එදා 2007 වසරේ සීතල දෙසැම්බරය යනු LTTE සංවිධානයයට එරහි බෙදුම්වාදී යුද්ධය තීරානාත්මක ලෙස ඉදිරියට ඇදමින් තිබූ මොහතකි.
මේ වනවිට 2008 වසරට අදාල සංධාන ආණ්ඩුවේ අයවැය යෝජානාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුබූ අතර සමස්ත අයවැය විවාදය පුරාම මෙකී අයවැයට දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කරමින් ජවිපෙ මංත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ සිය අදහස් දක්වා තිබුනි.
රටේ බොහෝ දෙනෙක් පසු වූයේ ජවිපෙ මෙම අයවැයට එරහිව අනිවාර්යයෙන් ඡන්දය ප්‍රකාශ කරාවී යන දැඩි කුතුහලයකින් යුතුවය.
රටේ සමස්ත දේශපාලනය මෙන්ම බෙදුම්වාදයට එරහි යුද්දයත් හරිම උනුසුම් මොහොතකට පත්ව තිබුනි.
අයවැය අවසන් වර ඡන්දය විමසීම පැවත්වෙන දිනට පෙර සතියේ අවසන් හිරුදින ලංකා පත්‍රයේ මුල් පිටුව සකස් වූයේ පහත සඳහන් ආකාරයටය.
එවකට පාර්ලිමේන්තුවේ සංයුතිය ගොඩනැගී තිබුනු ආකාරය අනුව එවකට ආණ්ඩුව්ර්න් ඉවත්ව විපක්ෂයේ අසුන්ගෙන සිටි ජවිපෙ මංත්‍රී.කන්ඩායම අයවැයට එරහි වුනොත් පාර්ලිමේන්තුවේ එජනිසයට තිබූ මංත්‍රීන් ගනනට වඩා පාර්ලිමේන්තු මංත්‍රී පිරිසක් එජාප TNA සහ ජවිපෙ සතු විය.
එවකට එජාපයේ ප්‍රභල බලකනුව ලෙස ක්‍රියාත්මක වෙමින් සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දුලා, ගාමිනී ලොකුගේලා, ලක්ෂ්මන් යාපාලා දයාසිරි ජයසේකරලා ඇතුලු පිරිස රනිල් වික්‍රමසිංහ සමග එකතුව නෝර්වේ ,බ්‍රිතාන්‍ය ,ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල විදේශ තානාපති කාර්යාලවල පූර්න සහයෝගය මත තමුන්ගෙ සියලුම වැර යොදා උත්සහායන් දරමින් සිටියේ අයවැය අවසන් වර ඡ්න්ද විමසීමේන්.ආණ්ඩුව පරාජයට පත් කරවීම වෙනුවෙනි.
මෙහිදී ආණ්ඩුව කඩා වැටෙනවාද ? එසේත් නැත්නම් යුද්ධය ජයග්‍රහණය දක්වා ගෙනයාමට අවස්ථාවල ලබාදී රටේ ඒකීයභාවට රැක ගන්නාවද ? යන ඉරනම මුලුමනින්ම රැඳී පැවතියේ ජවිපෙ මංත්‍රී කන්ඩායම විසින් ගන්නා ලබනු තීරනය මතය.
එදා අතිශයින්ම තීරානාත්මක මොහොතේ අයවැය අවසන්වර ඡන්ද විමසීම පිලිබඳ ජවිපෙ තීන්දුව කුමක්ද යන්න පිලිබඳ ලංකා ඉරිදා සංග්‍රහය සිදුකල විමසීමට ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති මංත්‍රීවරයා විසින් ලබාදුන් පිලිතුරේ වැදගත්ම කොටස මෙසේ පහතින් සටහන් කරමි.
// ඇත්ත වශයෙන්ම මේ ඉදිරිපත් කර ඇති අයවැය ගැන,පමනක් සලකා බැලුවොත් මේ අයවැයෙන් ජනතාවට කිසිදු යහපාතක් ලැබෙන ජනතාවාදී එකක් නෙමේ.ආණ්ඩුවේ හොරකම දූෂණ,, නාස්තිය උඩු දුවලා.
ඒ නිසා මේ අයවැයට පක්ෂව අත් එසවීමට ජවිපෙ අපිට කිසිසේත්ම හැකියාවක්නෑ.
හැබැයි මේ අයවැය තුල දේශපාලන අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා මේ දේශපාලන අවස්ථාව අනුව ජාතික ආරක්ෂාව,ස්වෙරීභාවය,මව්බිමට එරහි විදේශ අතපෙවීම්.වැනි කරුනු තීරානාත්මකයි කියලා අපි හිතනවා.
ඒ නිසා බෙදුම්වාදයට පක්ෂපාතී එජාපය වැනි පක්ෂයක් අතට යලිත් බලය හුවමාරු වුනොත් අධිරාජ්‍යවාදී අත පෙවීම් මත නිර්මාණය වූ සටන් විරාම ගිවිසුම නැවත බලාත්මක වී යලිත් ආපසු හැරිවිය නොහැකි ආකාරයේන් රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය අනතුරේ වැටෙනවා
ඒ නිසා ඒ සියලුම කරුනු පිලිබඳ ඉතා දැඩි ලෙස අවධානය කිරීමෙන් පසු මේ අයවැය ඡන්ද විමසීදී අපි ගන්නා ලබන තීන්දුව කුමක්ද යන්න ඡන්දය විමසන අවසන් මොහොතේදී රටට දැක ගැනීමට ලැබෙනු ඇත //
---
#සුනිල් #හඳුන්නෙත්ති -
ලංකා ඉරිදා සංග්‍රහය )
එදා ලංකා ඉරිදා සංග්‍රහය සමග සිදුකල ප්‍රකාශයට අනුව තීරානාත්මක ඡ්න්ද විමසීම සිදුකරන මොහොතේ එවකට එතෙක් ආණ්ඩුව සමග සිටි අනුර බණ්ඩාරනායක ,මංගල සමරවීර ,ශ්‍රීපති සූරියආරච්චි ,විජේදාස රාජපක්ෂ වැනි පිරිස් පවා එජාපය සමග එකතුව අයවැය පරාජයට පත් කිරීමට සියලුම කටයුතු සූදානම් කර තිබුනේ ජවිපෙ මෙම අයවැයට එරහිව තමුන්ගෙ ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි යන්න වූ දැඩි විශ්වාසය මතය.
අයවැය අවසන්වර ඡන්ද විමසීමේදී ජවිපෙ මංත්රීන්ගේ නම් කියවීම ආරම්භ කිරීමත් සමගම මෙම අයවැයට පක්ෂ හෝ විරුද්ධව ඡන්දය නොදී ජවිපෙ සමස්ත මංත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ සභාගැබෙන් එලියට ගමන් කලාය.
අවසානයේ අයවැය පරාජයට පත්කොට ආණ්ඩුව කඩාවට්ටවා යුද්ධය නතරකිරීමට කර තිබූ සියලුම සැලසුම් ජවිපෙ විසින් මුලුමනින්ම පරාජයට පත්කලේ එදා ගනු ලැබූ මෙකී ඓයිතාහාසික තීන්දුව මත බව අද හුඟ දෙනෙක්ට අමතකවීම කනගාටුවට කරුනකි.
ඔවුන් විසින් අදද ප්‍රකාශ කරමින් සිටිනුයේ යුද්ධයේ තීරානාත්මකම මොහොතේදී අයවැය පරාජයට පත්කොට එවකට තිබූ සංධාන ආණ්ඩුව පරාජයට පත්කිරීම වෙනුවෙන් ජවිපෙ යූඇන්පී සමග කුමන්ත්රණකාරී ලෙස ක්‍රියාත්මක වූවා යන්න වූ පජාත පට්ටපල් බොරුවකි.