අහිමි කල නිදහස වහා ලබා දෙනු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බලය!
    තියෙන බලය ප්‍රමාණවත්ව භාවිතා නොකර සීමාව ඉක්මවූ නිදහසක් ලබා දීමෙන් පසුගිය ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් ලෙස ඉතිහාස ගත වූයේ ය.
    මිනිසුන් විනය සෑදීමට අවශ්‍ය බව ඡන්ද කාලෙට කියනවා ඇසුණේ ඒවායේ ප්‍රතිඵල ලෙස ය. කොළඹ උද්ඝෝෂණ වල තෝ තැන්නක් බවට පත් වීමෙන් ජන ජීවිතය සෑහෙන්නට කඩා වැටුණි.
    දැන් පැත්ත මාරු කොට තිබේ.
    දැන් ඇත්තේ බලය අවභාවිතා කර, නිදහස උරුම සීමාවටවත් ලබා නොදෙන පාලනයකි. මානව හිමිකම් කප්පාදුවට ඔවුන් දැනටමත් කප් ගසා තිබේ. ඊළඟ ඡන්දයට මිනිසුන් නිදහස සොයා පෙළ ගැසෙනු ඇත.
    ඔය දෙපැත්තේ දෝළනය වෙමින් සාමාන්‍ය මිනිසුන් ජීවත් වෙති. හැරී බලන්න දෙපැත්තේම පාලකයෝ තාම පාර්ලිමේන්තුවේ.
    ඒ මාගේ දේශයයි.
    පැතුම් කර්නර්