අහසේ ඉඳන් Dinner එකක් ගමු..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    අහසේ ඉඳන් Dinner එකක් ගමු..

    dinner-in-the-sky-10172

    මුහුද අයිනේ ඉඳන් කෑම වේලක් ගන්න එක, ගඟක් අද්දර තණ බිමක වාඩිවෙලා කෑම වේලක් ගන්න එක ලංකාව වගේ රටක අපිට සාමාන්‍ය දෙයක්. ඒත් අහසේ ඉඳන් කෑම වේලක් ගන්නවා කිව්වම ඔබ ටිකක් කල්පනා කරාවි මොකක්ද මේ කියලා.

    ඔව් ඇත්තටම ඒක අහසේ ඉඳන් ගන්න කෑම වේලක් තමයි. අඩි සිය ගණනක් උඩ අහසේ ඉඳගෙන රෑ කෑම වේලක් ගන්න ඕනම කෙනෙක්ට අවස්ථාව තිබෙනවා. එතකොට ඔබ හිතාවි ගුවන් යානෙක යන ගමන් කෑම වේලක් ගන්න එකත් අහසේ ඉඳන් ගන්න කෑම වේලක්ම තමයි නේද කියලා. ඒත් මේක වෙනස්, මොකද ගුවන් යානයකදි සියයට අනූවක්ම අවට පරිසරය ආවරණය වෙලා තියෙද්දි වගේ නෙවෙයි මේකෙදි සම්පූර්ණයෙන්ම නිරාවරණය වූ අවකාශයක ඉඳගෙන ආහාර වේලක් ගන්න එක, වෙනස් වගේම ත්‍රාස්‍යජනක අත්දැකීමක්.

    මේකට කියන්නේ Dinner in the Sky කියලා. 2006 අවුරුද්දේ බෙල්ජියමේදී ආරම්භකරපු මේ අත්දැකීමේ ප්‍රධාන ඉලක්කය වුනේ කුඩා දරුවන්ට තමන්ගේ දෙමව්පියන් එක්ක සාධාරණ මුදලක් වැය කරලා අහසේ පාවෙමින් තිබෙන කෑම මේසයක් වටේ වාඩිවෙලා රෑ කෑමක් ගන්න අත්දැකීම ලබාදෙන්නයි. රෑ අහසේ තරු රාශියක් දකින ගමන්, උඩු හුළඟේ ආශ්වාදය විඳින ගමන් බොහොම ප්‍රනීත ආහාර වේලක් රස බලන්න Dinner in the Sky හරහා අවස්ථාව ලැබුණා.ා

    අද වෙද්දි රටවල් 47 ක් මේ සංකල්පය ක්‍රියාත්මක වෙනවා, වාසනාවකට ලංකාවේත් අද වෙද්දි වැඩිය ප්‍රසිද්ධ නැතිවුණත් මේ වැඩේ සිද්ධවෙනවා කියලා Dinner in the Sky සමාගම ප්‍රකාශ කරනවා. www.dinnerinthesky.com වෙබ් අඩවියෙන් ඔබටත් පුළුවන් කලින් වෙන් කිරීමක් කරලා මේ සොඳුරු අත්දැකීම විඳින්න. අහසේ ඉඳන් කෑම වේලක් ගන්නවා කියන එකත් සෙල්ලම් වැඩක් නෙවෙයි.

    උපුටා ගැනීම - www.her.lk
     

    Brewsaz

    Member
    Aug 31, 2018
    26
    7
    0
    මොකක්ද ඔයි මේ ගොබ්බ ලිපිය. මෙහෙම කෑම ගන්න පුළුවන් තැනක් තියෙනවා නං ඒ කොහෙද කියලා වත් නෑ නී. තමුසේ මෙහෙම හෑලි ලියලද හිට්ස් බලාපොරොත්තු වෙන්නේ? :lol::lol: