අසහාය ලාංකික අනුරුව
සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ යාන්ත්‍රණය “අධිකරණවලින් තොර අසහාය ලාංකික අනුරුව “ විදේශ ඇමැති මංගල සමරවීර හෙලිකරයි
සැප්තැම්බර් මාසය වන විට ලෝකයේ අනෙක් රටවලට ද ආදර්ශයක් වන ආකාරයේ “සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ව්‍යුහයක්“ ආණ්ඩුව හඳුන්වා දෙන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මහජන විශ්වාසය දිනා ගත හැකි අයුරින් යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්වාස කටයුතු, සත්‍ය සෙවීමේ හා වගවීමේ යාන්ත්‍රණයක් පිළිබඳ මෙහෙයුමට නායකත්වය සපයන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලාංකික සංහිඳියා ආකෘතිය, දකුණු අප්‍රිකානු හෝ වෙනත් රටක එවන් අනුරුවක් නොවන බවය. සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ක්‍රියාවලියේ අධිකරණ යාන්ත්‍රණයට විදේශීය විනිශ්චයකරුවන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එතුමා පැවසුවේ “නිරීක්ෂකයින් හා අනුශාසකයින් ලෙසින් සහභාගීවන විනිශ්චයකරුවන් සිටිය හැකි බැවින් එවන් එක් වචනයක් මත එල්බ ගැනීම නොකළ යුතු බව මාගේ හැඟීම” බවයි.
එනමුත්, අධිකරණ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට පෙරාතුව සියලුම පාර්ශ්වකරුවන් සමඟ පුළුල් අන්දමින් සංවාද පවත්වා රටේ ජනතාවට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවට ද පිළිගත හැකි මට්ටමේ, විශ්වසනීය හා ස්වාධීන යමක් ඉදිරිපත් කරන බව ඔහු පවසා සිටියේය.
සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව
ප්‍ර :නොබෝදා නීෂා බිස්වාල් සහ ටොම් මැලිනොව්ස්කි යන සහකාර ලේකම්වරුන් මෙහි පැමිණියේ යෝජිත වගවීමේ අධිකරණ යාන්ත්‍රණය සඳහා විදේශීය විනිසුරුවන් හට ආරාධනා කිරීමට ශ්‍රී ලංකාවට බලකිරීමක් සිදුකිරීම සඳහා ද?
පි :ශ්‍රී ලාංකික අභිලාෂයන්ට ප්‍රතිවිරුද්ධ යැයි හැඟෙන යම් කාරණයක් සඳහා ශ්‍රී ලංකාව එකඟ කරගැනීමට, එක්සත් ජනපදය හෝ වෙනත් ඔනෑම රටක් තම බලය භාවිතා කරන බව පැවසීම සම්පූර්ණයෙන් ජනතාව නොමග යැවීමකි. හුදෙක් බිස්වාල් මහත්මියගේ සහ මැලිනොව්ස්කි මහතාගේ සංචාර මීට මාස කිහිපයකට පෙර සැළසුම් කරන ලද, ද්වීපාර්ශ්වික සම්බන්ධතා මත සිදු වූ සාමාන්‍ය සංචාර වේ.
මේ වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය හවුල්කාරීත්ව සංවාදය නිල වශයෙන් ආරම්භ කරන්නට යෙදිනි. ඔවුන් කලාපයේ අනෙක් රටවලද සංචාරයේ යෙදේ. එම සංචාරය කලාපීය කාරණා සම්බන්ධයෙන් සාකාච්ඡා පැවැත්වීම පිණිස වන හෙයින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ රජය යටතේ ශ්‍රී ලංකාව ලඟා කරගනිමින් සිටින අනර්ඝ ප්‍රගතිය පිළිබඳව ද යාවත්කාලීනවීමට ඔවුන්ට අවශ්‍ය විය.
ජිනීවා යෝජනාවලියේ නොයෙකුත් කොන්දේසි වලට එකඟතාව පළකිරීමට ශ්‍රී ලංකාවට බල කරනු ලබන බවට කරන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යක් මෙන්ම නොමග යවන ආකාරයේ එකකි. 2015 ජනාධිපතිවරණයේ දී, අප ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයේ 93 වන කාරණය වශයෙන් පැහැදිලිව සඳහන් කළේ, ජනාධිපතිවරයා වශයෙන් සිරිසේන මහතා තේරී පත් වුවහොත්, ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංඝණය සහ යුධ අපරාධ පිළිබඳව විවිධ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට දේශීය යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවයි. ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජිනීවා සමුළුවට යාමට පෙරාතුව, මෙම යෝජනාවලියේ පසුබිම පිළිබඳව දැන ගැනීම වැදගත් වේ.
ජාතික මෙන්ම ජාත්‍යන්තර ව්‍යසනයක් වැලැක්වීමට අපට හැකි විය. ඒ 2009 වසරේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පැමිණ, එතුමාත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අවස්ථාවේය. යුද්ධයේ අවසන් අදියරයේ දී ශ්‍රී ලංකා යුධ හමුදාවට එල්ල කරන විවිධ චෝදනා සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පවත්වන බවට ශ්‍රී ලංකාව පොරොන්දු විය. එම ප්‍රකාශය අනුව යමින්, ජිනීවා හි ශ්‍රී ලාංකික නිත්‍ය නියෝජිතවරයා දින කිහිපයකට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කළේය. 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම මෙන්ම සංක්‍රාන්තික යුක්තිය තහවුරු කිරීමේ අනෙකුත් යාන්ත්‍රණ ඇතුළු විවිධ පොරොන්දු සමගින් ඒකාබද්ධ ප්‍රකාශය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම එමඟින් යලි යලිත් තහවුරු කරන ලදී.
මේ හේතුව නිසා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව 2009 දී රටවල් බහුතරයක සහය ලබා ගත්තාය. එය පක්ෂව ඡන්ද 25ක්ද විපක්ෂව ඡන්ද 12ක්ද ලැබීමෙන් සම්මත විය. එහෙත් යෝජනාව සම්මතවීමෙන් පසුව, පැවරුනු වගකීම් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාව කිසිවක් නොකළ අතර රටේ තත්ත්වය තවදුරටත් නරක අතට හැරුණි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කථා කිරීමට හා අදහස් ඉදිරිපත් කිරීමට තරම් දිරිමත් වූ සියලු දෙනාම ත්‍රස්තවාදීන්ට සහාය දක්වන්නන් ලෙස හෝ පාවා දෙන්නන් වශයෙන් හංවඩු ගසන ලදී. 2014 වන විට ශ්‍රී ලංකාවට පක්ෂපාතී වූයේ එක්සත් ජාතීන්ගේ සංගමයේ රටවල් පහක් පමණි. ඒ වන විට සිය වාර්තාව ලිවීමටත්, ශ්‍රී ලංකා රජයේ අනුමැතියෙන් තොරව ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමටත් මානව හිමිකම් කවුන්සිලය තීරණයකට එළඹ තිබුණි.
වාර්තාව 2015 මාර්තු මාසයේ දී සභාගත කිරීමට නියමිතව තිබුණි. එම වාර්තාව සභාගත වූයේ නම්, එවක රජයේ ප්‍රධානීන් කීප දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමටත් විදේශ ගමන් තහනම් කිරීමටත් අවකාශ තිබුණි. එතකුදු වුවත්, රටේ වාසානාවට, ජනවාරි 08 වන දින නව රජය බලයට පත්විය. නව රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් මා ප්‍රථමයෙන්ම කළේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් රාඕ අල් හුසේන් කුමරු හා අනෙකුත් ප්‍රධාන පෙළේ නිලධාරීන් හමුවීම සඳහා ජිනීවා බලා යාමය.
එල්ලවී ඇති නොයෙකුත් චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අප රජය විසින් විශ්වාසනීය හා ස්වාධීන දේශීය යාන්ත්‍රණයක් පිහිටුවනු ලැබ ඇති බව අපි ඔවුන් වෙත දන්වා සිටියෙමු. මෙම යාන්ත්‍රණයේ සීමා මායිම් සකස් කර ගැනීම සඳහා අපි කල් ඉල්ලා සිටියෙමු. ඒ අනුව, අපේ මං සැලසුම් සකස් කිරීම සඳහා අවකාශ සැලසෙන පරිදි, මාර්තු මාසයේ දී සභාගත කිරීමට නියමිතව තිබුණු වාර්තාව සැප්තැම්බර් මාසය දක්වා කල් දමන ලදී. මුල් දින 100 ක කාලයක් තුළ අප ලැබු ජයග්‍රහණයන් පදනම් කරගෙන මහ කොමසාරිස්වරයා විසින් සැප්තැම්බර් මාසයේ දී නව වාර්තාව සභාගත කරන ලදී. ශ්‍රී ලංකාවේ නව දේශපාලන ගමන් මග ඔවුන්ගේ ප්‍රශංසාවට ලක්විය.
එම සැසි වාරයේ දී එක්සත් ජනපදය විසින් ප්‍රාරම්භණය කරන ලද යෝජනාව සම්බන්ධයෙන් සම අනුග්‍රාහකයත්වය දැක්වීමට ශ්‍රී ලංකා රජය තීරණය කළාය. එහෙත් යෝජනාවේ මුල් පිටපත සම්බන්ධයෙන් අපි අනුග්‍රහය නොදැක්වීමු.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව අපි සංශෝධන ඉදිරිපත් කළෙමු. ශ්‍රී ලංකාව පිළිබඳ සංශෝධිත යෝජනාව සම්බන්ධයෙන් අපි සම අනුග්‍රහය දැක්වීමේ ඓතිහාසික පියවර ගත්තෙමු. අපේ වගකීම් ඉටු කිරීමෙහි ලා දැන් අපි කටයුතු කරමින් සිටිමු. ජාත්‍යන්තර නීතිය යටතේ ජාත්‍යන්තර ප්‍රජාව වෙත අප විසින් යම් යම් වගකීම් ඉටු කිරීමට අප බැඳී සිටිමු. එහෙත් අප දැනට කටයුතු කරන්නේ අප රටේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහාය. නූතන ගතික ජාතියක් වශයෙන් ඉදිරියට ගමන් කොට විසි එක්වන වන සියවසේ අභියෝගයන්ට මුහුණදීමට නම් අප විසින් අපගේ පසුගිය කාලයේ වැරදි නිවැරදි කර ගත යුතුය.
ප්‍ර : වගකීම් පිළිබඳව යෝජිත යාන්ත්‍රණයේ දී ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන් කැඳවීමට නැවත කටයුතු කර ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් මෑතක දී කරන ලද කථාව ඔබ අර්ථාවබෝධ කරන්නේ කෙසේද ? වගකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පසුබෑමකට ලක් වී ඇතැයි ඔහු අදහස් කරන්නේ ද?
පි : යෝජනාවලිය සම්බන්ධයෙන් අප සම අනුග්‍රහය දක්වන්නේ ජාත්‍යන්තර බලපෑම නිසා නොව අප ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බව පෙබරවාරි 04 වැනි දින ජනාධිපතිතුමා ජාතිය අමතමින් සඳහන් කළේය. “මා එසේ කළේ අප රටේ කෙළෙසුණු නාමය නැවත උද්දීපනය කර ගැනීමත් සොල්දාදුවන්ගේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමත් සඳහා ඇති එකම මාර්ගය මෙය වන නිසා” යැයි ජනාධිපතිතුමා පැවසීය.
දැනට අපි සංක්‍රාන්තික යුක්තිය පිළිබඳව නොයෙකුත් යාන්ත්‍රණ ස්ථාපනය කරමින් සිටිමු. ජාතියක් වශයෙන්, පසුගිය කාලයේ සිදු වූ දේ යථා තත්ත්වයකට පත් කර ගත යුතුව ඇත. මෙම සංහිඳියා ක්‍රියාවලියේ ස්ථම්භක හතරක් තිබේ.
මින් පළමුවැන්න අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳව ස්ථාවර කාර්යාලයයි. දෙවැන්න සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයයි. මෙය දකුණු අප්‍රිකා අත්දැකීම් මත මුළුමනින්ම රඳා පවතින්නේ නැති නමුත් ක්‍රමය අධ්‍යයනය කිරීම සඳහා අපේ තාක්ෂණික කණ්ඩායම් දකුණු අප්‍රිකාවට ගොස් ඇත. තුන්වැන්න, වගකීම් පිළිබඳ ස්ථම්භකයයි. පටහැනිවීමක් සිදුවන බවක් පෙනීයන්නේ මෙහිදීය. වගවීම් යනු මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හෝ යුධ අපරාධ කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් චෝදනා සත්‍ය යැයි ඔප්පු වුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අධිකරණ ක්‍රියාවලියක් හෙවත් යාන්ත්‍රණයක් ස්ථාපණය කළ යුතු වීමයි.
ඒ සඳහා ජාත්‍යන්තර සහභාගිත්වයෙන් යුතු යාන්ත්‍රණයක් සකස් කිරීමට අප යෝජනා කර ඇත. ස්වකීය පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට වෙර දරන පිරිස් විසින් දැන් විකෘති කර හුවා දක්වන්නේත් අවභාවිතා කිරීමට උත්සාහ ගන්නේත් මෙම වචනයයි. විමර්ශනවලදී සහ අපරාධ නඩු විසඳීමෙහි ලා ජාත්‍යන්තර සහභාගිත්වය ලබාගැනීම ශ්‍රී ලංකාවට ආගන්තුක වුවක් නොවේ. හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේත් හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේත් ඝාතන විමර්ශන කටයුතු සඳහා ද අපි විදේශ විමර්ශකයන්ට ආරාධනා කළෙමු. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවා භගවතී විනිසුරුතුමා සහ ඩෙස්මන්ඩ් සිල්වා මැතිතුමා ඇතුළු විදේශීය විශේෂඥ කණ්ඩායම් පත් කරන ලද අවස්ථා තිබේ.
යම් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් දේශීය විශේෂඥ සේවා ලබා ගැනීමේ දුෂ්කරතාවයක් පවතින විටක ඒ සඳහා විදේශීය සහය ලබා ගැනීමට පෙළඹීම, රජයේ ස්ථාවරයයි. එහි කිසිදු වරදක් මට නොපෙනේ. නමුත් මතභේදයට තුඩු දී ඇති කාරණය වන්නේ යෝජිත අධිකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ දී විදේශීය විනිසුරුවරුන්ට සහභාගී වීමට ඉඩ සලසන්නේ ද යන්නයි. මෙය, සම්පූර්ණ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ එක් අංගයක් පමණි.
මේ සඳහා විදේශීය විනිසුරුවරුන් සහභාගි කර ගැනීමට තමා කැමැත්තක් නොදක්වන බව ජනාධිපතිතුමා දැනටමත් ප්‍රකාශ කර ඇත. ව්‍යවස්ථානුකූලවද එය ගැටළුකාරී විය හැක. විනිශ්චය මණ්ඩලයට විදේශීය විනිසුරුවරුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයක ඇතුළත් නොවුණ ද, යමෙකුට ශ්‍රී ලංකා අධිකරණයක විනිශ්චය මණ්ඩලයෙහි අසුන් ගැනීමට නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිය අවනතභාවය ප්‍රකාශ කිරීමේ දිවුරුම ලබා දීම අත්‍යවශ්‍ය වේ.
එබැවින් යමෙකුට විදේශීය විනිසුරුවරුන් සහභාගිකරවා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණද, එය ක්‍රියාත්මක කිරීමේ ගැටළු පවතී. අනෙක් අතට, මෙම ක්‍රියාවලිය සඳහා විදේශීය සහභාගිත්වය යම්තාක් දුරකට ලබා ගන්නා මෙන් ඉල්ලීම් කරන දෙමළ ජාතික සන්ධානය වැනි ද්‍රවිඩ ප්‍රජාවන්ගෙන් සමන්විත මධ්‍යස්ථ කණ්ඩායම් ද වෙති. නමුත් අවංකවම කිවහොත්, කනස්සල්ලට පත්වීමට හේතුවක් නැත. විදේශීය විනිසුරුවරුන් සහභාගිකරවා ගැනීම හා නොගැනීම යන මෙකී අන්ත දෙකට අමතරව තවත් බොහෝ පිළිගත හැකි විකල්ප විසඳුම් තිබෙන අතර, ඒවා පිළිබඳ සොයා බලා අවසන් නිගමනයකට එළඹීමේ අවස්ථාව තිබේ. අවසන් වශයෙන් පැවසිය යුතු කාරණය නම්, වැදගත් වන්නේ විනිශ්චය මණ්ඩලය කළුද, සුදුද යන්න නොවේ, ඔවුන් කටයුතු කරන ආකාරයයි. අධිකරණයේ විශ්වාසනීයත්වය සහ ස්වාධීනත්වය තහවුරු කිරීම මගින්, එය සියළුම පාර්ශ්වයන්ට පිළිගත හැකි තත්ත්වයකට පත් කෙරෙනු ඇත.
අප විසින් දැනටමත් සාමාජිකයන් එකොළොස් දෙනෙකුගෙන් යුතු කාර්ය බලකායක් පත්කොට, ඒ හරහා උපදේශණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත්තේ මේ නිසාය. මෙම කාර්ය බලකාය දැනටමත් විවිධ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් සිටී. උතුරේ ජනතාව සමඟ පමණක් නොව, දකුණෙ ද සන්නද්ධ සේවා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්, ආගමික නායකයන් සමඟ ඔවුන් සාකච්ඡා පවත්වනු ඇත. සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව, පිළිගත හැකි, විශ්වාසනීය හා ස්වාධීන වූ යම් විසඳුමක් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
ප්‍ර : කාර්ය බලකාය විසින් අතුරු වාර්තාවක් එළි දක්වා තිබේද?
පි : නැත. සැප්තැම්බර් හෝ ඔක්තෝබර් වන විට අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. යාන්ත්‍රණයන් ක්‍රියාවට නැංවීම සිදුකළ හැකි වන්නේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. එය රහසිගතව සිදු නොකෙරෙනු ඇත. අප විසින් පත් කිරීමට බලාපොරොත්තු වන අධිකරණ යාන්ත්‍රණයේ ස්වභාවය පිළිබඳව අවසාන තීරණයකට එළඹෙන්නේ ඒ පිළිබඳව මහජනතාව වෙත හෙළිදරව් කොට, සංවාදයකට බඳුන් කිරීමෙන් අනතුරුවයි.
වහ වහා කළයුතු හා පහසුවෙන් ඉටුකළ හැකි කාර්යයන් අප විසින් දැනටමත් ආරම්භ කර තිබේ. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර, එය පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත. එමෙන්ම සැප්තැම්බරයේ දී “උපදේශන වාර්තාව” එළි දැක්වු පසුව, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට ද අපි බලාපොරොත්තු වෙමු. කෙසේ වුවද, අධිකරණ යාන්ත්‍රණය ස්ථාපනය කිරීමට පෙර පුළුල් පරාසයක සංවාද පැවැත්වීමට අපේක්ෂා කරන අතර, අවසානයේ දී , මා විසින් මීට පෙර ද සඳහන් කළ පරිදි ස්වාධීන, විශ්වාසනීය සහ සියලුම පාර්ශ්වයන්ට පිළිගත හැකි ආකාරයේ විසඳුමක් ඉදිරිපත් කෙරෙනු ඇත.
ප්‍ර : විනිසුරුවන්ගේ “සහභාගිත්වය” හා “ ඔවුන් විනිශ්චයාසනයෙහි අසුන් ගැනීම” යන කාරණා දෙකක්ද ? නොඑසේ නම් ඉන් අදහස්වන්නේ එකම කාරණයද ?
පි : තාක්ෂණික ගැටළු තිබේ. විදේශීය විනිසුරුවරුන් ලබා ගැනීම අවශ්‍ය වන්නේ නම් ව්‍යවස්ථාමය සංශෝධනවලට පවා යාමට සිදුවනු ඇත. අප විසින් විසඳාගත යුතු කාරණා වන්නේ මේවාය.
නිරීක්ෂකයන් හෝ උපදේශකවරුන් ලෙස විනිශ්චයකරුවන්ට සහභාගී විය හැකි. එහෙයින්, අපි එක් වචනයකින් තිගැස්සීමේ අවශ්‍යතාවයක් ඇතැයි මම නොසිතමි. නමුත් මෙමගින් දෙමුහුන් අධිකරණය නියත වශයෙන්ම නිරර්ථක බව කියා පායි. ඒ ගැන කථා කරන පුද්ගලයන් එය කුමක් ද යන්න නොදනී. මීට පෙර ලෝකයේ ස්ථාපිත කර ඇති දෙමුහුන් අධිකරණ සියල්ලම ස්ථාපිත කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගිනි. ප්‍රශ්ණගත රටට විනිශ්චයකරුවන් කිසිවෙකු නම් කිරීමට නම්‍යශීලිභාවයක් නොතිබිනි. නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකා බලන කළ, සියලුම විනිශ්චයකරුවන් පත් කිරීමට බලය අප සතුව තිබේ. වෙනත් කිසිදු රටක් මීට මැදිහත් නොවූව ද මිනිසුන් රැවටීමට හෝ අපිව තෘප්තිමත් කිරීමට හෝ වෙනත් ආයතනයක් අපිට පත් කළ නොහැකිය.
අනාගතයේ දී වෙනත් රටවල් වලට භාවිතා කළ හැකි සංක්‍රාන්තික යුක්තිය සඳහා ආකෘතියක් ශ්‍රී ලංකාවට සැකසිය හැකි බවට මම විශ්වාස කරමි.
ප්‍ර : මෙම යාන්ත්‍රණයේ දී විදේශීය විනිසුරුවරුන් ලබා ගැනීම පිළිබඳව මහජනතාවගෙන් දැඩි විරෝධයක් පවතින අවස්ථාවක රජය ගනිමින් සිටින විකල්ප මොනවාද?
පි : මම ඉහතින් සඳහන් කළාක් මෙන්, වැදගත්වන විදේශීය සංරචකය එය නොවේ. එය විදේශීය, දේශීය හෝ කළවම් යන ඒවායින් කුමක් වුවද විශ්වාසදායි සහ ස්වාධීන එකක් විය යුතුය. එය විශ්වාසදායි සහ ස්වාධීන එකක් බව අපි තහවුරු කරන්නෙමු. ඇත්තෙන්ම, අපිට එසේ කිරීමට අවශ්‍යය විශේෂඥභාවය නොමැති බව හැඟී යන හෙයින් සියලුම මට්ටම්වලදී ජාත්‍යන්තර සහභාගිත්වය ද අපි ලබා ගනු ඇත.
පසුගිය වසර 10 තුළදී අපගේ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව විශ්වාසයක් නොතිබුණ බව අපගේ මතකයට ලඟා කර ගැනීමට සිදු වෙයි. එය පූර්ණ වශයෙන් දේශපාලනීකරණය විය. එක් අග්‍ර විනිශ්චයකාරවරයෙකු ගෙදර යවන ලද අතර, රජය සමඟ කටයුතු කරන ලෙස විනිසුරුවරුන්ට බලපෑම් කරන ලදී. ලෝකයේ 50 වැනි හා 60 වැනි දශක වලදී පැවති අධිකරණ අතුරින් ශ්‍රී ලංකාවේ පැවති අධිකරණය වඩාත් ගෞරවනීය තත්ත්වයට පත් අධිකරණයක් විය.
අපගේ අධිකරණය පිළිබඳව මෙම රටේ පුරවැසියන්ට හා ලොව අන් රටවලට තිබූ විශ්වාසය බිඳ වැටී තිබුණි. නමුත් 19 වැනි සංශෝධණයට පින් සිදුවන්නට දැන් තත්ත්වය වෙනස් වී තිබේ. එසේ වුවත්, වසර 10 ක දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් පසුව, ශ්‍රී ලංකාව ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කර තිබෙනවා යන කාරණය තහවුරු කිරීමට යම් කාලයක් ගත වනු ඇත.

Last edited: