ජෑම් ගහ යට සෙවණේ දවල් අව්වෙන් ආරක්ෂා වෙමින් පොත කියවන්නට දරණ උත්සහයට ඉතා දැඩි අරමුණක් අවශ්‍ය වූයේ අවදානය එක එල්ලේ තබා ගැනීම සිර කුටිය තුල අපහසු වූ නිසා ය. හිත තුල නැගෙන පීඩාව යට කරන් අකුරු අතරට කෙතෙක් මනස යොමු කල ද කවුරුන් හෝ පැමිණ මා කතාවට පටලවා ගැනීමට වෙහෙසුණි. මා අතේ තිබෙන මුද්‍රණය කළ ග්‍රන්ථය වගේම මේ ඇවිදින පුස්තකාල වලින් උගත යුතු දේ බොහෝම ය. මා අතේ ඇති ග්‍රන්ථය මට සිර ගෙදරින් පිටතට රැගෙන යා හැකි වුවත්, මේ හුස්ම වැටෙන ග්‍රන්ථ මා දිනෙක මෙහි දමා යා යුතුය. එබැවින් ඒවා කියවා ගැනීමට ලැබෙන හෑම අවස්ථාවක්ම නොමසුරුව පාවිච්චි කල යුතුය.
සිය දවසේ කාලය ගෙවා ගැනීම සෑම සිරකරුවෙකුටම අභියෝගයක් යැයි මට සිතෙයි. ගත වෙන තත්පරයක් පාසා ඉක්මනින් ගෙවා ගැනීමට ඔවුන් උත්සුක වන්නේ මීළඟ නඩු දිනය ද ඇප ලැබෙන දිනය ද ගැන හීන මවමිනි. එසේ සිතමින් ඇතැමෙක් මාස කීපයක් මෙහි ගෙවා දමා තිබේද්දී තවෙකෙක් අවුරුදු 5 කට අධිකව රිමාන්ඩ් බන්ධනාගාරයේ ය. සිය වරදට චෝදනා උසාවියේදී ඔප්පු වී දඬුවම් ලැබූවෝ නියම කරන කාලය වැලිකඩ දී ගෙවා දමති. එහෙත් මේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින කිසිවකුගේ වැරදි තවමත් ඔප්පු වී නොමැත. එනිසාවෙන් ඔවුන්ගේ නඩු උසාවියේ තවමත් විභාග වන අතර ඇප ලබා ගැනීමට ඇති බාදා මත ඔවුන් දිගටම රිමාන්ඩ් ගත වී සිටිති. එසේ බොහෝ දීර්ඝකාලීනව සිර ගෙදරට සිර වූවෝ මත්ද්‍රව්‍ය වෙළඳුන් ලෙස හෝ ප්‍රවහනය කල උන් ලෙස චෝදනා ලද්දෝය.
එසේ චෝදනාවකට සිර වී සිටින අක්මාල් බායි මේ සිර ගෙදර දැන් වසර 5ක් ගෙවා තිබේ. මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවක් ලැබ ඇති ඔහු මේ සිර ගෙදර ඉතා ප්‍රසිද්ධ පුද්ගලයෙකි. තවමත් වසර 40 ක පමණක් වයසැති මේ පාකිස්තාන ජාතිකයා දේශපාලන විද්‍යාවෙන් මාස්ටර්ස් උපාධියක් පවා ලද්දෙකි. මා පැමිණි මුල් දිනයේ පටන් ඔහු මා සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය යැයි කියා සිටියේ ඔහු ලංකාව පිළිබඳව සිතන දෑ මා සමග බෙදා ගැනීමට ය. මුල් දින කීපය තුල මා කම්පාවෙන් සිටි බැවින් ඔහු ඒ සාකාච්ඡාව තරමක් පස්සට දමා තිබුනේ ය. එහෙත් අද ඔහු ඒ සාකාච්ඡාවට මුල පුරන නියාගෙන් මා දෙස බලා සිටියි.
" ඉතිං , අක්මල් බායි, එන්න අපි කතා කරමු"- මා ඔහුට ඉනිමං බැන්දෙමි. කොට කලිසමක් සහ හොඳ ටී ෂර්ට් එකක් ඇඳ සිටි ඔහුට තරමක් නෙරා ගිය බඩක් තිබුණේ ය. හිසේ කොණ්ඩය ටික ටික හිඳි ගොස් පුරන් වී යන තට්ටයක් සහිත ඔහුගේ හිසට තරමක් හොඳ මට්ටමේ කණ්නාඩි යුගලය ගැඹුරු පෙනුමක් එක් කලේය. බැලු බැල්මට සිංහලයෙකුයි සිතෙන පෙනුමෙන් යුතු ඔහු පාකිස්තානුවෙකු බව ඔහු දකින කිසිවෙකුට එක වර පසක් නොවනු ඇත.
" ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට මොකක්ද නැත්තේ? ලොකු අඩුවක් මේ රටේ තියෙනවා. මොකක්ද ඒක? මම දැන් අවුරුදු 5 කට වැඩිය මේක ඇතුලේ. මේ මිනිස්සු දැක්කාම මට පේනවා ලොකු අඩුවක්" - ඔහු සෘජුවම කතාවට මුල පිරුවේ ය. මා මොහොතක් ඔහුට දෙන පිළිතුර ගැන සිතීමි. ඔහු ඉවසිලිවන්තව මා දෙස එක එල්ලයේ බලා සිටියි. පොත නවා පැත්තකින් තැබූ මා බංකුවෙන් නැගිට අක්මල් ගේ කරට අතා දමා ගත්තෙමි.
" අක්මාල් , ලංකාවේ මිනිස්සු කවදාවත් සාර්ථකව විප්ලවයක් දිනලා නෑ. රාජ්‍යය පෙරලලා දාලා, පාලකයෝ පන්නලා, ජනතා බලය රටේ පරමාධිපත්‍ය බලය බව අවබෝධ කර ගෙන නෑ. අපේ රටේ නැගිටපු ගොඩක් මිනිස්සුන්ව මරලා දැම්මා. මුලින් රාජාණ්ඩු. ඊට පස්සේ අධිරාජ්‍යය වාදියෝ. අන්තිමට අපේම රටේ පාලකයෝ. ඒ නිසා අපේ මිනිස්සු බයෙන් ඉන්නේ, යටහත් පහත් භාවයෙන් ඉන්නේ.
විප්ලවයකින් දින්නට පස්සේ තමයි මිනිස්සුන්ට හැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ගැන තේරුම් යන්නේ. අපිට ඔය දෙකම ලැබුනේ නිකම්ම. අපි ඉතිහාසයට ඒ අරගලය ණයයි. ඒ ණය සාර්ථකව ගෙවා ගන්න කම් අපිට නිවහල් මිනිස්සු වෙන්න බෑ. හැබෑ ප්‍රජාතන්ත්‍රවාදයවත් හැබෑ නිදහසවත් අපි තාම විඳලා නෑ.
මේ අරගලයේ ප්‍රධාන අරමුණක් තමයි මිනිස්සුන්ට දිනන්න අවස්ථාව හදන එක. එතනින් බිහිවෙන නිවහල්, නිදහස්, බය නැති මිනිහා තමයි අපිට ඕනේ. ඒ පුරවැසියා තමයි රටට ඕනේ. අපිට මෙච්චර කල් නැත්තේ ඒ අභිමානය. ජයග්‍රහණයක අභිමානය. ඒක නැතිව හරියට නිකම් අපි කොන්ද කඩා ගත්ත ඉස්සෝ වගේ. නැවි නැවී ජීවත් වෙනවා. මේ අරගලයේ ජයග්‍රහණය මිනිස්සුන්ගේ ඒ වහල්භාවය බිඳිවී." - මා දිර්ඝව ඔහුට පැහැදිලි කලෙමි.
"මේ කුඩුවට මේ අවුරුදු 5 ඇතුලත දේශපාලන සිරකරුවෝ ගොඩක් ඇවිත් තියෙනවා. මම හැමොගෙන්ම මේ ප්‍රශ්නය අහලා තියෙනවා. අද තමයි හොඳ උත්තරයක් ලැබුනේ." - අක්මාල් කියා ගෙන ගියේ ය. "It is lack of greatness - ස්වයං අභිමානය නොමැති කම. පකිස්තානයේ අපිට ඒක ගොඩක් තියෙනවා. ඒ නිසාම අපි අඩු පඩියට කම්කරු රස්සාවල් කරන්න මැදපෙරදිග යන්නේ නෑ. අපි හොඳ පඩි ඉල්ලනවා. අපේ මිනිස්සු බය නෑ. කතා කරනවා. සුද්දන්ව ගණන් ගන්නේනෑ. ඒත් ලංකාවේ මිනිස්සු ආදරේටත් 'සුදු පුතා' කියලා කතා කරනවා. යටහත් පහත් භාවයක් පෙන්වනවා. පිටරට දිත් මම ගොඩක් දැකලා තියෙනවා. ඒ නිසා ලංකාවේ මිනිස්සුන්ට ඒ අභිමානය දෙන්න ඕනේ. ඒක නැතුව ආත්ම විශ්වාසය ඇති කරන්න අමාරුයි." අක්මාල් සිය හිත හිස් කලේ ය.
තෙල් අවසන් වීමේ සංඥා බල්බය නීවී පත්තු වෙවී මා කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට උසාවියට රැගෙන ගිය ජීප් රථයේ ගමන මට මතක් වූයේ ය. සුදු රෙද්දකින් හිස වසා සිටියත් එහි කොණකින් වූ හිඩැසෙන් රථයේ තත්ත්වය මා දැක ගත්තෙමි. ඔවුන්ට තිබූ ඉස්තරම්ම වූ නිල ඇඳුමින් සැරසී සිටි ඒ පොලිසියේ නිලධාරීන් උසාවිය අසළදී ඔවුන්ට ලැබෙන මාධ්‍ය අවදානය ගැන යටි හිතෙන් සිතනවා විය හැකිය. එම ජීප් රථයේ ඉදිරි අසුනේ වූ එහි ප්‍රධානියා යන ගමන් මාගෙන් ඇසූ ප්‍රශ්නය මා කුඩා කල පටන් පිලිතුරු දීමට බලාපොරොත්තුව සිටි ප්‍රශ්නයක් සේ මට හැඟින.
" මොකට ද අරගල කලේ?" - ඒ ඔහුගේ කෙටි ප්‍රශ්නයයි. මා සූදානම්ව සිටියේ ඉහතින් අක්මල් ට දුන් පිළිතුර ඔහුට දීමට ය. එහෙත් රියැදුරු ඉදිරියේ නීවී දැල්වෙන සංඥා බල්බය දෙස මාගේ අවදානය වැඩිපුර යොමු වී තිබේ. එම බල්බය වෙත ඔහුගේ ද අවදානය ඇදී තිබුණාට මට විශ්වාසය. මේ ඉහළ නිලධාරියා ද මේ ක්‍රමයේම තවත් පුරුකක් බඳු ය. ඔහුට එය වෙනස් කිරීමට අවශ්‍ය ද? මා එහි සිටි මුළු කාලය පුරාවට ඔවුන්ට ඉහළ නිලධාරීන්ගෙන් දුරකථන ඇමතුම් ගලා ආවේ ය. කට පුරා සර් කියමින් යටහත් පහත්ව උත්තර දී සිය රාජකාරිය කර ගෙන යන මේ නිලධාරීන්ට ඇත්තෙන්ම අභිමානයක් අවශ්‍ය දැයි මා නොදනිමි. ඒ ඔවුන්ගේ රාජකාරියේම ස්වභාවයයි. ඒ යටහත් වීම ඔවුන් සිය නිල ඇඳුම් තුල කොටු කර තිබේ. ඔවුන් සිය ජීවනාළිය වෙනුවෙන් නිවහල් වීම කැප කොට තිබේ. එය ඔවුන්ගේ ජීවිතයේ තවත් එක් දවසක් වෙයි. ඔවුන් නිදහස පතනවා ද? ඔවුන් එහි වටිනාකම දන්නවා ද? මා එය නොදනිමි.
ඔවුන්ට මේ අභිමානයේ කතාව තේරෙන්නට ඉඩක් නැත. එනයින් මා පිළිතුර වෙනස් කොට ලබා දුන්නෙමි. " අරගල කලේ ආර්ථික අර්බුදය විසඳන්න "- තෙල් සංඥාව දෙස බලා ගෙනම මා ලබා දුන් කෙටි පිලිතුර ඔහුව සතුටට පත් කලා දැයි මා නොදනිමි. එහෙත් මා උසාවිය දක්වා රැගෙන යෑමට ජීප් රථයේ තෙල් ප්‍රමාණවත් වීම ගැන මා සතුටු වෙමි.
අක්මාල්ගේ කතාව සමග මා එකග වෙමි. අපි ඉතිහාසය පුරාවට පෑගීමට ලක් වූ මිනිසුන් වෙති. රාජ්‍ය පාලකයෝ, අධිරාජ්‍යය වාදියෝ මෙන්ම ගමේ ආරච්චිලාගේ පටන් පාගා සූරා කෑ මුතුන්මිත්තන් පරම්පරාවකින් අප පැවත එති. මිනිසුන් නැගිටීමට උත්සහ් කල සෑම කලෙකම උන් පරාජයට පත් වූයේ ය. ඌව වෙල්ලස්ස කැරැල්ලේ පටන් 88/89 දක්වාම එය එසේමය. විජේවීරලා, විජේ කුමාරතුංගලා මරා දැමුවේ ය. සරත් ෆොන්සේකා ලා, රන්ජන් රාමනායක ලා හිරේ දැම්මේ ය.
අප මෙවර සාර්ථක වූයේ අවිහිංසාවාදයේ මාර්ගය තෝරා ගත් නිසා ය. ඒත් ඒ අවිහිංසාවාදයේ මාර්ගය නිර්මාණය කල මිනිසුන් හිංසාවේ චෝදනා වලින් බැඳ සිර කර දැමීමට ඔවුන් කටයුතු කරමින් සිටී. එහෙත් මේ වෙනස ඔවුන්ට නැවැත්විය හැක්කක් නොවේ. කුඩයක් හෙවුල්ලා මල් වැස්සෙන් බේරුණාට ගංවතුරෙන් බේරීමට ඉන් නොහැකිය. මෙවර මිනිසුන් සමග ඔවුන්ට එරෙහිව ස්වභාවධර්මයද සිට ගෙන සිටී. මේ ඓතිහාසික මංසන්ධිය ඉතිහාසය වෙනස් කර වන්නකි.
"අක්මාල් බායි , මේ අපේ රට වෙනස් වෙන කාලේ. මිනිස්සු වෙන කාලේ. අපි බලාගෙන ඉමු."
පැතුම් කර්නර්
#කොළඹ_හිරගෙදර_ජෑම්ගහ