අහිංසක ගොවියන් 66 ක් අත්අඩංගුවට
අහිංසක ගොවියන් 66 ක් අත්අඩංගුවට
එළවළු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (13) දිනයේ විරෝධතා පැවැත්වුණා. දඹුල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයේදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවු අතර, එහිදී පොලිසියේ වාහන දෙකකට සහ බස් රථයකට හානි සිදුවී ඇති අතර, පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියා. මේ අතර, බණ්ඩාරවෙල නගරයේද එළවළු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් කූඩ අනිවාර්යය කිරීමට එරෙහිව අද පැවැත්වුණු විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
එහිදී බස් රථ දෙකකට සහ පුද්ගලික සමාගමකට අයත් ලොරි රථයකට හානි සිදුවී ඇති අතර, තුවාල ලැබු පොලිස් නිලධාරීන් 03 දෙනෙකු සහ පොලිස් ආරක්ෂක සහයකයෙකු දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද සඳහන්.

සෝස්

Code:
http://hirunews.lk/sinhala/23165