අසහනකාරී අම්ල පිත්ත රෝගයට හේතු ©

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අසහනකාරී අම්ල පිත්ත රෝගයට හේතු ©

    අද උදෙන්ම බඩේ අමරුවක් ගැන නූලක් දැක්ක නිසා මේ නූල දාන්න හිතුනා. මෙක දිවයින පත්තරේ සායනය අතිරේකයේ පලවුන ලිපියක්.

    gastritis.jpg

    "ඉවසන්න බෑ බඩ පපුව දැවිල්ලයි. තේ කහට, කෝපි බීපුවාම මේ ගතිය වැඩියි" උගුරත් දනවා. ඇඹුල් රහට ඔක්‌කාරයත් එනවා. සමහර වෙලාවට වමනෙත් යනවා. හරිම බඩගින්නක්‌ දැනෙන වෙලාවලුත් තියෙනවා. කාපු ගමන් ආයෙමත් බඩගිනියි. සමහර වෙලාවට බඩගින්න ඇත්තෙම නැහැ. බඩ ඇතුලේ ගලක්‌ තියෙනවා වගේ බරයි. ඒ මදිවට බඩ පිපිලා, හරියට මළපහ වෙන්නෙත් නැහැ. සමහර වෙලාවට හුස්‌ම ගන්නත් අමාරුයි. හිසරදයත් තියෙනවා. ඇස්‌ අඳුරුවෙලා කැරකිල්ල හැදෙනවා. හරියට තෝන්තුවෙලා වගේ ඉවසන්න බැරි තරමට බඩත් කකියනවා. මට දැන් ජීවිතෙත් එපාවෙලා. ඇත්තටම මොකක්‌ද මේ කරුමක්‌කාර ලෙඩේ."

    බොහොමයක්‌ වෛද්‍යවරුන් වෙතට පැමිණෙන බොහෝ රෝගීන්ගෙන් දිනපතා අසන්නට ලැබෙන මැසිවිල්ලකි. ඇත්තෙන්ම ජීවිත ආශාව අහිමි කරවන තරමට බලවත් මෙම රෝගය කුමක්‌ දැයි එම මැසිවිල්ලට සවන් දෙන කොයි කාටත් ගැටලුවක්‌ වෙයි.

    ඉහත දැක්‌වූ රෝගියාගේ මැසිවිල්ලට අදාළ රෝග ලක්‍ෂණයන් චිරාගත ආයුර්වේද ග්‍රන්ථවලට අනුව හඳුන්වා ඇත්තේ ඌර්ථවග අම්ල පිත්ත යනුවෙනි. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගය ගැස්‌ට්‍රයිටීස්‌ (Hyper acidity) ලෙස හඳුන්වයි.

    අප විසින්ම වැරදි ජීවන රටාව හේතු කරගෙන මෙම රෝගය උරුම කර ගනු ලබයි. ඇත්ත වශයෙන්ම ප්‍රධානවම ආමාශය ආශ්‍රය කරගෙන ඇති වන්නා වූ මෙම රෝග තත්ත්වයේදී, ආමාශය ආශ්‍රිතව ඉදිමුම සහිතව වේදනාවක්‌ ඇතිවීමට පුළුවන. නිසි අවස්‌ථාවේදි ප්‍රතිකාර නොකළහොත් ජීවිතයට අන්තරකාරී වන අතුරු ආබාධ ඇතිවීමටද පුළුවන.

    රෝග ප්‍රභේද

    ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අම්ල පිත්ත රෝගයේ ප්‍රභේද 2 ක්‌ පවතී එනම්

    ඌර්ධ්වගත අම්ල පිත්ත හා අධේගත අම්ල පිත්ත වශයෙනි.

    තවද දෝෂ ලක්‍ෂණවලට අනුවද පහත පරිදි ප්‍රභේද 3 කට වර්ග කිරීමට පුළුවන. එනම්,

    වාතජ අම්ල පිත්තය

    පිත්තජ අම්ල පිත්තය හා කළුජ අම්ල පිත්තය වශයෙනි.

    රෝග හේතු

    අම්ල පිත්ත රෝගය ඇතිවීමට බලපාන හේතු පහත පරිදි වර්ග කිරීමට පුළුවන.

    ආහර පාන හේතු, ඖෂධමය හේතු, විහරණමය හේතු, මානසික හේතු වශයෙනි.

    ආහාර පාන හේතු

    ශ්‍රී ලාංකිකයකු ප්‍රධාන ලෙස උදෑසන, දහවල් හා රාත්‍රී ලෙස ආහාර වේල් තුනක්‌ ලබා ගනී. මෙහිදී එම කාලයන් තුළදී නියමිත වේලාවට ආහාර පාන නොගැනීම මෙම රෝගය හටගැනීමට මූලික හේතුව වේ. එසේ වීමෙන් සිදුවන්නේ ආමාශය තුළ අම්ල ස්‍රාවය ඉහළ යැමයි.

    එමෙන්ම නිතරම තෙල් මිහ්‍ර ආහාර, අධිකව මිරිස්‌ දැමූ ආහාර, සෝස්‌ වර්ග, අච්චාරු, බිලිං ආදිය ආහාරයට ගැනීම, උෂ්ණාධික ආහාර ලෙස සමාජයේ සම්මත වී ඇති බලමාළු, තක්‌කාලි, ඉස්‌සන් දැල්ලන්, දෙල්, කකුළුවන් නිතර නිතර ආහාරයට ගැනීම, තේ, කෝපි, මත්පැන් පානය, සිසිල් බීම වර්ග නිතර නිතර පානය කිරිම, ටින් කළ ආහාර, කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර සුදු පැහැති පිටි වලින් සෑදු පාන්, බනිස්‌ ආදිය නිතර ආහාරයට ගැනීම, අඩුවෙන් ජලය පානය කිරීම, එක්‌ වේලක්‌ සඳහා අධික ලෙස ආහාර ගැනීම, කුසගින්න පවතින අවස්‌ථාවේදී ආහාර නොගෙන සිටීම යනාදී මෙකී හේතූන් මෙම රෝගයට ප්‍රධාන හේතු වන්නේය.

    චරක සංහිතාවෙහි, සූත්‍ර ස්‌ථානයෙහි මාත්‍රාශීතිය අධ්‍යායයෙහි දැක්‌වෙන පරිදි පුද්ගලයකුට කුසගින්න පවතින්නේ යම් ආකරයකට ද එයට උචිත වන පරිදි ආහාර ගැනීම කළ යුතු බව, එනම් මාත්‍රාවට අනුව ආහාර ගැනීම කළ යුතු බව සඳහන්ය. ආහාර තියෙනවා යෑයි පවසමින් විටින් විට ආහාර ගැනීමද මෙම රෝගය ඇතිවීමට හේතුකාරක වන්නේය.

    photos.demandstudios.com%2Fgetty%2Farticle%2F176%2F34%2F166145536_XS.jpg

    ඖෂධමය හේතු

    දීර්ඝ කාලයක්‌ තිස්‌සේ යම් යම් රෝග වේදනා නාශක ඖෂධ හා ප්‍රතිජීවක ඖෂධ වර්ග ලබා ගැනීම, වෛද්‍යමය උපදේශයකින් තොරව හිතුමතේ ඖෂධ වර්ග භාවිත කිරීම යන මෙම හේතූන් නිසා ද අම්ල පිත්ත රෝගය හට ගැනීමට හේතුවේ. මේ හේතුවෙන් ආමාශ්‍ය ග්‍රහණිය වැනි ඉන්ද්‍රියවල තුවාල හට ගැනීම හේතුවන අතර, එම තුවාල කල්ගත වූ විට ආමාශයේ හා ග්‍රහණියේ පිළිකා බවටද පරිවර්තනය වීමට පුළුවන. එවිට රෝගය අසාධ්‍ය තත්ත්වයට පත්වී අවසන්ය.

    Tablets1.jpg

    විහරණමය හේතු

    මෙහිදී ප්‍රධාන වශයෙන් සලකා බලනු ලබන්නේ පුද්ගලයාගේ ජීවන රටාව හා ක්‍රියාකාරිත්වය පිළිබඳවයි. වර්තමාන සමාජ රටාව බොහෝ සෙයින් තරගකාරී වී තිබීම මෙම රෝග තත්ත්වය ඇතිවීමට බෙහෙවින් බලපා ඇත. ව්‍යායාම නොකිරීම, ඒකාකාරී වූ ජීවන රටාවකට ගොනුවී සිටීම, අධිකව නිදි වැරීම රැකියාව පවතින්නා වූ අවිවේකිභාවය, අධිකව කාර්ය බහුලවීම හේතුවෙන් මළ, මුත්‍ර කුසගින්න හා පිපාසය දරාගෙන සිටීම යන්නාවූ මෙම හේතූන් නිසා අමාශයේ අම්ල ස්‍රාවය ඉහළ යැමෙන් (පාචකාම්ල) මෙම රෝගය ඇතිවීමට හේතුවේ.

    dating-a-very-busy-woman.jpg

    මානසික හේතු

    පුද්ගලයන්ගේ මානසික හේතු එනම් ශෝක, ක්‍රෝධය, වෛරය, ඊර්සියාව ආදී හේතූන් නිසා කුසගින්න නැතිවීම ප්‍රධාන වන්නේය. තව ද බිය, සැකය ආදී මානසික හේතූන් ද රෝග උත්පාදනයට හේතු කාරණා වෙයි. රාජකාරි අධිකවීම හේතුවෙන් ඇති වන්නා වූ මානසික අසහනයට ද තවත් එක්‌ ප්‍රධාන සාධකයකි.

    images

    සියලු ගෞරව වෛද්‍ය එම්. නෙළුම්කා ජයවීර බටබැඳි [බී. ඒ. එම්. එස්‌. (ගෞරව) කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය, යක්‌කල.] මහත්මියට හිමි විය යුතුය. උපුටා ගත්තේ මෙතනින්

    ~ හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන නිසයි දැම්මේ ~
    ~ හොඳයි නම් අනිත් අයටත් බලන්න බම්ප් කරන්න ~
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට ගැස්ට්‍රයිටීස් උපරිමේටම තිබ්බ මචෝ. ඒ ලෙවල් කරනකොට තමා හැදුනේ. :no:කොච්චර බෙහෙත් කලත් හරිගියෙනෑ. කාට පෙන්නුවත් බෙහෙත් බොනකම් විතරයි. ඊට පස්සෙ ආයි අවුල්. අන්තිමට සිංහල බෙහෙත් ගත්තා. :dull:

    ඒකෙන් නම් මචෝ නිට්ටාවටම හොඳවුනා. ඉස්සර වෙලක් මිස් වුනොත් සතියක් වත් ඉවරයි. දැන් දවසක් වුනත් නොකා හිටියට අවුලක් නෑ.:)
     
    • Like
    Reactions: ruchira55

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මට ගැස්ට්‍රයිටීස් උපරිමේටම තිබ්බ මචෝ. ඒ ලෙවල් කරනකොට තමා හැදුනේ. :no:කොච්චර බෙහෙත් කලත් හරිගියෙනෑ. කාට පෙන්නුවත් බෙහෙත් බොනකම් විතරයි. ඊට පස්සෙ ආයි අවුල්. අන්තිමට සිංහල බෙහෙත් ගත්තා. :dull:

    ඒකෙන් නම් මචෝ නිට්ටාවටම හොඳවුනා. ඉස්සර වෙලක් මිස් වුනොත් සතියක් වත් ඉවරයි. දැන් දවසක් වුනත් නොකා හිටියට අවුලක් නෑ.:)

    මං ඉන්ගිරීසි බෙහෙත් කරන්නෙ ඉස්සර ඉඳන්ම. තවම හොඳ නෑ බං. :no: :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට පී එම් දාපු යාලුවන්ටත් බලන අයටත් උදව්වක් විදියට දාන්නේ.:)

    මං බෙහෙත් ගත්තෙ මෙතනින්. තැන ඉංගිරියෙ පොලිසිය ඉස්සරහ. වෛද්‍යාචාරිනී කුමුදිකා මල්ලිකාරච්චි.

    මට නම් නිට්ටාවටම හොඳවුනා මචන්ලා උපරිමේටම තිබ්බ. හැදිල තියන අය දන්නව ගැස්ට්‍රයිටීස් උපරිමේට ගියාම තත්වෙ කොහොමද කියල.

    ඉංග්‍රිසි බෙහෙත් කොච්ච්චර කලත් හොඳ වුනේ නෑ. බෙහෙත් බොනකම් ෂේප් ඒත් වේලක් මිස් වුනොත් ආයි සතියක් වත් ඉවරයි.

    දැන්නම් නිට්ටවටම හොඳයි නොකා හිටිය සැර ජාති ඇසිඩ් ජාති කෑව කියල කේස් එකක් නෑ දැන්නම්.:)
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මට පී එම් දාපු යාලුවන්ටත් බලන අයටත් උදව්වක් විදියට දාන්නේ.:)

    මං බෙහෙත් ගත්තෙ මෙතනින්. තැන ඉංගිරියෙ පොලිසිය ඉස්සරහ. වෛද්‍යාචාරිනී කුමුදිකා මල්ලිකාරච්චි.

    මට නම් නිට්ටාවටම හොඳවුනා මචන්ලා උපරිමේටම තිබ්බ. හැදිල තියන අය දන්නව ගැස්ට්‍රයිටීස් උපරිමේට ගියාම තත්වෙ කොහොමද කියල.

    ඉංග්‍රිසි බෙහෙත් කොච්ච්චර කලත් හොඳ වුනේ නෑ. බෙහෙත් බොනකම් ෂේප් ඒත් වේලක් මිස් වුනොත් ආයි සතියක් වත් ඉවරයි.

    දැන්නම් නිට්ටවටම හොඳයි නොකා හිටිය සැර ජාති ඇසිඩ් ජාති කෑව කියල කේස් එකක් නෑ දැන්නම්.:)

    ස්තූතියි මචෝ :)
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මට ගැස්ට්‍රයිටීස් උපරිමේටම තිබ්බ මචෝ. ඒ ලෙවල් කරනකොට තමා හැදුනේ. :no:කොච්චර බෙහෙත් කලත් හරිගියෙනෑ. කාට පෙන්නුවත් බෙහෙත් බොනකම් විතරයි. ඊට පස්සෙ ආයි අවුල්. අන්තිමට සිංහල බෙහෙත් ගත්තා. :dull:

    ඒකෙන් නම් මචෝ නිට්ටාවටම හොඳවුනා. ඉස්සර වෙලක් මිස් වුනොත් සතියක් වත් ඉවරයි. දැන් දවසක් වුනත් නොකා හිටියට අවුලක් නෑ.:)

    ඔය ගැන මමත් thread එකක් දාලා තියෙනවා ,අවුරුදු 7-8 ඉන්ග්රිසි බෙහෙත් බිව්වා ,බොනකන් ටිකක් අඩුයි ,සුමානෙන් දෙකෙන් ආපහු එනවා ,පිළියන්දල පැත්තේ සිංහල බෙහෙත් දෙන තැනකින් මාස 3 විතර කසාය බිව්වා ,අද වෙනකන් ඒ වෙදතුමියට පින් සිද්දවෙන්න කිසිම අවුලක් නෑ .මචන් අපේ මිනිස්සු සිංහල බෙහෙත් බොන්න කැමති නැත්තේ කල් යන නිසා ,ඒ වගේම බෙහෙත් තම්බගන්න තියෙන අමාරුව නිසා .ඒවුනාට නාඩි බලලා ඒ බෙහෙත් දෙන්නේ එක ලෙඩකට නෙමේ ලෙඩ ගානකට. ඉන්ග්රිසි බෙහෙත් තියෙන්නේ ලෙඩේ යට යන්න මිසක් හොඳ වෙන්න නෙවේ .අනික ඒවා බිව්වම after effect ගාණක් සෙට් වෙනවා.සිංහල බෙහෙත් ඒකෙ අනික් පැත්ත ලෙඩ ගානක් හොඳ වෙනවා ,after effect නෑ.අදට උනත් අතක් පයක් කැඩුනම පත්තුව තරම් හොඳ දෙයක් නෑ.මේ ශාස්තරය රාවණ රජතුමාගේ සියා පුලතිසි ඉරිශිවරයා තමා පටන් අරන් තියෙන්නේ.එදා රසදිය වෙද කමත් තිබ්බලු.පිළිකා පවා සනීප කරන දක්ෂ අප්‍රසිද්ද වෙද පරම්පරාවල් අදටත් ඉන්නවා .
     
    :yes: ඔව් මචං මටත් දැන් මෙකට ඉන්ගිරීසි බෙහෙත් කරල ඇති වෙලා තියෙන්නෙ
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    උදේට නොකා ඉඳලා මටත් කෙල උනා. දැන්නම් උදේට අනිවා කනවා
    TFS bro
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ඔය ගැන මමත් thread එකක් දාලා තියෙනවා ,අවුරුදු 7-8 ඉන්ග්රිසි බෙහෙත් බිව්වා ,බොනකන් ටිකක් අඩුයි ,සුමානෙන් දෙකෙන් ආපහු එනවා ,පිළියන්දල පැත්තේ සිංහල බෙහෙත් දෙන තැනකින් මාස 3 විතර කසාය බිව්වා ,අද වෙනකන් ඒ වෙදතුමියට පින් සිද්දවෙන්න කිසිම අවුලක් නෑ .මචන් අපේ මිනිස්සු සිංහල බෙහෙත් බොන්න කැමති නැත්තේ කල් යන නිසා ,ඒ වගේම බෙහෙත් තම්බගන්න තියෙන අමාරුව නිසා .ඒවුනාට නාඩි බලලා ඒ බෙහෙත් දෙන්නේ එක ලෙඩකට නෙමේ ලෙඩ ගානකට. ඉන්ග්රිසි බෙහෙත් තියෙන්නේ ලෙඩේ යට යන්න මිසක් හොඳ වෙන්න නෙවේ .අනික ඒවා බිව්වම after effect ගාණක් සෙට් වෙනවා.සිංහල බෙහෙත් ඒකෙ අනික් පැත්ත ලෙඩ ගානක් හොඳ වෙනවා ,after effect නෑ.අදට උනත් අතක් පයක් කැඩුනම පත්තුව තරම් හොඳ දෙයක් නෑ.මේ ශාස්තරය රාවණ රජතුමාගේ සියා පුලතිසි ඉරිශිවරයා තමා පටන් අරන් තියෙන්නේ.එදා රසදිය වෙද කමත් තිබ්බලු.පිළිකා පවා සනීප කරන දක්ෂ අප්‍රසිද්ද වෙද පරම්පරාවල් අදටත් ඉන්නවා .
    11.gif
    11.gif
    11.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මාව අද පාන්දර 3ට ඇහැරුනා. නැගිටිනකොට බඩ පපුව පිච්චෙනවා වගේ. බඩගිනි හැදිලාම නෙවෙයි. ඉක්මනට ගිහින් කෙසෙල් ගෙඩියක් ගිල්ලා. එතකොටයි ටිකක් අඩු උනේ.
    දුක දන්නේ විදින/විදපු කෙනයි
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මාව අද පාන්දර 3ට ඇහැරුනා. නැගිටිනකොට බඩ පපුව පිච්චෙනවා වගේ. බඩගිනි හැදිලාම නෙවෙයි. ඉක්මනට ගිහින් කෙසෙල් ගෙඩියක් ගිල්ලා. එතකොටයි ටිකක් අඩු උනේ.
    දුක දන්නේ විදින/විදපු කෙනයි

    same here. පොඩි කලේ ඉඳන් :sorry: