අසාද් සාලි ඉල්ලා අස්වීම භාරදෙයි
අසාද් සාලි ඉල්ලා අස්වීම භාරදෙයි
මේක ඇත්තද?
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා අද (03) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවයි.
----------------------------------
ජනපතිගේ තීරණය විශේෂ නියෝජිතයෙකු හරහා දැනුම් දෙයි
(03-06-2019 08:20)
අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉහළ පෙලේ නිලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තා වුණා.
අද (03) දහවල් 12.00ට පෙර ආණ්ඩුකාර අසාද් සාලි වහාම ඉවත් වීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සිය අමාත්‍ය ධූරය පිළිබඳ තීරණයක් ගතයුතු බවත් ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු මාර්ගයෙන් දැනුම් දී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.
මේ අතර මීට පෙර වාර්තා වුණේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (02) සවස භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් nethnews.lk වෙත ප්‍රකාශ කර සිටි බවයි.
http://nethnews.lk/article/66994

දැන් Arrest කරන්න තියෙනෙ.
එළියට එන්න අමාරුයිම වගේනම් ලෝකෙ නැති අසනීප ඔක්කොම හැදෙනවා...