මගේ යාලු බුවෙක් ඉන්නවා පොරට ගායකයෙක් වෙන්න පුදුම උනක් තිබ්බේ. ඇත්තටම අපි තමයි ඌට උන බෝ කරේ. දෙකක් දා ගත්තම ඌ කියන සින්දු අපිට තියා බල්ලෙක්ටවත් අහන්න බෑ. සරිගම පැත්තක මු පැත්තක. අපි බුවාට හුරතලේට කිව්වෙත් " සරිගම කන්නා " කියලා. එත් අපි බීපු වෙලාවට පොරව මුරුංගා ඇත්තට පොඩ්ඩක් උඩින් නග්ගලා තියෙනවා. ඒ නිසාම පොර හිතන් ඉන්නේ සිරා ගායකයා කියලා.
දවසක් බුවා එක්තරා චැනලයක ගිගාබයිට් ටෙලිනාට්‍යක් බලනකොට දැකලා අහවල් ස්ටාර් තරගෙට අයදුම්පත් දාන්න පුළුවන් කියලා. පොරගේ ඉහේ මලක් පිපුන වගේ පහුවදාම අපිට ඇවිත් සීන් එක කිව්වා. මොනවා උනත් අපිත් එක්ක එකට ෂොට් එක දාන පොරව දෙනෝ දාහක් මැද්දේ නොණ්ඩි වෙනවා බලන්න බැහැනේ. මුට කිව්වට අහන්නෙත් නැහැ යන්නම දඟලනවා. පස්සේ ඉතින් අපිත් මුගේ හිත හැදුවා අයදුම් පතක් හදපන් කියලා. එහෙම කියලා ඌව යවලා අපි කට්ටිය මුගේ ගායක උන බස්සන්න හිතුවා.
පහුවදා පොර අයදුම් පතක් හදාගෙන ඇවිත් අපිට පෙන්නුවා. අපේ එකෙක් එක අරගෙන කිව්වා මචන් මම මේක පොස්ට් කරන්නම් කියලා. යාලුවෝ උදව් කරන එක ගැන අරුට දැන් මාර සැනසීමක්. ඌ අපි එක්ක කතා කරලා ටික වෙලාවකින් ගියා ප්‍රැක්ටිස් කරන්න තියෙනවා කියලා.
අපි කරපු වැඩේ ඌ ගිය ගමන් ලියුම කඩලා බලලා විසිකරලා දැම්මා. අපේ එකෙක් ඉන්නවා ග්‍රැෆික් සිරාවටම දන්න එකෙක්. ඌ හැදුවා අදාළ තරගයෙන් දෙනවා වගේ ලෙටර් හෙඩ් එකක්. අහවල් දවසේ අහවල් වෙලාවට අහවල් ක්‍රීඩාන්ගනයට එන්න කියලා එකේම ටයිප් කරා විස්තර ඔක්කොම. දවස් දෙකකින් විතර ලියුම පොස්ට් කරා. අපි ඉතින් මොනවත් නොදන්නා උන් වගේ අපේ පාඩුවේ වෙනදා වගේම ඉන්නවා. මෙන්න අරූ දවස් 2කකින් විතර ලියුමත් උස්සන් එනවා හරියට අර මොකක්ද එකක් හොයා ගත්තු එකා හෙළුවෙන් දුවන් ගියා වගේ. දැන් මූට මාරම හැපී. එදා ඉඳල මිනිහා දිවා රෑ නොබලා සින්දු කියන්න පුරුදු වෙනවා. අපි උගේ ගෙදර ගියා හැම වෙලාවකම වගේ මු කන්නේ , බොන්නේ, මලපහ කරන්නේ සින්දුවක් කියාගෙනමයි. ( හීනෙනුත් සින්දු කිව්වා කියලා උගේ අම්මලා කිව්වා )
ලියුමේ තියෙන අදාළ දවස ආවා කියමුකෝ. පොර ඉතින් පාන්දර නැගිටලා ජැන්ඩි 7ට ඇඳ පැළඳගෙන ගිහින් අදාළ ක්‍රීඩාන්ගනයට. මු යනකොට එතන බල්ලෙක්වත් නැහැලු. ළඟ හිටපු එකෙක්ගෙන් විස්තර ඇහුවම මූට නක්කියට හිනා වෙලා කින්ඩියකුත් දාලා ඒක තිබුනේ මීට දවස් 5 කට විතර කලින් කියලා. මුගේ ගායන හීනෙ එතැනින්ම ඉවරයි.
අදටත් පොර දන්නේ නෑ ඔය අලුකුත්තේරු වැඩේ කරේ අපි කියලා. දනන්වනම් අපිව වෘෂණ කෝෂ දෙකෙන් එල්ලයි. පොර හිතාගෙන ඉන්නේ අදාල තරඟය සංවිදානය කරපු උන්ට දින වැරදිලා ලියුමේ ටයිප් කරලා එවලා කියලා.
සාටර් නම් කස්ටිය මට කමා කරත්වා...!!!!
මගේ අනිත් කතා-බාල-අපරාදය

Last edited: