අසහාය_පෞරුෂයකින්_හෙබි_"සිංහල_බෞද්ධයා"

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    අසහාය_පෞරුෂයකින්_හෙබි_"සිංහල_බෞද්ධයා"


    අසහාය පෞරුෂයකින් හෙබි "සිංහල බෞද්ධයා" - අනගාරික ධර්මපාල තුමා. (1864 - 1933)


    10011397_10152165779388687_9094517158777609774_n.jpg
    10325282_10152165779383687_8669107581474207743_n.jpg


    ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙක් වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ හෙවත් අනගාරික ධර්මපාල තුමාගේ 81 වෙනි ගුණ සමරුව වෙනුවෙන් තබන සටහනක්..
    ------------------------------------------------------------------------
    ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණ ය. එහෙත් වීරෝදාර ශ්‍රේෂ්ඨයන්ගේ ප්‍රමාණය අල්පය. සැබවින්ම ඔවුන්ගේ සුලභකමක් වේ නම් විශේෂත්වයක් ද නැත. වර්තමාන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්‍යපණය ආදී විවිධ ක්ෂත්‍රයන්හි ප්‍රබෝධයේ පුරෝගාමී වූයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ය. එතුමා සිය වස්තුවද, ජීවිතය ද ඒ සියල්ල වෙනුවෙන් කැප කරන්නට අධිෂ්ඨාන කර ගත්හ.
    ------------------------------------------------------------------------
    ධර්මපාලතුමා උපන්නේ අදට වඩා බෙහෙවින්ම වෙනස් වූ යුගයක ය. විදේශීය ආධිපත්යයෙන් රට ජාතිය, ආගම, සංස්කෘතිය, සභ්යත්වය දෙදරුම් කෑ යුගයක පන්සල, පිරිවෙන, භික්ෂූන් වහන්සේ ජනතාවගෙන් ඈත් කරන්නට කටයුතු කළ අවධියක, විමුක්ති සටන් කුරිරු ලෙස වර්ධනය කරමින් දේශපේරමීන්ගේ ඉඩම් පවරා ගනිමින් ජනතාව අසරණ වී කරන ලද වකවානුවකදී ය. කොටින්ම කියතොත් සිංහලකම, බෞද්ධකම සහ මුලින්ම විනාශ කරමින් අධිරාජ්යවාදයෙන් මහා පීඩනයට පත් කාලයක ය. එබඳු අවස්ථාවක දේශපේර්මී ජාති හිතෛෂියකු හිස ඔසවා නැඟී සිටිමින් කටයුකු කරනවා යනු ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සැබවින්ම අප කථානායක අනගාරික ධර්මපාලතුමාට ගෙන යෑමට සිදු වූයේ බරපතල සටනකි.

    කීර්තිමත් වෙළෙඳ ව්යාපාරිකයකු වූ බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළට 1864 සැප්තැම්බර් 17 දින උපන් මේ පින්වත් කුමරා ඩේවිඩ් යන නාමයෙන් හැදුණේ වැඩුණේ, පසු කළ එම අපර නාමයෙන් බැහැරව ධර්මපාල නාමයෙන් හැඳින්වෙමින් “ශ්රී මත් අනගාරික ධර්මපාල” නමින් ලෝකප්‍රකට ශ්‍රේෂ්ඨ නායකයා වූයේ ය.

    පිටකොටුවේ ශාන්ත මේරි, කොටහේනේ ශාන්ත බෙඩනඩික්ට්, මෝදර ශාන්ත තෝමස් ආදී විදුහල් තුළින් අධ්යාපනය ලබමින් කිතු දහම පිළිබඳව මනා අවබෝධයක් ලැබීය. සෙනසුරාදා දිනයන්හි කොටහේනේ දීපදුත්තාරාමයට ගොස් වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද ඛ්ඹ්මිපාණන්ගේ ව්යක්ත දේශනවලට සවන් දෙමින් කිතු දහමත් බුදු දහමත් අතර වෙනස මැනවින් තේරුම් ගත්තේ ය.

    පිටකොටුවේ පුස්තකාලයෙන් සිය දැනුම පුළුල් කර ගත් ඔහු අනුන්ට නොකළ හැකි දේ කරන්නට අනුන් නොයන මඟ යන්නට තැත් කළ එඩිතර තරුණයකු විය. ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කළ ඩේවිඩ්, රජයේ ලිපිකරුවකු බවට පත් ව කටයුතු කළේ ටික කලකින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය තකා කටයුතු කිරීමේ අවශ්යතාව සිය මවුපියනට ලියා යවමින් රැකියාව ද අත් හරිමින් ධර්මපාල යන නාමය ගනිමින් ලෝකසත්වයාගේ යහපත සඳහා සිය ජීවිතය කැප කළේ ය.

    වර්ෂ 1880 මැයි 17 වන දින එතුමන්ට ජීවිතයේ වැදගත් දිනයක් වූයේ එතුමාගේ ගමන්මග හා දැඩිව බැඳුණු සෙන්පති ඕල්කට් තුමා හා බිලැට්මිස්කි මැතිනිය ගාලු වරායෙන් ලංකාවට සම්ප්‍රාප්ත වීමය. ඕල්කට්තුමා බෞද්ධාගමික ප්රබෝධය පිණිස රටපුරා කළ සංචාරයේ දී ඔහුගේ ඉංගී්රසි කථා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යට ඉදිරිපත් වූයේ ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා ය. බුද්ධගයා ශුද්ධ භූමිය හින්දුන් විසින් අත්පත් කොට බුදු රූ ඇතුළු බෞද්ධ වස්තූන්ට කළ හානිය, නිග්රහය ධර්මපාලතුමා තුළ සංවේගය උපදවන්නක් විය.

    1891 මාර්තු 18 දින කල්කටාවට පැමිණි බුරුම බෞද්ධයන් බුද්ධගයාව බේරා ගැනීමට පොළඹවා ගනු පිණිස එතුමා බුරුමය බලා පිටත් විය. 1891 මැයි 31 විද්යෝදය පිරිවෙණේ බුද්ධ ගයා මහා බෝධි සමාගම ඇරඹුයේ බුද්ධගයාව බේරා ගැනීමේ ජාත්යන්තර උත්ඝෝෂණයක් ඇරැඹීමට ය. 1891 ජූලි 17 බුද්ධගයා ධර්මදූත සේවයේ නායකයා ලෙස ඉන්දියාවට ගොස් එහි බුද්ධගයා ජාත්යන්තර බෞද්ධ සාකච්ඡාවක් කැඳවීය. කල්කටා මහා බෝධි සමාගම ඇරැඹූ එතුමා 1891 මැයි මස මහාබෝධි සඟරාව, ඇරැඹීය. ලොව තවත් රටවල මහා බෝධි සමාගම් ද පිහිටුවීය. 1893 සැප්තැම්බර් මස චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිව කළ දේශනය අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීය. නොයෙක් රටවල සංචාරය කළ එතුමා ජපානයේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ පස්වසරක්ම එහි ධර්ම ප්‍රචාරයේ නියැලුණේ ය. ලක්දිව පුරා සංචාරය කරමින් සිංහල බෞද්ධයන් පුබුදු කළ එතුමා නිදා සිටි සිංහලයාගේ, බෞද්ධයාගේ ආත්ම ශක්ති අවදි කිරීම අතිශය වැදගත් කරුණක් විය.

    1906 ඇරැඹුණු “සිංහල බෞද්ධයා” පත්තරය ද මෙකල නතර විය. 1915 ජූනි මාසයේ දී එතුමා කල්කටාවේ දී සිරභාරයට ගන්නා ලදී. 1922 දී යළි සිංහල බෞද්ධයා ඇරැඹුණු අතර, ලංකාවේ බෞද්ධයන් නගා සිටුවමින් ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික ප්රබෝධයට ඇප කැපවෙමින් පුරෝගාමී වූයේ ය. 1931 දී අවසන් වරට ලංකාවෙන් පිටවී ගිය එතුමා 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේ දී බෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි බිමට පත්ව 1932 දී උපසම්පදාව ද ලැබීය. 1933 වන විට ශරීර ශක්තිය දුර්වල නමුත් බුද්ධගයාව බේරා ගැනීමේ කටයුතු පිළිබඳව කි්රයා කළේ ය. 1933 අපේර්ල් 29 දා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා මෙලොවින් තුරන්වූයේ තථාගත ධර්මය ලොව ප්‍රචලිත ඛ්ලම සඳහා මතු යළි උපදින්නෙමිය යන උත්තරීතර අදහස ද ඇතිව ය.

    කල්කටාවේ අග්‍රවිනිශ්චකාර ශ්‍රීමත් මහ්මථනාථ මුඛර්ජි මහතා ධර්මපාල තුමාගේ ධර්ම ප්‍රචාර සේවාව ධර්මාශෝක රජුගේ ධර්ම ප්රචාර සේවයට පමණක් දෙවැනි යැයි සඳහන් කරයි. සමාජය සකස් කරන්නට ධර්මපාල තුමා මුළු රටපුරාම ගියේ ය. “රහමෙර පානය කරන්න එපා ගෙරි මස් කන්න එපා” කියමින් රට පුරා යමින් ජන හදවත් අවදි කළ එතුමා “ගොන්තඩියා, වල් බූරුවා” වැනි ආමන්ත්‍රණ යෙදුවේ හුදෙක් මිනිසුන් ගැන කරුණාව නිසාම ය. යුරෝපීයයන්ට බියෙන් මුළුගැන්වුණු සිංහල ගැමියා තුළ තිබූ එම බිය තුරන් කිරීමට ධර්මපාල තුමා උපක්රමශීලීව කටයුතු කළේ ය. මත්පැන් පානයෙන් රට විනාශ වී යෑම ගැන රටවැසියන්ට දැඩි ලෙස අවවාද දුන් එතුමා සුරා යකාගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි හඬ නැංවීය.

    අන්ධ ලෙස බටහිර අනුකරණය කිරීම ගැන සිංහලයන්ට දොස් පැවරූ එතුමා ජාතික සිරිත් විරිත් වල අගය පෙන්වාදුන්නේ ය. ඇඳුම්, පැළඳුම්, චාරිත්ර, වාරිත්ර, කෑම බීම මේ ආදී සෑම කරුණක් ගැනම පෙන්වා දුන්නේ ය. ජාතියක් ලෙස නැඟී සිටීමට අවශ්ය දේශීය කර්මාන්ත ව්යාපාර ගැන පැවසූ එතුමා විවිධ කර්මාන්ත පුහුණුව සඳහා සිංහලයන් ජපානයට පිටත් කරලීය. පේෂ කර්මාන්තය ආදී කර්මාන්ත ඇරැඹීමට එතුමා මුල් විය. ජාතික අර්ථකථනයක් ගොඩ නඟා නැගීමට එතුමා මහත් සේ දායක විය.

    එතුමාගේ සටන අංශ රැසක් කරා පැතිර ගියේ ය. ආගමික අංශය එහිදී ඉහළින්ම කැපී පෙනිණි. අධ්යාපනය ලැබීමේ උවමනාව ජාතිකත්වය අධිරාජ්ය විරෝධී ආකල්ප ඒ අතර ප්රමුඛ විය. අදට වඩා බෙහෙවින් වෙනස් වූ යුගයක එතුමා තම අදහස් කි්රයාත්මක කරන්නට පුදුමාකාර ප්රයත්නයක් දැරී ය. දූරදර්ශී විචක්ෂණ නුවණින් ක්‍රියාකළ මේ උදාරතර සිංහලයා, නොවන්නට අද දඹදිව බෞද්ධ උරුමය ලොවටම අහිමි වනු නියත ය. ධර්මාපාපතුමාගේ මහත් වූ සේවය අගැයීමට එය පමණක් වුවද සෑහේ. සිංහල ජනතාවට, ශ්‍රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝක ජනතාවට අත්යුදාර මෙහෙයක් ඉටු කළ මෙම ශ්‍රී ලාංකික යුග පුරුෂයා ලෝක බෞද්ධ ජනතාවටම සේවය කර වර්ෂ 1864 අද වැනි දිනක දැයෙන් සමුගන්නා ලදී.


    උපුටා ගැනීම: ශ්‍රී දළදා මාලිගාව
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    බුදු සරණයි!!

    Repped +++++++

    TFS
    rep +3



    බුදු සරණයි.:)

    +rep.


    බුදු සරණයි!!
    Rep 5+


    theruwan saranai

    තෙරුවන් සරණයි!

    ඔබ සැමටත් තෙරුවන් සරණයි!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමහර පොන්ස් ලා මේවගේ උදාර පුද්ගලයෙක්ට ජාතිවාදියා කියනවනේ
    ලංකාවේ කරුමය
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මරුසිරා;17103698 said:
    රේප් +5

    බොහොම ස්තුතියි.

    රෙප් ඉවරයි. හෙට දෙන්නම්.

    theruwan sarani

    good post


    සමහර පොන්ස් ලා මේවගේ උදාර පුද්ගලයෙක්ට ජාතිවාදියා කියනවනේ
    ලංකාවේ කරුමය


    tfs mate..

    rep added

    ඔබ සැමටත් තෙරුවන් සරණයි..!