අසාද් සාලි නිදොස් කොට නිදහස් කරේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
    කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම තීන්දුව ලබා දුනි.
    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරු විසින් ජාතීන් හෝ ආගම්වලට පවතින සංහිඳියාව බිදී යන ආකාරයෙන් හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකර ඇති බව ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇති බවය.

    ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා තීන්දු කළේය.

    ඉකුත් මාර්තු මස 09 වනදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අසාද් සාලි මහතා විසින් "අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ හදිසියයි හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ" යනුවෙන් ප්‍රකාශයක් සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් අසාද් සාලි මහතාට එරෙහිව ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කොට තිබුණි.

    මෙම ප්‍රකාශය තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ එම අධිචෝදනා ගොනු කර තිබුණි.

    http://sinhala.adaderana.lk/news/161129/අසාද්-සාලි-නිදොස්-කොට-නිදහස්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    කෝ යකෝ සරත් කිව්වෙ අතඩන්ගුවට ගන්නෙ ආයෙත් ඇප දෙන්න නෙමෙයි නීතී ප්‍රතිපාදන ඔක්කොම බලල කියල. බලන් යනකොට පොලීසිය දන්න නීතී වැරදිද?
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බයියන්ගෙ තිබ්බ අන්තිම තුරුම්පුවත් හබක්..බලමු ඊළග ඩ්‍රාම ඵක මොකක්ද කියලා..🤣🤣
     
    • Haha
    Reactions: malakadss

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    mainata puduma kaadarakamak thiyenne thambi chanda walata
    konath kapaagai thambi chanda wenuwen
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කෝ යකෝ සරත් කිව්වෙ අතඩන්ගුවට ගන්නෙ ආයෙත් ඇප දෙන්න නෙමෙයි නීතී ප්‍රතිපාදන ඔක්කොම බලල කියල. බලන් යනකොට පොලීසිය දන්න නීතී වැරදිද?
    පොර කියපු එක හරිනෙ බං. ඇප දීල නෑනෙ.. 🤣🤣🤣🤣
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,106
    22,193
    113
    ගම මහනුවරයි
    Cat King GIF
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    😳 හිනා නෙමේ බ්‍රො අඩන්න ඔනේ. නීතිය අවිනීත කරන රාජ හොරු. (මාත් 69 කෙනෙක් උනා නේ. 😒)
     
    • Haha
    Reactions: SLK_sri

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,436
    113
    මම දන්න දාර බයියෙක් ඉන්නව උෟත් කිය කිය හිටියේ මේ අාණ්ඩුවෙන් බදුර්දීන්,අසාද් සාලි හිරේ දැම්ම ඵක ගැන හෙන ලොකුවට.රටටම කිරි ඉතිරෙයි වගේ තමා කථා කරේ.බදුර්දීන් ඵළියට දැම්මහම කිව්ව අා කමක් නෑ අැතුලෙ කාලයක් හිටියනේ අසාද් සාලිට නම් බේරිල්ලක් නෑ..උෟ තමා පාස්කු ප්‍රහාරයටත් සම්‍බන්ධ කියල..මම මේක දැක්ක ගමන් උෟට WhatsApp කරා.ඒක බලල ඒ වුනාට රිප්ලයි කරේ නෑ.. :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    D
    මම දන්න දාර බයියෙක් ඉන්නව උෟත් කිය කිය හිටියේ මේ අාණ්ඩුවෙන් බදුර්දීන්,අසාද් සාලි හිරේ දැම්ම ඵක ගැන හෙන ලොකුවට.රටටම කිරි ඉතිරෙයි වගේ තමා කථා කරේ.බදුර්දීන් ඵළියට දැම්මහම කිව්ව අා කමක් නෑ අැතුලෙ කාලයක් හිටියනේ අසාද් සාලිට නම් බේරිල්ලක් නෑ..උෟ තමා පාස්කු ප්‍රහාරයටත් සම්‍බන්ධ කියල..මම මේක දැක්ක ගමන් උෟට WhatsApp කරා.ඒක බලල ඒ වුනාට රිප්ලයි කරේ නෑ.. :(
    Apan plz reply kiyala
     
    • Haha
    Reactions: SLK_sri