රේස් එක පදින හැම bike එකටම and car එකටම timing lap කියල එකක් තියනවා. ඒක තියෙන්නේ බොහෝවිට race day එකට කලින් දවසේ. එදාට හැම bike එකටම නියමිත වට ගානක් තනි තනිව race track එකේ යන්න දෙනවා. මෙතැනදී බලන්නේ timing එක විතරයි. සෝ කාටවත් අවාසියක් නැහැ. නියමිත වට ගණන ඉවර උනාම එක වටයක් ඉවර කරන්න තමන් ගත්ත අඩුම කාලය ඒ පුද්ගලයාගේ timing එක කියල ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඒ timing වල අනුපිලිවෙලට තමයි race day එක දවසේ පිළිවෙල සකස් කරන්නේ. තමන් timing වලට use කරපු වහනෙම තමයි race එක පදින්නත් ඕනි.