අළුත්ම ප්‍රොසෙසරය

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    අළුත්ම ප්‍රොසෙසරය

    Intel වෙතින් එන අළුත්ම ප්‍රොසෙසරය (Sandy Bridge)

    255105_127418287340255_100002162545606_214702_1348524_a.jpg


    ආයුබෝවන්!

    මෙන්න යාලුවනි, මම ඊයේ කියපු විදිහට අද ඔයාලට Intel සමාගම විසින් නිෂ්පාධනය කරන Sandy Bridge ප්‍රොසෙසරය ගැන කියන්නයි යන්නෙ,



    251023_127417164007034_100002162545606_214691_4767464_a.jpg



    පරිගණකයක තිබෙන වැදගත්ම උපාංගය කුමක්දැයි ඔබගෙන් ඇසුව හොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක්ද? ඒ ප්‍රොසෙසරයයි. පරිගණකය අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලීන් සියල්ලම පාලනය කරන පාලන මධ්‍යස්ථානය වශයෙන් සැලකෙන්නේ පරිගණකය මධ්‍ය සැකසුම් ඒකකය හෙවත් ප්‍රොසෙසරයයි. ප්‍රොසෙසර් පිළිබදව සාකච්ඡා කිරීමේදී අපගේ මතකයට නිතැතින්ම නැගෙන නාමයක් තිබෙයි. ඒ Intel සමාගමයි. විවිධ මිළ ගණන් යටතේ හා විවිධ කාර්‍යක්ෂමතාවයෙන් යුත් ප්‍රොසෙසර මාදිලීන් ගණනාවක් වෙළදපොළට හදුන්වාදීමට ඉන්ටෙන් සමාගම සමත්ව ඇත. ප්‍රොසෙසරවලට අමතරව ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් පරිගණක මාදිලි කිහිපයක්ම මෙම සමාගම විසින් මේ වනවිට හදුන්වාදී තිබේ. ඉන්ටෙල් සමාගමේ නවතම ව්‍යාපෘතිය Sandy Bridge ලෙස නම් කර ඇත.



    263664_127417404007010_100002162545606_214693_7912485_a.jpg
    264037_127417460673671_100002162545606_214694_3910907_a.jpg
    253983_127417544006996_100002162545606_214695_4732853_a.jpg
    247968_127417804006970_100002162545606_214698_2093919_a.jpg



    මේ යටතේ X58 platform එක අනුගමනය කරමින් නවතම ප්‍රොසෙසරයක් පසුගියදා ඉන්ටෙල් සමාගම විසින් හදුන්වා දෙන්නට යෙදිණි. මෙය Core i7 ප්‍රොසෙසරය සදහා යොදාගත් තාක්ෂණයට යොදාගෙන එය තව දුරටත් වැඩි දියුණු කර සාදන ලද ප්‍රොසෙසරයකි. මෙම නව ප්‍රොසෙසරය Sandy Bridge ප්‍රොසෙසරය ලෙස හැදින්වේ. මෙයට පෙර ඔවුන් විසින් හදුන්වාදුන් ප්‍රොසෙසර සියල්ලටම වඩා වැඩි කාර්යක්ෂමතාවයක් හා අඩු විදුලි බලයකින් ක්‍රියාත්මක වීමේ හැකියාවක් මෙයට තිබෙයි. Sandy Bridge ප්‍රොසෙසරය නැනෝමීටර 32 තාක්ෂණය යටතේ නිපදවන ලද ප්‍රොසෙසරයකි. මෙය Dual-Core Pentium හා Core i3, Corei5, Core i7 යන මාදිලි කිහිපයකින් ලබාගත හැකියි.

    මෙම නව ප්‍රොසෙසරයේ ඇති විශේෂත්වය වන්නේ මෙහි ප්‍රොසෙසර චිපය තුළම අඩංගු වන සේ වෙනම ග්‍රැෆික් චිපයක්ද අන්තර්ගත වීමයි. මේ නව ග්‍රැෆික් චිපයට ප්‍රොසෙසරය සතු සම්පත් කෙලින්ම ප්‍රයෝජනයට ගත හැකිය. මේ නිසා පරිගණකය සතු ගැෆික් හැකියාව දැවැන්ත ලෙස ඉහල යන අතර අධි-වීභේදන වීඩියෝ සහ ඉමේජ් ප්‍රොසෙසින් ආදී කටයුතු වලදී අධි-කාර්‍යක්ෂමතාවයකින් යුතුව කටයුතු කළ හැකිය.


    Intel Quick Sync Video, HD Graphics යන නවීන තාක්ෂණයන්ට සහාය දන්වන ආකාරයෙන් මෙම ප්‍රොසෙසරය නිර්මාණය කර තිබේ. මේ නිසා වීඩියෝ සංස්කරණය වැනි කාර්යයන් වැනි සදහා මෙම ප්‍රොසෙසරය හොදින් සහාය දක්වයි. නමුත් වර්ථමානයේ භාවිතා වන මව් පුවරුවලට මෙම ප්‍රොසෙසරය සවිකළ නොහැකිය. එයට හේතුව වන්නේ මෙය සවි කිරීමට වෙනම සොකට් එකක් හා මව්පුවරුවේ වෙනම චිප්සෙට් එකක් තිබිය යුතු වීමයි. DDR 3 තාක්ෂණය සහිත මව් පුවරුවක් ඔබගේ පරිගණකයේ නැතිනම් මෙම ප්‍රොසෙසරය සවිකළ නොහැකියි. මෙම ප්‍රොසෙසරය වෙනුවෙන් නිර්මාණය කරන ලද මව්පුවරුවක් SATA 6G තාක්ෂණයට සහාය දක්වන එකයි. එමෙන්ම USB 3.0 තාක්ෂණයට මෙම මව්පුවරුව සහාය දක්වයි. මේ නිසා වැඩි වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් ඇත.


    මෙවන් මව්පුවරුවල තිබෙන වැදගත්ම ලක්ෂණය වන්නේ වැඩි කාර්යක්ෂමතාවයයි. Sandy Bridge ප්‍රොසෙසරය සහිත මව්පුවරුවක් තිබෙන පරිගණකයක් සෙසු පරිගණකවලට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් යුත් එකකි. නමුත් මෙම මව්පුවරුවල මිළ සෙසු මව්පුවරු සමග සසදා බැලීමේදී සාපේක්ෂව අඩුයි.


    ඉන්ටෙල් සමාගමින් නිෂ්පාදිත වෙනත් ප්‍රොසෙසර සමග සසදා බැලීමේදී Sandy Bridge ප්‍රොසෙසරයේ කාර්යක්ෂමතාවය කෙසේදැයි පහතින් දැක්වෙන පින්තූර වලින් පහසුවෙන් අවබොධ කරගත හැකිය.



    252808_127418000673617_100002162545606_214699_2474423_a.jpg
    254135_127418087340275_100002162545606_214700_4941673_a.jpg



    260155_127415594007191_100002162545606_214686_3401446_a.jpg
    261864_127415707340513_100002162545606_214688_5212526_a.jpg





    මේ අනුව විඩියෝ සංස්කරණය හා ත්‍රිමාණ සජීවීකරණය වැනි කාර්යයන් සදහා මනා සහායක් මෙම Sandy Bridge ප්‍රොසෙසරයෙන් ලබාදෙන බව තීරණය කිරීමට පුළුවන. අඩු විදුලි බලයක් භාවිතා කරමිව් අඩු තාපයක් ජනනය කරමින් ක්‍රියාත්මක වන ප්‍රොසෙසරයක් වන මෙය වර්තමානයේ පරිගණක ක්‍රීඩා හා ග්‍රැෆික් නිර්මාණකරණයේ නියැලෙන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය ප්‍රොසෙසරයක් වශයෙන්ද හැදින්වීමේ වරදක් නැත. අනාගතයේ පරිගණක ක්ෂේත්‍රය වෙනස් කරන නිර්මාණයක් ලෙසින් මේ ප්‍රොසෙසරය තාක්ෂණවේදීන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

    Intel සමාගමි විසින් නිෂ්පාදිත Sandy Bridge ප්‍රොසෙසරය සදහා මව් පුවරු නිෂ්පාධනයට Asus සමාගම සමත්ව සිටිනවා පහතින් දැක් වෙන්නේ එහි ඡායාරූපයන් ය.


    259857_127416654007085_100002162545606_214689_8211556_a.jpg
    265075_127416924007058_100002162545606_214690_8113404_a.jpg


    මෙතනට ගිහින් බලන්න Intel Sandy Bridge Core i7 2600K Quad Core CPU Review (DP67GB Burrage) ප්‍රොසෙසරය ගැන වීඩියෝවක් තිබෙනවා http://www.youtube.com/watch?v=cgnDc5OqF-A


    තව දෙයක් මෙතන තියෙනවා Intel Sandy Bridge processer එක overclocker කරගන්නේ කරගන් විදිහ සහ ඉන්පසු කොහොමද මෙහි ක්‍රියාකාරිත්වය කියල දැන ගන්න පුලුවන්
    http://www.overclockers.com/intel-i7-2600k-sandy-bridge-review

    උපුටා ගැනීමක්.....
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේක අලුත්නම් නැහැ මචන්. දැන් ලැප් වලටත් සැන්ඩි බ්‍රිජ් එනවා..
    Acer Aspire 5750G
    1912.jpg


    Processor - Intel® Core™ i5-2410M Sandy Bridge Processor
    2.3 GHz, Level 3 cache 3 MB


    අවුලක් නෑ. නොදන්න අයට දැනගන්න විස්තර එහෙම ගොඩක් දාලා තියනවා :)
    මම මේ ගැන ගොඩක් කාලෙකට ඉස්සෙල්ල ත්‍රෙඩ් එකක් දැම්මා

    http://www.elakiri.com/forum/showthread.php?t=1032473
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක අලුත්නම් නැහැ මචන්. දැන් ලැප් වලටත් සැන්ඩි බ්‍රිජ් එනවා..
    ඔව්, අලුත් එකේ sandy නෙමෙයි, concrete bridge තියෙන්නෙ :P
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Damn I have the H1 socket (intel Core first generation -- LGA1156). Sandy bridge requires second generation H2 -LGA 1155 compatible processors. Which means i can't plug one of these in to my H55 motherboard. :no::no::no::no: