අළුතින් හදන ලංකාවේ උසම ගොඩනැගිල්ල මෙන්න

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    අළුතින් හදන ලංකාවේ උසම ගොඩනැගිල්ල මෙන්න

    අළුතින් හදන ලංකාවේ උසම ගොඩනැගිල්ල මෙන්න



    “කොළඹ හිතන්න බැරි තරම් වෙනස් වෙලා”. අවුරුදු 10 කට පස්සේ ලංකාවට ආපු මිතුරෙක් කියනවා. ඔව් ඇත්ත. දවසින් දවස අළුත් ගොඩනැගිලි හැදෙනවා. කෙළවරක් නෑ. මේ අතරේ ලංකාවේ උසම ගොඩනැගිල්ල හදන්න දැන් වැඩ පටං අරං ඉවරයි. මේක දැන් තියෙන උසම ගොඩනැගිල්ල වන twin towers නැත්තං world trade centre එක වගේ දෙගුණයක් උසයි. ඒ කියන්නේ තට්ටු 68 ක් උස ගොඩනැගිල්ලක් තමයි මේ විදිහට ඉදිවෙන්නේ.
    හරියටම තැන කිව්වොත් නවලෝක ඉස්පිරිතාලේ ලඟ බේරේ වැව ඉස්සරහ තමයි මේ ගොඩනැගිල්ල ඉදිවෙන්නේ.ඒ කියන්නේ කොළඹ 2 සර් ජේම්ස් පීරිස් මාවතේ තමයි මේ ගොඩනැගිල් ඉදි වෙන්නේ. මේක හරි අමුතු විදිහේ ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව තමයි හදන්න යන්නේ. උස ගොඩනැගිලි දෙකක් විදිහට හැදෙන මේ සුපිරි ගොඩනැගිල්ලේ එක කුළුණක් අනිකට හේත්තු වෙලා ඇලවෙලා තියෙන විදිහට තමයි හැදෙන්නේ. කෙලින්ම උස ගොඩනැගිල්ල තට්ටු 68යි අනික තට්ටු 63යි.

    සුපිරි නිවාස සංකීර්ණයක් විදිහට හැදෙන මේ ගොඩනැගිලි දෙක නම් කරලා තියෙන්නේ ALTAIR කියලා.සුපිරි නිවාස 400ක් මේකේ තියෙනවා.මේ ගොඩනැගිල්ලේ 63 වෙනි තට්ටුවේදි ඇලවුන ගොඩනැගිල්ලයි කෙලින් තියෙන ගොඩනැගිල්ලයි දෙකම එකට සම්බන්ධ වෙනවා. එතන ‍තියෙනවා swimming pool එකක්.මේක තමයි එතකොට ලංකාවේ ඉහළින්ම තියෙන swimming pool එක. ඒකියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 220ක් උසින්. මේ swimming pool එක ආශ්‍රිතව උද්‍යානයක් හදන්නත් සැලසුම් කරලා තියෙනවා.
    සියලුම ආකාරයේ සුපිරි පහසුකම් එක්ක තියෙන මේ ALTAIR luxury apartment එකේ අන්තිම මිළ ගනන් එන්නේ රුපියල් මිලියන 53 යි ඒ පහල තට්ටු වල ඉහළට යනකොට මිලත් ඉහළ යනවා. තනි කෙලින් තියෙන කුළුනේ නම් රුපියල් මිලියන 238 ක් වෙනවා එක apartment එකක්.ඇලවෙළා තියෙන කුළුනේ උඩම තට්ටුව ඊට වැඩියි ඒක රුපියල් මිලියන 304 ක් වෙනවා.

    මේ අළුත් ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පියා මෝෂේ සැෆ්ඩි කියන්නේ කොළඹ නගරයේ සංකේතයක් (icon) එකක් බවට පත්වීම පිළිබඳව මෙම නව ගොඩනැගිල්ල සැලසුම් කිරීමේදී කල්පනා කල බවයි.කොළඹ හදුනාගැනීමේ අනන්‍යතා ලක්ෂණයක් හැටියට සිය නිර්මාණය පත්වීම පිළිබඳව තමන් බලාපොරොත්තු සහගතව සිටින බව ඔහු කියනවා. සිංගප්පුරුවේ Marina Bay Sands Integrated Resort සහ ඇමෙරිකාවේ Kauffman Center වල නිර්මාණකරුවා වුන මෝෂේ සැෆ්ඩි අතින් නිර්මාණය කරපු ගොඩනැගිලි රැසක් ලෝකේ පුරා තියෙනවා.
    තව අවුරුදු කීපයකින් මේ ව්‍යාපෘතිය අවසන් වෙන්න නියමිතයි

    http://www.awidimu.com/altair/
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    ඔක්කොම හොදයි, ඕක හදන එකත් ලංකාවේ construction company එකකට ලැබුනානම් ලංකාවට ප්‍රතිලාබ වැඩියි.දැන් ඉතින් හැදුවට පස්සෙවත් හොදක් වෙයිනෙ.
     
    Last edited:
    • Like
    Reactions: demee

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දගෙ ප්‍රොජෙක්ට් තමයි, දැන් ඉන්න හිකනලුන්ට හිතාගන්ඩත් බැ.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    oka lassanai bn..habai okatath wada usa ekak hadenawa neda..mn dakka elakiriyema kollek dala thibuna aluthen hadena usama buildings tika
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඔක්කොම හොදයි, ඕක හදන එකත් ලංකාවේ construction company එකකට ලැබුනානම් ලංකාවට ප්‍රතිලාබ වැඩියි.දැන් ඉතින් හැදුවට පස්සෙවත් හොදක් වෙයිනෙ.

    repback++++++
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    mahinda chinthanaya

    aththatama ban hitan la aluthen ma patan ganna project mukuth ma nadda
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    mahinda chinthanaya

    aththatama ban hitan la aluthen ma patan ganna project mukuth ma nadda
    මෙන්න හිකනලුන්ගෙ ප්‍රොජෙක්ට්,:yes:
    2hscig1.jpg