අහෝ_ඉන්දසාර_හිමියනි!

KissMass

Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    අහෝ_ඉන්දසාර_හිමියනි!

    උතුම් වෙසක් පෝ දිනයේ අහන්නට ලැබුණු සිත් සසල කරවන ආරංචිය වන්නේ, දළදා මාළිගාව ඉදිරිපිට බෝවත්තේ ඉන්දසාර කියල හාමුදුරු නමක් ගිනිතියාගෙන ඇති බව ය. දැන් උන් වහන්සේ කොළඹ ජාතික රෝහලේ බරපතල මට්ටමේ පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබන බව ද, ගිනි තබා ගැනීමට හේතුව ගව ඝාතනයට එරෙහි වීම බවද අහන්නට ලැබිණි.

    මේ ක්‍රියාවෙන් අනතුරුව බොහෝ දෙනා මෙය සාධාරණීකරණය කරන්නට සූදානම් වනු පෙනෙන්නට තිබිණි. එසේම, මෙය බෝසතුන් සිය දිවි දැන් දුන්නා හා සමාන කරන්නට ද උත්සාහ ගනිමින් සිටිති. මේ ලිපිය ලියැවෙන්නේ උන් වහන්සේට අපහාස පිණිස නොව, කටුක සත්‍යය හෙළි කරනු පිණිසය.

    පළමුව, ප්‍රස්තුත මාතෘකාව වන ගව ඝාතනය (සහ සමහරුන්ට අනුව ඉස්ලාම්කරණය) ගනිමු. බුද්ධ පාදස්පර්ශයෙන් තුන්වතාවක් පවිත්‍ර වුණායි කියන මේ පිංබිමේ මේ හාමුදුරුවන්ට පෙනුණේ ගව ඝාතන පමණද? ඉස්ලාම් ආක්‍රමණ පමණද? දවසකට ස්ත්‍රී දූෂණ තුනයි, ළමා අපචාර දෙකයි, කප්පම් සිද්ධි දහ අටයි. සතියකට පැහැරගැනීම් එකයි, මිනීමැරුම් එකයි, අතුරුදන් වීම් දෙකයි. දූෂණය නාස්තිය දළ ජාතික නිපැයුමෙන් 9%. මසකට ගෙවල් බිඳුම් තුනයි, කොල්ල කෑම් දෙකයි. මේ අපේ පිංබිමේ සැබෑ තත්වයයි. මේවට කතා කරන්නට, ඊට එරෙහිව උපවාස, උද්ඝෝෂණ කරන්නට, පෙළපාලි යන්නට තබා අඩුම තරමේ සත්‍යක්‍රියාවක් වත් කරන්නට කවරෙකු වත් වී ද?

    බෞද්ධයන් ලෙස ගව ඝාතනය පමණක් නෙමේ, ඕනෑම ඝාතනයක් අපට ප්‍රාණඝාතයකි. මස් මැරීම ගැන බොහෝ වේදනාවෙන් කෑගහන අපේ කීදෙනෙක් මාළු මරන ආකාරය දන්නේ ද? පිහියෙන් බෙල්ල කපනවාට වඩා සිය දහස් ගුණයකින් දරුණු වේදනාවක් විඳ ය, මාළුවා මැරෙන්නේ. බිලී කොක්ක සිය මුඛය සහ අන්තර් මෞඛ ආස්තරය පසාරු කරගෙන කැපී යද්දී, ගලන ලේ ධාරාවෙන් මුහුණම නැහැවෙත්දී, හුස්ම පොදක් ගන්නට බැරිව අපා දුක් විඳ ය, මාළුවා මැරෙන්නේ. එහෙත් ඒවාට එරෙහිව ගිනිතබා ගැනීම් ගැන අපට අහන්නට ලැබෙන්නේ නැත. නිවැරදිව බලන්නේ නම්, සත්ත්ව ඝාතනය ගැන කතා කරන්නට නිර්මාංශිකකුට හැරෙන්නට අන් කිසිවෙකුටත් අයිතියක් නැත.


    ගිනිතබා ගැනීමේ සැඟවුණු කතාව

    මේ සිද්ධිය ගැන අනුවේදනීයව කතා කරන බොහෝ දෙනා නොදන්නා කරුණ වන්නේ, මේ සිද්ධියට හරියටම දින 14 කට පෙර, බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියන් ජාතික හෙළ උරුමයෙන් නෙරපා හරිනු ලැබීමට ගත් තීරණයයි. මෙන්න ඒ ගැන මාධ්‍ය වාර්තාව:

    ජාතික හෙළ උරුමය නියෝජනය කල පැල්මඩුල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්‍ෂය පියවර ගෙන තිබේ. පක්ෂයේ ප‍්‍රතිපත්ති හා විනයට පටහැනිව කටයුතු කීරීම නිසා ඉන්ද්‍රරතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    දැන් එතකොට මේ ගිනි තබා ගැනීම කෙළේ ගව ඝාතනයට එරෙහිව ද, නැත්නම්, තමන් පක්ෂයෙන් නෙරපා හැරීමට ප්‍රතිචාරයක් ලෙස දැයි ඇසීමට අපට සිදු වේ.


    ගව ඝාතනය සහ හතර මහා දේවාල

    පළමුව, බුදු හිමියෝ කවදාවත් මස් කන්න එපාය කීවේ නැත. එසේ කරන්නට නීති පනවන්න යැයි ඉල්ලු දේවදත්ත තෙරුන්ගේ ඉල්ලීම ද බැහැර ලූ හ. එසේම, බුද්ධ කාලයේ, බුදු හිමි ජීවමානව සිටියදීම, ජේතවනාරාමයට අල්ලපු වැටේ තිබුණු ඌරු කොටුව බුදු හිමියන්ට ගැටළුවක් වුණේ නැත. උන් වහන්සේ කවදාකවත් අල්ලපු වැටේ චුන්ද සූකරික ගේ ඌරන් මරණ ඌරු කොටුවට එරෙහිව උද්ඝෝෂණ කෙළේ නැත.

    දළදා මැදුරු සීමාව තුළ මස් මරන්නේ නම් එය වෙනම කතාවකි. එහෙත් රටේ නීතිය අනුව මිලදී ගත් ඉඩමක සතුන් මරන්නේ නම් ඊට අපට කළ හැකි දෙයක් නැත. එය ගැටළුවක් වන්නේ නම් කළ යුත්තේ එම ඉඩම් යළි මිලදී ගැනීම හෝ පවරා ගැනීමයි. අනික, නුවර නගර සීමාවේ මස්කඩ තිබුනාම දළදා මාළිගාවට ඉන් සිද්ද වන අකරතැබ්බය කුමක් ද? ඇයි බුදු හිමි ජීවමාන කාලයේ මස් වැළඳුවේ නැද්ද? මජ්ඣිම නිකායේ සීහ සුත්‍රය බොරු ද? ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය ගැන බුදු හිමියන් නෙමේ ද, වෙන කෙනෙක් ද කීවේ? දෙවරම් වෙහෙර තිබූ නගරයේ මස්කඩ තිබ්බේ නැද්ද? ජීවමාන බුදුන්ට වත් නොතිබුණු ප්‍රශ්න නොවැ මේ මිනිස්සුන්ට තියෙන්නේ!!

    ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය ගැනද යමක් කිව යුතුය. ත්‍රිකෝටි යනු කෙළවරවල් තුනක් ඇති යන්නයි. ත්‍රිකෝටි පාරිශුද්ධිය කියන්නේ තුන් කෙළවරකින් පිරිසිදු යන්නයි. එනම්, අදිට්ඨ, අසුත, අපරිසංඛිත හෙවත් නොදුටු, නෑසු සහ නිසැක යන්නයි. මෙය අදාළ වන්නේ මාංශ ආහාර සඳහාය. එනම්, තම ආහාරයට ගන්නා මස, මේ කරුණු තුනෙන් පිරිසිදු විය යුතුය යන්නයි මෙහි අරුත. මෙය දැක්වෙන්නේ මජ්ඣිම නිකාය සීහ සුත්‍රයේ ය. තමා නිසා මරණ ලද බව නොදුටු, නෑසු, නිසැක මස කැප බවත්, එය ආහාරයට ගැනීමෙන් පළමු සිකපදය නොබිඳෙන බවත් ය මෙහි අරුත වන්නේ.

    එසේනම් මේ හරක් මැරීම ගැටළුවක් වන්නේ කාටද? ඒ වනාහි දළදා මැදුරට අරක්ගත් නායක්කර් වසංගතය හෙවත් හතර මහාදේවාල වලට ය.

    නායක්කර් වංශික රජ්ජුරුවරු මූනිච්චාවට බුදු දහම වැළඳ ගත්තට කවදාවත් හින්දු ආගම අතහැරියේ නැත. සතර මහා දේවාල වල වඳින්නේ කාටද? බෞද්ධ දෙවියන්ටද? කවුද මේ දෙවියෝ? විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි. හතරදෙනාම හින්දු/වෛදික දෙවිවරු වෙති. හරක් මස් ගැටළුවක් වෙන්නේ ඊනියා හින්දු/වෛදික සමාජයට මිසක් අපට නොවේ. අපේ බෞද්ධ සමාජයේ මේ වගේ Taboo සංකල්ප තිබුණේ නැත. ඔසප් දවසට ගෑණිව ගෙට වැද්ද ගන්නේ නැති මට්ටමේ ම්ලේච්ඡ සිරිත් විරිත් සුරකින සමාජයක වහුකුණු, අපේ උතුම් දන්ත ධාතුන් වහන්සේ වැඩමවා තියෙන තැනට ලජ්ජා නැතිව වැද්ද ගත්තා මදිවට, අද අපි ඒ වෙනුවෙන් උද්ඝෝෂණත් කරන්නෙමු.


    මළමිනී සහ දළදා මැදුර

    මේ ළඟදී නුවර පල්ලියට මල සිරුරක් ගෙන ආවේ යැයි මහා හයියෙන් තප්පුලෑවේ ද මේ මීහරක් මය. ඇයි හත්වලාමේ, බුදුන් හමුවෙන්නට කිසාගෝතමිය අවේ මළකඳක් අතැතිව නොවේ ද? බුදු හිමි සිරිමාවගේ මළකුණ ඉදිරියේ වාඩි වී බණ කිව්වේ නැද්ද? ශවාගාර ගැන දන්නෙම නැද්ද? මළකුණු බුදු දහමට අකැප යැයි කියා ඇත්තේ මොන බණ පොතේ ද? එතකොට නවසිවතිකය වඩන්නේ කොහොමද? දස අසුබය වඩන්නේ කොහොමද? ධුතාංග වල සොසානිකාංගය වඩන්නේ කොහොමද? මළ මිනී බෞද්ධ සිරිතට අනුව අකැප යයි කියන්නන් හට අමතක වූ කරුණු බොහොමයක් තිබේ. එනම්, සිරිමා නම් ගණිකාව මළ වේලේ බුදු හිමි ඒ මල සිරුර ආදාහනය නොකරන ලෙස සිය වචනයෙන් කොසොල් රජුට කියා යැවූ බව නොදැනීමයි. සිරිමා යනු සැවත් නුවර සුන්දරම ගණිකාවයි. ඇගේ සේවය ලබන්නට දිනකට කහවණු දහසක් ගෙවිය යුතු වී ලු. බුදු හිමි, ඈ මළ පසු ඇගේ සිරුර ආදාහනය නොකර සත් දිනක් තියෙන්නට හැර, ඊට පසු ඒ මළ සොහොනට වැඩ, ජනී ජනයා රැස්කරවා, ඒ මල සිරුර මිලට ගන්නා කෙනෙකු වේදැයි විමසූහ. කහවණු දහසෙන් පටන් ගත් ලංසුව, අන්තිමේදී මළ සිරුර මිලට ගන්නා එකාට කහවණු දහසක් දෙන්නෙමැයි කීවත් ගන්නට කිසිවෙක් සිටියේ නැත. බුදුහු ඒ අරබයා ලස්සන බණක් කියා තිබේ.

    මීට අමතරව, බුදුන් වහන්සේ සිය සව්වන් සමග අමුසොහොන් වලට වැඩ, මළමිනී ඉදිරියේ බණ කී අවස්ථා අනන්තය, අප්‍රමාණය. නවසීවතිකය සහ දස අසුභය වඩන්නේ මළකඳක් ඉදිරියේ ය. ධුතාංග වලින් එකක් නම් සොසානිකාංගය ය. එනම්, මුළු වස් කාලයම අමු සොහොනක බවුන් වැඩීමය.

    ඊනියා මළමිනී විරෝධය එන්නේ දළදා මැදුරෙන් නොව, ඊට බලෙන් එල්ලා ඇති හතර මහා දේවාල වලිනි. අප ඊට බලෙන් එල්ලා ඇතැයි කියන්නේ බෞද්ධකම සහ ඊනියා හින්දු වෛදික දේවාල අතර මොනම කෙහෙල්මල් සම්බන්ධයක් හෝ නැති බැවිනි. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන බිමේ එල්ලා ඇති, නායක්කර් වංශික පාලනයේ ලැජ්ජාසහගත සංකේතය වන, පූර්ණ හින්දු ලක්ෂණ ඇති මේ දේවාල (කෝවිල්) හතර ගැන එකෙක් වත් කට හොල්ලන්නෙ නැත. ඊනියා "කිළි" සංකල්පය බෞද්ධ අපේ දෙයක් නොවේ. එය හින්දු සංකල්පයකි. දකුණු ඉන්දීය කන්නඩා සංස්‌කෘතිය තුළ අද ද, ඔසප් වූ කාන්තාව ගෙට වැද්ද ගන්නේ නැත. ඈ සිය ඔසප් දින පසුවන තුරු නිවසින් පිටත වෙනම කුටියක සිටිය යුතුය. කිළි කතාව අපේ සමාජයට ආවේ ඉන්දියානු වෛදික හින්දු සංස්කෘතික බලපෑම නිසා බව අපේ (නන්-ඕල්කොට්) පඬියන් දන්නේ නැතුවාට, (ඕල්කොට්) බෞද්ධයන් ලෙස මේ ලංකාවේ සංස්කෘතික ඉතිහාසය ඉගෙන ගත් අපි දනිමු.

    හරක් ඝාතන විරෝධය පසුපසද ක්‍රියාත්මක වන්නේ හින්දු බලවේග මිසක, බෞද්ධ බලවේග නොවේ. ඓතිහාසිකව, බෞද්ධයන් හට හරක් මස් නොවේ මොන මසක වත් පෙරේතකමක් හෝ බඩජහරි කමක් තිබ්බේ නැත. හැබැයි ත්‍රිකෝටි පාරිශුද්ධික නම්, ඒ මස කන්නට තහංචියක් තිබ්බේ ද නැත. හරක් මස් එපා වෙන්නේ බෞද්ධයන් හට නොව, හින්දූන් හට ය. මන්ද හරකා ඔවුන්ගේ ආගමේ ත්‍රිමූර්තියෙන් එකක් වන ශිව දේවතාවා ගේ වාහනය නිසා ය. මීට අමතරව, ලංකාවේ ගොන් හරකුන් කොහොම සිතාගෙන උන්නත්, කිරි එළදෙනට කිරි අම්මා යැයි කියන හරක් සිරිතක් අපට තිබ්බේ ද නැත. අපට අපේ අම්මා සමාන වුණේ බුදුන් හට ය. එළදෙන කවදාවත් එතැනට ආවේ නැත. එළදෙනට අම්මා යැයි කීවේ දමිළයෝ ය. තෛපොංගල් නමින් දිනක් වෙන්කොට, ගවයා කිරියෙන් නහවා, මල්මාලා එල්වා, උගේ දෙපා මුල දණින් වැටී වන්දනාවේ යෙදෙන්නේ බෞද්ධයෝ නොව, හින්දුවෝ ය. ඒ ඔවුන්ගේ සංස්කෘතියයි. අපට ඊට වචනයක් වත් කීමට අයිතියක් නැත.

    මේ ටික කීවේ හින්දුන් හට උපහාස / අපහාස පිණිස නොව, මළමිනී විරෝධය, හරක් ඝාතන විරෝධය සහ හතර මහා දේවාල අතර සම්බන්ධය පහදනු පිණිසය.


    බෞද්ධ සංස්කෘතිය ද, හිංදු සංස්‌කෘතිය ද?

    සමහරු මීට සංස්කෘතික මුහුණුවරක් ද දෙන්නට තැත් කරනු පෙනෙන්නට තිබිණි. සමහරු මෙය ගව ඝාතනයට එරෙහිව නොව, අන්‍යාගම්කරණයට එරෙහිව කරන ලද්දක් ලෙසට ද හුවා දක්වනු පෙනෙන්නට තිබිණි. මේ ගැන සංවාද කරන්නට නම්, අහක යන කෙහෙල් මල් සංස්කෘතියක් ගැන දෙසා බාන්නට අවැසි නැත. නුවර සංස්‌කෘතිය වනාහි හුදු බෞද්ධ සංස්කෘතියක් නොව, ඇතිවෙන්නට හින්දු, ඉංග්‍රීසි ආදී සංස්කෘතීන්ගෙන් පදම් වූ සංස්කෘතියකි. නුවර මිනිස්සු අනාදිමත් කාලයක සිට මේ සංස්කෘතික විවිධත්වය ගරු කරමින් ජීවත් වූහ. එකටෙක පේන දුරින් ඇති හිල්වුඩ් විද්‍යාලයේ උදේ දේව මෙහෙය, අල්ලපු පන්සලට ගැටළුවක් වෙලා නැත. එසේම පන්සලේ පිරිත් කීම ගැන හිල්වුඩ් පාසලේ කිසිවෙක් චෝදනා කරනු මේ ලේඛකයා නම් අසා නැත. මේ දෙකටම අල්ලපු නුවර අනිවත්තේ ඉවැන්ජලික ආගමික මධ්‍යස්ථාන (ලියන ලේඛකයාගේ දැනුමට අනුව) තුනක් වත් තිබේ. මේවයින් සමහර ඒවායේ දේව මෙහෙයන් ඉතාම ශබ්ද සම්පන්න වේ. අනිවත්තේ මිනිස්සු අද වෙනතුරු ඒ ගැන කිසිම පැමිණිල්ලක් කර නැති බව ලේඛකයා පුද්ගලිකවම දනී.

    බෞද්ධ පුනරුදයේ නගරය වන පානදුර ම ගනිමු. නල්ලුරුව කෝවිලේ සිට රංකොත් වෙහෙරට ඇත්තේ ඇවිදින දුරකි. ඒ දෙකේම සිට පානදුර කතෝලික පල්ලියට ඇත්තේ ඇවිදින දුරකි. මේ තුනේම බැතිමත් ජනයෝ ඉතාම සංවරව සිය ආගමික වතාවත් කරගෙන යති. කෝවිලේ බෙරහඬ ගැන පන්සලෙන්වත්, පන්සලේ පිරිත් ගැන පල්ලියෙන්වත්, පල්ලියේ සොරෝලය ගැන කෝවිලෙන්වත් අද මේ වෙනතුරු ගැටළුවක් මතු නොවූ බව, පානදුර නගරය ගැන සිය පුද්ගලික අත්දැකීමෙන් ලේඛකයා දනී.

    මේ අනුව, නුවර හරක් මස්කඩ ඉවත් කිරීම බුදු දහමට හෝ බුදු සිරිතට අනුව මෙලෝ සම්බන්ධයක් නැති හුදෙක් දේශපාලනික අරමුණක් බව ප්‍රකාශ කළහැක. ඊනියා බෞද්ධ විද්වත්තු ලැජ්ජාවක් බයක් නැතිව ඊට බෞද්ධ ලේබලය ද අලවති. අහෝ සසුනට ගිය කල!

    අන් රටවල් සමග සංසන්දනය කරන්නවුන් සඳහා

    වෙනත් ඉස්ලාම් රටවල, එනම් සෞදි අරාබිය, සුඩානය වැනි වැනි රටවල ක්‍රියාත්මක වන ම්ලේච්ඡ ක්‍රියාවන් ගැන ද අපට කීමට ඇත්තේ ඔය ටිකමය. උන්ගේ මොළේ අමාරුවක් නිසා හෝ, අර කුරාණය නමින් වන්දනා කරන මනස්ගාත බහුබූත වලින් පිරි ග්‍රන්ථය නිසා හෝ, ඒ දෙකම නිසා හෝ, ඒ රටවල ඒ ඒ ආකාර ම්ලේච්ඡ ක්‍රියා සිද්ධ වේ. කුරාණය ක්‍රියාත්මක වන යම් හෝ රටක ස්ථිරසාර සාමයක් තිබුණේ නැත. තියෙන්නේ ද නැත. අපරාධය සහ මංකොල්ල කෑම ද, බලෙන් අල්ලා ගැනීම සහ ව්‍යාප්තවාදය ද මත පදනම් වූ ඉතාම සටකපට දේශපාලන මොඩලයක් සේ හැරෙන්නට, ඉස්ලාමය හඳුන්වන්නට අපට වෙන වචනයක් ද නැත්තේ ය.

    එහෙත් මෙකී ඉස්ලාමික සංස්‌කෘතිය තුළ ද හැම එකාම අනිකාගේ බෙල්ල කපන්නට බලාගෙන ඉන්නේ යැයි යමෙකු කියන්නේ නම්, එය ද බරපතළම ගණයේ මානසික ව්‍යාධියකි. ඉස්ලාමය තුළ ද, ෂියා, සුන්නි, සුෆී, වහාබි, මජුම්දාර්, ආහාද් වැනි විවිධාකාර නිකාය ක්‍රියාත්මක වේ. ථේරවාදය මහායානයෙන් වෙනස් වන්නේ යම් සේ ද, රෝමානු කිතුණුව, ක්‍රිස්තියානියෙන් වෙනස් වන්නේ යම් සේ ද, තාන්ත්‍රික මාර්ගය, හින්දු වෛදික සම්ප්‍රදායයෙන් වෙනස් වන්නේ යම් සේ ද, එසේම අහසට පොළොව වැනි වෙනස්කම් රාශියක් ඉස්ලාමික නිකාය අතර ද තිබේ.

    මේ වෙනස නොදැන, ලංකාවේ සියලු මුසල්මානුවෝ අපරාධකාරයෝය, ව්‍යාප්තවාදීහු ය, කියා යමෙක් කියන්නේ නම් ඔහුට හෝ ඇයට ද කියන්නට ඇත්තේ කරුණාකර දැනගෙන කතා කරපං කියා ය.

    මිසදිටුවන් හට බලෙන් හෝ හොඳ සිරිත් ඉගැන්විය යුතුයැයි කියන්නවුන් වෙත

    මේ සිද්ධිය සමග සමහරු, අන්‍යාගමිකයන් හට බලෙන් හෝ පිංපවු ඉගැන්විය යුතුයැයි යන මතයේ ද සිටිනු පෙනේ. ඔවුන් ගේ ජනප්‍රියම උදාහරණ වන්නේ බක බ්‍රහ්මයා ගේ විමානයට වැඩ, ඔහු හට මරණ බිය දක්වා සලිත කොට, බුදු හිමි බණ කී අවස්ථාවයි.

    පළමුව කියන්නට ඇත්තේ බුදුන් වහන්සේ කවදාවත් අනුන් බලෙන් බෞද්ධ කෙළේ නැති බවයි. බුදු දහම වනාහි ව්‍යාප්තවාදය අතින් අවම තැනක් ගන්නා දහමකි. මගේ ගොඩ මේ යැයි කියා ගොඩ ලොකු කරගැනීමක් එහි නැත. බුදුහිමියන් තර්කයෙන් පරදවන්නට ආ උපාලි ගෘහපතියා බුදු බණ අසා පැහැදී බුදුන් දහම් සඟුන් සරණ යන බව කීවිට බුදුන් වහන්සේ කීවේ, "උපාලි, ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් තීරණ ගැනීමේදී ඉක්මන් නොවිය යුතුය" කියා මිස, "බොහොම හොඳයි, යන්න උපාලි, ගිහින් තව දහදෙනෙක් අරන් එන්න" කියා නොවේ. උපාලිගේම වචනයෙන් කියන්නේ නම්, "අන් ආගමක එකෙකු ආගම මාරුකළ විට ධජ පතාක සේසත් නංවා නුවර පුරා බෙර ලවා පාවාඩ පිටින් පිළිගන්නා" යුගයක ය, බුදුන් වහන්සේ එසේ කීවේ.

    බක බ්‍රහ්මයා හට මරණ බිය දැන්වීම වනාහි, පිං ඇති අයෙකු, දහම දක්වනු පිණිස කරන ලද බුද්ධප්‍රයෝගයකි. බුද්ධප්‍රයෝග වනාහි ඉහළම මට්ටමේ ප්‍රඥාවකින් සහ තීරණ ගැනීමේ ශක්තියකින් කළ යුතුය. කිසාගෝතමියට අබ සොයන්නට කීම, අංගුලිමාලට නැවතීම ගැන කීම, චුල්ල පන්ථක හට අව්වේ සිටගෙන රෙදි කඩක් පිරිමදින්නට කීම, මේ ආදී සියල්ල බුද්ධඥාන විෂයයෙන් කළ කී දේ මිස පුහුදුන් අපට කළ හැකි දේ නොවේ. ඒවා කරන්නට ආසයානුසය ඥානය තිබිය යුතුය. එනම්, සත්ත්වයන්ගේ කෙලෙස් මෝරා ඇත්තේ කවරාකාරයෙන්ද යන්න, සිත පිරික්සා බලන ඥානයෙන් කිව යුත්තකි. එය කරන්නට බුදු කෙනෙකුන් ම විය යුතුය.

    මේ ටික නොදත් අපේ වාහෙලා හිතන් ඉන්නේ බුදුන් කළ දේ උන්ටත් කරන්නට හැකිය කියා විය යුතුය. පඬියන් පඬියන් වන්නේ ලෞකික ඥානය තුළය. ලෝකෝත්තර අවබෝධය තුළ නොවේ. පඬියන් බුදුන් වන්නට යාම හරියන්නේ නැත. බුදුන් දන්න හැමදේම පඬියෝ දන්නේ නැත. බුදු හිමි දැන සිටි සැමදේම දේශනා කෙළේ ද නැත. සිංසපා සුත්‍රයට අනුව බුදු හිමි කොළ අහුරක් අතට ගෙන, "මවිසින් දේශිත ධර්මයෝ මෙපමණකි, අදෙශිත ධර්මයෝ මේ සිංසපා වනයේ වැටී ඇති කොළ වලටද වඩා මහත් වන්නේ ය" යි වදාළහ. එසේම වෙනත් තැනක නියපිටට ගත් පස් අහුරකින් ද බුදුහු මේ බණ ම කී හ. ඕල්කොට් බෞද්ධයන් ලෙස සමහරුන් ගරහන අප ද අසා ඇති බුද්ධෛශ්වර්යය සහ බුදු කෙනෙකුන්ට ම පමණක් කළ හැකි දේ ගැන මේ පඬියන් නොදැනීම අන්තිම ම අවාසනාවකි.


    පිංවත් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට උතුම් අමා මහා නිවන් සම්පත ලැබේවා යි පතමු.


    සටහන තහනම් වචනය අඩවියෙන්...
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    එල ආර්ටිකල් එකක්. කස්ටිය ඔක්කොම කියවන්න. කියන්න ඔන ඔක්කොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා.. :yes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එල ආර්ටිකල් එකක්. කස්ටිය ඔක්කොම කියවන්න. කියන්න ඔන ඔක්කොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා.. :yes:
    ain-t-nobody-got-time-fo-dat-sweet-brown-31241125-480-330.jpg
     
    • Like
    Reactions: KissMass

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    rep.jpg

    ආගම සහ ධර්මය යන දෙකෙහි වෙනස වටහා නොගෙන බුදු දහමත් තවත් එක ඇදහිල්ලක් පමණක් කරගෙන පොළොවේ වැලි කැටයට පවා මූලධර්මවාදයක් ආරූඪ කරගෙන යකා නටන උඹලා වගේ ගොන් මැටි හරකුන් නිසා තමයි මේ පිරිසිදු ධර්මය කෙලසෙන්නේ...
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Really good. Namuth sathwa hinsanayen walake sitennata uthsahagaththoth eka lokuma loku pinkamak wei.

    Bududahame kisima thamaka mas kanna epa kiyalath ne, kanna kiyalath ne.

    ape aya kanne mas weine malune. Onna vegitarinsla.

    Hamadeyak ganama madyasthawa hithuwanam, odaine da.
    Anna eka hodata Mathaka thiyaganna.
     
    • Like
    Reactions: KissMass

    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    මරු පෝස්ට් එක..

    මොනා උනත් පව් වැඩේ,හාමුදුර්වොනට නිවන් සැප ලැබෙවා කියන්ත් බෑ මේක කියවෙට පස්සේ.
    ඉන්න ටිකේ කාලා හිටියන්ම් ඉවරයි
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉන්ද‍්‍රරතන හිමියන් ගිනි තබාගැනීමෙන් රටට හා සසුනට දුන්නේ නපුරු පූර්වාදර්ශයක් යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති.

    එසේම ගිනිතබාගෙන දිවි හානිකර ගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද උන්වහන්සේ අවධාරණය කරති.

    '' මුළු ලොවම කරුණාවෙන් තෙත් කළ සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරන වෙසක්දා භික්ෂුවක් සිරි දළදා මාලිගාව ඉදිරිපිට ගිනිතබාගෙන කළේ සසුනටත් රටටත් හානියක්.

    මේ රටේ අතීතයේ සිට ජාතික, ආගමික හා සමාජයීය ප්‍රශ්නවලදී ඉදිරියට එන රැඩිකල්වාදී අදහස ඇති තරුණ භික්ෂු පරපුරට මේ සිද්ධියෙන් ලැබුණේ ඉතාම නරක පූර්වාදර්ශයක්.

    ඒ නිසා මෙවැනි උගුල්වලට හසු නොවන ලෙස මා ඉතා කාරුණිකව තරුණ භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. බෝධි සත්වයන් වහන්සේ ජීවිතය පූජා කළේ සතුන්ගේ ආහාරය පිණිසයි. එය පාරමිතාවක්. මේ හිමියන්ගේ ගිනි තබාගැනීම ජිවිත පූජාවක් ලෙස සලකන්න බෑ.

    මෙතනදී වී ඇත්තේ ප්‍රාණඝාත අකුසලයක් නොවේ. තමන්ගේ දිවිය හානිකර ගැනීම නිසා මෙය අත්ථඝාතක අකුසල කර්මයක් ලෙස හැඳින්විය හැකියි. යමෙකු මෙය ජීවිත පූජාකිරීමක් ලෙස හඳුන්වනවා. උන්වහන්සේ ජීවිත පූජාකළේ කාටද? හරකෙකුටද? අනෙක් කාරණය තමන්ගේ ජීවිතය හානිකර ගන්නාවිට උන්වහන්සේට සතුන් ගැන කරුණාවක් නොව තමන් ගැන වෛරයක්, ක්‍රෝධයක් ඇතිවෙනවා.

    තමන්ගේ ජීවිතය හානිකර ගැනීමෙන් ගව ඝාතන හෝ සත්ව ඝාතන නතර කරන්න බෑ. එසේම එය නීතියෙන් පමණක් කරන්නත් බෑ. ඒ සඳහා මිනිසුන්ට ප්‍රාණභීතියේ විපාක කියාදිය යුතුයි.

    ඔක්කෝම භික්ෂූන් කොළඹට ඇවිත් පෙට්‍රල් වත්කරගෙන ගිනිතියා ගත්තත් සත්ව ඝාතන නතර කළ හැකි යැයි මා සිතන්නේ නෑ. මේ භික්ෂුව කර ඇත්තේ සීමාව ඉක්මවා යාමකි.

    මේ භික්ෂුව දුන් නරක පූර්වාදර්ශය ආදර්ශ පාඨයක් කරගනිමින් ඇතැමුන් විවිධ මත පළකරන බව පෙනෙනවා. එය කිසිසේත්ම අනුමත කරන්න බෑ. මේ හරහා නැති ප්‍රශ්න ඇති නොකළ යුතුයි''. යැයිද මේධානන්ද හිමියෝ පැවැසූහ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කොහෙද පකයෝ බුදුරජාණන්න්වහන්සේ මස් වැලදුවේ.තෝ ඉස්සෙල්ලාම බුද්ධ ධර්මය ඉගෙනගෙන වරෙන්.තෝ මහා පවක් කරගන්නේ යකෝ.:angry::angry::angry::angry::angry::angry:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කොහෙද පකයෝ බුදුරජාණන්න්වහන්සේ මස් වැලදුවේ.තෝ ඉස්සෙල්ලාම බුද්ධ ධර්මය ඉගෙනගෙන වරෙන්.තෝ මහා පවක් කරගන්නේ යකෝ.:angry::angry::angry::angry::angry::angry:

    ඈ බොලාට මේ ලියුමේ පේන්නේ ඒ කාරණාවමද තොපි තුන් පැත්තකින් පිරිසුදු මස් ගැන කියවල දැනගනිව්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොහෙද පකයෝ බුදුරජාණන්න්වහන්සේ මස් වැලදුවේ.තෝ ඉස්සෙල්ලාම බුද්ධ ධර්මය ඉගෙනගෙන වරෙන්.තෝ මහා පවක් කරගන්නේ යකෝ.:angry::angry::angry::angry::angry::angry:
    ලිඳ පමනි :rofl:
     

    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    in.jpg

    (ලංකා ඊ නිව්ස් -2013.මැයි.27, පෙ.ව.6.30) සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසා ගත් චීවරධාරී බෝවත්තේ ඉන්ද්‍රරතන නමැත්තා ජාතික වීරයෙකු කිරීමට අන්තවාදී මූලධර්මවාදීන් උත්සාහ කළද ඔහු මිලියන ගණනින් මහජන මුදල් වංචා කළ, ආගමික සමගියට එරෙහිව පූජ්‍ය ස්ථාන විනාශ කරමින් ප්‍රචන්ඩ ක්‍රියාවේ යෙදුනු, අධිකරණයට අවශ්‍යව සිටි සහ අධිකරණය මගහැර සිටි දේශපාලූවෙකු බව 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසයි.

    පූර්ණ වාර්තාව මෙසේය.

    පදිංචිව සිට ඇත්තේ රත්නපුර කහවත්තේ පබ්බත උතුරු මීනාවත්තේ පිහිටි සුගත විහාරයේ ය.

    ජාතික හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත්වී ඇත. ඉන් පසුව විදුලි බල මණ්ඩලයේ, සමෘද්ධි නිලධාරීන් ලෙස ආදී රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ප්‍රදේශයේ මහජනතාවගෙන් ලක්ෂ 20 කට අධික මුදල් ගෙන කිසිදු රැකියාවක් ලබා නොදී මුදල් වංචා කර තිබේ. ගුරු පත්වීම් දෙන බව පවසා තරුණ තරුණියන්ගෙන් තවත් රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වංචා කර තිබේ. මෙසේ රැකියා දෙන බව පවසා ඇත්තේ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ නම විකුණමිනි. මොහුට මුදල් දී වංචාවට ලක්වූ ජනතාව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඇමැති ජෝන් ට ද පැමිණිලි කර ඇත. මොහු ගේ ක්‍රියා කලාපය හිසරදයක් වූ විට ඇමති ජෝන් සෙනෙවිරත්න පොලිසියට පවසා ඇත්තේ මොහුට එරෙහිව නීතියෙන් කටයුතු කරන ලෙසයි. නමුත් පොලිසියට මොහුට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගැනීමට හැකිවී නැත්තේ මොහු සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය අතර තිබු සම්බන්ධයක් නිසාය. එම සම්බන්ධය කුමන තරාතිරමේ සම්බන්ධයක්ද යන්න හෙළි වී නැතත් මොහුට එරෙහිව නීතියෙන් කටයුතු කරන්නට යන සෑම අවස්ථාවකදීම ආරක්ෂක ලේකම් වරයා ඊට හරස් වී තිබේ.

    නීතියෙන් පිළිසරනක් නොමැති වූ විට වංචාවට ලක්වූ පිරිස් ප්‍රාදේශීය සභාවේදී මොහුව අල්ලා ගැනීමට රැක ගෙන සිටීම හේතුවෙන් මොහු ප්‍රාදේශීය සභා රැස්වීම් වලට සහභාගී වීමද මග හැර තිබේ. පසුව මොහු වීරකැටිය ප්‍රදේශයට රහසිගතවම පළා ගොස් ඇත.

    වීරකැටියේ දී ද මොහු ජාතික හෙළ උරුමයේ දේශපාලනයේ ක්‍රියාකාරීකයෙකු ලෙස කටයුතු කර ඇත. ජා.හෙ.උරුමයේ බළල් අත් සංවිධානයන් වන සිහල රාවයේද, බොදු බල සේනාවේද කටයුතු සඳහා සහභාගී වී ඇති ඉන්ද්‍රරතන කතෝලික සහ මුස්ලිම් පූජනීය ස්ථාන වලට පහර දීම සඳහා ක්‍රියාකාරීව මැදිහත් වෙමින් ප්‍රචන්ඩ මැරයෙකු ලෙස කැපී පෙනෙන මැර කි්‍රයා සිදු කර තිබේ.

    2012 අප්‍රේල් මස 20 වෙනිදා දඹුල්ල මුස්ලිම් දේවස්ථානයකට පහර දීම සිදුකළ මොහු එහිදී සිවුරු ගලවාගෙන හමුදාව සමග ගැටුමකට ගියේ ය. (එහි සේයාරූ මෙහි දැක්වේ) සිවුරු ගලවා පපුව පෙන්වා 'වෙඩි තියපං, වෙඩි තියපං' කියමින් වියරුවෙන් මෙන් කෑ ගැසීය.

    වීරකැටියට පළා යෑමෙන් පසු 2012 දෙසැම්බර් 9 දා කතෝලික දේවස්ථානයකට පහර දීමට සහභාගී විය. එහිදී රුපියල් ලක්ෂ ගණනක අලාභයක් සිදුකළ අතර දේවස්ථානයේ තිබූ දේව ප්‍රතිමාවක්ද කුඩු කර තිබේ. මේ ප්‍රහාරයට සිහල රාවය සහ බොදු බල සේනාව සංවිධාන දෙකම සහභාගී වී ඇත. ඒ සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය චීවරධාරී ඉන්ද්‍රරතන ඇතුළු තවත් මැරයන් 5 දෙනෙකුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ගියද එහිදී ද ආරක්ෂක ලේකම් ගෝඨාභය මැදිහත් වී මොහු බේරා ගෙන තිබේ. අඩුම ගණනේ මොහුගෙන් කට උත්තරයක් ලබා ගැනීමටවත් ඉඩ දී නැත.

    ඉන්පසුව ඉන්ද්‍රරතන සමග සිහල රාවයේ සහ බොදු බල සේනාවේ මැරයන් 2013 මාර්තු 18 දා වීරකැටියේ මුස්ලිම් දේවස්ථානයකට පහර දී විනාශ කර ඇත. මීට එරෙහිව පොලිසිය ක්‍රියාමාර්ග ගනිද්දී ඊට පසුදා මාර්තු 19 දා ඉන්ද්‍රරතන සහ අක්මීමන දයාරතන යන දෙදෙනාම මැරයන් සමග එක්ව වීරකැටිය පොලිසියට ද පහර දී තිබේ. එම ප්‍රහාරයෙන් පොලිසියට ලක්ෂයකට අධික අලාභයක් සිදුව තිබේ. මෙම පිරිස මාර්තු 22 දා තංගල්ලේ මුස්ලිම් දේවස්ථානයකට පහර එල්ල කිරීමට සැලසුම් කර තිබූ අතර ඒ පිලිබඳ තොරතුරු කලින් පොලිසියට ලැබීම නිසා එය ව්‍යාර්ථ කිරීමට හැකි වී තිබේ.

    මාර්තු මාසයේ 18,19, 22 දිනවල චීවරධාරී මැර ඉන්ද්‍රරතන ඇතුළු පිරිස විසින් පොලිසියකට පහර දීම ද ඇතුළුව සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව නීතියෙක් කටයුතු කිරීමට ගියද ප්‍රදේශයේ දේශපාලනඥයන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් පොලිසියට බලපෑම් එල්ල කර එයද වළක්වා තිබේ. කෙසේ වෙතත් පොලිසියට පහර දීම නිසා වීරකැටිය පොලිසිය විසින් මෙම ඉන්ද්‍රරතන ඇතුළු පිරිසට එරෙහිව අංක 193/2013 දරණ බී වාර්තාව මගින් චෝදනා රැසක් ගොනු කරමින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ගොණු කර නඩු පවරා ඇත. එක් වරක් පමණක් අධිකරණයට ඉදිරිපත් වූ මොහු ඉන්පසුව අධිකරණය මග හැර තිබේ. ඒ අනුව මෙම ගිනි තබා ගැනීමට දින 3 කට කලින් එනම් 2013 මැයි 21 වෙනිදා මොහු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වීරකැටිය අධිකරණය විසින් නියෝග නිකුත් කර තිබේ.

    මේ සියළුම සිදුවීම් ජාතික හෙළ උරුමය විසින් සැලසුම් කළ ඔවුන් විසින් මෙහෙයවන ලද සිදුවීම් වන අතර මොහුගේ කටයුතු සඳහා විය පැහැදම් කර ඇත්තේ ද ජාතික හෙළ උරුමය විසිනි.

    මේ අනුව මොහුගේ ගිනි තබා ගැනීමට සති කිහිපයකට පෙර මොහු ජාතික හෙළ උරුමයෙන් ඉවත් කළ කතාව මෙම ගිනි තබා ගැනීමේ සැලැස්මේ ම කොටසකි.

    පොලිසිය පවසන්නේ මොහු කර තිඛෙන වංචා සහ ප්‍රචන්ඩ ක්‍රියා අනුව මොහු වසර ගණනකට හිරේ යා යුතු පුද්ගලයෙක් නමුත් ආරක්ෂක ලේකම් ගෝඨාභය, ඇමැති චම්පික සහ සිවුරේ අනුහසින් නීතියෙන් ගැලවී සිටි බවයි.

    මේ තොරතුරු අනුව නාරාහේන්පිට ඉන්දරේ සහ බෝවත්තේ ඉන්දරේ අතර වැඩි වෙනසක් නැත. දෙදෙනාම අයිආර්සී කාරයෝ ය.

    http://142.4.27.83/Sinhala/news.php?id=22588
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    කොහෙද පකයෝ බුදුරජාණන්න්වහන්සේ මස් වැලදුවේ.තෝ ඉස්සෙල්ලාම බුද්ධ ධර්මය ඉගෙනගෙන වරෙන්.තෝ මහා පවක් කරගන්නේ යකෝ.:angry::angry::angry::angry::angry::angry:

    මචන් බොරුවට තර්ක කරලා පලක් නෑ.....බුදු හිමි මාංශ අනුභව කළා. මජ්ඣිම නිකාය සීහ සුත්‍රය, අංගුත්තර නිකාය ජීවක සුත්‍රය කියවලා බලන්න..