අහිංසකයාගේ අතට ප්‍රතිකාර
පසුගිය සෙනසුරාදා තුවාල ලැබූ වදුරෙකු පිලිබදව පල කල සටහනට සම්බන්ධ වදුරා සොයාගෙන ඌට ප්‍රථිකාර ලබා දී ඇති බව වාර්තා වනවා,මේ එ පිලිබදව වෙබ් අඩවියේ පල වූ පුවත,
"සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!" යනුවෙන් නම් කෙරුණු සටහනක් පසුගිය 14 වෙනි සෙනසුරාදා දින අපගේ ගොසිප් 9 වෙබ් අඩවියේ පලවුවා.
එයින් අප හෙළි කරේ මිනිසෙක් විසින් බැඳ දමන ලද වයර් එකක් නිසා එක් අතක් තුවාල වී දුක් විඳිමින් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අසල සිටි වඳුරෙකු ගැන ශෝකජනක පුවතක්.
මේ පුවත දුටු ලොව පුරා සිටින අපගේ පාඨකයින් එම වඳුරාව බේරා ගැනීමට ක්‍රියාකලා. එසේම බොහෝ දෙනෙක් වනජීවී දෙපාර්තුමේන්තුව ඇතුළු වගකිව යුතු අංශ වලට මේ පිලිබදව දන්වා තිබුනා.
මේ පිළිබඳව අප විසින් මුල්වරට කරුණු හෙළි කිරීමෙන් අනතුරුව එම පුවත ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ දැනගත් කාරුණික මහතෙක් එය වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත විජේසුන්දර මහතාට දන්වා, එතුමන්ගේ නිලධාරින් හා වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව අද උදෑසන 7.30 ට පමණ වඳුරා සොයාගන තිබෙනවා.
"අහිංසක" ලෙස එම වඳුරාට නම තබා තිබෙන අතර පශු වෛද්‍ය උදය ශාන්ත මහතා විසින්උදෑසන 9.30ට පමණ වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව ඔහුට ප්‍රතිකාර කර තිබෙනවා.
"අහිංසකට දැන් සනීපයි"

උපුටා ගැනීම - Gossip9
Last edited: