අහසට_පැන_කුරුල්ලකු_දඩයම්_කරන_මාළුවෙක්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
අහසට_පැන_කුරුල්ලකු_දඩයම්_කරන_මාළුවෙක්

ප‍්‍රථම වතාවට කැමරාවට නැඟූ විස්මිත දසුනක්!

ටෙලිවිශනයෙන් අපට බොහෝ විට දැක ගන්නට ලැබෙන්නේ රාජාලියකු හෝ කුරුලූ ගොයකු අහසින් හඹා විත් දියට පැන මාළුවකු ඩැහැගන්නා අන්දමයි. එහෙත් පසුගියදා මීට වඩා වෙනස් දසුනක් අබට අන්තර්ජාලය හරහා දැක ගන්නට ලැබුණා. ඒක ඇත්තෙන්ම විස්මිත දසුනක්!

ඒ විස්මිත දසුනෙන් දක්නට ලැබුණේ මාළුවකු දියෙන් අහසට පැන අහසේ ඉගිල්ලෙන කුරුල්ලකු ඩැහැ ගන්නා අන්දමයි. ඇත්තෙන්ම එය මෙතෙක් කිසිදාක කැමරාවට හසු නොවූ විස්මිත දසුන් පෙළක්!

මීට පෙර ඉඳහිට වාර්තාවෙලා තියෙනවා, මත්ස්‍යයන් කුරුල්ලන් ආහාරයට ගන්නා බව. මෝරුන්, ආඳන් හා පිරන්හා වැනි මසුන් පිහිනන අතර එක්වරම පැන තමන් අසලට එන කුරුල්ලන් හා වෙනත් සතුන් අල්ලා ගෙන කන බව. සමහර විටෙක මත්ස්‍යයකු, දිය බොන්නට එන, හෝ ජලසීමාව අසලට ළං වන, කුරුල්ලකු මෙසේ අල්ලා ගෙන කෑම ඒ තරම් අරුමයක් නෙවෙයි. එවැනි අවස්ථා කැමරාවට නගා තිබෙනු අපට බොහෝ විට දැක ගන්නට ලැබී තිබෙනවා.

මේ ආකාරයෙන් ම අපි‍්‍රකානු ටයිගර් ෆිෂ් හෙවත් අපි‍්‍රකානු කොටිමාළුවාත් ඒ ආකාරයේ දඩයක්කාරයකු යැයි වාර්තා වුනත් ඌ එවැනි දඩයමක යෙදෙනු කිසිදාක කැමරාවට හසු කර ගෙන නැහැ.

අපි‍්‍රකානු මහාද්වීපයේ ගංගාවල හා විල්වල වෙසෙන මේ දරුණු විලෝපික මත්ස්‍යයන් දියට ආසන්නව පියාඹන මසුන් අල්ලා කන බව දුටු බව විවිධ අවස්ථාවල වාර්තා වුණා.

article-2538217-1A9A597E00000578-295_634x388.jpg
අපි‍්‍රකානු කොටිමාළුවකු පිහිනන අතර වැහිලිහිණියකු අල්ලා ගැනීමට අහසට පනින අයුරු.


article-2538217-1A9A59D200000578-454_634x321.jpg
මිරිදිය මත්ස්‍යයකු අහසට පැන ඉගිල්ලෙන කුරුල්ලකු අල්ලා ගන්නා අන්දම දැක්වෙන මේ දර්ශන පෙළ කැමරාවට නඟන ලද්දේ ප‍්‍රථම වරටයි.

මේ අපූරු සංසිද්ධිය කැමරාවට නගන්නට සමත් වූයේ දකුණු අපි‍්‍රකාවේ විශ්ව විද්‍යාලයක සත්වවේදීන් පිරිසක්.

ඇත්තෙන් ම මේ රූප පෙළ විස්මිත එකක්! මෙහිදී ගොදුර බවට පත් වූ ඒ අවාසනාවන්ත කුරුල්ලා වැහි ලිහිණියෙක්. සාමාන්‍යයෙන් පැයට හැතැප්ම 40ක පමණ වේගයකින් පියාඹා යා හැකි ඇදහිය නොහැකි තරම් කඩිසර කුරුල්ලකු වීම මෙහි ඇති විස්මය තවත් වැඩි කරන්නක්.

මේ දසුන් කැමරාවට නඟා ඇත්තේ දකුණු අපි‍්‍රකාවේ මපුන්ගුබ්වේ (Mapungubwe) ජාතික වනෝද්‍යානය හරහා ගලන ලිම්පෝපෝ ගංගාවේ ජලපෝෂක ප‍්‍රදේශයේ පිහිටි ස්ක්‍රෝඩා වේල්ල (Schroda Dam) ආශි‍්‍රත ජලාසයේ දියි. මේ රූප පෙළ චිත‍්‍රපට කැමරාවක් මගින් රූ ගත කළේ දකුණු අපි‍්‍රකාවේ පොට්වේස්ට්රූම්හි වයඹ විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යා හා කළමනාකරණ ඒකකයේ අධ්‍යයන කටයුත්තක යෙදී සිටියදියි.

මේ මාළුවාගේ විලෝපික හැසිරීම ගැන කලින් ජීව විද්‍යාඥයන් ගණනාවක් විසින්ම වාර්තා කර තිබුණත් එය සැබැවින් දැක හැකි වන සේ චිත‍්‍රපටයකට නැඟීමක් මින්පෙර කිසිවිටෙක සිදු වුණේ නැහැ.

මත්ස්‍ය ජීව විද්‍යා සඟරාවේ ඒ ගැන සඳහන් කර ඇත්තේ මෙහෙමයි: ”මිරිදිය මත්ස්‍යයකු අහසේ දී ගොදුරක් අල්ලා ගන්න අයුරු දැක්වෙන සංසිද්ධියක් කැමරාවට නැඟුණේ මේ ප‍්‍රථම වතාවටයි”

විද්‍යාඥයන් කියන්නේ මේ ටයිගර්ෆිෂ් මසුන් ජීවත්වන පරිසරයේ ආහාර හිඟ වීම නිසා මේ මසුන් මෙසේ කුරුල්ලන් දඩයම් කරන්නට හුරු වෙන්නට ඇති කියායි. අනික් අතට මෙසේ අහසට පනින්නට යාමෙන් ඒ මසුන් දඩයමට පුරුදුව සිටින අපි‍්‍රකානු මත්ස්‍ය රාජාලියන්ට ගොදුරු වීමේ අවදානම වැඩි වෙන බවත් ඔවුන් පෙන්නා දෙනවා.

ඔවුන්ගේ නිරීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා, දින 15ක් තිස්සේ කෙරුණු සමීක්ෂණ කාලය තුළ විසි වතාවක් ම සාර්ථකව ගොදුරු අල්ලා ගැනීමට අපි‍්‍රකානු ටයිගර් මාළුවා සමත් වී තියෙනවා. ඌ සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ හයිඩ්‍රොසයිනස් විටාටාස් (Hydrocynus vittatus) කියලයි. මේ මාළුවා ගොදුරු කර ගන්නා වැහිලිහිණි වර්ගය සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ හිරුන්ඩෝ රුස්ටිකා (Hirundo rustica) කියලයි.

3.JPG
මිරිදිය මත්ස්‍යයකු වූ ටයිගර් ෆිෂ් අහසට පැන කුරුල්ලකු ගොදුරු කර ගන්නා අයුරු.

article-2538217-1A9A58F600000578-744_634x360.jpg
මේ දසුන් කැමරාවට නැඟුවේ දකුණු අපි‍්‍රකාවේ විශ්ව විද්‍යාල කණ්ඩායමක්.

article-2538217-1A9A58B200000578-191_306x423.jpg
article-2538217-1A9A581300000578-130_306x423.jpg
ටයිගර් ෆිෂ් මාළුවාගේ මේ විලෝපික හැසිරීම ගැන කලින් ජීව විද්‍යාඥයන් ගණනාවක් විසින්ම වාර්තා කර තිබුණා.

article-2538217-1A9A430F00000578-873_634x407.jpg
සිම්බාබ්වේ රාජ්‍යයේ දී අල්ලා ගන්නා ලද ටයිගර්ෆිෂ් වර්ගයට අයත් මත්ස්‍යයකු ඡායාරූපයක්. උගේ තියුණු දත් විහිදී ඇති අයුරු බලන්න.



ගත්තේ "මල් කැකුළු" එකෙන්..
 
Last edited: