''මම මගේ ගමේ ඉදලා රත්නපුර පාරෙන් කොළඹ එන කොට අධික වේගයෙන් ආපු බස් රියක් මගේ වාහනය ලගින් නූලෙන් ගිහින් පිටුපසින් පැමිණි මගේ ආරක්ෂක නිලධාරීන් රැගත් වාහනය සමග හැපී, මගේ ආරක්ෂක නිලධාරීන් 4 දෙනෙක් එතනම මිය ගියේය.''
"ඉන් මාස 6 කට පසුව ඒ පාරෙන්ම මම යද්දි බස් රිය එදා පැදවූ රියදුරාම අධික වේගයෙන් යනවා මම දැක්කා."
ජනාධිපති - මහින්ද රාජපක්ෂ
2011.05.11
4 දෙනෙක් එතනම යට කරපු බස් රියදුරාට කිසිදු නීතිමට බලපෑමක් නොකර තාමත් එවැනි වේගයෙන් යෑමට ඉඩ සලස්වා තිබෙන බව සැබෑද? සාමාන්‍ය මිනිහෙක් ජනාධිපතිගේ ආරක්ෂකයින් මරා නිදැල්ලේ සිටිය හැකද?? තමන් ආරක්ෂා කරන්නා වූ නිලධාරින්ට සලකන්නේ මෙසේද?? මේවා තවත් රට පැලෙන බොරු නොවේද???
හුදෙක් මහජනතාවගේ පැසසුම් ලබා ගැනීමට මෙවැනි රට පැලෙන බොරු ගොතන්නට නායකයෙකු වශයෙන් මොහුට ලැජ්ජාවක් නැද්ද???

(හෙට සුදු වෑන් එකකින් මාව ඉස්සුවත් මම කීව්වේ ඇත්ත)