අහෝ ජැක්සන්, අයියෝ ජයන්ත.....

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අහෝ ජැක්සන්, අයියෝ ජයන්ත.....

    පනා යනු කොස්ය. කොස්වලට ඉංග‍්‍රීසියෙන් කියන්නේ ජැක්ය. ඉංග‍්‍රීසියෙන් පුතාට කියන්නේ සන්ය. ජැක් - සන් එකතු වූ විට ජැක්සන්ය. ජැක්සන් ඇත්තනීය පේ‍්‍රමකීර්තිද අල්විස් විසින් පනා පුත‍්‍ර යන නම තැබුවේ මෙලෙස කියමින්ය.

    Jackson-Anthony-Appachchi.png


    මේ පනාපුත‍්‍ර හෙවත් ජැක්සන් ඇන්තනී මෙරට සිටි ප‍්‍රතිභාපූර්ණ නාට්‍ය කරුවෙකි. සම්මානනීය චිත‍්‍රපට රංගන ශිල්පියෙකි. දක්ෂ නිවේදකයෙකු මෙන්ම ගායකයෙකි.
    කලාවේ බොහෝ අංශයන් ජයගත් ජැක්සන් ඇන්තනී නම් කලාකරුවා 2005 වසරේ දී අපට අහිමි විය.
    ඒ ඔහු සංවේදී කලාකරුවෙකු වී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කිරීමට යාමෙන් පසුවය.


    Jackson_wansakathawa_360px_-300x191.jpg


    අප මේ කියන්නට යන්නේ ඒ මියගිය කලාකරුවා ගැන නොව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවට වැටී කූඨ බිස්නස් කරන ජැක්සන් ඇන්තනී නම් වූ මුදලාලි ගැනය.
    ජැක්සන් ඇන්තනී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවට වැටීමෙන් අනතුරුව ඔහුට ලැබුණු වරදාන ගණනාවකි. ජනාධිපති මහින්ද රාජපක්ෂලාට ජනමූල නායකයා කියා කඬේ යෑම හේතුවෙන් ජැක්සන්ට වැඩිපුරම සැලකුවේ ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල්වලිනි.
    ජැක්සන් ඇන්තනී වෙනත් රූපවාහිනී නාළිකාවකට කළ ‘මහා සංචාර’ නම් වැඩසටහන ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් මිලදී ගන්නේ ඉතා ඉහළ මිලකටය. රූපවාහිනී සංස්ථාවේ සැරිසර වැඩසටහන ප‍්‍රශස්ත මට්ටමකින් ක‍්‍රියාත්මක වන බැවින් තවත් එවැනි වැඩසටහනක් රූපවාහිනියට අනවශ්‍ය බව රූපවාහිනියේ බොහෝ දෙනෙකුගේ මතය විය. එහෙත් දේශපාලන බලපෑම හේතුවෙන් එක් කොටසක් රුපියල් ලක්ෂ දෙකක් තරම් ඉහළ මිලකට ගැනීමට රූපවාහිනියට සිදුවිය. ජැක්සන් ඇන්තනීගේ මහා සංචාර සමස්ත වැඩසටහන වෙනුවෙන් රූපවාහිනිය ගෙවා ඇති සමස්ත මුදල රුපියල් ලක්ෂ තුන්සිය හතළිස් දෙකකි. (34,200,000) කි. මෙම මුදල් ගෙවා ඇත්තේ ජැක්සන් ඇන්තනීට අයත් CREATIVE HELANKA නම් ආයතනයේ 70263243 දරණ ගිණුම් අංකයටය.


    jau1.jpg


    2010 වර්ෂය තුළදී රු. 8,889,920.00 බැගින් තුන්වතාවකදී ජැක්සන් ඇන්තනීට අයත් ක‍්‍රියේටිව් හෙලංකා ආයතනයට මුදල් ගෙවා ඇත. එසේම 2011 වර්ෂය තුළදී රුපියල් 913,920.00 ක්
    බැගින් එකොළොස් වතාවකදී මුදල් ගෙවා ඇත. 2012/2/20 දින රුපියල් 685,440/= ක් ගෙවා ඇති අතර 2012/03/13 සිට 2013/05/30 දක්වා කාලය තුළ රුපියල් 505,920.00 ක් බැගින් නව වතාවක් මුදල් ගෙවා ඇත. ඒ අනුව එම කාලය තුළ ගෙවා ඇති සම්පූර්ණ මුදල රුපියල් එක්කෝටි අසූඅටලක්ෂ පනස්එක්දහස් පන්සිය විස්සක් (18,851,520.00) කි. එහි ඉතිරි මුදල්ද එම චෙක් අංකය යටතේ ජැක්සන් අන්තනීගේ ක‍්‍රියේටිව් හෙලංකා ආයතනය වෙත වරින්වර ගෙවා තිබේ.
    මීට අමතරව රූපවාහිනියේ විවිධ වැඩසටහන්වලට සහභාගිවීම
    වෙනුවෙන් 2010/03/17 වෙනි දින සිට 2013/05/28 දින දක්වා කාලය තුළ ජැක්සන් ඇන්තනීට රූපවාහිනිය මගින් රුපියල් තිස්පන් ලක්ෂ හැත්තෑහතරදහස් හයසියය (රු.3,574,600/=) ක මුදලක් ගෙවා ඇත. එම මුදල ගෙවා ඇත්තේ අවස්ථා 19 කදීය. ඒ අතරින් 2011/12/14 දින හාරලක්ෂයක්ද 2012/04/27 රුපියල් දෙලක්ෂ 80,000/= ක්ද ගෙවා ඇති අතර 2013/02/21 දින පන්ලක්ෂ 60,000/= ක මුදලක් ගෙවා ඇත.
    ජැක්සන් ඇන්තනී හැරුණු විට රූපවාහිනියෙන් වැඩිම මුදලක් ලබාගෙන ඇත්තේ ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය තවත් සංවේදී කලාකරුවෙකු වූ ජයන්ත චන්ද්‍රසිරිය.
    ජයන්ත චන්ද්‍රසිරිට රූපවාහිනිය මගින් වැඩිම මුදල් ගෙවා ඇත්තේ රණවිරු රියල් ස්ටාර් වැඩසටහන වෙනුවෙනි. රණවිරු රියල්ස්ටාර් මිෂන් 03 අවසන් මහා තරගය දින පමණක් එම වැඩසටහන වෙනුවෙන් දරා ඇති මුදල් රුපියල් 32,001,685/= කි. එනම් රුපියල් ලක්ෂ තුන්සිය විස්සකුත් තවත් රුපියල් 1,685/= ක්
    වියදම් දරා ඇත. මෙදින වැඩිම ගාණක් ගෙවා ඇත්තේ වැඩසටහනේ නිර්මාණ අධ්‍යක්ෂ ලෙස ජයන්ත චන්ද්‍රසිරිටය.

    samanala-sanduwaniya-3.jpg



    එදින විනිශ්චය මණ්ඩලය වෙනුවෙන් ගෙවා ඇති මුදල රුපියල් එක්ලක්ෂ විසිදහස (120,000/=) ක්වන අතර නිවේදකයන් වෙනුවෙන් රුපියල් 320,000/= ක් දරා ඇත. නිර්මාණ අධ්‍යක්ෂ හා සහායක කණ්ඩායම වෙනුවෙන් ගෙවා ඇති මුදල් රුපියල් දහසය ලක්ෂ හැත්තෑ දහස (1,670,000/=) කි. සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණය වෙනුවෙන් රුපියල් තිස්ලක්ෂ (3,000,000) ක් ගෙවා තිබේ. කැමරා උපකරණ සඳහා ගෙවා ඇති මුදල රුපියල් අට ලක්ෂය (800,000) කි. එසේම සංගීත අධ්‍යක්ෂණය වාදන ශිල්පීන් ප‍්‍රාසාංගික නිරූපණ වෙනුවෙන් ගෙවා ඇති මුදල රුපියල් දෙකෝටි විසිපන් ලක්ෂ දහදහස (22,510,000/=) කි. ආබාධිත සෙබළුන්ගේ නර්ථනාංග සඳහා අනෝජා වීරසිංහට රුපියල් හත්ලක්ෂ පනස්දහස (750,000/=) ක් ගෙවා ඇත. ශබ්ද උපකරණ සඳහා රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂය (14,000,000/=) ක් වැයකර ඇති අතර පසුතල උපාංග හා ඩිජිටල් ප‍්‍රින්ටින් සඳහා රුපියල් දසලක්ෂ විසිඑක්දහස් නවසිය තිස්පහ (1,021,935/) ක් වැයකොට ඇත. එසේම විදුලි ආලෝක උපකරණ වීඩියෝ වෝල් හා ජෙනරේටර් සඳහා රුපියල් හැටලක්ෂය (6,000,000/=) ක් වැයකර ඇත. Jimmy job & Track Dolly උපකරණ සඳහා රුපියල් දෙලක්ෂ විසිදහස (220,000/=) ක් වැයකර ඇත.



    මුන් කන්නෙ මහ එකාගෙ බූදලෙන් දීල නෙවෙයි මේ රටේ අහින්සකයන්ගෙ රීරි මාන්සෙ.
     
    • Like
    Reactions: Shadow.Walker