සමාජ මාධ්‍ය නියාමන පනතේ වැදගත්කම පැතුම් පහදයි

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,727
    16,954
    113
    හරි දේට හරි කියන්න පුලුවන් වෙන්න ඕන. පැතුම් ජනප්‍රිය මතය පිටුපස යනවා නම් පනතට විරුද්ධ වෙන්න පුලුවන්. නමුත් ඔහු දුර දිග හිතනවා.
    haamuta puka deela dan indagannath amaru athi neda? kari wada karanna epa ban. aragale kiyala minissunwa rawattuwa. ko rate igena gatta minissu ekathu wela rata goda danna puluwan widiye pakshayak haduwada tho kiwwa wage?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,911
    8,248
    113
    Kotahena
    මහ බැංකුව හොරා කෑව කියන්න ඔබ සතුව තිබෙන සාක්ෂි ඉදිරිපත් කරන්න
    pachum thothha babada?
    nattan uba saaakshi file eka aran gihin pachum athata deela puk parak illagannada? :lol:
    nikan pala ponnayo yanna uuge hora contract uu balagena thiyenne uba dannawa unath nodana unath boruwata puka nodi hitapan
    neethiyen karapu deyak na kiyala tho dannawane, pachuma babek wenna hadanne
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ප්‍රතිත්‍රස්ත පනත වගේ, ICCPR එක වගේ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කිරීමට නියමිත පනතක් ලෙස තවත් එළියට එන එකක් තමයි සමාජ මාධ්‍ය නියාමන පනත. අඩුම තරමින් සමාජයට තියෙන අවබෝධය එහෙම එකක්..

    ආණ්ඩුවක් පිළිබඳව මහජන විශ්වාසය ගිලිහුණ විටෙක ඒ ආණ්ඩුව කියන කරන දේවල් ගැන මහ ජනතාව බලන්නේ සැකයෙන්, බියෙන් සහ අකමැත්තෙන්. අපිට දැන් තියෙන ආණ්ඩුවත් එහෙම එකක් නිසා මේ මොන පනත් ගෙනාවත් ඒවායෙ ඇති සාධනීය කොටස ගැන ජනතාවට ඒත්තු ගන්වන්න අමාරුයි. ඒනිසා අපේ රටේ හැමදාම වගේ ඡන්දයට පස්සේ පාලකයා සහ පුරවැසියා කියලා කොටස් දෙකකට බෙදිලා කෙරෙන ඝට්ටනයක් මෙහිදීත් අපිට පේන්න තියෙනවා. ඡන්දයට කළින් කරේ තියා ගෙන යන පාලකයන්ව ඊළඟ ඡන්දයට යනකම්ම හතුරන් බවට පත් වෙනවා. ඒ කාලය තුල ක්‍රියාත්මක වෙන්නේ දෙගොල්ලෝ දෙපැත්තට ඇදීමක්.

    මම කලිනුත් කියලා තියෙනවා වගේ අපි ඉන්නේ Era of Disinformation හෙවත් විකෘති තොරතුරු යුගයක. මේ යුගයේ ජනමතය උපක්‍රමශ්‍රීලීව මෙහෙයවන්න තොරතුරු විකෘති කොට කැම්පේන් කරනවා. ඒවා ජාලයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මේ රටේ ප්‍රධාන disinformation networks දෙකක් තියෙනවා. ලොකුම එක පොහොට්ටුවේ. ඒක 75% ක් විතර ප්‍රභලයි. ඒත් දැන් දිලිත් එතනින් ගැලවිලා නම් එය ටිකක් වෙන අතකට යන්න පුළුවන්. අනිත් කුඩා එක තමයි ජවිපෙට තියෙන සමාජ මාධ්‍ය ජාලා කණ්ඩායම් ටික. මීට අමතරව පුද්ගලික සෝෂල් මීඩියා සමාගම් සහ කණ්ඩායම් අතරත් මේ ජාල ගතවීම දකින්න පුළුවන්. හිටපු ගමන් payments වලට ඒවා ක්‍රියාත්මක වෙනවා. ඔක්කොටම ඕනේ සල්ලි විතරයි.

    අරගලය වෙලාවේ මේ disinformation networks දෙකම බිඳ වැටුණා. ඒවාට control එක නැතිව ගියා. මහජනතාවගෙන් වෙනමම අරගලය වෙනුවෙන් information network එකක් හැදුනා. මේ නෙට්වර්ක් එක study කාලොත් ඒක හැදෙන්නේ #GohomeGota2022 hashtag එක වටේ. ගෝල්ෆේස් පිටියට එන්න කලින් භාරත, සන්නස්ගල, සේපාල්, SLVLOG, සටහන්, ඇඩ්වොකාටා වගේ සෝෂල් මීඩියා දැවැන්තයින් මේ නෙට්වර්ක් එක නොදැනම හැදුවා. ආවාට පස්සේ රැට්ටා, දිලාන් වගේ සෝෂල් මීඩියා ස්ටාර්ස්ලා සහ නළු නිළියන් මේකට ආවම ඒ ඔස්සේ හැදුන සෝෂල් මීඩියා බලය දැවැන්තයි. ඒ අතරේ අතර තුල අනුරුද්ධ බංඩාරගේ සමාජ මාධ්‍ය මෙහෙයුමත් ලොකු වැඩ කොටසක් කළා. ගෝල්ෆේස් මෙහෙයුම් කණ්ඩායමේ සමාජ මාධ්‍ය බලය වගේම එයට මහඟු වටිනාකමක් දුන්න රැන්ඩි ගේ කාටුන් සහ අනෙකුත් කලා නිර්මාණ මේ තොරතුරු ජාලය වර්ණවත් කළා. මේ මේ සියල්ලේ සමස්ථ එකතුව රටේ තොරතුරු සම්පූර්ණයෙන් අරගලය වෙතට නම්මා ගත්තා කියන්න පුළුවන්. ඒ හැදුණ දැවැන්ත ජාතික මට්ටමේ සෝෂල් මීඩියා යාන්ත්‍රණය තමයි අරගලය ඉදිරියට ගෙන ගියේ.

    මේක අපේ රටේ විතරක් නෙවෙයි, ලෝකයේ වසර 2010 න් පසුවට හැදුණ ඕන අරගලයක දකින්න පුළුවන්. ඒ තමයි සමාජ මාධ්‍ය ජාල මූලික කර ගෙන නිර්මාණය වීම. මිනිස්සු තනි තනියෙන් නොසිට, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සම්බන්ධීකරණය වීම, සහ ඒවා සාමූහිකව ක්‍රියාවට නැංවීම. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඇතුළු පාලකයන් හොඳින් දන්න කරුණක් තමයි ආයේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මිනිසුන් සංවිධානය වෙන්න පුළුවන් කියන කරුණ. අරගලයට පෙර මගේ ෆේස්බුක් ගිණුම තහනම් කර ගන්න ගෝඨා ලොකු උත්සාහයක් දැරුවා. නමුත් එවන් පාලනයක් කිරීමට ඔවුන්ට ෆේස්බුක් එකෙන් හැකියාව ලබා දුන්නේ නෑ. මා එංගලන්තයේ සිටි නිසා, සහ මගේ ගිණුම සිංගප්පූරුවේ ලියාපදිංචි එකක් නිසා එය කර ගැනීමට ඔවුන්ට නොහැකි උනා.

    මෙලෙස සමාජ මාධ්‍ය ජාලා වල ආණ්ඩුවට විරෝධයක් ගොඩ නැගෙනවා නම් එය වළක්වා ගන්න ප්‍රමාණවත් නීති රටේ නෑ. ඒ නිසා ඒවා අලුතින් නිර්මාණය කර ගන්නට ඔවුන් උත්සාහ කරනවා. ප්‍රතිත්‍රස්ත පනත වගේම සමාජ මාධ්‍ය ජාලා පනතත් එවන් උත්සහයක්.

    කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ජාලා වලට නියාමනයක් අවශ්‍ය බව මා පිළිගන්නවා. කාගේ හෝ සෙක්ස් වීඩියෝවක් ලීක් කරන්න, ස්පා වලට පොලිසිය පනින කොට ෆෝන් වල රෙකෝඩින් දාගෙන යන්න, කාට හරි අමු කුණු හරුපෙන් බනින්න, තර්ජනය කරන්න, වගේ සරළම තැන් වලින් ගත්තොත් කතා කරන්න සහ ප්‍රකාශනයට කෙනේකුට තියෙන නිදහස තව කෙනෙකුගේ නිදහස අභිබවා යනවා. ඒ නිසා අපේ රටේ බොහෝ සරළ සාමාන්‍ය මිනිසුන් පවා මින් අපහසුතාවට පත් වෙනවා, පීඩාවට පත් වෙනවා. සමහර අය නඩු දැම්මට ඒවා උසාවියක ඔප්පු කර ගැනීමටත් නොහැකියි. ඒ නිසා මේ රටේ අදට ඔබින සම්මතයන් නිර්මාණය කර ගන්න, ගුණාත්මකභාවය රැක ගන්න ඕනේ. පුරවැසියන් සැමගේ නිදහස ආරක්ෂා කර ගන්න ඕනේ. ඒ නිසා ඒවා නියාමනය කිරීම වැදගත්. ඒක රජයක කාර්යයභාරයක්.

    හැබැයි ඒක කරන්න ඕනේ මිනිසුන් අනියත ලෙස පාලනය කිරීමට දේශපාලකයාට අනිසි බලයක් ලැබෙන අයුරින් නොවෙයි. ප්‍රතිත්‍රස්ත පනත, ICCPR ය වගේම මේ අලුත් පනතත් එන්නෙම එවන් වූ අනිසි බලයක් දේශපාලකයා අතට ලබා දීම තුල. එවිට සිදු වන්නේම එම අන පනත් අවභාවිතා කිරීමක්. දැනට අපිට තියෙන අත්දැකීම ඒ වගේ.

    මේවන් පනත් වලට මුළුමනින් විරෝධය පළ කිරීම වැරදියි. අපි කළ යුත්තේ එය පාලකයාට ඇති අනිසි බලය ඉවත් කොට, එවන් පනත් නිවැරැදිව අපේ ක්‍රමවේදයන් තුලට එකතු කර ගැනීමයි. මේ පනත ගැන සාකච්ඡා විය යුත්තේ එහි නීතිමය අඩුපාඩු සකස් කර නිවැරැදිව යොදා ගැනීම පිළිබඳවයි. හැබැයි අපි කරන්නේ අර කළින් කිව්වා වගේ පාලකයාට ඇති වෛරය සහ අවිශ්වාසය නිසා සම්පූර්ණයෙන්ම ඒවාට විරුද්ධ වීමයි. එවිට අපිට කිසිම පනතක් හෝ නියාමනයක් ජන සහභාගිත්වයෙන් නිර්මාණය කර ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසාම තමයි බොහෝ විට අපේ රටේ දේවල් අප්ඩේට් වෙලා නැත්තේ. තවමත් යටත් විජිත කාලේ හදපු නීතී පවතින්නේ. මොකද අපි සමාජයේ කාලීන පරිවර්තන සහ අවශ්‍යතාවයන් අනුව වෙනස් වෙලා නෑ. ලෝකයේ අලුතින් ඇති වන තත්ත්වයන් වලට අපි ලඟ තාක්ෂණය හෝ නියාමනය නෑ. අපි යන්නේ ලෝකෙට වඩා අවුරුදු ගාණක් පස්සෙන් වෙලා. ඉතිං සමහර තැන් වලදි ඔබම පුද්ගලිකව අපහසුතාවට පත් වෙනවා. එදාට ඔබ කියනවා මේ රටේ කිසි නියාමනක් නෑ, නීතියක් නෑ කියලා, හැබැයි ඒක හදා ගන්න ඔබත් උදව් වෙලා නෑ.

    ඉතිං, මගේ අදහස මෙවන් පනත් ඕනේ. මේවා විතරක් නොවෙයි අලුතින් ආපු ගොඩක් තාක්ෂණික දේවල් වලට නියාමනයන් එකතු වීමත්, එම තාක්ෂණයන් නිරීක්ෂණය කළ හැකි තාක්ෂණයෙන් නියාමන ආයතන බල ගැන්වීමත් අත්‍යාවශ්‍යයි. හැබැයි ඒ මුවාවෙන් මේවා අවභාවිතා කොට පාලකයා එය සියතට ගැනීමට උත්සහ කරයි නම්, එම උත්සහයන් නිවැරැදිව පරාජය කළ යුතුයි. අපේ සාකච්ඡාව සිදු විය යුත්තේ ඒ ඔස්සේ මිසක් සියළු නියාමනයන් එපා කියන පාරේ නොවෙයි.

    පැතුම් කර්නර් #පැතූනොමික්ස්
    #හරිත #රටහදනහරිපාර
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මහ බැංකුව හොරා කෑව කියන්න ඔබ සතුව තිබෙන සාක්ෂි ඉදිරිපත් කරන්න
    පැතුම්ට අනුව රනිල් බැඳුම්කර වංචාවක් කරල නැද්ද? මහින්ද කරලත් නැද්ද?
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මහ බැංකුව හොරා කෑව කියන්න ඔබ සතුව තිබෙන සාක්ෂි ඉදිරිපත් කරන්න
    හොරකන් කරේ නැහැ කවුරුත් සල්ලි ,කඩයක් කියල හිතුවද?

    වෙන්දේසිය හොරට කරලා වැඩි පොලියට bonds ණයට ගත්ත , අඩු ගානට වෙන අයගෙන් නොගෙන ඇතුලෙන් හොර කරලා ,බිලියන ගානක් රටේ මිනිස්සුන්ගේ සල්ලි , තාම ඒ බිලියන ගාන ගෙවල නැහැ bonds කල් පිරෙද්දී ගෙවන්නේ
     
    ------ Post added on Jan 23, 2024 at 10:42 PM
     
    Similar threads