අහන් ඉන්න අහගෙන ඉන්න

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    අහන් ඉන්න අහගෙන ඉන්න

    අහන් ඉන්න
    අහගෙන ඉන්න
    මගේ හිත
    මොනවද
    මුමුණනවා...

    යාය පුරා
    නෙක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා
    පොද වැස්සක
    සීතල ඇවිදින්
    හිතට එබෙනවා
    කෝඩුකාර මල් රේණු අගින්
    සුවඳ බෙදනවා
    ඒ සුවඳින් මගේ හුස්ම
    රටා මවනවා..

    සිලිසිලියේ හමන සුළඟ
    කොඳුරන්නේ අපටමයි
    සතුට මිසක
    දුක මොකටද
    සෙනෙහස මහ මෙරයි
    අමාවකේ දුක දුරලන
    දහසක් තරු කැට නුඹටයි..
    ඒ එළියෙන් දැල්වෙන ලෝකය
    මගෙමයි මටමයි..


    <Mekala Gamage>

    මේ සින්දුව පිටිපස්සේ තියෙන කතන්දරය හැමෝම දන්නවනෙ, මම මුලින්ම ඇහුවෙනම් මේකෙ ඉන්ද්‍රචාප කියන Rock version එක. පස්සේ හොයාගෙන යනකොට තමා දැනගත්තේ එකම වැඩසටහනකට කරපු version 2ක් කියල. කොහොමහරි මටනම් මේ සින්දු 2කම ලස්සනයි...



    ඉන්ද්‍රචාප කියන Rock version එක



    Source:-http://hanthaana.blogspot.com/2011/12/blog-post_13.html