අළුත්ම බෝම්බ සිද්දියෙන් රාජපස්ස ලා ඇදගෙන නා‌ ගනී

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    V8 ගනයො වගේ‌ සෙල්ලම් බෑ කාදිනල් එක්ක. පොලිසියෙන්‌ කියලා 3න් පස්සෙ CCTV බැළුවම‌ ඇති කියලා. මොකද‌ එතකොට උදේ තිබ්බ ඇත්තම එකා හම්බුවෙන්නෙ නෑනෙ.

    දැන් පැහැදිලි නෙ පාස්කු‌ පහාරෙ කවුද කලේ කියලා. චන්දෙකින් දිනන්න 300ක් පොඩි උන්‌ එක්කම මරපු එකම සෙට් එක මුන් වෙන්න ඇති‌.





    ......................................
    බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිවැරදි විමර්ශනයක් සිදුකර නැති බව අගරදගුරු අතිඋතුම් මැලිකම් කාදිනල් රංජිත් හිමියන් පැවසීය.

    උන්වහන්සේ මේ අදහස් පළකළේ, අද (13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

    අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

    "අපේ පල්ලියේ අවුරුදු ගාණක් වැඩකරපු 4 දෙනෙක්ව පොලීසියට කැඳවාගෙන ගියා. පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයේ සඳහන් වුණා බෝම්බය තබාගියේ 'මුනි' කියන කෙනා කියලා."

    "පොලීසිය අපිට කිව්වේ හවස 3න් පස්සේ CCTV දර්ශන නැරඹුවාම ඇති කියලා. නමුත් අපි මේ CCTV දර්ශන හොඳින් නැරඹුවා. උදේ වරුවේ සිට."

    "ඒ අනුව අපිට පේනවා.. එදා උදේ 9.52ට පුද්ගලයෙක් දේවස්ථාන භූමියට ඇතුළුවෙනවා."

    "අපිට පේනවා මේ සිද්ධියේ ඇත්ත හොයාගෙන යනවාට වැඩිය.. කතන්දරයක් ගොතන්නට හදන වැඩක් හැටියට."

    "ඒ නිසා අපි පොලීසියේ මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අවංකකම නැතිව දේශපාලන ලෝකයේ නායකයන්ට ගැතිකම් කරන්න නොවෙයි පොලීසිය තියෙන්නේ."

    "ඒ නිසා කරුනාකරලා බොරු කරන්න එපා. ඔය යුනිෆෝම් එක ගලවලා දාලා ගෙදර යන්න."


    සිද්ධිය වූ දිනයේ සී.සී.ටී.වී. දර්ශන සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානය විසින් අද මාධ්‍යයට නිකුත් කර තිබුණි.

    එම දර්ශනවලට අනුව බෝම්බය තැබූ සැකකරු බෑගයක් අතැතිව 9.52ට පමණ දේවස්ථානයට ඇතුළු වෙයි.

    බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් ජීව අත්බෝම්බයක් හමුවූයේ පසුගිය 11 වැනිදාය.

    බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව සොයාගන්නා ලද එම අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එදිනම නිෂ්ක්‍රීය කරනු ලැබීය.

    පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

    විමර්ශනවලදී හෙළිවූයේ සැකකරුවන් අතර සිටින 56 හැවිරිදි අයෙකු 13 හැවිරිදි දරුවෙකු ලවා අත්බෝම්බය සුරුවම මත තබා තිබූ බවය.

    පසුගිය මාස 9ක කාලයක සිට එම සැකකරු දේවස්ථානයේ නේවාසිකව සිට ඇති අතර බෝම්බය ඇටවීම සඳහා යොදාගත් ද්‍රව්‍ය ඔහුගේ කාමරයේ තිබී සොයාගැනීමට ද පොලීසියට හැකිවුණි.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Already there were posts praising the govt for taking prompt action unlike MS-RW. Then I smelt rat! Now there are video evidence. These police officers should be punished. It is a crime to remand an innocents informant. Will anybody inform such a thing hereafter ?
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    271653760_3039599606306569_7390541372131858931_n.jpg
     
    • Haha
    Reactions: buddikagayan