ඔව් අපි වැද්දන් වෙමු. අපේ වැදි සනුහරය කොළ අතු ඇන්ද වනචාරින් නොවෙමු. අපට අපේම සංස්කෘතියක් ඇත. අපට අපේම භාශාවක් ඇත. අපට අපේම ශෛලියක් ඇත, අපට අපේම රිද්මයක්, ක්‍රමයක්, අනන්‍යතාවයක් ඇත. අපේ වැද්දන්ගේ රසවින්දනයද ගොඩනැගී ඇත්තේ ඒ කරුණු මතය. අපේ වැද්දන් අමුඩ ගසා සවාරි යන විට සිංහල ගීත කියන්නේත්, වෙන කිසිම ගීයකින් ඒ ගැම්ම නෑ කියන්නේත් එබැවිනි. ඒ කියන ගැම්ම අපෙ රසවින්දනය පුහුණු වී ඇති සැටිය. ඒ අපේ තාලයය. අපෙ විදිහය.
අමුඩ ගැසූ අපේ වැද්දන් අතර පරයන්ගෙන් ණයට ඉල්ලාගත් ලංකට් ඇඳි 'වෙන්ඩ පොශ්' එවුන්ද සිටිති. උන් හිතන්නේ ලංකට් ඇඳි පලියට උන් පරයන් වෙන බවය. උන් හිතන්නේ උන්ගේ ණයට ගත් ලංකට් එක නිසා අනෙකුත් වැද්දන් අතර උන් කැපී පෙනෙන බවයි. පරයන්ගේ ලංකට් ඇඳි උන්ට වැද්දන්ට මෙන් අනන්‍යතාවක් නැත. උන්, උන් කවුදැයි කියාවත් දන්නේදැයි ප්‍රශ්ණයකි. උඩඟු කමින් පරයන්ගේ ලංකට් ඇඳ උඩ පනින උන් පද්දන්ය. වැද්දන් අතර අනාත පද්දන් උන්ගේ ලංකට් උඩ දමන්නේ එයින් පොශ් වීමටය. අපෙ වැද්දන්, නැහැය වසා, ගූ ගඳ ඉවසා උන් දෙස අනුකම්පාවෙන් බලන විට පද්දන් තමන් 'පොර' වී යැයි සිතති.
පද්දනේ අහපියව්, අපේ වැද්දන්ට මේ ගායනය ප්‍රශ්ණයක් වූයේ එය අපේ තාලයට, නැති නිසාය. අපේ අනන්යතාව ඉන් ගම්ය වන්නේ නැති නිසාය. ගායිකාවගේ දක්ශකම ගැන අපට ප්‍රශ්නයක් නැත. අපේ රැහේ වැද්දියක් දක්ශ නම් වැදි රැහැටම එය ආඩම්බරයකි. පද්දන්ගේ ගීත මෙන් නොව, වැද්දන්ගේ ගීත වලින් ගම්‍ය වන තේරුමක් ඇත. ඒ තේරුම හා බැඳුනු භාවමය රසයෙක් ඇත. පරයන්ගේ නොසේදූ පුකවල් වලින් වැගිරිනු අශූචි ගඳින් යුතු ලංකට් ඇඳ උඩපනින පද්දන්ට භාවමය රසයක් ගැන කිසිදු හැඟිමක් නැති නිසාම එවැන්නක් නැතැයි සිතීම පද්දන්ගේම මෝඩකමය. ශබ්ද රසය මතම යැපෙන පද්දන්ට ඇගේ ගායනය ඉමිහිරි එකක් වන්නට ඇත. නමුත් ඊනියා නිදහස් දිනයේ වැද්දන්ගේ භාවමය රසය වනසමින් උන්ගේ කණට ගූ වක්කරන්නාක්මෙන් ගැයුනු මේ ගීය වැද්දන් වන අපට කළ නිගාවක් ලෙස සළකමු.
එනිසා ලංකට් ඇඳි පද්දන්ට කියන වග නම්;
* උඹලාගේ ගූ ලංකට් වැද්දන්ගේ වැදි සංස්කෘතියෙන් ඈත් කොට තියාගනියව්.
* උඹලා ප්‍රිය කරන පරයන්ගේ අශූචි සුවඳට ප්‍රිය නොකරන වැද්දන්ට උන්ගේ පාඩුවෙ ඉන්න දියව්.
* ගූ ලංකට් නැහැයේ තබාගෙන සුවඳයි සුවඳයි, අසුවල් වැද්දාද ලංකට් ඇන්දේය, අහවල් පරයාට ගීත ගැයුවේය, පරයන් සියල්ල ඔලුව නැමුවේය, මේක ඔරිජිනල් ලංකට් එකයැයි කියා, වැද්දන්ට බලෙන් ලංකට් අන්දන්නට උත්සහ නොකරව්.
අවසන් වශයෙන් පද්දන්ට මතක්කරදිය යුතු යමක් ඇත. ලංකට් ඇඳ උඩ පැන පදු කම විදහා දැක්වුවද පරයන් උඹලා පයිසෙකට නොතකති. උන්ට වාල්කම් කළද, උන්ගේ ලංකට් ඇන්දද, උඹලා උන්ට පෙනෙනේ වැද්දන් ලෙසමය. උබලාට පරයන් කෙලෙව්ව දාට පිහිටට ඉන්නේද අමුඩ ගැසූ වැදි රැහේ උන්ම පමණි.
" වැද්දන් අතර අනාත පද්දන් උන්ගේ ලංකට් උඩ දමන්නේ එයින් පොශ් වීමටය. අපෙ වැද්දන්, නැහැය වසා, ගූ ගඳ ඉවසා උන් දෙස අනුකම්පාවෙන් බලන විට පද්දන් තමන් 'පොර' වී යැයි සිතති."
එල මචන්.





rep 2+
Last edited:





