අජානීය ස්කූටරේ
ඊයෙ ආවා පිරිමි ළමයෙක්.. බයික් එකේ ගිහිල්ලා.. ඒක හැන්ඩල් එක පැටලුනාලු, තව බයික් එකක , උඩින් ගිහිල්ලා වැටුනලු. වෙච්ච විදිහ නං මට තේරුන්නෑ හැබැයි.
එක ජනපද අස්තියක් , rupture වෙලා, ඒ කියන්නේ තැලිලා එහෙම නෙමෙයි, කුඩු වෙලා ගිහිල්ලා.ඕකට , ඇටේ කියන නම කවුරු දැම්මද මන්දා,
ඇගේ අනිත් ඇට වගේ , ඕක කුඩු වෙනවා.
ඊට පස්සේ පරම්පරා පාත්තරය ඇතුලේ , ලේ පිරෙනවා.
පල්ලෙහා දාලා තියෙන පින්තූරවලට වඩා, ඇත්ත ඒක කුඩේ කුඩු.
දැන් ඕක තමා වෙලා තියෙන්නේ කියලා විස්තර කරලා කියනකොට, මේ කොල්ලා කියනවා , ඕක විතරයි ඩොක්ටර් වටින දේකට ඉතුරු වෙලා තියෙන්නේ,
වටිනවා නම්, ඇයි
දෙයියෝ දෙක දෙක දීලා තියෙනවා උනාට, ඔහොම, ඇටේ පිටින්තලා ගන්න, කුඩු කරගන්න හදන්න එපා.
ජනපද බෝල අස්ථියකට හානි වුනොත්, ඒ කියන්නේ එක පැත්තක ජනපද බෝල අස්ථියකට අවුලක් උනොත්, අනිත් පැත්තේ ජනපද බෝල අස්ථියටත් පොඩි පොඩි ප්‍රශ්න එන්න පුලුවන්. ඒකට හේතු කීපයක් තියෙනවා:
ඒත් ගොඩක් වෙලාවට එක ජනපද අස්ථියකට හානි උනත්, අනිත් ජනපද අස්ථියෙන් වැඩ ටික කරගන්න පුලුවන්. එක ජනපද අස්ථියකින් උනත් ශුක්‍රාණුයි hormonesයි දෙකම හදන්න පුලුවන්.
ඔයාගේ බයික් පදින යාළුවොත් එක්ක මේක ශෙයා කරගන්න වගේම ඒගොල්ලෝ TAG කරන්නත් අමතක කරන්න එපා.
( පළවෙනි පින්තූරය, නෝමල් ජනපද අස්ථිය දෙවැනි පින්තූරය අවුල් වෙච්ච එකක්)
Source : Doctor priya

