අහම්බයෙන් අනාචාරයේ වැටිම.. 18+

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,276
    4,407
    113
    ඇයි එන්නද
    අහම්බයෙන් අනාචාරයේ වැටිම.. 18+


    දිනකට හුවමාරු වන ඊ මේල් වලින් දෙසිය පනස්කොටියක්ම ළමුන්ට බැලිමට නුසුදුසු එවා හෝ..ලිංගික දර්ශන රැගත් එවා බව ෆැමිලි සේෆ් මිඩියා නම් ආයතනයක් පෙන්වා දි තිබේ..වැඩි දෙනක් කාර්යාල කටයුතු අතරතුර මෙම ඊමේල් හුවමාරුවේ යෙදෙන බවද ෆැමිලි සේෆ් මිඩියා ආයතනය කියයි..එහෙත් කාර්යාල වල වැඩ කරන්නන් වැඩි දෙනෙක් ලිංගික දර්ශන හා ඡයාරූප රැගත් වෙබ් අඩවි වලට පිවිසෙන්නේ හිතාමාතා නොව අහම්බයෙනි..වෙබ් ෆිල්ටරින් සමාගමක් වන සර්බෙරියන් ඉන්කෝපරේෂන්(Cerberian,Inc) හා ඉන්ටනෙට් ආරක්ෂාව පිලිබද සමාගමක් වන සොනික්වොල් ඉන්කෝපරේෂන් (Sonic WALL,inc) සමාගම එක්ව කල සමික්ෂණයකින් පෙනි ගොස් තිබෙන්නේ කාර්යාල සෙවයකයින් ගෙන් හතරෙන් තුන් දෙනක්ම වැඩි හිටි වෙබ් අඩවිවලට පිවිසෙන්නේ අහම්බෙන් බවය..
    ඉන්ටනෙට් තුලින් යමක් සොයමින් සිටින විට හදිස්සියෙම මතුවන වින්ඩොවක් (Pop-up Windows) තුලින් ලිංගික කටයුතුවලට සම්බන්ධ (Porn) රූප පෙන්වයි...
    කාර්යාලවලදි 55% දෙනා අහම්බෙන් ලිංගික දර්ශන දකින්නේ මේ හදිසියේ මතුවන වින්ඩෝ තුලිනි..
    යම් වෙබ් අඩවියක් සොයාගන්නට සිතාගෙන අනුමාන වශයෙන් වෙබ් ලිපිනයක් (URL) සටහන් කරන විටත්,ඔනා කරන තාලේ වෙබ් අඩවියක් නොව ලිංගික ඡායා රූප චිත්‍ර පට කොටස් හා විස්තර ඇති වෙබ් අඩවි මතුවන්නට පුලුවන..කාර්යාලයෙදි මේ අහම්බය තුලින් ලිංගික කටයුතු වලට සම්බන්ධ වෙබ් අඩවිවලට පිවිසෙන්නන්ගේ ප්‍රතිශතය 52% කි..වෙබ් ලිපිනය ලියන්නට යන විට අකුරු මාරු විමෙන් හෝ අකුරු මගහැරි යාමෙන්ද සමහරවිට උපදින්නේ ලිංගික දර්ශන රැගත් වෙබ් අගවියක් වන්නට පුලුවන.කාර්යාල සේවකයින්ගෙන් 48% දෙනක් පමණ මේවැනි අකරතැබ්බල වලට මුහුණ දෙති..
    තමන්ට ලැබෙන ඊමෙල් ලිපියක් කරන විට ඉබේම ඒ සමග ඇදි එන අසභ්‍ය (Porn ) වෙබ් අඩවි තිබේ..කාර්යාලයක වැඩ කරන්නන්ගෙන් 23% දෙනකු මේ වේබ් අඩවි හමු විමේ අත්දැකිම් තිබේ..
    පොදුවෙ මේ ප්‍රතිශත දෙස බලන්නෙකුට පෙන්නේ..එක් පුද්ගලයෙක් ගත් විට මේ කියන අකාර කිහිපයකටම අනුව අහම්බයෙන් අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසෙන බවය..

    hhh.jpg



    මේසේ එක් වරක් හො අහම්බයෙන් ලත් වෙබ් අඩවි නැවත නැවත පිරා බලන්නට දැන් මේ අය පුරුදු වෙති..
    ඉන්ටර්නෙට් ෆිල්ටර් රිවිච් (Internet Filter Review) සගරාව පළ කල සමික්ෂණ වාර්තාවක් පෙන්වා දි තිබුනේ අවුරුද්දකට අසභ්‍යවෙබ් අඩවි පීරා බලන්නන් සංඛ්‍යාව හත්කොටි ව්සි ලක්ෂයක් බවය..මේ අයගෙන් 20% කාර්යාලවල වැඩ කරන පිරිමිය..13% කාර්යාලවල වැඩ කරන ගැහැණුය..අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසෙන්නට ගැහැණු පිරිමි භේදයක් නැත්තා සේම ළමා ළපටි භේදයක්ද නැතිබව බිස්නස් වයර්(Business Wire) සහරාව පල කල වාර්තාවකින් පෙන්වා දි තිබුණේය..ඔවුන් පෙන්වා දි තිබුනේ ලොව පුරාම වෙබ් අඩවි වලට පිවිසෙන්නන්ගෙන් තිස් ලක්ෂයක් දෙනා අවුරුදු 17 අඩු බවය..මින් 21.2% ක් දෙනා අවුරුදු දා හතරට අඩු අයයි..එසේම මේ අයගෙන් 40.2% ක් දෙනා ගැහැනු දැරුවෝය...

    මේහෙමත් වින්නැහියක්....ඔයාලට මොකද මේ ගැන හිතෙන්නේ..?


    source

    :nerd:Comment akak dala hoda nam rep ++ yanna hode:nerd:
     
    • Like
    Reactions: nir25 and Godage
    මොනව කියන්නද? නව තාක්ෂණය කියන්නේ ලෝකේ හැම දෙයක්ම වගේ හොඳ-නරක දෙකම තියන දෙයක්.මෙතන ගෑනු පිරිමි වෙනසක් නෑ.මොකද ජාලයේ තියෙන කිසිම දෙයක පෙර දැනුමක්/අත්දැකීමක් හැමෝටම නෑ නේ.ඒකනේ සමහර ගීක්ලා පවා සමහර තැන්වල අනාගන්නේ.බොහෝ තැන්වලට ගිහිං බලනකං ඒ අඩවිය ගැන හරියට තේරුම් ගන්න බැ.
    මම දවසක් ටයර් ගැන හෙව්වා..තියනවා ඇඩ් එකක් ලස්සන කෙල්ලක් යාන්තං හෙළුව වහගෙන ඉන්නවා තැනක.විකුනන්නෙ ටයර්.!ඒකටත් හෙළුවෙන් කෙල්ලක් දාලා...
    :lol:
     

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    මාටටු උනාම ඉතින් කියන්න තියෙන්නෙ අහම්බෙන් කියල තමයි :lol::lol::lol::lol::lol:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,892
    113
    මොනව කියන්නද? නව තාක්ෂණය කියන්නේ ලෝකේ හැම දෙයක්ම වගේ හොඳ-නරක දෙකම තියන දෙයක්.මෙතන ගෑනු පිරිමි වෙනසක් නෑ.මොකද ජාලයේ තියෙන කිසිම දෙයක පෙර දැනුමක්/අත්දැකීමක් හැමෝටම නෑ නේ.ඒකනේ සමහර ගීක්ලා පවා සමහර තැන්වල අනාගන්නේ.බොහෝ තැන්වලට ගිහිං බලනකං ඒ අඩවිය ගැන හරියට තේරුම් ගන්න බැ.
    මම දවසක් ටයර් ගැන හෙව්වා..තියනවා ඇඩ් එකක් ලස්සන කෙල්ලක් යාන්තං හෙළුව වහගෙන ඉන්නවා තැනක.විකුනන්නෙ ටයර්.!ඒකටත් හෙළුවෙන් කෙල්ලක් දාලා...
    :lol:


    Pennagena inna tharam lassana aya pennanawa .... Pennanna tharam lassana nathi aya ewata baninawa ..... hikzzzzz :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl: ANE PAW .....