන් කරනු ලැබ ඇත්තේය.
    පරිච්ඡේදය 20 තාහා 110 වන වාක්‍යය
    ඔවුන් ඉදිරියේ ඇති දෙයද ඔවුන් පිටුපස ඇති දෙයද උන්වහන්සේ හොදින් දන්නේය. එහෙත් උන්වහන්සේව ඔවුනට (තමන්ගේ) නුවණින් දැන ගත නොහැකිය.
    පරිච්ඡේදය 31 ලුක්මාන් 34 වන වාක්‍යය
    ඇත්තෙන්ම (යුග අවසාන) කාලය ගැන ඥානය අල්ලාහ්ගේ සන්නිධානයෙහි (පමණක්) ඇත්තේය. උන්වහන්සේම වර්ෂාව පහළ කරන්නේය. උන්වහන්සේම ගර්භයන්හි ඇති දෙය දන්නේය. (උන්වහන්සේ හැර) කිසිවකු ඔහු හෙට කුමක් කරන්නෙ දැයි දන්නේ නැත. ඔහු කුමන භුමියක සිටින්නේ දැයි (උන්වහන්සේ හැර) වෙන කිසිවකු නොදන්නේය. ඇත්තෙන්ම අල්ලාහ් (මේවා පිළිබදව) හොදින් දැනුවත්ව සිටින්නේය.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Yaaluwa monawada balaporrathu wenne pics daala.??

    apita kisi paaduwak wenne ne mokada kiwwoth owa nikan ma edit witarai..apitath onama nam pics daanna puluwan kama tiyanawa but ema karanne ne ..AAGAM walata Insult karanna epa>:)
    Antimeta bayanaka widhita oya merei ...ada kiwwa kiyala mataka tiyaganna ..:)
     
    Last edited: