අසා සිටීම

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අසා සිටීම
    විවාහ වී පළමු වසරේදී :- සැමියා කතා කරන අතර බිරිය නිසොල්මනේ අසා සිටින්නීය.
    විවාහ වී දෙවැනි වසරේදී :- බිරිය කතා කරන අතර සැමියා අසා සිටින්නේය.
    විවාහ වී තෙවැනි වසරේදී :- සැමියා සහ බිරිය යන දෙදෙනාම කතා කරන අතර අසල් වාසීහු අසා සිටිති.

    -------------------------------------------------------

    තවම ගෙවනවා
    පුතා - තාත්තේ, කසාද බඳින්න කොච්චර විතර යනවද?
    පියා - හරියටම දන්නෙ නෑ. මම නං තවම ගෙවනවා.

    -------------------------------------------------------

    වරදට දඬුවම්
    නීතිඥ :- ස්වාමීනි, එකවර කාන්තාවන් දෙදෙනකු කසාද බඳින්න රජය ඉඩ නොදෙන්නේ ඇයි?
    විනිශ්චයකාර තුමා :- එකම වරදට දෙවරක් දඬුවම් කරන්න බැරි නිසා.

    -------------------------------------------------------

    දෙනෙත් පෑදීම
    ආලයෙන් දෙනෙත් අඳවනමුත් විවාහයෙන් දෙනෙත් පෑදෙයි.

    -------------------------------------------------------

    අවුරුදු දහයේ වෙනස
    බිරිය :- බලන්න අපි දැන් බැඳලා අවුරුදු 10 යි. ඒත් මං තාම එදා වගේමයි. හැඩයි නේද?
    සැමියා :- වෙන්න ඇති, ඒත් මං පහුගිය අවුරුදු 10 ටම කණ්ණාඩි කුට්ටම මාරු කළේ නෑ නේද?

    -------------------------------------------------------

    කවුද අලුත්
    සැමියා තම බිරියට මෝටර් රථයේ දොර හැර දෙන්නේ නම්, එක්කෝ මෝටර් රථය අලුත්ය. නැතිනම් බිරිය අලුත්ය.

    -------------------------------------------------------

    පෙම්වතුන් සහ අඹු සැමියන්
    පෙම්වතා යනු චොක්ලට් වගේ ඕනෑම මොහොතක රසවත් දෙයකි.
    පෙම්වතිය යනු පීසා එකක් වගේ උණුසුම් ඒ වගේම ප්‍රණීත දෙයකි.
    බිරිය කෑම ගැනීමෙන් පසු ශීතකරණයේ දැමූ ඉතිරි ආහාරය බඳුය.
    සැමියා ඇල් මැරුණු තේ කෝප්පයක් වැනිය.

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    කවුද අලුත්
    සැමියා තම බිරියට මෝටර් රථයේ දොර හැර දෙන්නේ නම්, එක්කෝ මෝටර් රථය අලුත්ය. නැතිනම් බිරිය අලුත්ය.

    Maxxxxxxxa machan...
     
    පෙම්වතුන් සහ අඹු සැමියන්
    පෙම්වතා යනු චොක්ලට් වගේ ඕනෑම මොහොතක රසවත් දෙයකි.
    පෙම්වතිය යනු පීසා එකක් වගේ උණුසුම් ඒ වගේම ප්‍රණීත දෙයකි.
    බිරිය කෑම ගැනීමෙන් පසු ශීතකරණයේ දැමූ ඉතිරි ආහාරය බඳුය.
    සැමියා ඇල් මැරුණු තේ කෝප්පයක් වැනිය.

    :lol::lol::lol: