### අහලා නැති කතා ###
උපුටා ගැනීමකි :-Heladeepa.com
ක්‍රිකට් ක්‍රීඩාවේ අවාසනාවන්තම දැවී යාම් අතරින් එකක් තමයි දුවද්දී දැවී යාම කියන්නේ. සාමාන්‍යයෙන් පිතිකරුවෙක් දැවීයාමකට හසුවෙන්නේ අනෙක් පිලේ දස්කම් නිසා. අපි බලමු ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩියෙන්ම කියවුණු දුවද්දී දැවී යාම් කිහිපය.
ලකුණු සමවීම 1960 – 1960 බ්‍රිස්බේන් හි පැවති ඕස්ට්‍රේලියානු පිල සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් අතර ටෙස්ට් තරගය නිමාවුනේ ලකුණු සමවීමෙන්. එය ඒවනවිට ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවුණු ප්‍රථම ලකුණු සම වීමයි. ඔස්ට්‍රේලියාව, තරගය නිමාවෙන්න යන මොහොතේදීත් ජයග්‍රහණය පේනතෙක් මානයේ හිටියේ. ඔවුන්ට ඕනවුනේ ලකුණු 7ක් රැස් කිරීම පමණයි. එවෙද්දීත් ඔවුන්ට කඩුලු 4ක් අතේ තිබ්බා. එත් ඇලන් ඩේවිඩ්සන් සහ වොලී ග්රවුට් ඉක්මනින්ම දුවද්දී දවා ගැනීමට කොදෙව් ක්‍රීඩකයින්ට හැකි වුනා. ඉන්පසු රිචි බෙනෝ ද කඩුලු රකින්නා වෙතට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියා. ඕස්ට්‍රේලියාවේ අවසන් පිතිකරු පිටියට එද්දී ඔවුන්ට අවශ්‍ය වුනේ එකම එක ලකුණක් පමණයි. කවුරුත් නොසිතන අන්දමින් ඉයන් මෙකිෆ් දුවද්දී දැවී ගියේ ඉතිහාසයේ පළමුවරට ටෙස්ට් තරගයක් ලකුණු සම වීමකින් නිමා වෙමින්.
මයික් ඇතර්ටන් , 1993 – ලෝර්ඩ්ස් පිටියේ ශතකයක් රැස් කිරීම යනු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට අමරණීය මොහොතක්. 1993 අළු බඳුන තරගාවලියේදී ඇතර්ටන් ලකුණු 97ක් රැස් කරගෙන තිබියෙදී බෝඩර් ගේ පන්දුවට මිඩ් විකට් හරහා පහරක් එල්ල කළා. ඔහු දෙවැනි ලකුණ සම්පූර්ණ කරද්දී තෙවන ලකුණත් රැස් කිරීමට දිව යද්දී පිටිය මත ලිස්සි වැටුනා. කඩුලු රකින්නා වූ ඉයන් හිලි පහසුවෙන්ම කඩුල්ලේ බෙල්ස් ඉවත් කරගත්තා.
ජෝන්ටි සහ ඉන්සමාම් , 1992 – සුපිරි පන්දු රකින්නෙක් ගේ ආගමනය සිදුවුනේ මෙම දුවද්දී දැවී යාම නිසා. 1992 ලෝක කුසලාන තරගාවලියේදී ජොන්ටි සහ ඉන්සමාම් දෙදෙනාම ඒතරම් ප්‍රචලිත නැති චරිත දෙකක් වුනා. දකුණු අප්‍රිකාව සහ පකිස්තානය අතර තරගයේදී ඉන්සමාම් එක ලකුණක් සදහා පැතිමාරු කරන්න උත්සහ දරද්දී පොයින්ට් හි පන්දු රකිමින් සිටි ජෝන්ටි වේගයෙන් දිවවිත් කඩුල්ල මතට පනිමින් ඉන්සමාම් ව දුවද්දී දැවී යාමකට හසු කරගත්තා. එය එතෙක් මෙතෙක් පන්දු රකින්නෙක් කල සුපිරිම දස්කම ලෙස ක්‍රිකට් ඉතිහාසය සදහන් කරනවා. ඉන්සමාම් ඉන්පසු පවත්වපු තරග 4න් 3 කදීම දුවද්දී දැවී ගියා.
ග්‍රේස් සහ ජෝන්ස් සිදුවීම , 1882 – 1882 ඕවල් පිටියේ පැවතී තරගය තමයි අළු බඳුන තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීමට මඟ පෑදුනේ. එම තරගයේදී ඕස්ට්‍රේලියානුවන් ලකුණු 7න් ජයගත්තා. එම තරගයේදී සැමි ජෝන්ස් පන්දුවට මුහුණ දුන් පසු පිච් එකේ gardening කිරීම හෙවත් පිත්තෙන් මට්ටම් කිරීමට පිතිකරණ සීමාව ඉක්මවා යද්දී ග්‍රේස් විසින් දුවද්දී දවා ගැනීමකට හසුකරගත්තා.
දීපාක් පටෙල්, 1992 – පටෙල් තම මුල්ම ශතකය අභියස දී සිදුවූ දැවී යාමද අමතක නොවන එකක්. ඔහු එංගලන්තයට එරෙහිව ලකුණු 97ක් රැස් කරගෙන ඇති මොහොතක ලකුණු 3ක් වෙනුවෙන් දිවයද්දී ඩේරේක් ප්රින්ග්ල් විසින් ඔහුව දුවද්දී දැවී යාමකට හසු කරගත්තා. අවාසනාවට ඉන්පසුවත් දීපාක් පටෙල්ට ටෙස්ට් ශතකයක් රැස් කිරීමට නොහැකිවුනා.
ග්‍රාන්ට් එලියට් , 2008 – 2008 පවතී නවසීලන්තය සහ එංගලන්තය අතර එක්දින තරගයේදී එලියට් දිවයන අතරතුර පන්දුයවමින් සිටි රයන් සයිඩ්බොටම් ගේ ඇඟේ හැප්පීම නිසා බිම වැටුනු අතර ඔහුට දිවීම සම්පූර්ණ කිරීමට නොහැකිවුනා. ඔහු දුවද්දී දැවී යාමකට ලක්වූ බව විනිසුරු සටහන් කලත් එංගලන්ත ක්‍රීඩකයින් එයාට කිසිවක් කලේ නෑ. නමුත් පසුව එංගලන්ත නායකයා ලෙස එම තරගය්දී කටයුතු කල පෝල් කොලින්ග්වුඩ් එම සිදුවීමට සමාව ඉල්ලුවත් නවසීලන්තය එම තරගය සාධාරණ ලෙස ජයගත්තා.