අළුත් ෂර්ලොක් හෝම්ස් කතන්දර වල කිසිම ගති&#

knightbeat

Member
Mar 29, 2012
2
0

මුලදී චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කළ ෂර්ලොක් හෝම්ස් කතා හරිම රසවත්. එව්වයේ බොහෝ උපකල්පන ඇසුරින් හෝම්ස් කරන හොයාගැනීම් ඇති තරම් තිබුණා. එත් දැන් දැන් ලියවෙන එව්වයේ තියෙන්නේ කවුරුහරි කෙනෙක් කියන කතාවක් හෝම්ස් සහ වොට්සන් අහගෙන ඉන්න එකයි, කොපි පෝච්චි දෙකක් සහ සුරුට්ටු බිබී කල්පනා කරන හෝම්ස්, පසුදා දවසෙම කොහේ හරි ගිහින් කාගෙන් හරි විස්තර ටිකක් අහගෙන ඇවිත් හෝ ස්කොට්ලන්ඩ්යාඩ් එකේ වාර්තා කියවලා කිසිම පදනමක් හෝ උපකල්පන කිසිවක් නැතිව, මිට කලින් සිද්ධවුණා කියන අපරාධයක් ගැන මතකය අනුව අපරාධකාරයාව අල්ලාගන්න එක පමණයි. ඇත්තටම හෝම්ස්ගේ විශේෂත්වය ඒක නෙවෙයිනේ. ඕක කරන්න නම් හෝම්ස් වැඩක් නැහැ. පරණ අපරාධ ගැන සටහන් ඇති ස්ක්රැප් පොත් ළඟ තියාගත්තා නම් ඕවා compare කරන්න අපිටත් බැරියැ!

මට දැනගන්නට ඕනෑ: දැන් දැන් ලියවෙන ෂර්ලොක් හෝම්ස් කතා, ඇත්තටම ශ්‍රීමත් කොනන් ඩොයිල් විසින් ලියන ලද ඒවාමද කියලා. අර කළු ව්‍යාඝ්‍රයා, භිෂණයක් වගේ පොත් වල තියෙන කතා මෙලෝ රහක් නැහැනේ!

:growl: :growl: :growl: :eek:
 
Last edited:

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ෂර්ලොක් හෝම්ස් ගේ කථා 60 යි තියෙන්නේ ආතර් කොනන් ඩොයිල් ලියපු. නව කථා 4 කෙටි කථා 56යි එතනින් එහාට ලියලා තියෙන ඔක්කොම වෙනත් කතෘ වරුන් ලියපු එවා. අර චන්දන මෙන්ඩිස් කියලා තිබ්බ පරණ පෙට්ටියේ කථාව අමු කෙබරයක් ආපසු එයි පොතේ තිබ්බ. දැන් වැඩක් නෑ ෂර්ලොක් හෝම්ස්ගේ කථා 60 ම කියවලා ඉවරනම් නැන්සි ඩෘගේ කථා කියවන්න. චිත්‍ර පටිය නම් බලන්න එපා ඒක විකාරයක් කථාව කියවන්න, ගේම් ටික ගහන්න ඒවා මරු.
 
ස්තුතියි Dead Island!

ඒක තමයි, මම බැලුවා මොකද මේ කතාවලට සිද්ධ වේගෙන යන්නේ කියලා. ඇත්තටම මේ මනුස්සය අමු වංචාවක් නේ කරන්නේ. මේවා කරන්න නීතියෙන් ඉඩ තියෙනවාද ඇත්තටම? මට සේරම කතා කියවන්න ලැබිලා නැහැ. පරිවර්තන පැත්තකට දාලා, ඇත්තම පොත් ටික අරං කියවන්න ඕනෑ එහෙනම්. Games නම් සෙල්ලම් කරලම නැහැ!
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ෂර්ලොක් හෝම්ස් ගේ කථා 60 යි තියෙන්නේ ආතර් කොනන් ඩොයිල් ලියපු. නව කථා 4 කෙටි කථා 56යි එතනින් එහාට ලියලා තියෙන ඔක්කොම වෙනත් කතෘ වරුන් ලියපු එවා. අර චන්දන මෙන්ඩිස් කියලා තිබ්බ පරණ පෙට්ටියේ කථාව අමු කෙබරයක් ආපසු එයි පොතේ තිබ්බ. දැන් වැඩක් නෑ ෂර්ලොක් හෝම්ස්ගේ කථා 60 ම කියවලා ඉවරනම් නැන්සි ඩෘගේ කථා කියවන්න. චිත්‍ර පටිය නම් බලන්න එපා ඒක විකාරයක් කථාව කියවන්න, ගේම් ටික ගහන්න ඒවා මරු.

    ඇගතා ක්‍රිස්ටිගේ පොතුත් හොඳයි,නැනිසි ඩෘ පොඩි අයට හොඳයි

    http://agathachristie.com/
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ස්තුතියි Dead Island!

    ඒක තමයි, මම බැලුවා මොකද මේ කතාවලට සිද්ධ වේගෙන යන්නේ කියලා. ඇත්තටම මේ මනුස්සය අමු වංචාවක් නේ කරන්නේ. මේවා කරන්න නීතියෙන් ඉඩ තියෙනවාද ඇත්තටම? මට සේරම කතා කියවන්න ලැබිලා නැහැ. පරිවර්තන පැත්තකට දාලා, ඇත්තම පොත් ටික අරං කියවන්න ඕනෑ එහෙනම්. Games නම් සෙල්ලම් කරලම නැහැ!

    ෂර්ලොක් හෝම්ස්ගේ Games හදන්නේ frogware කියන සමාගමකින් එතන කථානම් ලියන්නේ game script writers ලා මිසක් වෘත්තියක් වශයෙන් කථාම ලියන අය නෙවෙයි ඒක නිසා original කථා වගේ හොද නොවෙන්න පුලුවන් නමුත් තමන් game එකේ play කරන නිසා ඒක එච්චර දැනෙන්නේ නෑ.
    http://en.wikipedia.org/wiki/Category:Sherlock_Holmes_games
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචං Sherlock Holmes ගේ කථා හැටම සරල ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ. Internet එකේ නොමිලේ ගන්න පුළුවන්. එක එකා ලියපු පරිවර්තන කියවන්නේ ඇයි?:baffled:
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    ෂර්ලොක් හෝම්ස් ගේ කථා 60 යි තියෙන්නේ ආතර් කොනන් ඩොයිල් ලියපු. නව කථා 4 කෙටි කථා 56යි එතනින් එහාට ලියලා තියෙන ඔක්කොම වෙනත් කතෘ වරුන් ලියපු එවා. අර චන්දන මෙන්ඩිස් කියලා තිබ්බ පරණ පෙට්ටියේ කථාව අමු කෙබරයක් ආපසු එයි පොතේ තිබ්බ. දැන් වැඩක් නෑ ෂර්ලොක් හෝම්ස්ගේ කථා 60 ම කියවලා ඉවරනම් නැන්සි ඩෘගේ කථා කියවන්න. චිත්‍ර පටිය නම් බලන්න එපා ඒක විකාරයක් කථාව කියවන්න, ගේම් ටික ගහන්න ඒවා මරු.

    :yes::yes::yes::yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මන් දන්නා තරමින් අලුත් කතා සමහර ඒවා චන්දන මෙන්ඩිස් ලියන ඒවා. ඒව නම් මෙලෝ රහක් නැ තමයි.