අසාර්තකත්වය තුලින් සර්තක වූ මාවන්

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    අසාර්තකත්වය තුලින් සාර්තක වූ මාවන්

    hnvwqRl.jpg


    ශ්‍රී ලංකාවෙන් බිහි වූ තාක්ෂණයෙන් පිරිපුන්ම පිතිකරුවා කවුරුන්දැයි ඇසුවොත් ඕනෑම අයෙකුට එක වරම මතකයට නැගෙන්නේ, මාවන් අතපත්තු බවට කිසිම සැකයක් නැහැ. ඔහුගේ පිතිකරණ විලාශය ඒ තරම්ම තාක්ෂණයෙන් අනූනයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5502 ක්ද එක්දින ලකුණු 8529ක්ද වාර්තා කිරීමට මාවන් සමත් වූ අතර ඔහුගේ නායකත්වය යටතේ මව්බිමට ජයග්‍රහණ රැසක් අත් කර දීමට ද සමත් වුණා.



    ඇත්තෙන්ම ඔහු තම මව්බිමට අභිමානයක් ගෙන දෙමින් මව්බිම වෙනුවෙන් තම යුතුකම ඉටු කිරීමට සමත් වූ අතිශය සාර්ථක පුද්ගලයෙක් බවට පත් වී හමාරයි. නමුත් මාවන්ගේ සාර්ථකත්වයේ කතාව ඔබ සිතන තරම් මිහිරි අද්දැකීම් වලින් පිරිපුන් එකක් නොවේ. මාවන් ඔහුගේ සාර්ථකත්වය වෙනුවෙන් කළ කැපකිරීම, සාර්ථකත්වය හඹා යන, සාර්ථක පුද්ගලයෙක් වීමට දැඩි උවමනාවක් ඇති බොහෝ දෙනෙකුට පාසලකින් හෝ විශ්වවිද්‍යාලයකින් කිසිදා ඉගෙනීමට නොලබන ඉතා වටිනා පාඩමක් කියාදෙනවා. සාර්ථකත්වයට පත් වීමට දැඩි ලෙස කැපවුවත් ඒ හැම විටම ඔබට අත් වූයේ පරාජය පමණක් නම්, නැවත වරක් උත්සාහ කීරීමට පෙර මාවන්ගේ සාර්ථකත්වයේ කථාව වරක් සිහියට නගා ගන්න.

    සාර්ථකත්වයට පත් වීමට දැඩි උවමනාවක් තිබේ නම්, පරාජය වීම් හමුවේ කිසි කලෙකවත් සාර්ථකත්වය යටපත් නොවනු ඇත.

    මේ මාවන්ගේ සාර්ථකත්වයේ කතාවයි

    1990 දී වයස අවුරුදු 20 වූ මාවන්ට ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරගයට සහභාගී වීමට අවස්ථාව උදාවෙනවා. එම තරගය ඉන්දියාවට එරෙහිව පැවැත් වූ අතර මාවන් අංක 07 පිතිකරු ලෙස පිටියට පිවිසියා. නමුත් ඔහුගේ පළමු ඉනිමේදීම කිසිදු ලකුණක් වාර්තා කිරිමට ඔහුට නොහැකි වුණා. නැවතත් දෙවැනි ඉනිමේදි ඔහුගේ අවස්ථාව උදාවුණා. පළමු ඉනිමේ අසාර්ථකත්වයෙන් ගැලවීමට හා කණ්ඩායමේ තවදුරටත් රැදී සිටීමට ඔහු උපරිමයෙන් මෙම ඉනිම ක්‍රීඩා කල යුතු වුණා. එහෙත්අවසනාවන්ත ලෙස එම ඉනිමේදීත් ඔහුට එක් ලකුණක් හෝ ලබා ගැනීමට නොහැකි වුණා. ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා.



    පළමු තරගයේ අසාර්ථක වීම හමුවේ මාවන් ඔහුගේ සිහිනය අත් හැර දැමීමට කිසිසේත් සිතුවේ නැහැ. ඒ වෙනුවට ඔහු පුහුණු වීම් සඳහා දැඩි ලෙස කැපවුණා. මේ හේතුවෙන් පළමු පෙළ තරඟවලදී ලකුණු අතරට පිවිසීමට මාවන්ට හැකිවුණා. පළමු පෙළ දැක්වූ දක්ෂතා නිසා මාස 20කට පසු නැවතත් මාවන්ට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරිමට දෙවන අවස්ථාවක් උදාවුණා.

    තරඟයේ පළමු ඉනිම මාවන්ට ඉතා වැදගත් එකක් වුණා. මේ අවස්ථාවේ ඔහු දැඩි උත්සාහයක නිරත වුවත් ප්‍රතිඵලයේ වෙනසක් සිදු වුණේ නැහැ. මාවන් නැවතත් ලකුණු 0 කට දැවීගියා. තරඟගේ දෙවැනි ඉනිම, දක්ෂතා දැක්වීමට ඔහුට තිබුණු අවසන් අවස්ථාව වුවත් එම ඉනිමේදී මාවන්ට ලබා ගැනීමට හැකි වුණේ එක් ලකුණක් පමණයි. මාවන්ට නැවතත් කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා.



    ක්‍රිකට් ක්‍රීඩකයකුට මේ තරම් වේදනාකාරී අත්දැකීමක් තවත් නැති තරම්. ක්‍රිකට් සිහිනය අතහැර දැමීමට පාරාජිතයෙකුට නම්, මේ වේදනාකාරී අත්දැකීම හොදටම ප්‍රමණවත්වනවා. එහෙත් මාවන්ගේ දැඩි උවමනාව පරාජය කරන්න ඒ අසාර්ථකවීම් කිසිසේත්ම ප්‍රමාණවත් වුයේ නැහැ. ඔහු නැවතත් දැඩි කැපවීමෙන් පුහුණු වීම් ඇරඹුවා. පළමු පෙළ තරඟවල දී නැවතත් ලකුණු අතරට පිවිසියා. මේ දක්ෂතා නිසා මාස 17කට පසු මාවන්ට නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට මහත් අශාවෙන් බලා සිටි අවස්ථාව උදාවුණා.

    මේ ඔහුගේ තුන්වන අවස්ථාවයි. මේ අවස්ථාවෙදීත් ඔහුට ඉනිම දෙකේම පිතිකරණයේ යෙදීමට අවස්ථාව හිමි වුණා. මේ අවස්ථාවෙන් ඔහු උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ඇතැයි ඔබ සිතනවාද? ඇත්තෙන්ම නැහැ. මේ තරඟයේදීත් ඔහුට පෙර පරිදිම ඉනිම දෙකේදීම ලකුණු නොලබාම දැවීගියා. නැවතත් ඔහුට කණ්ඩායමෙන් ඉවත් වන්නට සිදුවුණා.

    මේ තරම් අසාර්ථක වීම් සාමාන්‍ය අයෙක්ට සිදු වුණා නම්, සිදුවන්නේ උත්සාය අත්හැර දැමීමයි. නමුත් මාවන්ට තිබුණේ සාමාන්‍ය සරල සිහිනයක් නොවේ. ඔහු සිහිනය අතහැර දැමීම වෙනුවට අසාර්ථකත්වයට හේතු සොයන්නට පටන් ගත්තා. ඔහුගේ අඩුපාඩු ටිකෙන් ටික මතුකර ගැනීමට ඔහු සමත් වුණා. ජාත්‍යන්තර මට්ටමේ තරගවලට සරිලන අයුරින් පිතිකරණයේ තාක්ෂණය වර්ධනය කරගත යුතු බවත් ඊට අදාලව මානසික මට්ටම වර්ධනය කරගත යුතු බවත් ඔහු නිගමනය කළා. අඩු පාඩු හදුනාගත් මාවන් නැවතත් ඔහුගේ අරමුණ වෙනුවෙන් වැඩ ඇරඹුවා. පිතිකරණයේ තාක්ෂණය වර්ධනය කරගැනීම උදෙසා උපරිම උත්සාහයක නිරත වුණා.

    වසර තුනකට පසු ඔහුගේ කැපවීමට ප්‍රතිඵල ලැබෙන්නට පටන් ගත්තා. නැවතත් ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවුණා.

    ටෙස්ට් තරඟයක ලකුණක් වාර්තා කිරීමට වසර ගණනක් තිස්සේ බලා සිටිමින් දැඩි වෙහෙසක් දැරූ මාවන් ඒ වන විට පිතිකරණ තාක්ෂණය අතින් ඉතා ඉහල මට්ටමටක පැමිණ සිටියා. ඒ හේතුව නිසාම මාවන් එම තරගයේදි ලකුණු අතරට පිවිසියා. එක් ටෙස්ට් ලකුණක් වෙනුවෙන් වසර 6 ක් බලා සිටීමට සිදුවූ ඔහු අවසානයේ ශතක 16ක් හා ද්විත්ව ශතක 06 ද අතුලත්ව ශ්‍රී ලංකාවෙ වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 ඉක්මවා වාර්තා කළා. පසුව කණ්ඩායමේ නායකත්වය දක්වාම ගමන් කළ ඔහු ටෙස්ට් හා එක්දින තරඟ විශාල ප්‍රමණයක් ජයග්‍රහණය කිරීම උදෙසා කණ්ඩායමට නායකත්වය ලබාදීමට සමත් වුණා.

    vbWyiS6.jpg


    ඔබ කොයි තරම් දුරට අසාර්ථකවීම් හමුවේ නොසැලී සිටිය හැකි අයෙක්ද? අවුරුදු 06ක් පසුබෑම් වලට හා පරාජයන්ට ලක්වෙමින් එකම අරමුණක් වෙනුවෙන් මෙසේ කැපවී වැඩකල හැකිද? ඔබට එසේ නොහැකි නම් ඔබත් ලෝකයේ ඉතා සුළු ප්‍රමණයක් වන සාර්ථක පුද්ගලයින් ගොඩට එක් වීමට සුදුසුකම් සපුරා නැහැ. පරාජය වීම බොහෝ වේදනාකාරී අත්දැකීම් ලබා දෙන බව සත්‍යයි. එහෙත් පරාජයේ වේදනාව තුල ඔබේ ජය පරාජයේ වේදනාව තුල ඔබේ ජයග්‍රහණය සැගවී යන්නට ඉඩ දීම කිසිසේත් සාධාරණ දෙයක් නොවේ.

    සාර්ථකත්වය වෙනුවෙන් බොහෝ කැපවීම් කලත්, අත්වූයේ පරාජය හෝ ප්‍රතික්ෂේප වීම් පමණක් නම්, කිසිවිටකත් ඔබේ උත්සාහය අත් හැරිමට සුදානම් නොවන්න. ඒ වෙනුවට මේ අසහාය ශ්‍රී ලංකිකයාගේ සාර්ථකත්වයේ කතාව සිහියට නගා ගන්න. ඔහුට හැකි නම් ඔබටත් හැකි බවට ඔබේ ආත්ම විශ්වාසය ඇතිකර ගන්න. යම් දිනක මව්බිමට කීර්තියක් අත් කරන නායකයෙක් වන්නට ඔබටත් හැකිවේවි.

    උපුටා ගත්තකි.​
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මෙලෝ රහක් නැති එකෙක්. ඉස්සර මු බැට් කරනව නම් tv එක off කරනව. මූ ගැහුවොත් මැච් පැරදෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,821
    113
    මාලඹේ
    කොච්චර හොද උනත් වැඩක් නැහැ .මැච් එක දිනවන්න බැරිනම්.
    ටීම් එකේ අය ලොකුවට දගලන්න දෙයක් නැහැ එකා ලකුණු 30 ගානේ ගැහුවනම්.
    ඕවර් 25 ඔක්කොම ගෙදර ගියත් 300 ක් ගහලා.
    මේ ටික තේරුම් ගන්න ඕනේ අපේ කට්ටිය.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කොච්චර හොද උනත් වැඩක් නැහැ .මැච් එක දිනවන්න බැරිනම්.
    ටීම් එකේ අය ලොකුවට දගලන්න දෙයක් නැහැ එකා ලකුණු 30 ගානේ ගැහුවනම්.
    ඕවර් 25 ඔක්කොම ගෙදර ගියත් 300 ක් ගහලා.
    මේ ටික තේරුම් ගන්න ඕනේ අපේ කට්ටිය.

    අම්මේ බලපන්කෝ ගනන් හදලා තියන ලස්සන...

    පැයට කිලෝ මීටර් 140 විතර වේගෙන් එන ලෙදර් බොලෙකට උබ බැට් එක තියලා තියනවද?? ඒ අස්සේ දෙපැත්තට ස්වින්ග් වෙන, ස්ලොව් බෝල්, එයාර් ස්වින්ග් වෙන ඒවට උබ ගහලා තියනවද??

    මචන් ඕක කියනතරම් ලේසි නෑ ඒත් මම පිලිගන්නව අපේ ක්‍රිකට් වල අඩුපාඩු තියනව... ප්ලේයර්ලා ඔක්කොටම කලින් මානසිකත්වය හදාගන්න ඕනේ... අපේ දැන් ඉන්න උන් බලපන් එක මැච් එකක් නැත්තන් දෙකක් හොදට ගහනව ඊට පස්සේ පහ හයක් ෆේල්..

    ගොඩක් මහන්සි වෙන්න වෙනවා අපේ ප්ලේයර්ස්ලටයි පාලකමණ්ඩලේටයි මේ තත්වෙන් ගොඩ එන්න...
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    කොච්චර හොද උනත් වැඩක් නැහැ .මැච් එක දිනවන්න බැරිනම්.
    ටීම් එකේ අය ලොකුවට දගලන්න දෙයක් නැහැ එකා ලකුණු 30 ගානේ ගැහුවනම්.
    ඕවර් 25 ඔක්කොම ගෙදර ගියත් 300 ක් ගහලා.
    මේ ටික තේරුම් ගන්න ඕනේ අපේ කට්ටිය.

    uba wage harakek..uba match 1k hari balala thiyenawada?
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    අම්මේ බලපන්කෝ ගනන් හදලා තියන ලස්සන...

    පැයට කිලෝ මීටර් 140 විතර වේගෙන් එන ලෙදර් බොලෙකට උබ බැට් එක තියලා තියනවද?? ඒ අස්සේ දෙපැත්තට ස්වින්ග් වෙන, ස්ලොව් බෝල්, එයාර් ස්වින්ග් වෙන ඒවට උබ ගහලා තියනවද??

    මචන් ඕක කියනතරම් ලේසි නෑ ඒත් මම පිලිගන්නව අපේ ක්‍රිකට් වල අඩුපාඩු තියනව... ප්ලේයර්ලා ඔක්කොටම කලින් මානසිකත්වය හදාගන්න ඕනේ... අපේ දැන් ඉන්න උන් බලපන් එක මැච් එකක් නැත්තන් දෙකක් හොදට ගහනව ඊට පස්සේ පහ හයක් ෆේල්..

    ගොඩක් මහන්සි වෙන්න වෙනවා අපේ ප්ලේයර්ස්ලටයි පාලකමණ්ඩලේටයි මේ තත්වෙන් ගොඩ එන්න...

    හරියටම හරි
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මාවන්ව ටීම් එකට නොගෙනම බැරී උනා,,මොකද පලමු පෙල තරග වලදි උපරිම දක්ශතා පෙන්නපු කෙනෙක්,,,එක නිසා තෙරීම් කමිටුවට ගන්නම සිද්ද උනා,,අසාර්තක උනත් ජාතික කන්ඩායමෙ,,එතන තිබුනෙ මාවන්ගෙ දක්ශ කම්වල ගැටලුවක් නෙමෙයි,,ජාතික කන්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරද්දි චකිතයක් තිබුනෙ,,එකයි අසාර්තක උනෙ,,නමුත් ඔහු එ සියල්ල හදා ගත්තා,,
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මාවන්ව ටීම් එකට නොගෙනම බැරී උනා,,මොකද පලමු පෙල තරග වලදි උපරිම දක්ශතා පෙන්නපු කෙනෙක්,,,එක නිසා තෙරීම් කමිටුවට ගන්නම සිද්ද උනා,,අසාර්තක උනත් ජාතික කන්ඩායමෙ,,එතන තිබුනෙ මාවන්ගෙ දක්ශ කම්වල ගැටලුවක් නෙමෙයි,,ජාතික කන්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරද්දි චකිතයක් තිබුනෙ,,එකයි අසාර්තක උනෙ,,නමුත් ඔහු එ සියල්ල හදා ගත්තා,,

    :yes:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,646
    5,722
    113
    I hate his comments.

    When our team visited AUS. in 2006/7 it was a like a second grade team. We not played like a test nation. Marvan make a half century in one of those matches (in SCG if I can recall correctly) is the only decent score. During the lunch break, he being interviewed by channel nine (official broadcaster of cricket at that time )

    He said ""SRI LANKAN CRICKET BOARD IS A BUNCH OF CLOWNS, HEADED BY A JOKER"":no:

    I was watching this on live TV, and since then I hate this guy with a passion. I know our cric. board is corrupt, and have lots and lots of favouritism against performance. But criticize our own country's cricket board in a worst possible way, during a tour in a foreign country as an ambassador of sport is beyond me. I love cricket. But I hate this guy:no: criticize our own country. Still hate his comments.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    කොච්චර හොද උනත් වැඩක් නැහැ .මැච් එක දිනවන්න බැරිනම්.
    ටීම් එකේ අය ලොකුවට දගලන්න දෙයක් නැහැ එකා ලකුණු 30 ගානේ ගැහුවනම්.
    ඕවර් 25 ඔක්කොම ගෙදර ගියත් 300 ක් ගහලා.
    මේ ටික තේරුම් ගන්න ඕනේ අපේ කට්ටිය.

    එකනේ බන් බොරුවට 6, 4 එව්වා ඕනි නැ. බෝලෙට ගහල ලකුණ ගානේ දිව්වනන් ලකුණු 300නෙ බන් නේද :rofl:
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    හොඳ කතාවක්.
    පිතිකරුවෙකු විදියට සාර්ථක වෙලා, මාවන් ලන්කා කණ්ඩායමට ලොකු සේවයක් කරපු කාලයක් තිබුනා,
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කොච්චර පුරුදු වුනත් අළුත්ම මොකෙක් හරි බෝල් කරද්දි බැට් කරන්න පට්ට අමාරුයි බං. හැබැයි පුරුදු උන් බෝල් කරද්දි ඒ හැටි අවුලක් නෑ.